IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


‘දේශපාලනයට ආවේ නෑ‘ සල්මන් කියයි

ශී‍්‍ර ලංකාවට පැමිණියේ දේශපාලන කටයුතු වලට හවුල්වීමට නොවන බව බොලිවුඩ් නළු සල්මන් ඛාන් පැවසීය.

නත්තල් සමය නිසාත්, අලූත් අවුරුද්ද එළඹෙන නිසාත් නිවාඩුවක් ගැනීමට තීරණය කළ තමා ශී‍්‍ර ලංකාවට පැමිණි බවත් එසේ වුවද තම සැබෑ අරමුණ වන්නේ ගංවතුරින් පීඩාවට පත්ව සිටින ජනතාවට තමා කි‍්‍රයාත්මක කර ඇති සහන සේවා වැඩසටහන් වලින් ලබාදිය හැකි උපකාර පිළිබඳව සොයාබැලීම බවත් ඔහු කීය.

යුද්ධයෙන් පසු ශී‍්‍ර ලංකාවේ සැබෑ වෙනසක් දකින බවත් ඒ සියල්ල වත්මන් ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කැපවීම හා උත්සාහය නිසා අත්කරගැනීමට හැකිවූවක් ලෙස දකින බවත් ඔහු කීය.

ශී‍්‍ර ලංකා කලාකරුවන් පිරිසකට සිදුකළ පහරදීම ගැන විමසා සිටි විට ඒ ගැන කිසිත් නොදන්නා බව පැවසූ ඔහු තමා පැමිණියේ බොම්බායේ සිට බවත් ඒ නිසා ශී‍්‍ර ලංකාවේ සිදුවන ඇතැම් දේ තමා නොදන්නා බවත් කීවේය.



අදහස් (0)

‘දේශපාලනයට ආවේ නෑ‘ සල්මන් කියයි

සමන්ති Tuesday, 30 December 2014 02:49 PM

සල්මන් ඛාන් අවේ අර කොළඹ තියෙන නම වැරදියට කියවෙන රාත්‍රී කඩෙන් රුපියල් දෙසියේ සුදු ආප්ප කාල යන්න (නදී)

:       0       0

ගයාෂාන් රත්නායක Tuesday, 30 December 2014 03:59 PM

එක දවසක නිවාඩුවක් වෙන්න ඇති. (ර)

:       0       0

රත්න Tuesday, 30 December 2014 04:44 PM

ඛාන් මහත්තොයෝ. ශ්‍රී ලංකාවේ අකුරු කියවීම හා ලිවීමේ හැකියාව ඉන්දියාවට වඩා ගොඩක් ඉහලයි. (ර)

:       0       0

සේමිණී Tuesday, 30 December 2014 04:59 PM

බොරුවට අපේ අය ක ගහනවා ඒ මනුස්සය අැවිත් ගියාම මොකද ? (නදී)

:       0       0

පතිරණ Tuesday, 30 December 2014 05:29 PM

දේශපාලනයට නෙවෙයි අාවේ. සල්ලි වලට ආවේ. (නදී)

:       0       0

සංක Tuesday, 30 December 2014 07:55 AM

අනේ පවු සල්මන්. එහෙනම් ඇයි අනේ ඔයා මහින්දගේ රැස්වීම් වලට යන්නේ? ඇයි මහින්දටත් ගංවතුර දාලද ? (නදී)

:       0       0

අශෝකා Tuesday, 30 December 2014 08:19 AM

නිවාඩු ගත කරන්න ඇවිත් දේශපාලන වේදිකාවලට ගොඩ වෙන එක අලුත්ම "ට්‍රෙන්ඩ්" එක වෙන්න ඇති . (නදී)

:       0       0

ප්‍රනාන්දු Tuesday, 30 December 2014 08:27 AM

අනේද කියන්නේ. (ර)

:       0       0

සුජාන් Tuesday, 30 December 2014 08:28 AM

දේශපාලනයට නෙවේ නම් ආවේ දේශපාලන වේදිකාවේ මොනාද කරන්නේ ? (ර)

:       0       0

රොහාන් Tuesday, 30 December 2014 08:36 AM

ලංකාව ගැන නොදන්නා බවන පේනවා. (ර)

:       0       0

සරසි Tuesday, 30 December 2014 08:40 AM

සල්මන්ජි ! තුම්හේ බොරුහේ කියන්න එපාහේ. නොදැන හේ ආවාහේ බැරිහේ. (ර)

:       0       0

භානු Tuesday, 30 December 2014 08:44 AM

මේ කියන දේවල් විශ්වාස කරන්න පුලුවන්ද ? (ර)

:       0       0

මෙවන් Tuesday, 30 December 2014 08:48 AM

මෙයා හිතන්නේ ලංකාවේ ඉන්නේ මෝඩයෝ කියලද ? (ර)

:       0       0

පාලිත Tuesday, 30 December 2014 08:47 AM

මෙය මාර විදියටනේ නිවාඩු ගත කරන්නේ. දේශපාලකයන්ගේ ප්‍රචාරක වේදිකා උඩ නැගලා මුණ පෙන්නලා. (ර)

:       0       0

ඉෂාන් Tuesday, 30 December 2014 08:48 AM

සරසිගේ, කතාවට මට මැරෙන්න හිනා. (ර)

:       0       0

චම්පිකා Tuesday, 30 December 2014 08:49 AM

සල්මන් නිවාඩු ගෙවන්නේ දේශපාලන වේදිකා උඩද ? (ර)

:       0       0

සමන් Tuesday, 30 December 2014 08:50 AM

හිතනවද දන්නා ලංකාවේ ඉන්නේ බබාලා කියලා. (ර)

:       0       0

ස්වරණ Tuesday, 30 December 2014 08:51 AM

අනේ සල්මන් ජි ඔය මොනවද දන්නේ.? (ර)

:       0       0

සමීර Tuesday, 30 December 2014 08:54 AM

කිතුල් ගහට නැග්ගේ තණකොළ කපන්න. බැස්සේ තණකොළ නැති නිසා. නත්තල් නිවාඩුවට ආවේ ජනවාරි ඡන්දෙ කියලා දන්නේ නැති නිසා.(දිල්)

:       0       0

ජගත් වෙත්තසිංහ Tuesday, 30 December 2014 09:15 AM

තණ කොළ ඩිංගක් කපන්න හිතුනා ගහ උඩට යන්න...(දිල්)

:       0       0

අර්ජුන රණවන Tuesday, 30 December 2014 09:17 AM

ගංවතුරින් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සේවා වැඩසටහන් කරන්න ඒ පැත්තට යන්න එපැයි මේ ඡන්ද කලබලේ මෙහේ ආවේ මොකද (දිල්)

:       0       0

සමන්ති Wednesday, 31 December 2014 12:37 AM

රත්න, කියවීමේ හා ලිවීමේ හැකියාව බුද්ධිය මනින ඒකකයක් නොවේ. (නි)

:       0       0

රුවන් Tuesday, 30 December 2014 09:23 AM

පුවත්පත් ආරංචි වලට වඩා කටකතා වලට තාම අපේ මිනිස්සු වහ වැටෙනවා (දිල්).

:       0       0

ජි නන්දන Tuesday, 30 December 2014 09:21 AM

මේ වේදිකාවට නැගලා බැහැලා කියන කතාද?(දිල්)

:       0       0

හසිත් Tuesday, 30 December 2014 09:28 AM

නිවාඩුවට යන ගමන් කොළඹ චන්දෙත් වැඳගෙන යන්න හිතිල. (නදී)

:       0       0

පරාක්‍රම Tuesday, 30 December 2014 09:30 AM

තණකොළ නෑ ගහ මුදුනේ.. (නදී)

:       0       0

පත්මසිරි මාපලගම Tuesday, 30 December 2014 09:30 AM

කිතුල් ගහට රා බොන්න නැග්ග මිනිහ කිව්වලු, රා බොන්න නෙමේ ගියේ තණකොළ කපන්න කියා. තණකොළ නැති නිසා බිමට බහිනවා කියා සල්මාන් ඛාන් ඒවගේ උත්තරයක් දීල තියෙන්නේ (නදී)

:       0       0

රෝහිත Tuesday, 30 December 2014 09:31 AM

මෙයා සාජන් චිත්‍රපටියේ දෙවන කොටස මෙහේ රඟපාන්න හදනවද කොහෙද.(නදී)

:       0       0

ජිලෝ Tuesday, 30 December 2014 09:32 AM

දැන් එතකොට මේ නිවාඩුව ගැන ජය ලලිත අක්ක මොනවා කිව්වද දන්නේ නැහැ . (නදී)

:       0       0

නාමල් Tuesday, 30 December 2014 09:35 AM

දැන් ඉතින් මෛත්‍රී උඩින්ම පරාදයි සල්මනුත් ආවනේ.(නදී)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 31 December 2014 02:16 AM

එහෙනම් අපේ රටේ මාධ්‍යවල කිව්වේ, පෙන්නුවේ බොරුද? (නි)

:       0       0

සුරනි Tuesday, 30 December 2014 10:05 AM

ඔබ කියන දේවල් මැතිවරණ සමයකදී ඇරෙන්න අනෙක් ඕනෑම සමයකදී අපි විශ්වාස කරන්නම්. (ර)

:       0       0

ජයනි Tuesday, 30 December 2014 10:12 AM

මීට කලින් අපේ රටේ නියඟයක් තිබුණෘ එතකොට මෙයා හිටියේ රූගත කිරීමකද ? (දිල්)

:       0       0

නිමල් Wednesday, 31 December 2014 02:45 AM

අනේ මෙහෙමත් දේවල්! (නි)

:       0       0

රංග Tuesday, 30 December 2014 10:15 AM

අපිට හින්දි නොතේරුනාට දේශපාලන දහන්ගැට තේරෙනවා මහත්තයෝ (දිල්)

:       0       0

දිලානි Wednesday, 31 December 2014 02:59 AM

සල්මන් නිසා තමා කලාකරුවන්ට ගැහැව්වේ.(නදී)

:       0       0

අනෝමා Tuesday, 30 December 2014 10:15 AM

රඟපාන්න හොඳම පසුබිම් තියෙන්නේ ඉන්දියාවේ. මෙහෙ රඟපෑම් කලාට වැඩක් නැහැ. පසුබිම මේ දවස් වල හොඳටම අවුල් .(දිල්)

:       0       0

නෞෆර් Tuesday, 30 December 2014 10:16 AM

අච්චර දුරක් ආපු එකේ ඉඳළ තව ටිකක් දැනගෙනම ගියා නම් මොකද ?(දිල්)

:       0       0

ලිඔනෙල් පෙරේරා Tuesday, 30 December 2014 10:35 AM

දෙශපාලනයට නොවේ නම් වේදිකාවට නැග්ගේ කුමකටද.? (ර)

:       0       0

අරුන යටිගම්මන Wednesday, 31 December 2014 05:04 AM

මෙයා හොඳයි ඡන්දේ ඉල්ලන්න (නදී)

:       0       0

රංජිත් සිල්වා Wednesday, 31 December 2014 05:14 AM

ලැබෙන්න තිබුණු චන්ද ටිකක් අඩු කරලා මල්ලක් පුරෝලා සල්ලි අරන් ගිහින් වගේ. නිල් කාරයන්ගේ පුස් වෙඩි. (නදී)

:       0       0

ප්‍රශීන් Tuesday, 30 December 2014 11:13 AM

මොකටද වේදිකාවට නැන්ගේ එහෙනම් (දිල්)

:       0       0

සුරේන් Tuesday, 30 December 2014 12:36 PM

මෙයා ආපසු ගිහිල්ලාලු . තමන් ආවේ නුවණට හුරු ගමනක් නෙවෙයි කියල තේරෙන්න ඇති. (දිල්)

:       0       0

ප්‍රියා Tuesday, 30 December 2014 12:55 PM

කුණු එකතු වෙන්නේ කුණු ගොඩටලු ! එයාගේ ෆයිල්ලුත් තියෙනවා නේද ? සුපිරි කාර් එකේ ගිහින් උනදේ (නදී)

:       0       0

තුවාන් Wednesday, 31 December 2014 06:23 AM

ඛාන් මහත්තොයෝ ඔය හොද නළුවෙක් තමා, නමුත් අපේ දේශපාලනඥයෝ ඉතා විශිෂ්ට නළුවෝ,,! (ර)

:       0       0

ලංකා Tuesday, 30 December 2014 01:08 PM

දැන් සල්මන් හරියට තේරුම් ගෙන තියෙන නිසා අපේ ආචාරය (නදී)

:       0       0

චන්ද්‍රා Tuesday, 30 December 2014 01:15 PM

සල්මාන්ගේ පැමිණීම අපි අගය කරනවා. සල්මාන් ආවේ සහන කටයුතු වලට රටේ නායකයා ගේ වැඩකට කතා කරපුහම එන එක අපි අගය කරනවා (නදී)

:       0       0

එරන්ද ලක්මල් Tuesday, 30 December 2014 01:19 PM

සුනාමි ඇවිල්ලත් ආපු නැති අය මෙන්න ගංවතුරින් විපතට පත්වෙච්ච අය බලන්න එනව.(නදී)

:       0       0

නිරෝද් පුන්සර Tuesday, 30 December 2014 01:37 PM

අපි නම් ගංවතුරට කලින් ඔබ එනවා කියලා අපි දැනගෙන හිටියේ (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජගත් මහ ලේකම්ට ඊශ්‍රායලයෙන් විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 1074 0

ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්


විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 4247 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 1331 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 769 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 1098 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 733 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38696 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25424 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 283 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 963 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site