IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


දේශපාලකයින් ඇසුරට සුදුසු නෑ

අද සිටින දේශපාලකයින්ගෙන් බහුතරයක් ඇසුරු කිරීමට නුසුදුසු පුද්ගලයින් බවත් හොඳ දේශපාලකයින් සිටින්නේ සියයට දහයක් පමණ සුළු ප්‍රමාණයක් බවත් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය පවසයි.

එතුමිය මේ බව සඳහන් කලේ අද දින ගාල්ල ශ්‍රී හෘදය කන්‍යාරාම බාලිකා විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේ පැවති ගාල්ල දිස්ත්‍රික් තෛයිපොංගල් උත්සවය අමතමිනි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ ජාතික සමගිය හා සංහිඳියාව සඳහා වන කාර්යංශය හා දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය විසින් මෙම උත්සවය දකුණු පළාතේ පාසැල් සිසුන් සඳහා සංවිධානය කැර තිබිණි. එහිදී  පාසැල් සිසු දරු දැරියන් විසින් ආගමික හා සංස්කෘතික අංග රැසක් ඉදිරිපත් කරණු ලැබූහ. පාසැල් සිසුන් අතර සමගිය හා සංහිඳියාව වර්ධනය කිරීම උත්සවයේ ප්‍රධාන අරමුණ විය. 



අදහස් (0)

දේශපාලකයින් ඇසුරට සුදුසු නෑ

චරිත Thursday, 28 January 2016 06:15 AM

ජනපති වෙලා හිටපු කාලේ කොරන්න බෑරිවෙලා දැන් එනව බණ කියන්න (බ)

:       0       0

අර්නෙස්ටෝ Wednesday, 27 January 2016 08:15 PM

කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නැතිලුනේ (නි)

:       0       0

ගමගේ Thursday, 28 January 2016 06:29 AM

අද දේශනය යක්ෂ නිකායේ චන්ද්‍රිකා උපාසිකාවගෙනි. අසනු කැමැත්තෝ කන් වසාගනිත්වා. (බ)

:       0       0

ටෙනිසන් Wednesday, 27 January 2016 01:36 PM

සහතික ඇත්ත .මෙයා අයත්වෙන්නේ කිවුවා වගේම 90% ගොඩට.(කෞ)

:       0       0

මහින්ද සෞදි Wednesday, 27 January 2016 08:33 PM

ඔබට දැන් ඇත්තේ විවේකීව සිටීමටයි (නි)

:       0       0

අර්නෙස්ටෝ Wednesday, 27 January 2016 08:34 PM

අලියා දන්නේ නැතිලුනේ තමන්ගේ ප්‍රමාණය! (නි)

:       0       0

ගුණවර්ධන Thursday, 28 January 2016 06:38 AM

එ් නුසුදුසු ගොඩේ පළවැනියා මෙයා. (බ)

:       0       0

ස්ටැන්ලි Thursday, 28 January 2016 07:01 AM

ඇසුරු කිරීමට සුදුසු කට්ටිය සහ ඇසුරු කිරීමට නුසුදුසු කට්ටිය කියන දෙපිලට අමතරව ජනතාව ඇසුරු කිරීමට අකමැති දේශපාලකයින් කියල තව කට්ටියකුත් ඉන්නා බව දීල තියෙන අදහස් සියල්ල කියෙව්වහම තේරෙනවා (බ)

:       0       0

සනත් ඉන්දික Wednesday, 27 January 2016 01:52 PM

මෙතුමියට වැරදිලා මෙතුමිය කොහෙත්ම දේශපාලන ඇසුරට සුදුසු නැහැ (බ)

:       0       0

දීපාල් නිරෝෂ් Wednesday, 27 January 2016 01:53 PM

එහෙනම් ඇයි ඔබතුමිය මේ දේශපාලනේ කරන්නේ? (අ)

:       0       0

නොයෙල් Wednesday, 27 January 2016 09:51 PM

ඒක නම් ඇත්ත. කවුරුත් එකයි අපිට නම් (නි)

:       0       0

ස්ටැන්ලි Wednesday, 27 January 2016 01:57 PM

මෙතුමියව ඇසුරට සුදුසු කෙනෙක්ද නුසුදුසු කෙනෙක්ද? (අ)

:       0       0

රවි Wednesday, 27 January 2016 02:04 PM

අනේ ඇයි ඔයත් ඒ 10% ඇතුලට දාල කතා කරන්නේ. (අ)

:       0       0

දිල්ශාන් Wednesday, 27 January 2016 02:19 PM

මේ කාන්තාව ජනපතිනි වෙලා ඉන්න කාලේ ඉඳලම තමයි අපිට ඕක තේරුනේ.(අ)

:       0       0

පැරා Wednesday, 27 January 2016 02:28 PM

එයත් එක්කෙනෙක් , පාසල් වලට ගිහිල්ලත් ළමයින්ට දේසපාලනය ගැන පිස්සු නැත්නම් ෂෝක්.(අ)

:       0       0

විශ්ව Thursday, 28 January 2016 11:39 AM

මොන පාපයක්ද මේ ඉවරයක් නැති ? (බ)

:       0       0

රාජා Wednesday, 27 January 2016 11:47 PM

ඉස්සර පාසලකට ගිහින් ළමයින්ට මුහුණ ඇද කරලා, හිටපු එක්සත් ජාතික පක්ෂ ඇමති කෙනෙකුට අපහාස කර කර පෙන්නුව කෙනෙක් ගැන මට මේ වෙලාවේ මතක්වුණා (නි)

:       0       0

කෙනත් Wednesday, 27 January 2016 11:55 PM

එතකොට ඔබතුමිය මොන ගොඩටද අයිති වෙන්නේ? (නි)

:       0       0

චතුර Wednesday, 27 January 2016 02:35 PM

ඉතින් අපි මෙයාට ආශ්‍රය කරන්න කිව්වයි. මෙයමනේ පැනගෙන ගියේ පැත්තකට වෙලා ඉන්නේ නැතුව (අ)

:       0       0

ජනහිත Thursday, 28 January 2016 12:27 AM

ඇයි ඒ? ඒ අය මොකුත් වැරදි කරනවද? නැත්නම් ඔබට වැරැද්දක් වුණාද? මම නම් එක දේශපාලකයෙක්වත් පස්සෙන් ගිහින් රස්සා ඉල්ලුවේ එහෙම නැහැ. හැබැයි අපිට නම් ඔය කොයි කාගෙනුත් කැපිලි තිබුනා. ඒත් මම අදටත් ගරුකරන නායකයෝ දෙන්නෙක් ඉන්නවා. හැබැයි දෙන්නම 1950 ගණන් වල යූඑන්පීකාරයෝ දෙන්නෙක්. (නි)

:       0       0

සුමිත්‍ර බස්නායක Wednesday, 27 January 2016 03:01 PM

කව්රුත් එකතු වෙලා මෙයාව ඇසුරු කරන්න.පව්. (බ)

:       0       0

දුමින්ද Thursday, 28 January 2016 08:07 AM

අපිට වැදි බණ එපා (නි)

:       0       0

මාලක Thursday, 28 January 2016 08:11 AM

අනේ මොකටද මගේ කට! (නි)

:       0       0

සමන් Wednesday, 27 January 2016 03:09 PM

මුළු ලංකාවම දන්නවා මෙයාගේ කෙරුවාව පක්ෂ බේදයෙන් තොරව ඒක නිසා අපි වචන නාස්ති කරන ඒක අපරාදේ (කෞ)

:       0       0

අනුර Wednesday, 27 January 2016 03:10 PM

ඉතින් අපේ ලොකු අක්කා අන්දෘගේ මාලිගාව ගත්ත දහ දෙන අතරට පැන්න අපේ ලොකු අක්කා (අ)

:       0       0

චන්ද්‍රා Thursday, 28 January 2016 08:33 AM

දැන් වෙරි හිඳිලා වගේ මැරෙන්න හදනකොට රට මතක් වෙලා අර ලන්ඩන් වල මාලිගාව ගත්තේ කොහොමද දන්නේ නැහැ මුන්ට යන එන මං නැතිවෙනවා (බ)

:       0       0

අජිත් ගුණසේකර Thursday, 28 January 2016 03:32 AM

අතීතය අපිට අමතක නෑ. වෝටර්ස් එජ් අමතකද ? (බ)

:       0       0

ශිරන්ති Wednesday, 27 January 2016 04:00 PM

නිකම් බලාගෙන ඉන්නේ නැතුව අර බණ්ඩක්ක මැතිතුමාගේ කන හරි මිරිකලා ඡන්ද කාලේ පොරුන්දු ඉටු කරවල දුන්නනම් නේද හොද ? (බ)

:       0       0

ශානක Thursday, 28 January 2016 09:04 AM

මාර කෙනෙක් කතාව කියල තියෙන්නේ. අහවල් තැනිනුත් හිනා යනවා(කෞ)

:       0       0

සුරන් Thursday, 28 January 2016 04:18 AM

අපිට ඔබතුමියගේ පාලන සමයේම ඒ බව තේරුම් ගියා. අනුන්නට එක් ඇගිල්ලක් දික් කරනවිට තමන්ට ඉතිරි අැගිලි සියල්ල දික් වී ඇති බව සිහියේ තබාගන්න. (බ)

:       0       0

චින්තන Wednesday, 27 January 2016 05:31 PM

අනේ මොකටද මගේ කට! (නි)

:       0       0

ඇසළ Wednesday, 27 January 2016 05:31 PM

මම මේකට මොකුත් ලියන්නේ නැහැ. නිකන් පව් පුරවාගන්න අපි කැමති නැහැ (නි)

:       0       0

සන්තුෂ් Wednesday, 27 January 2016 05:34 PM

සහතික ඇත්ත. තමන්ට බලයට ඒමට මඟ හෙළිකළ පක්ෂ ක්‍රියාකාරීන්ට එරෙහි වෛරයෙන් හා ක්‍රෝධයෙන් පසමිතුරු පක්ෂ සමග අත්වැල් බැඳගන්නා දේශපාලනඥයින් කිසිවිටෙකත් ඇසුරු නොකරන්න. (නි)

:       0       0

සල්ගාදු පැරිස් Wednesday, 27 January 2016 05:42 PM

මේක මෙයාට දැන්ද වැටහුනේ? බලයේ සිටි කාලයේ ඕවා වැටහුනේ නැද්ද? කරපු කියපු දේවල් අමතකද? කෙසේ වුණත් කියමන සැබෑවකි (නි)

:       0       0

ජනහිත Wednesday, 27 January 2016 06:48 PM

ඔබතුමිය ආශ්‍රය කළාට කමක් නැද්ද? (නි)

:       0       0

මහින්ද සෞදි Thursday, 28 January 2016 05:50 AM

බටකොළ ආච්චි මතක් වෙනවා. (බ)

:       0       0

සාගර මුතුනායක Thursday, 28 January 2016 05:50 AM

යක්ෂ පෙනුම එනකොට යක්ෂ අදහසුත් එනව. (බ)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Wednesday, 27 January 2016 07:32 PM

අතීතය අපිට අමතක නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 1762 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1110 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2047 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 510 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 2937 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37167 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24478 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 188 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 624 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site