IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


‘දේශපාලනඥයා රහසින් පව් කළත් එළිවෙනවා‘

බුදුන් වහන්සේ රහසින්වත් පව් නොකළ ආකාරයට දේශපාලනඥයන් ද රහසින්වත් පව් නොකළ යුතු යැයි මෛත්‍රීපාල සිරිසේන ජනපති අද (04) ජනපති ලේකම් කාර්යාලයයේ පැවැති ඇමැති මණ්ඩලය දිවුරුම් දීමේ උත්සවයේ දී පැවසීය.

දේශපාලනඥයන් හා රාජ්‍ය නිලධරයන් රහසින් කළත්, එළිපිට කළත් පොදු ජනතාවට එය සැඟවීමට නොහැකි යැයි ද ජනපති කීවේය.

දූෂණ, වංචා හොරකම් හා අක්‍රමිකතා ආදිය නොකිරීමට දේශපාලනඥයන්ගේ හෘද සාක්කිය බලවත් හා ශක්ති සම්පන්න විය යුතු යැයි ජනපති සඳහන් කළේය.

සංස්ථා ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීන් පත් කිරීමේ දී තමාගේත් අගමැතිගේත් නිර්දේශ මත පොදු කමිටුවක් පත් කරන හෙයින් එවැනි පත්වීම් ගැන ඉල්ලීම් සියල්ල  එම කමිටුවට යොමු කරන ලෙස නව ඇමැතිවරුන්ගෙන් ජනපති ඉල්ලා සිටියේය.

පත්වීම් ලබන්නන්ගේ සුදුසුකම්, ගුණාත්මක භාවය හා ප්‍රමිතිය පිළිබඳ සලකා බැලීමෙන් පසු පත්වීම් සිදු කරන බව ද ජනපති කීවේය.

‘ජනවාරි අට වැනි දා මා ශ්‍රී ලංකාවේ ජනපති කරමින් ද, අගෝස්තු මහා මැතිවරණයෙන් නව රජයක් පිහිටුවීමට බලය දෙමින් ද ඡන්ද දායකයන් අපට බලය දුන්නා. දින 100 දේශපාලන අත්දැකීම් අනුව දැන් අපට ජාතික ආණ්ඩුවක් යටතේ ඉදිරියට යා හැකියි. ජාතික ආණ්ඩුවක් පිහිටුවීමේ වැදගත්කම රනිල් වික්‍රමසිංහ අගමැතිත් මැතිවරණ සමයේ කිව්වා. මාත් කිව්වා. අද අපි නව ඇමැති මණ්ඩලය පත් කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇමැති පදවි 15යි. රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැති පදවි 18යි. එක්සත් ජාතික පක්ෂ සන්ධානයට ඇමැති පදවි 33යි. එයින් එක්සත් ජාතික පකෂයට පමණක් ලැබී ඇත්තේ ඇමැති පදවි 26යි. එය සංකීර්ණ අවස්ථාවක්. පාර්ලිමේන්තු මන්ත්‍රීන් 22ක් සිටිනවා. සෑහෙන පිරිසකට ඇමැතිකම් ලැබෙනවා. ලැබුණු අය සතුටට පත්වීමත්, නොලැබුණු අය අසතුටු වීමත් ස්වභාවිකයි. නමුත් රටට සේවය කිරීම සඳහා ඇමැති කම් නොලැබුණු අයට වෙනත් මාර්ග තිබෙනවා.

අප ඇති කරන්නට යන නව කමිටුවලින් ඊට ඉඩ ලැබෙනවා. අපේ අරමුණු පවිත්‍ර නම් අප මහජන සේවයට කැපවී සිටී නම් රටට හා රටේ ජනතාවට වැඩ කිරීම අපේ අරමුණ නම් ඇමැති මණ්ඩලය පත් කිරීමේ සංකීර්ණ ගැටළු වලින් අප අධෛර්යයට පත් විය යුතු නැහැ.

වසර දෙකක් එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සම්මුතියකට ඇවිත් තිබෙනවා. ඒ දෙවසරේ අත්දැකීම් අනුව අපට ඉදිරි මග සලසා ගත හැකියි. ජාතික ආණ්ඩු ක්‍රමය අපට අලුත් අත්දැකීමක්. මහ දෙපක්ෂයේ මේ ගමනින් අපේ අරමුණ විය යුත්තේ යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස ප්‍රවර්ධනය කර දූෂණ වංචා නැති රටක් බිහි කිරීමයි. එය අපට කළ හැකියි.



අදහස් (0)

‘දේශපාලනඥයා රහසින් පව් කළත් එළිවෙනවා‘

දුමින්ද Friday, 04 September 2015 10:35 AM

අලුත් ගමනක් සුබ වෙනසක් (අ)

:       0       0

රොන් Friday, 04 September 2015 11:25 AM

රහසින් කෙසේ වෙතත් ඵළිපිටවත් පව් නොකර ඉඳිම හොඳයි. ඒ වගේම තමන් පවින් වැලකි එවැනි බුදු බණ පදයක් අනුන්ට කියනවනම් හොඳයි.(ම)

:       0       0

සුනිල් Friday, 04 September 2015 11:47 AM

අනේ පව් අප්පා ,හීනෙන්වත් බොරුවක් ,වංචාවක් කරලත් නැහැ ,කරන්නෙත් නැහැ (අ).

:       0       0

ඉමල්කා Friday, 04 September 2015 01:28 PM

මේක කොහෙද ජාතික ආණ්ඩුවක් වෙන්නේ. මේක සභාග ආණ්ඩුවක්. රහසින්වත් පව් කරන්න එපා කිය කිය බොරු කියනවා.(අ)

:       0       0

සාමුලී Friday, 04 September 2015 02:10 PM

මේ අයගේ ලිස්ට් එක තව අවුරුදු 6කින් එලියට බහි. රනිල් හැමදාම විපක්ෂ නායක නිසා එයාගෙ ලිස්ට් එක ෆයිල් වෙලා. ෆයිල් හැංගිලා. අපරාදේ රනිල් ට විපක්ෂ නයක කම දීල තිබුණේ ඒ කාල‍ෙ ඒ කා‍ලෙම ඔය දැන් දුන්න කෙනාටම දෙන්න තිබුණේ... කලගුණ නොදත් අය (අ)

:       0       0

චන්න බුවනක Friday, 04 September 2015 02:44 PM

ඔය බන වැඩක් නැහැ. (අ)

:       0       0

ප්‍රසන්න Friday, 04 September 2015 02:48 PM

එකනම් සහතික ඇත්ත බුදුන්ව දේසපලනයට ගාවගන්න එපා.නියම කතාව තමා ඔය ගෙවන්නේ අනුන්ගේ පවු. (අ)

:       0       0

මර්වින් Saturday, 05 September 2015 08:36 AM

හොරකම් වංචා දූෂණ හෙළිවීම වැළැක්වීමට එරෙහිව කටයුතු කරන්නන්ට එරෙහිවත් කටයුතු කළයුතුය (නි)

:       0       0

කුෂාන් Friday, 04 September 2015 04:15 PM

පැරදුන අයට ඇමතිකම් දෙන්න එපා (නි)

:       0       0

විජයබාහු Friday, 04 September 2015 04:26 PM

දේශපාලඥයින්ට කළ පවු පළදෙන්න ගත්තහම බලාගන්න පුළුවන් (නි)

:       0       0

චන්න බුවනක Friday, 04 September 2015 04:29 PM

මිනිස්සු ප්‍රතික්ෂේප කළ හොරු ටික ඇමති මණ්ඩලයට දාගෙන කළ දේ නම් අපි අනුමත කරන්නේ නැහැ (නි)

:       0       0

ඔලිවර් Friday, 04 September 2015 06:08 PM

අනේ මන්දා මහත්තයෝ ඕවා නම්.... (නි)

:       0       0

චමිලා Saturday, 05 September 2015 12:03 PM

ලොකුම පවක් තමා මිනිසුන්ව රවටලා සුරංගනා ලෝක පෙන්නලා ඡන්දය ගන්න එක.කෝ 20 ඇමති මණ්ඩලය? කෝ අල්ලපු හොරු? (නි)

:       0       0

කෝලිත Friday, 04 September 2015 07:14 PM

ජාතික ආණ්ඩුවක් නම් කොහොමද විපක්ෂයක් ඉතුරුවෙන්නේ? (නි)

:       0       0

සනත් ඉන්දික Friday, 04 September 2015 09:50 PM

මෙතුමාගේ කතාව සතික ඇත්ත. (නි)

:       0       0

රන්ජිත් Friday, 04 September 2015 08:50 AM

ඔය කියන පවු කරපු කීදෙනෙක් අදත් ඇමතිකම් ගත්ත නේද? ඉතින් ඔය බනේ ඒගොල්ලන්ට බලපාන්නේ නැහැනේ.(අ)

:       0       0

වයිකෝ Friday, 04 September 2015 08:57 AM

දේසපාලනේ උදාහරණ වලට බුදුහාමුදුරුවෝ ගන්න එපා. (අ)

:       0       0

අමරසිරි Saturday, 05 September 2015 12:37 AM

මීට සුළු කලකට පෙර ඔබතුමාගේ ගුණ ගැයීමට අපද ඇතුළුව බොහෝ දෙනෙකු මෙහි ඉදිරිපත් විය.ඔබ ඔබේ අත්සනද සහිතව මෛත්‍රී පාලනයක් ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීය. අපිද එය කරපින්නාගෙන සිටියෙමු. එහි අංක එකේ පොරොන්දුව වන සියලු අමාත්‍ය ධුරවල (නියෝජ්‍ය ඇතුළුව )එකතුව 20 ට අඩුකිරීම අද ජනතාවට පුස්සක් වී ඇත. අපිද මේ අනවශ්‍ය වියදම් අඩු වී ජීවන වියදම පහත වැටෙතැයි බලාපොරොත්තු තබා සිටියෙමු. අපගේ බලාපොරොත්තු සුනුවිසුණු විය.අද මෛත්‍රී පාලනය වෙනුවෙන් පාඨක තීරුවේ අදහසක් දැමීමටවත් කෙනෙක් නැත. ජනතාව රැවටීම නිසා ජනතාවට දැනටමත් දේශපාලනය තිත්ත වී ඇත (නි)

:       0       0

ලලිතා Saturday, 05 September 2015 12:39 AM

එතකොට ඇමති මණ්ඩලය 20 ට අඩුකරනවා කියපු කතාව? (නි)

:       0       0

දිලිප් Friday, 04 September 2015 09:07 AM

දේශපාලන මඩ ගොහොරුවක පතුලේ කිමිද සිටි ජාතියකට හා යුද්ධයෙන් හා එය වවාගෙන කෑ දේශපාලන මස්තබාල්දුවන් සිටින වටපිටාවක නොයෙකුත් අභියෝග හා බාධක මධ්‍යයේ සුදු නෙළුමක් සේ ජාතියටම නැගී සිටින්නට වෙරදරන ජාතියේ නායකයාණෙනි. ඔබට දිර්ගායුෂ!! (අ)

:       0       0

සුමිත් Friday, 04 September 2015 09:49 AM

අපේ හාමුදුරුවනේ අපි මහන්සිවෙලා පුච්චපු රොටිය කන්නේ කොහෙවත් හිටිය හොර බොරු වංචාකාරයෝ ටිකක් වගේ . (අ)

:       0       0

දහම් Friday, 04 September 2015 10:08 AM

පාවාදීම් කරන එවුන්ටත් අනිවාර්යයෙන්ම පළ දෙනව. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 508 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 535 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 117 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 764 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 176 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 1016 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14556 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 141 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 94 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site