(ළහිරු හර්ෂණ )
කොළඹ විහාර මහාදේවී උද්‍යානයේ දි පැය 24 පුරා සිදු කෙරෙන ඇස්ට්‍රාසෙනිකා එන්නත් කරණ වැඩසටහනේ දී ඉකුත් 24 පැයේ පුද්ගලයන් 19,000 දෙනකුට එන්නත් ලබා දුන් බව යුද හමුදාව කියයි.
ඊයේ අලුයම 6.00 ආරම්භ වූ එන්නත් කරණය අඛණ්ඩය අද දිනත් පැවැත්වෙන බව ද යුද හමුදාපති ජෙනරාල් ශ්වේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
එන්නත් ලබා ගැනිම සඳහා විශාල පිරිසක් ඊයේ රාත්‍රියේදී විහාර මහා දේවී උද්‍යානයට පැමිණ සිටියහ.
මේ අතර කඩවත කිරිල්ලවල මධ්‍ය මහා විද්‍යාලයේ ස්ථාපිත එන්නත් මධ්‍යස්ථානයේද ඊයේ සහ අද (02)දින ඉතා සාර්ථක අයුරින් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව යුද හමුදාව විසින් ලබා දුන්නේ. දිවා රෑ නොතකා විශාල පිරිසක් කිරිල්ලවල මහා විදුලේ පිහිටුවා ඇති එන්නත් මධ්‍යස්ථානයෙන් එන්නත් ලබා ගත් බව අප වාර්තා කරුවෝ පවසති.
කිරිල්ලවල මධ්‍ය මහා විද්‍යාලයේ ස්ථාපිත එන්නත් මධ්‍යස්ථානයේදී එන්නත් කරණය සිදු කළ අයුරු (ඡායාරූප රොමේෂ් ධනුෂ්ක සිල්වා)
ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස
වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි
ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට
මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික
රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස
රුපියල් ලක්ෂ 80 කට ආසන්න වටිනාකමකින් යුත් රටබීම බෝතල් 210 ක් සහ සිගරැට් 50,000 ක් ලොරි රථයකට පටවමින් සිටි සැකකරුවකු 3 වැනි හරස්වීදිය ප්‍ර දේශයේදී අද (6) අත්අඩංග
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දිවා රැ නොබලා යුද හමුදාව එන්නත් කරණයේ
C.K.Lankaputhra Monday, 02 August 2021 08:34 AM
අපේ යුධ හමුදාව ඇත්ත වශයෙන්ම දක්ශයි, ඒ වගේම පක්ශයි.
jayasekaraMonday, 02 August 2021 10:56 AM
ඔව්, ඒක ඇත්ත. පක්ෂ නොවී බැහැනේ. ඒ පක්ෂ කම රටට මේ වෙලාවේ වාසියක් මිසක් පාඩුවක් වෙලා නැහැනේ...
BamunuarachchiTuesday, 03 August 2021 10:35 AM
දියත උයනේ වැඩ නියමයි. මිලිටරි විනයට කෑ ගහන ගොබ්බයො දැක්කද මිලිටරි විනයෙන් බෙහෙත්ටික විදින හැටි? මම සවස ගියා විදගත්තා ආපසු ආවා. පොලින් නැහැ.
chathura Monday, 02 August 2021 10:21 AM
ඇත්තටම දැනට රටේ සිදුවන මරණවලට දියව් දියව් පක්ෂයත් වගකියන්න ඕනෑ.. රටට සහ ලෝකයටම අමාරු කාලේ කොටසක් කොරෝනා බෝ කරනවා. හමුදාව දිවා රෑ වෙහෙසෙනවා කොරෝනා වලින් මිනිස්සු බේරගන්න...
Nihal Monday, 02 August 2021 10:23 AM
යුද හමුදාවෙන් හරියට කරනවා ඇති. හැබැයි ඊයේ තලංගම රෝහලේ බඩු නෑ කියලා ගැහුවේ නෑ... අදත් හෝමාගම රෝහලෙත් ඒ තත්ත්වය මයි.
dusantha yaggahavita Monday, 02 August 2021 10:42 AM
දෙවිවරු...
කිරි පුතා Monday, 02 August 2021 10:43 AM
සියලු රාජ්‍ය සේවකයින්ට ආදර්ශයක්... අයිතිවාසිකම් ඉල්ල ඉල්ලා රංචු ගැහි ගැහී මේ අවස්ථාවේ රටට හිසරදයක් නොවී තියෙන ගැටලු විසඳා ගැනීමට යම් කාලයක් ඉවසා සිටිමින් රට ගොඩ ගැනීමට ගෞරවණීය හමුදාවන් මෙන් පෙරට ආ යුතුයි.
maalaka Monday, 02 August 2021 11:03 AM
ශ්‍රී ලංකා යුද හමුදාවට මාගේ ප්‍රණාමය..!
Thilina Monday, 02 August 2021 11:20 AM
මොවුන් කරන කැපකිරීම් කියලා නිම කරන්න බැහැ. වරුවක් වැඩ කරලා, අවුරුද්දට මාස 3ක් නිවාඩු හම්බවෙලා.. පහුගිය අවුරුදු එක හමාරම ගෙදර ඉඳලා රටම ආර්ථික වශයෙන් අර්බුදයක ඉන්න වෙලාවක තමන්ගේ පඩිය වැඩි කරගන්න උද්ඝෝෂණ කරන ආත්මාර්ථකාමී ගුරුවරු විදුහල්පතිවරුන්ට වඩා මොවුන් සැබවින්ම තමන්ගේ රාජකාරිය අකුරටම ඉටු කරන සැබෑ මිනිස්සු... මොවුන් උද්ඝෝෂණය කරපු දවසට රටම හාන්සියි. පුද්ගලික අංශයේ රැකියාව කරන අපිත් උද්ඝෝෂණය කළා නම් මුළු රටම ඉවරයි...
DiyanathMonday, 02 August 2021 01:35 PM
ඔයා එතන ගිහින් ඔය පෝලිමේ හිටියද, මේ අය වරු ගණන් හිටගෙන පෝලිමේ ඉන්නේ ආණ්ඩුවේ නොහැකි බව නිසා, වෙලාවට එන්නත ගෙන්නලා ග්‍රාම සේවා මට්ටමින් බෙදලා දුන්නා නම් මෙහෙම වෙන්නේ නැහැ. ඔයා එතන පෝලිමේ හිටියා නම්, අනෙත් අය සමග කථා කළා නම් ලුනු ඇඹුල් ඇතුව අහගන්න තිබ්බා.
W S Perera Monday, 02 August 2021 02:10 PM
තිළිණටයි මේ පිළිතුර... එන්නත් කිරීම ගැන හමුදාව අගය කිරීම හරි. ඒ ගැන විවාදයක් නැහැ. හැබැයි කරුණු නොදැන ගුරුවරුන්ට මඩ නොගසන්න. එයින් පෙන්වන්නේ ඔබගේ මෝඩකමයි. ගුරුවරු ගෙදර සිටියේ තම අවශ්‍යතාවයකට නොවෙයි. එසේ සිටින අතර තමන්ගේ අතින් වියදම් දරාගෙන ඔන්ලයින් පාඩම් ඉගැන්වීමට දැරූ වෙහෙස ඔබ නොදන්නේ ඔබගේ ද්වේෂ සහගත මනස නිසයි. සිතා බලන්න. ඔබ කවරදාකවත් අතින් වියදම් දරා රැකියාවට අදාළ වැඩ කර තිබෙනවද? පන්ති කාමරයේ කරනවාට වඩා විශාල මහන්සියක් දරලයි ඔන්ලයින් පාඩම් උගන්වන්නේ...
Bamunuarachchi Tuesday, 03 August 2021 10:34 AM
දියත උයනේ වැඩ නියමයි. මිලිටරි විනයට කෑ ගහන ගොබ්බයින් දැක්කද මිලිටරි විනයෙන් බෙහෙත්ටික විදින හැටි? මම සවස ගියා විදගත්තා ආපසු ආවා. පෝළින් නැහැ.