IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


දේශපාලඥයාගේ බිරිය පාසලට පනී

දේශපාලනඥයකුගේ බිරියක කොළඹ ප්‍රධාන පෙළේ පාසලකට හදිසියේ ගොස් ගුරුවරියකට පහර දී ඇතැයි එම විද්‍යාලයයේ ආරංචි මාර්ග සදහන් කරයි.

සැමියාගේ හිතවතියක මුණ ගැසීමට ඇය පාසලට ගොස් ඇති බවත්, එතැන දී වූ බහින්බස් වීම දුර දිග ගොස් දේශපාලන බිරිය එම ගුරුවරියට පහරදී ඇති බවත් කියැවේ.

මේ ගැටුම නිසා තම හිතවතිය වෙනත් පාසලකට ස්ථාන මාරු කරන ලෙස දේශපාලනඥයා අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලූ බව ද අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.

මේ ගැන විමසීමට අධ්‍යාපන ලේකම් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත් එය ව්‍යර්ථ විය.

මැතිවරණ නිලධාරීන් කියනුයේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කර ඇති නිසා මේ කාලයේ මාරු වීම් කළ නොහැකි බවයි.



අදහස් (0)

දේශපාලඥයාගේ බිරිය පාසලට පනී

වසන්ත Wednesday, 03 December 2014 11:02 PM

පුදුම හයියක්නේ එයා අරගෙන තියෙන්නේ! (නි)

:       0       0

සරසි Wednesday, 03 December 2014 11:04 PM

බහුතරයක් දේශපාලකයන්ගේ නෝනලා බලය ලැබුන විට කටුස්සාගේ කරේ රත්තරන් මාලය බැන්දා වගේ තමයි ජීවත්වෙන්නේ. සමහරු හැසිරෙන්නේ තමන්ට කවදාවත් නොතිබුන ප්‍රභූ පවුල් පසුබිම් මවාගෙන. බොහොම දෙනෙකුට උගත්කමක් නැහැ. යහපත් පවුල් පසුබිමක් නැහැ. ඉතින් ඒගොල්ලන්ට බලය කියන එක පෙන්වීම තමයි උඩයන්න තිබෙන එකම ක්‍රමය. මේක මොන පක්ෂයේත් දේශපාලක හාමිනේලාට අදාළයි. (නි)

:       0       0

කාංචනා Wednesday, 03 December 2014 11:20 PM

අද ඉන්න දේශපාලකයන්ගෙන් නිහතමානි බිරින්දෑවරුන් ඉන්නේ කීයෙන් කීදෙනාගේද? සමහරු උගත්කමක්වත් අතේ සතයක්වත් නැතුව ඉඳලා අනිත් මිනිසුන්ට දාන සැර බලන්න ඕනෑ. මහත්තයගේ දේශපාලන බලය අතට අරගෙන ඒක පාවිච්චි කරනවා නෙමෙයි, හතර අතට වනනවා. (නි)

:       0       0

බුවනෙක Wednesday, 03 December 2014 11:23 PM

මේ කාගේ නෝනාද පාසල මොකද්ද කියලා කියන්න. මෙහෙම පාසල් වලට කඩාවදින්න මෙයා කාගේ බලයක්ද පාවිච්චි කරන්නේ කියලා අපි දැනගන්න ඕනෑ. (නි)

:       0       0

ගමගේ Wednesday, 03 December 2014 11:24 PM

මොකද මාරුකරන්න බැරි? ඔය පොලිසියේ අය හදිසියේම මාරුකරන්නේ! (නි)

:       0       0

ටානියා Wednesday, 03 December 2014 11:50 PM

දැන් ඉතින් අළුත්ම රැල්ල මේකනේ.... (නි)

:       0       0

අධිකාරී Thursday, 04 December 2014 12:14 AM

නම දාන්නකෝ ඒ තැනැත්තියගේ (නි)

:       0       0

රකිත් Thursday, 04 December 2014 12:27 AM

ඇයි කලබල වුණේ? සැමියාගේ හිතවතියනේ... (නි)

:       0       0

බන්දුල ‍ද සිල්වා Thursday, 04 December 2014 12:29 AM

වැඩේ කැත වුණත් මේ සිදුවීම ඉතිහාසය තුළ වැදගත්. රෙකෝඩ් කියන්නේ නිතර නිතර අලුත් වෙන ඒවාටයි. නියමයි! නියමයි!! (නි)

:       0       0

දිනිති Thursday, 04 December 2014 12:55 AM

මේ හැසිරීම් වැදගත් පවුල් පසුබිම් වලින් දේශපාලනයට පැමිණි අයවලුන්ගේ හැසිරීම් නෙමෙයි. කිසිම උගත්කමක් විනයක් නැති , අඩු ගානේ කාන්තාවක් ගෙදරින් එළියට බහිනකොට හැසිරෙන පිළිවෙලවත් නොදන්නා කාන්තාවන් තමයි මෙහෙම හැසිරෙන්නේ කියලයි මම නම් කියන්නේ. (නි)

:       0       0

කමනි Thursday, 04 December 2014 12:57 AM

නම සහ පාසල පළකරන්න. සමහර කට්ටිය මහා ලොකුවට මේ අයට නේද රිබන් කපන්න , උත්සව වල තෑගි දෙන්න , නොයෙක් ප්‍රදර්ශන විවෘත කරන්න කිය කියා ආරාධනා කරන්නේ? (නි)

:       0       0

මලික් Thursday, 04 December 2014 01:00 AM

උගත්කමක් , වැදගත් හැසිරීමක් , නිහතමානීකමක් ඇති නෝනලා සිටින සහ සිටි දේශපාලකයන් ඇත්තේ අතළොස්සයි මට හිතෙන හැටියට.ආ හැටි, උන්හිටි තැන් මතක නැහැ සමහ‍ර නෝනලා අනෙකුත් අයට පාට් දාන්න ගියාම (නි)

:       0       0

රංග Thursday, 04 December 2014 01:04 AM

අද කාලේ දේශපාලන කරලියට ඇවිල්ලා ඉන්න කට්ටියගේ නෝනලාගෙන් උගත් වැදගත් හැසිරීමක් බලාපොරොත්තුවෙන අපියි මෝඩයෝ. (නි)

:       0       0

ජෙහාන් Thursday, 04 December 2014 01:14 AM

කලකට පෙර පාසලකට පැමිණි දේශපාලක නෝනා කෙනෙක් තමන්ගේ පුතාට විහිලු කළා කියලා පන්තියේ ළමයෙකුට පහර දුන්නා. මම එතකොට ඒ පාසලේ උසස් පෙළ ශිෂ්‍යයෙක්. එදා ඒ සිද්ධිය කොහොමහරි මාධ්‍යයෙන් වසන් කළා. ඒ නිසා දේශපාලක හාමිනේලාගේ උද්දච්ච වැඩ නම් කවදාවත් නතර වෙන්නේ නැහැ. (නි)

:       0       0

රුවනි Thursday, 04 December 2014 01:17 AM

ඇත්තටම මට නම් මේ බහුතරයක් දේශපාලක බිරින්දෑවරුන් ගැන පැහැදීමක් නැහැ. අපේ දුවගේ පන්තියේ ඉන්නවා එහෙම පවුලක ළමයෙක්. ඒ නෝනා හිතන්නේ පන්තියේ ගුරුවරිය වැඩ කරන්න ඕනෑ ඒගොල්ලන්ට ඕනෑ හැටියට කියලා. (නි)

:       0       0

ජිලාන් Thursday, 04 December 2014 01:21 AM

හැබැයි ඉතින් සමහර දේශපාලක පුතාලාත් පාසල් වලට පැනලා නැටුම් නටන්න බාලිකාවන්ට අඬගහපු එකේ මේ නෝනාටත් හිතෙන්න ඇති මට මොකද පාසලකට පනින්න බැරි කියලා (නි)

:       0       0

ගුණවතී Thursday, 04 December 2014 08:08 AM

දේශපාලනඥයකුගේ බිරියක් උනහම දැන ගන්න ඕනේ විනීතව හැසිරෙන්න. (ර)

:       0       0

පාලිත Thursday, 04 December 2014 01:24 AM

කාගේ නෝනාද කියලා කියන්න. පවුලේ හැදිච්චකම බලලත් ඡන්දෙ දෙන්න වෙන බව දැන් සිදුවෙන සමහර දේවල් වලින් අපි දන්නවා. (නි)

:       0       0

කින් බෙනට් Thursday, 04 December 2014 01:27 AM

එයාට හිතෙන්න ඇති ඒ විදියට කළාම තමයි හරි කියලා. (නි)

:       0       0

චන්දිම Thursday, 04 December 2014 01:27 AM

ඔක්කොම සෙල්ලම් ළඟදීම අවසන් වෙනවා. (නි)

:       0       0

සමන්ති Thursday, 04 December 2014 01:35 AM

මෙයාට තියෙන්නේ සැකයක් නම් මුල්ලේරියාවට ගොස් බෙහෙත් දියයුතුයි. ඇත්තටම ගැටලුවක් නම් නීතිය ඉදිරියට යන එකයි කිරීමට ඇත්තේ. (නි)

:       0       0

මනෝහාර Thursday, 04 December 2014 01:45 AM

ලංකාව දිහා බලනකොට හරිම කණගාටුයි. කරන්න දෙයක් නැහැ. බුදුදහම අනුව ජීවත්වෙලා හිත හදාගන්නවා. (නි)

:       0       0

ජයන්ති Thursday, 04 December 2014 08:31 AM

මොන ඇමතිගේ බිරියද මේ වැඩේ කලේ. (ර)

:       0       0

චනිල් Thursday, 04 December 2014 01:58 AM

දැන් බන්දුල පෙරේරා මේකට කියාවි බොහොම සුළු, ගණන් නොගතයුතු පුද්ගලික ආරවුලක් කියලා. (නි)

:       0       0

කෙවින් Thursday, 04 December 2014 02:02 AM

අද බොහොමයක් දේශපාලකයන්ට වැඩ වැරදී ඇත්තේ පිට මිනිස්සු නිසා නෙමෙයි, තමන්ගේම කට්ටිය නිසා. බලයෙන් හිස උදුම්මාගත් නුගත් නෝනලා සහ රටටම තිත්ත වූ චණ්ඩි පුතාලා නිසා සමහරුන්ට පාරේ බැහැලා යන්න බැරි තත්වයක් දැන් තියෙන්නේ. (නි)

:       0       0

නෙරාන් Thursday, 04 December 2014 02:17 AM

මේවාට තමා රටේ නීතියක් නැහැ කියන්නේ. රටේ නීතිය දැන් ඉස්සරට වඩා හොඳින් ක්‍රියාත්මක වෙනවා කිව්වාට මේ වගේ වැඩ තමා දේශපාලුවෝ කරන්නේ. මේවා නවත්වන්න පුළුවන්. නොකරන එක තමා දුක. (නි)

:       0       0

පතිරණ Thursday, 04 December 2014 02:23 AM

විනයක් නැති රටක්! මේවා මට්ටු කරගන්න බැරි දේශපාලකයාට රට හදන්න ඊළඟ පාරත් භාරදෙනවද කියලා අපි තීරණය කරන්න ඕනෑ නේද? (නි)

:       0       0

ආනන්ද Thursday, 04 December 2014 02:37 AM

දේශපාලකතුමා බුද්ධිමත් විදියට යමක් කරගත්තා නම් මේ මොකුත් නැහැනේ (නි)

:       0       0

බණ්ඩාර කුවේට් Thursday, 04 December 2014 03:12 AM

අපේ කැලණියේ දුටුගැමුණු කුමාරයාගේ බිරිඳ වත්ද ? (නදී)

:       0       0

කිරින්ද Thursday, 04 December 2014 03:14 AM

ඕපාදූප වලට ප්‍රසිද්ධ වෙබ් අඩවියක තියෙන දේවල් එක්ක සංසන්දනාත්මකව බැලුවාම ඔය කියන දේශපාලනඥයා අරුන්ද මුන්ද කියල හිතාගන්න පුළුවන්. (නදී)

:       0       0

රන්ජිත් Wednesday, 03 December 2014 02:14 PM

අන්න! බලය තව දෙන්න. අනේ හොඳයි (නි)

:       0       0

පරිනත Thursday, 04 December 2014 03:24 AM

මේක මගේ රටයි කීමට පවා ලජ්ජා තත්වයක් අපිට උදා වී ඇත. (නදී)

:       0       0

සෝමදාස Wednesday, 03 December 2014 02:26 PM

ආත්මාරක්ෂාවට ගහන්න ඇති. (නි)

:       0       0

චන්ද්‍රා Wednesday, 03 December 2014 02:31 PM

ගුරුවරිය රජයේ සේවිකාවකි. ඇයට සේවයකරමින් සිටියදී සේවා ස්ථානයේදීම පහරදීම බලවත් වරදකි (නි)

:       0       0

සෙලන්සියුස් Thursday, 04 December 2014 03:40 AM

මේක ඩොලර් වලට රැවටිලා කළ අන්තර්ජාතික කුමන්ත්‍රණයක් (නදී)

:       0       0

ඇන්ටන් Wednesday, 03 December 2014 02:33 PM

මේ දේශපාලකතුමාගේ නම හෙළිකරන්න බැරිද? (නි)

:       0       0

චන්න බුවනයක Wednesday, 03 December 2014 02:38 PM

හිතවතිය, බිරිය, ගුරුවරිය, මේ ඔක්කොම දේශපාලඥයාගේද? නරක නැහැ (නි)

:       0       0

ජානකි Thursday, 04 December 2014 03:54 AM

මෙයාගෙත් මොලේ පරීක්ෂා කරන්න වෙයි (දිල්)

:       0       0

සිල්වා Wednesday, 03 December 2014 02:43 PM

ඕකනේ අපි කියන්නේ ශ්‍රී ලංකාවට වෙලා තියෙන දේ! (නි)

:       0       0

සදුන් Wednesday, 03 December 2014 02:44 PM

කියන්න කණගාටුයි. රට පුදුම විදිහට කඩාවැටිලා තියෙන්නේ (නි)

:       0       0

දිමින්ද Wednesday, 03 December 2014 02:45 PM

රට කන මිනිස්සු! (නි)

:       0       0

ප්‍රසන්න Wednesday, 03 December 2014 02:45 PM

රටේ නීතියක් නැහැ. මහ දවල් ‍ටී 56 පෙන්නලා මංකොල්ල කනවා. මුළු රටම දේශපාලනීකරණය වෙලා (නි)

:       0       0

අරුන් Friday, 05 December 2014 11:19 AM

මේ කව්රුත් කට අරිනවා එහෙම නෙවෙයි හොදේ (දිල්)

:       0       0

ලෝචන අසංක Thursday, 04 December 2014 04:13 AM

දේශපාලකයාගේ හිතවතියක් කියල හොදටම විස්වාසද? (ත)

:       0       0

සුරියවැව Wednesday, 03 December 2014 02:48 PM

හරි අපූරු පවුලගේ බලය .....! (නි)

:       0       0

සෙන්සා Thursday, 04 December 2014 04:17 AM

මෙි මිනිසුන් එළිපිට නිර්වස්ත්‍ර වන්නේ කුමක් නිසාද?මෙි අවිචාරවත් වූ දේෂපාලන රටාව නිසා නේද? (ත)

:       0       0

ඇසිලින් Wednesday, 03 December 2014 02:51 PM

දවල් මිගෙල් රෑ ඩැනියෙල් දේශපාලනයද? (නි)

:       0       0

මොහමඩ් ඛාන් Wednesday, 03 December 2014 02:54 PM

ඇත්ත කතාව රන්ජිත් (නි)

:       0       0

අමිත් Thursday, 04 December 2014 04:24 AM

මේ නිව්ස් එකේ වැදගත්ම දෙය ජනතාවට හංගලා.(ත)

:       0       0

තිස්ස Thursday, 04 December 2014 04:24 AM

රාජකාරි කාලය තුල මේ දේ වුනානම් එකට ක්‍රියාකරන්න ඕන විදුහල්පති .ගිහිල්ලා පොලිසියේ පැමිණිල්ලක් දැම්මා නම් හොදයි.එත් ලොක්කා දේශපාලන ගැත්තෙක් නම්........? (හේ)

:       0       0

තිලක් Wednesday, 03 December 2014 03:05 PM

අපේ දරුවන්ට ඕනෑ යහපත් රටක්. විනයක් තිබෙන එකිනෙකට ගරුකරන රටක් (නි)

:       0       0

සදුනි Wednesday, 03 December 2014 03:06 PM

රන්ජිත්, ඔයාට තේරෙන්නේම නැද්ද මේක අනියමාර්ථයේ ගැටළුවක් බව. දේශපාලක බිරිය පමණක් නෙමෙයි ගැහැණු අපි කවුරුත් ඉවසීමේ සීමාව පැන්නවිට ඔහොම කරාවි. (නි)

:       0       0

සමන්ති Wednesday, 03 December 2014 03:09 PM

දුර පළාතකින් අග නගරයට පැමිණි දේශපාලුවෙක්ගේ බිරියක් වගෙයි (නි)

:       0       0

ඉන්දික ගාලේවත්ත Wednesday, 03 December 2014 03:15 PM

වයඹ දෙවැනි රංගනය. (ර)

:       0       0

හසන් Thursday, 04 December 2014 04:39 AM

සාමාන්‍ය දෙයක්. නමුත් ග‍හපු එක වැරදියි. (නදී)

:       0       0

විද්‍යා Wednesday, 03 December 2014 03:28 PM

කොහොමද ඉතින් සිසුන් හදන්නේ. (ර)

:       0       0

චන්දිම Thursday, 04 December 2014 09:30 AM

ලජ්ජා නැද්ද සඳුනි දේශපාලකයෝ මදිවට ඒගොල්ලන්ගේ නෝනලාටත් කඩේ යන්න. ? (ස)

:       0       0

විල්බට් Wednesday, 03 December 2014 03:42 PM

මම නම් හිතන්නේ ගුරුවරිය තමන්ටම ගහගන්න ඇති. (ර)

:       0       0

සිසිර Thursday, 04 December 2014 04:47 AM

නම් ගම් එක්කම දැන්මනම් තමයි වටින්නේ.(හේ)

:       0       0

බණ්ඩාර Thursday, 04 December 2014 04:49 AM

නියම කතාවක්.මේ ජර මර අස්සෙනේ මේකත් වුණේ.(හේ)

:       0       0

සරත් Thursday, 04 December 2014 04:56 AM

මටනම් හිතාගන්න බෑ. (හේ)

:       0       0

සරත් අතාවුද Thursday, 04 December 2014 04:56 AM

මට නම් හිතාගන්න බෑ දෙන්නම ඇමති වරුද අනේ කාලේ වනේ වාසේ රටකට ගිය කලක් (නදී)

:       0       0

රොබින්සන් ගලේවෙල Thursday, 04 December 2014 05:14 AM

දේශපාලකතුමාගේ ඇලීම මැතිනියගේ ගැටීමට මුල්වෙලා වගෙයි පෙනෙන්නේ. බුදුදහමේ හරය අනුව සසර දිගු ගමනට හැරවුමක්. කෙසේ වෙතත් කාන්තාවන් දෙදෙනෙකුගෙන් එක් අයෙකුවත් විනය තැකුවා නම් මේ ප්‍රශ්නය දුරයන්නේ නෑ කියන එකයි මගේ හැගීම් (නදී)

:       0       0

ලියොන් ගුණවර්ධන Wednesday, 03 December 2014 04:19 PM

තම දේශපාලක සැමියාට පමණක් නොව රටේ මෙන්ම ලෝකයේ සියලුම දේශපාලකයින් අපකීර්තියට පත්කරමින් මෙම ක්‍රියාව කළායැයි කියන මෙම බිරියට විරුද්ධව නීති මඟින් ක්‍රියාකළ යුතු නොවේද? (නි)

:       0       0

ජෝන් Thursday, 04 December 2014 05:22 AM

මේ කරුම දේශපාලන ක්‍රමයට තිත තැබිය යුතුයි. (නදී)

:       0       0

බටන්ගල Thursday, 04 December 2014 05:32 AM

මේවා තවදුරටත් අපේ දරුවන්ට නොදැකීමට සැලැස්වීමේ කාලය එළඹ තිබේ. එය සඳහා කවුරුත් එකකතු වෙමු. (බ)

:       0       0

රන්ජිත් Wednesday, 03 December 2014 04:48 PM

අනේ ඡන්දය දෙන්නකෝ. (නි)

:       0       0

තිලක් Wednesday, 03 December 2014 04:57 PM

මේ කියන්නේ අපිට වෙනසක් අවශ්‍ය බව නොවේද? (නි)

:       0       0

අනුර Wednesday, 03 December 2014 05:02 PM

මේකද ඔය කියන ඉදිරි දැක්ම? (නි)

:       0       0

සිල්වා Wednesday, 03 December 2014 05:03 PM

අපිට ඕනෑ ශීලාචාර සම්පන්න දේශයක්! (නි)

:       0       0

වත්සලා Wednesday, 03 December 2014 05:05 PM

විල්බට්, ඔබ හරි. (නි)

:       0       0

චානක. Wednesday, 03 December 2014 05:39 PM

ඔහොම ගියාදෙන්. මෛත්‍රී යුගයේ ඕවට ඉඩ නැහැ (නි)

:       0       0

ඩයස් Wednesday, 03 December 2014 05:41 PM

පිස්සුද? තමන්ටම ගහගත්ත කාලේ දැන් අවසානයි (නි)

:       0       0

හර්ෂණ Thursday, 04 December 2014 06:14 AM

දැන් ඉතින් මේකටත් ගුරුවරුන් වර්ජනය කරයි .(හේ)

:       0       0

නිමල් රණසිංහ Wednesday, 03 December 2014 06:09 PM

රටකට ගිය කලක්! නුගත් අය දේශපාලනයට ඇවිල්ලා රටට කොඩිවිනයක් වෙලා. තව ඉදිරියටත් මේ තත්වය වර්ධනය වෙන්න ඉඩදෙමුද? (නි)

:       0       0

සඳජිත් Wednesday, 03 December 2014 06:24 PM

දේශපාළුවෝ කවුරුත් එකයි (නි)

:       0       0

සරත් Wednesday, 03 December 2014 06:42 PM

මේක අලුත් ෆයිල් එකක්ද? නැත්නම් දිගුකාලීනව සංශෝධනය වූ ෆයිල් එකක්ද? ෆයිල් එකේ හිමිකාරයා කවුද කියලා කියන්න බැරිද? (නි)

:       0       0

රුක්මාල් Wednesday, 03 December 2014 07:21 PM

සමහරු පාසල් වලට කඩාපැනලා සිසුවියන් වේදිකාවට කැඳවන කාලයක් මේක (නි)

:       0       0

යසපාල Wednesday, 03 December 2014 08:19 PM

මෙයා කවුද ඇත්තටම? (නි)

:       0       0

අරුන්දික Thursday, 04 December 2014 10:36 AM

අද කාලෙ මෙහෙම දේවල් වෙන්න පුළුවන්. මේවා සාමාන්‍ය දේවල්. (නදී)

:       0       0

ලසිත් Wednesday, 03 December 2014 08:55 PM

මීට කලකට කලිනුත් ප්‍රසිද්ධ පාසලකට මෙහෙම බවලතියක් ඇවිල්ලා තමන්ගේ පුෂ්ටිමත් පුතාට බතලයා යැයි කිවූ පන්තියේ ළමයෙකුට සද්දයක් දාලා තිබුනා. (නි)

:       0       0

කොස්වත්ත Wednesday, 03 December 2014 08:58 PM

කියන්න වචන නැහැ (නි)

:       0       0

ජයනි Wednesday, 03 December 2014 09:00 PM

මේවා නම ගම සමඟම පළකරන්නකෝ. තමන්ගේ ගෙදර හාමිනේ ආණ්ඩු මට්ටු කරගන්න බැරි දේශපාලකයාට රට හදන්න ඊළඟ පාර භාරදෙනවද කියලා අපි තීරණය කරන්න ඕනෑ නේද ? (නි)

:       0       0

ඇන්ටන් Wednesday, 03 December 2014 09:05 PM

පුතුන්ගෙ ලෙඩේ දැන් අම්මලාටත් බෝවෙලා. ඊළඟට ආච්චිලා සීයලාත් පටන්ගනීවිද දන්නෙ නැහැ (නි)

:       0       0

මෙලනි Wednesday, 03 December 2014 09:10 PM

මීට බොහෝ කලකට උඩදී මගේ ඥාති සොයුරෙක්ගේ පන්තියට කඩාවැදුන ක්‍රීඩාවකට සම්බන්ධ දේශපාලක නෝනා කෙනෙකුත් එතන හොඳ කස්තිරමක් ඇල්ලුවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිටපු ඇමැති රොත්තක් තවම රජයේ බංගලාවල
2024 ඔක්තෝබර් මස 02 46 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත



ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 1312 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 2776 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 1728 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 2940 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38548 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25368 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 273 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 924 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site