(අංජුල මහික වීරරත්න)
රජරට විශ්ව විද්‍යාලයට අනුබද්ධව “දේශගුණික විපර්යාස අධ්‍යයන විශිෂ්ටතා මධ්‍යස්ථානයක්” පිහිටුවීම සම්බන්ධයෙන් වූ ව්‍යාපෘති වාර්තාවක් එහි උපකුපතිවරයාගේ නියෝජිත මහාචාර්ය ,ආචාර්ය පිරිසක් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතාට ජනාධිපති ලේකම් කාර්යාලයේදී බාර දුන්හ.
දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා හමුවීමට පැමිණි රජරට විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ආර්.පී.අයි.ආර් ප්‍රසන්න මහතා ප්රමුඛ කණ්ඩායම පෙන්වා දුන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශගුණික විපර්යාස අධ්‍යයනය වෙනුවෙන් විශ්ව විද්‍යාලයක් පිහිටුවීමට ගෙන ඇති තීරණයට සමගාමීව මෙම මධ්‍යස්ථානය ද පිහිටුවිය හැකි බවයි.
ඔවුන් ඉදිරිපත් කළ ව්‍යාපෘති අධ්‍යයන වාර්තාවට අනුව දේශගුණික විපර්යාස කළමනාකරණය සඳහා පර්යේෂණ පැවැත්වීම, එම මධ්‍යස්ථානය විසින් වාර්ෂිකව සම්මන්ත්‍රණය පවත්වා දේශගුණික විපර්යාස හා පර්යේෂණ සම්බන්ධ දැනුම ජනතාව අතර ව්‍යාප්ත කිරීම, කලාපීය සහ ජාතික දේශගුණික විපර්යාස සම්බන්ධ සාකච්ඡා කිරීම සඳහා වේදිකාවක් නිර්මාණය කිරීම, දේශගුණික ක්‍රියාකාරී ප්‍රතිපත්ති මෙන්ම නීති රීති සම්පාදනයේ දී අදාල ප්‍රතිපත්ති සම්පාදකයින් සහ ආයතන සමඟ ද කටයුතු කිරීම, දේශගුණික විපර්යාසයන්ට අනුවර්තනය වීම සහ එම තත්ත්වයන් අවම කිරීම සඳහා ක්‍රියාකාරී අයුරින් ප්‍රජාවට සහාය වීම යන කරුණු ඇතුලත් කර ඇත.
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දේශගුණ අභියෝගවලට මූණ දෙන්න රජරට මහැදුරෝ රුවන් සමඟ එක් වෙති
Bamunuarachchi Thursday, 03 November 2022 05:48 PM
ඒ කාලේ හිටපු වියතුන් හා මේ ඉන්න වියතුන් හැරෙන්න තවත් වියත්තු රටේ ඉන්නවාද?