IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


දැව සංස්ථා හිටපු සභාපති සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී යළි රිමාන්ඩ්

(මනෝප්‍රිය ගුණසේකර)

සෙවනගල  සීනී සමාගමේ  අබලි ද්‍රව්‍ය ලබා දීමට නිර්දේශ සඳහා  රුපියල් කෝටි  දහයක අල්ලසක් ඉල්ලා ඉන් අත්තිකාරමක් ලෙස  රුපියල් කෝටි දෙකක අල්ලසක් ලබා ගනිද්දී  අත්අඩංගුවට පත් වු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අයි.කේ මහානාම සහ දැව සංස්ථාවේ හිටපු සභාපති පී.දිසානායක ලබන 22 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද (09) නියම කළේය.
 
මෙම සිද්ධිය සම්බන්ධ පැමිණිල්ල කැඳවු අවස්ථාවේදී  පැමිණිලිකරුට කොටි බුද්ධි අංශයේ ජෝසප් නැමැත්තෙකු බව කියමින් යමෙකු තර්ජනය කර ඇති හෙයින්  ඒ සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විමර්ශන ආරම්භ කර ඇති බව නීතීඥ අසිත ඇන්තනී  මහතා මහෙස්ත්‍රාත්වරයාට දැනුම් දුන්නේය.

මේ පිළිබද  වැඩිදුර විමර්ශනය සඳහා කාලය අවශ්‍ය බව කියමින්  අල්ලස් කොමිසමේ නිලධාරීන් කළ ඉල්ලීමකට අනුව  සැකකරුවන් ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

සිද්ධියට සම්බන්ධ විමර්ශන කඩිනමින් අවසන් කරන ලෙසද මහෙස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමට දැනුම් දුන්නේය.

(ඡායාරූප - ලහිරු හර්ෂණ)


 



අදහස් (23)

දැව සංස්ථා හිටපු සභාපති සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී යළි රිමාන්ඩ්

Sanka Wednesday, 09 May 2018 05:29 AM

ටයි දාගෙන යන්නේ වැදගත් කියලා පෙන්නන්නද?

:       0       260

Hafeel Wednesday, 09 May 2018 05:34 AM

ටයි පටි ඇඳගන, සතුටු මුහුණින්, අත් උස්සගන මාධ්‍යට තමාගේ සංදර්ශන පෙන්නනනවා. මෙහම ගියොත් ටයි පටියට තියන ගරුත්වයත් නැත්තටම නැති වෙනවා.

:       3       119

Chanak Los angeles Wednesday, 09 May 2018 05:38 AM

කෝ අත් මාංචු ?

:       3       206

lalWednesday, 09 May 2018 06:54 AM

කෝ අත් මාංචු ?

:       0       14

ruchi Wednesday, 09 May 2018 05:49 AM

පිරිත් නූලකුත් අතේ....

:       2       61

KumaraWednesday, 09 May 2018 06:26 AM

සල්ලි තියෙනවා නමි මොන නුල් බදින්න බැරි ද?

:       0       71

ලුම්බිණි Wednesday, 09 May 2018 05:56 AM

ඇත්තටම මාංචු තිබෙන්න ඕන නේද? සමහර විට ගන්න හදපු ගාන ලොකු නිසා වෙන්න ඇති.

:       0       107

ශෂීන්ද්‍ර Wednesday, 09 May 2018 06:50 AM

හැබැයි මාංචු වැටෙන්න ඕනේ තව ගොඩාක් ඉන්නවා. ඉස්සරත් ඉන්නවා දැනුත් ඉන්නවා.

:       0       108

abiya Wednesday, 09 May 2018 07:06 AM

බොඩි ලැන්වේජ් එක අනුව මීට වඩා මොකක් හෝ ලොකු දෙයක් තියෙනවා. බය නැහැ වගේ පෙන්නේ. ඕක තව කීදෙනෙකුට බෙදන්න තියෙනවද දන්නේ නැහැ. ඒ නම් ගම් එලියට එයි ද මන්දා.

:       0       23

nimal Wednesday, 09 May 2018 07:14 AM

මොනවා උනත් රටේ හොද වෙනසකුත් වන බව පේනවා. නැත්නම් මේවා කෙළවර වෙන්නේ මෙහෙම නොවේ...

:       19       78

sena Wednesday, 09 May 2018 07:14 AM

අපේ රටේ වංචා කරන අය මොකද මෙච්චර ආඩම්බරෙන් හැසිරෙන්නේ?

:       0       11

Chatura Wednesday, 09 May 2018 07:29 AM

අත උස්සන්නේ ඇයි ? පදක්කමක් දිනලද ?

:       0       20

lal Wednesday, 09 May 2018 07:39 AM

අර්ජුන්ලා මාමා, බෑණා ජෝඩුව සහ මේ දෙන්නා අනුන්ගේ පව් කර ගහන්න ගියපු 'නර බිලි'..

:       0       4

arschfikaa Wednesday, 09 May 2018 07:58 AM

මේ වැරදිකරුවන්ට උපරිම දඩුවම් දිය යුතුයි....

:       0       0

sudesh Wednesday, 09 May 2018 08:13 AM

ගමේ දුප්පත් මිනිහෙක් නැති බැරි කමට පොල් ගෙඩියක් හොරකම් කරා නම් බලා ගන්න තිබුණා. මේ මේවා මරණ මංචකයෙදි හරි පලිසන් දේවා

:       0       0

sudesh Wednesday, 09 May 2018 08:17 AM

මේ තරම් ගාම්භීර විදිහට යන්නේ....... මේවා පස්සේ දේශපාළුවෙකුත් ඇති.

:       0       3

hira Wednesday, 09 May 2018 08:27 AM

මේක පිටුපස තියෙන්නේ දේශපාලන බල පොරයකි. වක්‍රාකාරයෙන් මේ සිද්ධියෙන් ඇතිවුණු ලැජ්ජාව, පීඩනය ජනාධිපතිතුමාටත් දේශපාලනමය වශයෙන් බලපානවා. එහෙම නම් මේ සිද්ධිය පිටුපස කාගේ හෝ බළල් අතක් ක්‍රියාත්මක වෙනවා. ඉන්දියන් සමාගම වැඩ කරලා තියෙන්නේ ඔය කියන බළල් අත වෙන්න බැරිද?

:       2       3

smith Wednesday, 09 May 2018 08:40 AM

මේ අය නම් පට්ට හොරුම තමයි

:       0       3

හිරාන් Wednesday, 09 May 2018 08:53 AM

ටයි දාගෙන මහා ගාම්භීරව කැමරා ඉස්සරහ පෙනී සිටින්නේ අපි හොරකම් කරලා වාගේ. අනේ ගමේ අහිංසකයෙක් කෙසෙල් කැනක් කපපුවාම මාංචු දාලා දස වද දීලා ඉවර කරනවා. රටකට ගිය කලක්... කවුරු ආවත් නීතිය බල්ලාට කියන කථාව මෙතනින් තේරුම් ගන්න පුළුවන්.. මේ වාගේ හොරු ගැන අර ඇමති කෙනෙක් ඊයේ, පෙරේදා කියපු කථාව මතක් වෙනකොට ඒ ඇමතිගේ අම්මාවත් මතක් කරන්නත් වෙනවා. මොකද මේ හොරු කියලා දැන ගෙනත් අහුවුනාට පස්සේ කට අරින අය මේ අයටත් වැඩිය හොරු...

:       0       2

waruna Wednesday, 09 May 2018 09:09 AM

රටේ යකඩ විකුණන්න ජරාව කන්න ගිහිල්ල අහුවෙලා තව ටටා කියකියා උජාරුවෙන් යනවා.

:       0       2

amali Wednesday, 09 May 2018 10:46 AM

මේ බිලි බෝයිලා විතරයි...

:       0       0

sk Wednesday, 09 May 2018 10:47 AM

දිසානායක මහතාගේ පුතාගේ හොඳම මිතුරා ගැනත් බලන්න. ඉඟියක් ලැබේවි...!!!

:       0       2

will Thursday, 10 May 2018 09:19 AM

මහානාම ඉන්නේ හරියට මට ඕවා ගානක් නෑ වගේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

බස්නාහිර පළාත් ලේකම් කාර්යාලයෙන් නිවේදනයක්
2025 අප්‍රේල් මස 22 7 0

පළාත් පාලන මැතිවරණය හේතුවෙන් ලබන මැයි මස 5 සහ 6 දෙදින බස්නාහිර පලාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන සියලුම කවුළු වසා තබන බව බස්නාහිර පළාත් ලේකම් කාර්


හිටපු ජනපතිවරුන්ගේ නිවාස ගැන යථා කාලයේ වැඩ සිද්ද වෙයි
2025 අප්‍රේල් මස 22 217 0

මහින්ද රාජපක්ෂ ඇතුළු හිටපු ජනාධිපතිවරුන්ගේ නිවාස සම්බන්ධයෙන් ආණ්ඩුව කියූ කතා යථා කාලයේදී ක්‍රියාත්මක වනු ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයත


නිවාඩු නිකේතන භූමියක මළ සිරුරක්
2025 අප්‍රේල් මස 22 220 0

කතරගම සිතුල්පව්ව මාර්ගයේ කොච්චි පතාන නිවාඩු නිකේතන භූමියක තිබි පිරිමි මළ සිරුරක් අද (22) සොයාගත් බව කතරගම පොලීසිය කියයි.


පාස්කු ප්‍රහාරය: වාර්තාව අධ්‍යයනයට කමිටුවක්
2025 අප්‍රේල් මස 22 329 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්‍ෂණ කොම්ෂන් සභා වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා අපරාධ පරීක්‍ෂණ සහ මූල්‍ය කොට්ඨාශය භාර ජ්‍ය


’’මහ මොළකරු’’හෙළි කිරීමේ වගකීම උසාවියට බාර දෙයි
2025 අප්‍රේල් මස 22 835 0

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හෝ මහ මොළ කරුවන් ,හෙළිකිරීමේ වගකීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ උසාවියට බාර කරමු යැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද


බර එසවීමේ යන්ත්‍රයක රෝදයකට හසුවී අයෙක් මරුට
2025 අප්‍රේල් මස 22 669 0

ඔරුගොඩවත්ත අවිස්සාවේල්ල පාර කන්ටේනර් අංගනයක් තුළදී ශ්‍රී ලංකා රේගු ආයතනයට අයත් බර එසවීමේ යන්ත්‍රයක රෝදයකට යටවීමෙන් පුද්ගලයෙකු මිය ගිය බව වැල්ලම්පි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 551 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 299 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 452 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site