(මනෝප්‍රිය ගුණසේකර)
අල්ලස් වශයෙන් රුපියල් මිලියන 540 ක් ඉල්ලා ඉන් රුපියල් කෝටි 02ක් ලබාගැනීමේ චෝදනාවට වරදකරු කරමින් කොළඹ මහාධිකරණයේ ලබා දුන් නියෝගය ඉවත දමන්නැයි ඉල්ලමින් රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පියදාස දිසානායක මහතා ඉදිරිපත් කළ පෙත්සම නොවැම්බර් 26 වැනිදා සිට විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (19) තීරණය කළේය.
ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් වශයෙන් එම්. ජී. ෂුගර් පුද්ගලික සමාගම වෙතට රජය මගින් පවරා දී ඇති කන්තලේ සීනි සමාගමට අයත් යන්ත්‍ර සුත්‍ර සහ ගොඩනැගිලි පවරා දීම සදහා අනුමැතිය ලබා දීමට මෙම මුදල් ගත් බවට චෝදනා එල්ල වී තිබේ .
පියදාස දිසානායක මහතා ඉදිරිපත් කළ විශේෂ අභියාචනය විජිත් මළල්ගොඩල එල්.ටී.බී. දෙහිදෙණිය සහ ප්‍රීති පද්මන් සූරසේන, එස්. තුරෙයිරාජා සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදී එසේ තීරණය කළේය.
ඉකුත් රජය සමයේ කන්තලේ සීනි සමාගම ඉන්දියානු ජාතික ව්යාපාරිකයකුට පැවරීමේ දී ඊට අදාළ යන්ත්‍රරෝපකරණ සහ ගොඩනැගිලි පවරා දීමේ කටයුතු ඉටු කිරීම සඳහා රුපියල් මිලියන 54 ක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් කෝටි දෙකක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවන්ට මෙම විත්තිකරු සමඟම චෝදනා ලැබ සිටි හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අයි.එච්.කේ. මහානාම මහතාද වරදකරුවන් කළ නඩුව විභාග කළ ත්‍රී පුද්ගල විනිසුරු මඩුල්ල ඔවුන්ට බරපතල වැඩ සහිත වසර 12 බැගින් සිර දඬුවම් හා රුපියල් 55,000 බැගින් දඩයක් නියම කෙරිණි.
විශේෂ ත්‍රීපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තමන්ට එරෙහි නියෝගය හා දඬුවම නියම කර ඇති ආකාරය නීතියට පටහැනි බවත් එය අහෝසි කර සියලු චෝදනාවලින් තමා නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලමින් පියදාස දිසානායක මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම අභියාචනය ඉදිරිපත් කර ඇත.
විත්තිකාර පියදාස දිසානායක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායකයාට ශල්යකර්මයක් සිදු කිරීමට තිබෙන බවත් කොරෝනා වසංගත තත්ත්වය මත එම ශල්‍ය කර්මය පෞද්ගලික රෝහලකදී කිරීමට අවසර දෙන්නැයි ඉල්ලා සිටියේය.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර මහතා කරුණු ඉදිරිපත් කරමින් රජයේ රෝහලකදී එම ශල්‍යකර්මය සිදුකිරීම වඩාත් යෝග්‍ය යැයි පැවසීය.
දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සළකා බැලු ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පෙත්සම නොවැම්බර් මස 26 වන දා සිට විභාගයට ගැනීමට තීරණය කළේය.
සබරගමුව, මධ්‍යම, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සවස් කලයේ හෝ රාත්‍රී කාලයේ තැනි තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති
පොළොන්නරුව මනම්පිටිය රෝහල පාරේ පිහිටි දේවස්ථානයකට 18 වැනිදා රාත්‍රී වෙඩි ප්‍රහාරයට සම්බන්ධව මනම්පිටිය දමිළ ගම්මානයේ පදිංචි හතලිස් වියති පුද්ගලයකු බ
මනම්පිටියේ පවත්වාගෙන යනු ලබන ආගමික මධ්‍යස්ථානයක් අසල මීට සුළු වේලාවකට පෙර වෙඩි තැබීමක් සිදුව ඇතැයි පොලිසිය කියයි.
නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයෙකු වු මහාචාර්ය සිව සුබමනියම් රවින්ද්‍රනාත් මහතා අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය ස
සෞඛ්‍ය අමාත්‍යාංශය ක්ෂේත්‍ර මදුරු මර්දන සහයකයන් 1103 දෙනෙකු සේවයේ යොදවා තිබුණත් මෙම තනතුරු සඳහා පසුගිය වසරේ මාර්තු මාසය දක්වා විධිමත් අනුමැතියක් ලබාග
ශ්රී ලාංකික පවුලකට සිය ආහාර සහ ආහාර නොවන අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා සාමාන්‍යයෙන් මාසිකව රුපියල් ලක්ෂයකට වඩා වැඩි මුදලක් අවශ්‍ය බව ලෝක ආහාර වැඩසටහනේ න
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
දැව සංස්ථාවේ හිටපු සභාපති ගොනු කළ පෙත්සම සළකා බැලීමට දිනයක්