IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


දැව සංස්ථාවේ නව සභාපති පොල්ගම්පොළගේ පත්වීම අත්හිටුවයි

 

 

අජන්ත කුමාර අගලකඩ

රාජ්‍ය දැව සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස පත්වු අනුරුද්ධ පොල්ගම්පොළ මහතාගේ පත්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (10) අත්හිටවනු ලැබ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

අනුරුද්ධ පොල්ගම්පොළ මහතා රාජ්‍ය දැව සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබුවේ ඉකුත් 4 වැනි දාය.

රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ පී දිසානායක මහතා රුපියල් කෝටි දෙකක අල්ලස් චෝදනාවක් මත අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔහු එම ධූරයෙන් ඉවත් කර ඒ වෙනුවට අනුරුද්ධ පොල්ගම්පොළ මහතා පත්කරනු ලැබීය.

පොල්ගම්පොළ මහතා රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති ධුරයට පත් කිරිමෙන් පසුව ඔහු සම්බන්ධයෙන් එල්ල වන චෝදනා සැලකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා ඔහුගේ පත්වීම අත්හිටුවා ඇතැයි වාර්තා වේ.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ද වන අනුරුද්ධ පොල්ගම්පොළ මහතා 2015 ජනපතිවරණයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහය දැක්වීය.

අනතුරුව ඔහු  පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්විය. 



අදහස් (44)

දැව සංස්ථාවේ නව සභාපති පොල්ගම්පොළගේ පත්වීම අත්හිටුවයි

NOEL Thursday, 10 May 2018 11:34 AM

මීට පස්සේ ලොකු ලොකු තනතුරුවලට කෙනෙක් පත්කරන්න පෙර අඩුම තරමේ පොලිස් වාර්තාවක්වත් ලබාගන්න කටයුතු කළොත් මේ වගේ වැරදි සිද්ද වෙන්නේ නැහැ නේද?

:       0       383

RaveendraThursday, 10 May 2018 03:42 PM

NOEL මයා වෙත,ඔබගේ වැදගත් අදහස් ප්‍රයෝගික වේද යන්න ගැටලුවකි? මක්නිසාදයත් මෙම තනතුරුවලට පෙර දියවන්නඔය ඉන්න 225 දෙනාගේම පොලිස් වාර්තා ලබාගැනීම මුලිකවම කලයුතු යයි අපගේ හැගීමයි. තවද තම තමන්ගේ හිත්වලට එකගව තම රාජකාරිය නොකරන්නේනම් මොන පොලිස් වාර්තා ලබාගත්ත ද එහි පලක් තිබේද ?

:       0       1

HafeelFriday, 11 May 2018 07:30 AM

පොලීස් වාර්තාව කොහොමවුනත්, ජනාධිපතතුමා හොඳටම දන්නවා මෙයාගේ සෙල්ලම. ජේවීපී න් අයින්කරපු චරිතයක්. බලනකොට රනිලුත් එකයි, මෛත්‍රීත් එකයි ...... අර්ජුන් මහේන්ද්‍රන්ගේ සහ පොල්ගම්පොළගේ පත්වීමත් එක්ක බලනවිට.

:       0       1

Sapumal Thursday, 10 May 2018 11:39 AM

අනේ මන්දා මෙහෙම වැඩ... මෙම චෝදනා පත්කිරීමට පෙර දැන නොසිටියේද? කොහොම හරි ඔහුට චෝදනා තිබීම ගැන සලකා පත්වීම අත්හිටුවීම ජනාධිපතිතුමා කරන ලද හොඳ ක්‍රියාවක්... එතුමාට ස්තුතිවේවා !!!

:       12       1007

RamaniThursday, 10 May 2018 10:07 PM

හොඳ ක්‍රියාවක් වෙන්නේ කොහොමද තමුන්ගේ හිතවතෙක්ව පත්කරලා ඒ තැනැත්තාගේ වැඩ ගැන මාධ්‍ය ප්‍රශ්න කරාම විතරක් ඔහුව අයින් කරන එක?

:       60       3

BamunuarachchiFriday, 11 May 2018 12:13 AM

ජනාධිපති කිසිම වග විභාගයකින් තොරව වැඩක් කිරීම නොහොඳ ක්‍රීයාවක් ලෙස දකින්නේ නැහැ. රටේ ජනතාව වැරැද්ද පෙන්වාදීපු නිසා ජනාධිපති වැරැද්ද හරිගැස්වීම පමණක් කල හොඳ ක්‍රීයාවක් ලෙස දකිනවා. විය යුත්තේ ජනතාව පෙන්වා දීමට පෙර බුද්ධිමත් නායකයින් කරන පත්වීම්, අනුමත කරන අනපනත් ගැන අවදානයෙන් සිටීමයි. නමුත් පත්තරේ කියවුවේ නැතිනම් මුකුත් දන්නේ නැත.

:       0       0

BamunuarachchiFriday, 11 May 2018 02:38 AM

අනේද කියන්නේ! වැරැද්ද කරනවිට කතා නැහැ කරපු වැරැද්ද අනික් අයගේ බලකිරීමට හරිගැස්සුවාම ස්තූතීලු.

:       323       0

rajanFriday, 11 May 2018 07:45 AM

වෙන අයගෙන් ඒ පත්වීම් ගැන ප්‍රශ්න ආවම වැඩ නවත්වන්නේ නැතුව හොරුන්ටයි යාලුවන්ටයි පවුලේ අයටයි සුදුසු නැත්නම් පත්වීම් නොදීම හිටියනම් නේද හොඳයි කියන්න තිබුනේ? බලයට ආවේ පරණ කට්ටියගේ වැඩ නොකරන්නම් කියලා හැබැයි ඇවිත් කරන්නේ ඊට හපන් වැඩ

:       68       1

SapumalFriday, 11 May 2018 03:58 PM

මා හොඳයි කියා තිබෙන්නේ එම චෝදනා ඇති කෙනාගේ පත්වීම අත්හිටුවීම ගැනයි. යමක් ගැන යමෙකු ගැන හරි අවබෝධයක් ඇතිව ලිවීම වැදගත්. වරෙක වැරදි දේට වැරදියි කියන මා, එම වරද හදාගත් විට ස්තුති කිරීමට තරම් කාරුණික බව මෙහිදී පැවසිය යුතුයි.

:       0       323

BamunuarachchiFriday, 11 May 2018 11:23 PM

දූෂිත කෙනෙක් පත් කිරීමයි ඔහුව නැවත ඉවත් කිරීමයි අතර කාලය තුළ මොහු අතින් තව දූෂණයක් වුනොත් මොකද කරන්නේ? උසස් තනතුරකට පත් කරනකොට පැටිකිරිය ගැන සෙවීමක් කරන්නේ නැහැනේ. සොයන්නේ මෙයා මට සපොට්ද කියලා විතරයි. එකනේ අපට මෙහෙම වුනේ..

:       0       0

Upali Thursday, 10 May 2018 11:43 AM

අනේ මන්දා මේ වැඩ... පත් කරනවා අස් කරනවා. පත් කරන්න ඉස්සෙල්ලා මේ අයගේ සුදුසුකම් චර්යාව කොහොමද කියලා හොයලා බලන ක‍්‍රමවේදයක් නැද්ද හැබෑටම?

:       1       166

C.C.K.LANKAPUTHRA Thursday, 10 May 2018 11:45 AM

නියම වව්ලෙක් වගේම හොඳ මාටිං කෙනෙක් බවත් පේනවා.

:       0       205

Sujeewa Thursday, 10 May 2018 12:17 PM

ජනපතිතුමෝ, පොල්ගම්පලයාත් හොඳම හොඳ "ආප්ප කාලා" කරනම් ගහන්න දක්ෂයෙක්. තවදුරටත් තියාගන්න. එතකොට ඔය පෙබරවාරි 10 වැනිදා SLFP එකට ලැබිච්ච 4%, මිනිහා 0% ටම බස්සලා දේවි. හැබැයි පෙට්‍රල් ලීටරයක මිල, මාසෙට රුපියල් 20 බැගින් ඉහළ යයී. ඔහොම යන්... ඔහොම යන්...

:       69       150

nnk Thursday, 10 May 2018 12:30 PM

පත්තර, මගින් සියලු තොරතුරු දැනගන්නා පාලකයකු සිටින රටක මෙසේ වීම පුදුමයක්ද?

:       57       178

GOBBAYA Thursday, 10 May 2018 12:37 PM

ග්‍රාමසේවකට මේක මතක් වුණේ රටේම ඉන්නේ යමපාලන ගොන්නු නොවන බව තේරුණු නිසාද? නැත්තන් ටීවී එකෙන් දැකලද?

:       103       231

DileepaThursday, 10 May 2018 01:05 PM

ග්‍රාමසේවකට බනින්නේ රජතුමයි, ඥාති පිරිවරයි පෙරාපු රත්තරන් වෙන්න ඇති..

:       930       927

Mahee Thursday, 10 May 2018 12:55 PM

අපි අහලා තියෙන්නේ රාජ්‍ය නායකයෝ වැඩ කරන්නේ බොහෝවිට තමන්ගේ උපදේශකවරුන් ලබාදෙන නිර්දේශ මත කියලයි. ඒ උපදේශකයෝ බොහොම දැන උගත් උදවියයි. ඔවුන් හොඳින් කරුණු අධ්‍යයනය කරලයි තමන්ගේ නිර්දේශ ඉදිරිපත් කරන්නේ... එහෙම නූනොත් වරින්වර තීරණ වෙනස් කරන කොට රාජ්‍ය නායකයාගේ කීර්ති නාමයට වගේම රටේ හොඳ නමටත් හානි වෙන්නත් පුළුවන්. ඒකට අපේ කට්ටිය. අද කරන දේ හෙට වෙනස් කරන්න සිද්ද වෙන විදිහේ උපදෙස් තමයි දෙන්නේ. දැන් කීයක් නම් ඔහොම වුනාද?

:       0       127

ලසන්තThursday, 10 May 2018 03:12 PM

හොඳට හොයා බලා පත්කරන්න ගියොත්, දේශපාලකයන් සමග සිටින කිසිවෙකු ඔය තනතුරුවලට පත්කරන්න වෙන එකක් නෑ. ඒ නිසා දේශපාලනයට නොගෑවුණු පලපුරුදු විද්වතුන් ඔය තනතුරුවලට පත්කරන්න.

:       0       61

samFriday, 11 May 2018 05:34 AM

ඔය කියන උගත් දැනුවත් කාර්ය මණ්ඩලේ ලොක්කා අල්ලස් අරන් අහු වෙච්ච පුද්ගලයෙක්......... රටේ ඒ ගොල්ලන්ගේ උපදෙස් ගැන මොන කතාද ??

:       0       0

sena Thursday, 10 May 2018 01:01 PM

මෙතුමාට නම් මෙලෝ වැඩක් හරියට කරන්න බැහැ. කරන හැම දෙයක්ම අඩුම ගානේ තුන්සැරයක් වත් කරන්න ඕනේ.

:       69       136

සඳුන් Thursday, 10 May 2018 01:02 PM

මේවත් හරියට එතුමාගේ ලේකම්ගේ ගැසට් නිවේදන වගේ. කෝ ඊගාව යාළුවා කවුද බලමු.

:       0       83

නොකවුට් Thursday, 10 May 2018 01:07 PM

ජනාධිපතිතුමා කරන එක දෙයක් වත් හරියන්නේ නැත්තේ මේ රටට කරපු විනාශයට මිනිස්සු ශාප කරන ඒවා වැදිලා. දැන්වත් මහ මැතිවරණයක් පවත්වලා ජනමතයට ඉඩ දෙන්න.

:       160       551

athuraFriday, 11 May 2018 03:33 AM

මිනිස්සු කියන්නේ හිටපු කෙනා බලයට ගෙන්න වලිකන උදවියද?

:       7       1

Kaviharana Thursday, 10 May 2018 01:48 PM

පත්තරේ තිබ්බා නම් ඔහොම වෙන්නේ නැහැ හිටං...

:       0       69

Buddika Thursday, 10 May 2018 01:49 PM

මොනවා කළත් අනාගන්නවා. බැසිල්ට හේත්තු වෙලා පදමට හම්බ කරගෙන මහින්දට උදව් කරලා පරාද වුණා. ඊට පස්සේ තමන්ගේ වාසියට මෛත්‍රිට හේත්තු වුණා. මේ කෙනා ගැන දැනගෙනත් මෙවන් තීරණ ගන්නේ... නොහැකියාව මිස වෙන කුමක්ද?

:       0       104

නිලුපුල් Thursday, 10 May 2018 01:54 PM

රටේ නායකයා පත්වීමක් දෙනකොට අඩුම වශයෙන් වත ගොතවත් හොයන්නේ නැද්ද? පත්වීම දීලා අාපහු අයින් කරනකොට අප්‍රසාදය ඩබල් වෙනවා වගේ කියලා හිතෙන්නේ මට විතරද?

:       0       79

Saman Thursday, 10 May 2018 02:00 PM

අපිට නම් අලුත් හොරෙක් ඕනෑ.

:       0       37

සතයපාල Thursday, 10 May 2018 02:26 PM

මෙතෙක් කාළයක් සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල වල සභාපතිලා අධයක්ෂලා කියලා පත් උනේ වැඩි හරියක් හොරු නැත්නම් කෑලෑ පාළුවෝ කොමිස් කාක්කෝ බේබද්දෝ......... දැන දැනත් පත් කරලා සද්ද නැතිව ඉන්නවා.පළමු වතාවට තමයි මිනිහා කවුද කියලා හෙලි උනාම ආපහු ඉවත් කලේ. ඒක හොද දෙයක්.නමුත් හොද මනුස්සයෙක් තෝරලා පත් කරන්න තරම් බුද්ධිමත් හා අචාරශීලී උනානම් වඩාත් හොදයී.

:       0       0

MISHAL-MATARA Thursday, 10 May 2018 02:59 PM

මෙහෙම ආතල් දෙනවට ජනාධිපතිතුමාට බොහොම පිං. මේ පිනෙන් 2020 ජනාධිපති වෙන්න ඕනෑ ඔබතුමායි.

:       0       16

සනත් ඉතාලිය Thursday, 10 May 2018 04:38 PM

මේක තමයි නියම ප්‍රතිචාරය

:       0       0

maheshika Thursday, 10 May 2018 03:14 PM

බැලුවම එයත් ආප්ප කණ්ඩායමේ කෙනෙක්. ජනාධිපතිට එයාවත් විශ්වාස නැහැ. මොකද අපි හැමෝටම වැඩියෙන් ජනා දන්නවා ආප්ප කන කට්ටියගේ කෙරුවාවල්... ජනාගේත් කනෙන් රිංගාවි කියලා බයවෙලා...

:       29       31

ranjan Thursday, 10 May 2018 03:20 PM

මෙම පත්වීම කරන්න අැත්තේ විද්‍යානුකූලවය. වැරදුනේ එම හේතුව නිසායි.

:       0       43

Ranjith Silva Thursday, 10 May 2018 04:35 PM

මුන්ව පත් කරනකොට හොයල බලන උවමනාවක් කාටවත් නැත්ද? අනේ අපේ බදු මුදල්?

:       0       0

SL Thursday, 10 May 2018 05:50 PM

දැන් එකට රනිල්, කොච්චර චෝදනා තිබබත් රවී කරුනානයක්වයි අර්ජුන් මහේන්ද්‍රන්වයි පුත් කරවන් එයා ඇප වෙනවා කියල. හැබෙයි හොරකම් කලා නම් නෝ කතා නෝ සිනා

:       0       0

PA RA Friday, 11 May 2018 01:14 AM

මේ අය ඇර වෙන බුද්දිමත් තරුණයෝ ලංකාවේ නැත්ද?

:       0       0

Kari Friday, 11 May 2018 02:45 AM

මේ අස් කිරීම කරන්න අැත්තේ විද්‍යානුකූලවයි. පරීක්ෂණ, නිරීක්ෂණ හා නිගමන !! මේක අඩුම ගානේ තුන්සැරයක් වත් කරන්න ඕනේ.

:       0       0

Adam Friday, 11 May 2018 04:05 AM

අපෙත් රටෙත් අවාසනාව.....මේ වගේ පාලකයන්ගෙන් වැඩක් නෑ. අපි හොදට එ්බව තේරුම් අරගෙන ඉන්නේ . මෙහෙම ගියොත් මෙතුමාට මිනිස්සු ගල් ගහන දවස වැඩි දුර නැහැ. ජනාදිපති කෙනෙක් හැටියට තිබිය යුතු උගත්කම හැකියාව නොබියව තීරණ ගැනීම මෙතුමට නැතිබව දැන් මුළු රටම දන්නවා, සම්පුර්ණයෙන්ම කොන්ද කැඩිලා. අපිත් බලාගෙන ඉන්නේ 2020 වෙනකම් තමා

:       0       0

Saththaya Friday, 11 May 2018 04:43 AM

බලන්න කොච්චර දක්ෂද, කොච්චර සූරද කියල . ආයේ ලොවෙත් නැහැ ලොවි ගහෙත් නැහැ .

:       0       21

pitigala Friday, 11 May 2018 04:52 AM

තවත් හෙංචයියෙක් හොයලා පත් කරාවි. උගේ අධ්‍යාපනය, චර්යාව, ඒවා අදාළ නැහැ. ඡන්දෙදි ගොට්ට අල්ලුවානම් ඒ ඇති. ලැජ්ජයි! නින්දිතයි!

:       0       21

susantha Friday, 11 May 2018 06:01 AM

කොහොමද අපේ ජනාධිපති හරි කෙලින් වැඩ. ආ සමාවෙන්න මුලින් ටිකක් විතර වටේ යනවා.

:       0       0

lalithsjm Friday, 11 May 2018 07:29 AM

ඇමති රාජිත මහත්තයාගේ චරිත සහතිකේ හරි ගිය නේද ?

:       0       0

de silva berlin Friday, 11 May 2018 07:47 AM

සංස්ථාවල සභාපති කම්වලට දේශපල්කයෙකුම ඕනෙද ?තුනී ලෑලි කර්මාන්තය ගැන දැනුවත් පළපුරුද්දක් ඇති පුද්ගලයකු හෝ ව්‍යාපාර පරිපාලනය ගැන දැනුමක් ඇති උපාධිධාරියෙක් මේවට පත් කරන එක මෙයට වැඩිය සුදුසු නැද්ද ? පොදුවේ ගත්කල රජයේ සංස්ථා පසුගිය අවරුදු 30-35 තුළ කඩාවැටී ඩොලර් කොටි ගණනින් පාඩු ලැබීමට හේතුව දේශපාලක තීරණ මත විෂය පිළිබඳව කිසිම දැනුමක් නැති පුද්ගලයන් ඒවායේ මුල් පුටු වලට පත්කිරීම බව පෙනේ , අද දුෂණ චෝදනා නැති දේශපාලකයකු හොයන එක බුදුන් දවස මනුස්සයකු නොමල ගෙයකින් අබ ඇටයක් හොයනවට වැඩිය අමරුයි......හොඳම උදාහරණ ව්‍යාපාර පරිපාලනය සම්බන්ධයෙන් හෝ ඛනිජ තෙල් සම්බන්දයෙන් කිසිම උපාධියක් නැති අසන්තද මේල් නමැති ක්‍රිකට් ක්‍රීඩකය තෙල් සංස්ථාවේ සභාපති කරීම නිසා ඔහු අත්සන් කල ගිවිසුම නිසා ඩොලර් කොටි ගනන්නක පාඩුවක් රජයට සිදුවිය , නිශාන්ත වික්‍රමසිංහ ශ්‍රී ලන්කන් සභාපති කිරීම නිසා , ලාභ ලබමින් තිබු ශ්‍රී ලන්කන් ව්‍යාපාරය අද ගොඩ ගැනීමට බැරි තත්වයට වැටි ඇත , එදා මේ පිළිබඳව පසුගිය රජයට චෝදනා කල ජනාධිපති තුමා ප්‍රමුඛ යහපාලන ආණ්ඩුව අද යන්නෙත් එකම පාරේය...............

:       0       42

de silva Friday, 11 May 2018 07:57 AM

මේවට සභාපති අබැර්තු ඇති වුනහම ප්‍රසිද්ධ පුවත් පතක දැන්වීමක් පල කරන්න එතකොට සුදුසුකම් ඇති පුද්ගලයන්ට ඉල්ලුම් කල හැකි වන අතර , වැඩිම සුදුසුකම් ඇති පුද්ගලයාට තනතුර දෙන්න , එතකොට මේ ප්‍රශ්න කිසිවක් නැත, පස්සේ කලෙක මුන් හොරකම් කලහම මිනිස්සු ජනාධිපති තුමාට බන්නිනෙත් නැත , සිනි සමාගමෙන් නිලධාරියෝ දෙන්න පගාව ගැනීම නිසා , නිරපරාදේ ජනාධිපති තුමාගේ නමත් මේකට ගෑවී ඇත යහපාලන ආණ්ඩුවේ නමත් කැත වී ඇත.............

:       0       34

Harsha Friday, 11 May 2018 08:49 AM

මේ වගේ බොලඳ දේ වලින් අගතියට පත්වන්නේ අපේ රට. රට කරන අයට රට ගැන හැගීමක් නැති උනාට ශ්‍රී ලංකික අපිට තියෙනවා. කරුණාකර අපව බාල්දු නොකරන්නන. විදේශිකයන් අප දිහා බලන්නේ කිසිදු දෙයක් හරි හැටියට කරගන්න බැරි ගහෙන් බහැපු වදුරෝ වගේ කියල. කරුණාකර අපව බාල්දු නොකරන්න. ජනතාවට කලහැකි දෙයක් නැතිබව පාලකයන් දන්නවා........ එනිසා 225 පත්කළ අපට සලකන්නේ රුකඩ වලට සලකනාවටත් වැඩ අඩුවෙන්. අපේ රට දිහා බලන දෙවිකෙනෙක් ඉන්නවනම් දෙවියනි අප කල මෝඩකම් වලට සමව දී මේ රන්වන් රට බේර ගන්න නිර්භීත එඩිතර යුග පුරුෂයෙක් පත්කර දෙන්න.

:       0       50

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මිලියන 100ක බැඳුම්කරයක් මත සුජීවගේ V8 රිය මුදා හරියි
2024 නොවැම්බර් මස 25 343 0

අධිකරණය බාරයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා ඇති සුජීව සේනසිංහ මහතාට අයත් නීති විරෝධීව එකලස් කළා යැයි චෝදනා එල්ල වී ඇති සුඛෝපභෝගී V8 මෝටර් රථය රුප


ඇමති බංගලා කුලියට ගන්න ආයතන දහයක් පෝලිමේ
2024 නොවැම්බර් මස 25 1137 0

හිටපු ඇමතිවරුන්ට වෙන් කෙරුණු කොළඹ බංගලා තම ආයතන පවත්වාගෙන යෑමට කුලියට දෙන්නැයි අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතන අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත්


නිධන් සොයන්න ගිය 5ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 25 98 0

වනාතවිල්ලුව රාල්මඩුව ප්‍රදේශයෙ ඉඩමක නිධන් සොයා කැණීම් කළ සැකකරුවන් පස් දෙනෙකු වනාතවිල්ලුව පොලිසියෙ නිළධාරීන් කණ්ඩායමක් අද(25) අත් අඩංගුවට ගත් බව කියය


පස්සර- පිටමාරුව මාර්ගයට පස් කදු කඩා වැටෙයි
2024 නොවැම්බර් මස 25 133 0

පස්සර පිටමාරුව ප්‍රධාන මාර්ගයේ රෝබේරියවත්ත ප්‍රදේශයේ දී අද (25) දහවල් මාර්ගය ට පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටීමෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනය ඇන‍ හිට


මන්නාරම -තලෙයිමන්නාරම පාර වසා උද්ඝෝෂණයක්
2024 නොවැම්බර් මස 25 437 0

තම ගම්මානයේ ගංවතුර ජලය බැහැර කිරීමේ විධිමත් ක්‍රියාවලියක් නොමැති බව පවසමින් මන්නාරම තුල්ලුකුඩිඉරිප්පු ප්‍රදෙශයේ ජනතව විසින් මන්නාරම සහ තලෙයිමන්නා


නිවාස බාර නොදී හිටපු මන්ත්‍රීවරු 5ක් විදේශ ගතවෙලා
2024 නොවැම්බර් මස 25 1972 0

හිටපු මන්ත්‍රීවරුන් පස් දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස භාරදීම පසෙක තබා විදේශගතව සිටින බව වාර්තාවේ.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 515 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 734 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2049 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site