IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


‘දේශපාලනයට නම් එන්නේ නැහැ’

ජනප්‍රිය  චිත්‍රපට නිෂ්පාදිකා රේණුකා බාලසුරිය මහත්මිය  විසින් නිෂ්පාදනය කළ සිරි පැරකුම් චිත්‍රපටය රැගෙන මේ වන විට ඉතාලියට පැමිණ සිටින්නීය. ඉතාලියට පැමිණි රේණුකා බාලසුරිය එසෑණ සමග මෙසේ දුරකථන සංවාදයකට එක් විය.

 ප්‍ර -  ඔබේ සිරි පැරකුම් සිනමාපටය ඉතාලියේ නගර හතරක නොමිලේ ප්‍රදර්ශනය කරන්න  සුදානම් කර තිබෙනවා. විශාල වියදමක් දරා නිපදව් මෙවැනි චිත්‍රපටයක් නොමිලේ ප්‍රදර්ශනය කරන්න හෙතුව කුමක්ද?  

පි- ඇත්තෙන්ම මගේ මුදල් මට ලැබෙනවා. බරපැන දරන්නේ හෑටන් නැෂනල් බැංකුවයි. චිත්‍රපටයේ ගාස්තුව. ගුවන් ටිකට් පත් ඉදුම් හිටුම්. කෑමබීම මේ හැම වියදමක්ම දරන්නේ ඔවුනුයි.

ප්‍ර- ඔබත් ඔබේ සැමියාත් කුඩා දරුවන් සදහා චිත්‍රපට කිහිපයක් නිර්මාණය කළා.ඇතැම් එවා බොහෝ ජනප්‍රිය වුණා. ඔබ දෙපලගෙ නිර්මාණ වලින් සමාජ වටපිටාව ඉතිහාසය සෞන්දර්යයේ  වටිනාකම ළමා මනසට ඈතුළු කරන්න උත්සහා කරා. එයින් සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනිමට හෑකි උනාද?  

පි - ඇත්තෙන්ම ඔව්, සුරිය අරණින් තුලින් ගහ කොල සතා සිව්පාව්න් ඈතුළු සොබා දහමේ වටිනාකම ළමයින්ට  කියා දෙන්න අපිට හැකි උනා. සිරි පැරකුම් මගින් ධනාත්මක දෙයක් ළමා මනසට අපි ඇතුළු කළා. ඒ කියන්නේ පරාක්‍රම රජතුමා පොඩි තෑන ඉදලා රජකම හොයාගෙන යන හෑටි හරිම අපුරුයි. මෙවැනි නිර්මාණ තුලින් ළමුන්  ඉතිහාසය හොයන්න උත්සහා කරනවා. එහෙම බලන කොට අපි සාර්ථකයි කියලා අපිට වඩා සමාජය කියයි.

ප්‍ර- ඒ කියන්නේ  සමාජ වටපිටාව ඉතිහාසය සෞන්දර්ය ඉදිරියට දමා මුදල් ඉපයිම ගැන හිතපු වානිජ සිනමා පට නෙමෙයිද මේවා?

පි- ඕනෑම කතාවක් අධ්‍යක්ෂකවරයකු   මගින්  නිර්මාණයක් බවට පත්වෙන තෙක් එයට සමාජ වටිනාකමක් තියෙනවා. එම නිර්මාණය චිත්‍රපටයක් බවට පත්වෙලා සිනමා හල් තුලට ගියයින් පසු ඒක වෙළද භාණ්ඩයක්. ඒක තමයි ඈත්ත. හෑබෑයි මේ හෑම දෙයක් ගෑනම හිතුවොත් සල්ලි ටික බෑංකුවේ තියාගෙන ඉන්න එක තමයි හොඳම දේ. ටෙලි නිර්මාණයක් කරලා ගැණුම් කාරයෙකුට දීලා මුදල් ගන්න පුළුවන්.

 නමුත් සිනමා පටයක ඒක වෙනස්. අපි යොදවපු මුදල් හොයන්න ප්‍රේක්ෂකයා සිනමා ශාලා වලට එන්නම ඕනෑ. සිරි පෑරකුම් වෑනි නිර්මාණයක් කරන්න  රුපියල් ලක්ෂ දාහක් යොදවන්න වුණේ එක දවසකට තුන්සිය පනහා ගානේ මාස තුනක් පුරාවට මිනිස්සු රගපෑ නිසයි.

 උදේ හතරට අවදි වුණු වෙලාවේ ඉදලා වියදම් මිටරේ තමයි කැරකෙන්නේ. හැබැයි සියයට සියයක් මුදල් මම යෙදුවත් ලැබෙන ආදායම අපි පස් දෙනෙකු අතරේ බෙදි යන්න ඕනෑ. පහෙන් එකේ කොටසින් තමයි මගේ ලාබය හෝ පාඩුව විදගන්න ඕනෑ . ඒ අතින් බලන කොට අපි දරන්නේ අවදානමක්.  

ප්‍ර-  හොදයි ඔබ ලාංකීය කාන්තා සමාජයේ ජනප්‍රිය කලාකාරිනියක්. කලාකරුවන් යනු රටක් සමාජයක් යහමගට ගෑනිමට හෑකි පුළුල් දෘෂ්ඨියක් ඇති පිරිසක්. එවන් කලාකරුවන් පක්ෂක්ග්‍රාහිවී දෙශපාලන වේදිකාවට ගොඩවීම ගෑන ඔබ හිතන්නේ කුමක්ද?

පි - අපේ රටේ කෘෂිකර්මාන්තයේ නියැලෙන ගොවි මහතෙකුට වුණත් දැක්මක් තියෙනවා. ඒ වගෙම නිදහස් මත දෑරිමේ අයිතියකුත් තියෙනවා. එ දෑක්ම නිදහස් මත දෑරිමේ අයිතිය රටට පලදායි ලෙස යොදාගන්නවානම් ඒක තමයි විය යුත්තේ.

 ප්‍ර- ඔබත් ඔබේ සැමියාත්  (සෝමරත්න දිසානායක) පසුගිය ජනාධිපතිවරණ දෙකේදීම මහින්ද රාජපක්ෂ මහතා බලයට ගෙන්න බොහෝ වෙහෙසුණා. එයට විශේෂ හේතුවක් තියෙනවද?

පි-  ඇත්තෙන්ම ඔව්. ඒ වෙනකොට අපේ රටෙ තිබුණු යුද වාතාවරණයත් එක්ක අපිට ගන්න තිබුණු එකම තීරණය තමයි මහින්ද රාජපක්ෂ මහතා බලයට පත් කිරීම. අපි නිවෑරදියි කියලා අද අපිට හිතෙනවා. අපේ දරුවෝ අද නිදහසේ පාරේ බෑහෑලා ඈවිදිනවා. එදා දරුවෙක් තනියම එලියට ගියොත් අපේ පපුවෙ ගින්දර පත්තු වෙනවා දරුවා නෑවත ගෙදර එනතුරු. අද ඒ බෝම්බ බිය නැහැ. මේ වෙනකොට මොන පෑත්ත කඩා වෑටිලා තිබුනත් මමත් සෝමෙත් මහින්ද රාජපක්ෂ මහතාට ස්තුති වන්ත වෙනවා රටට ලබලා දුන්නු ඒ නිදහසට.

  ප්‍ර-  මහින්ද රාජපක්ෂ මහතා වගෙම රජය බලයට ගෙන්න ඔබ දෙපළ ඉතා වෙහෙසුණා. ඒ තුලින් මේ වන විට ඔබත් ඔබේ සෑමියාත් රජයෙන් නොයෙක් නොයෙක් වරප්‍රසාද ලබාගන්නවා කියලා යමෙක් චොදනා කළොත්.  

පි -  කාට නම් මොනවා කියන්න බැරිද.  අපිට සෑලකිලි අවශය නෑහෑ. අපි එහෙම අරගෙනත් නෑහෑ. නිදහසේ කලා කටයුතු කරගෙන යන්න රටක් නිර්මාණය කරලා දුන්නු එකම ඇති. එයින් තොර කිසි දෙයක් අපි බලා පොරොත්තු උනේ නැහැ.  

ප්‍ර- මෙසේ එක් පැත්තකට බරව කටයුතු කිරිමෙන් ඔබලා පක්ෂක් ග්‍රාහී වී තිබෙනවා? යම් දවසක වෙනත් පක්ෂයක් බලයට පෑමිණිය හොත් ඔබලාගේ නිර්මාණ වලට යම් යම් බාධා පෑමිණෙන්න ඉඩ තියෙනවා නේද?

පි- නැහැ එහෙම වෙන්න විදියක් නැහැ. අපි නිර්මාණ කරන්නේ රජයේ සල්ලි වලින් නෙමෙයි. අනික විවෘත  ආර්ථිකයත් එක්ක පෞද්ගලික  අංශයට තරගකාරි වෙළදපලක් නිර්මාණය වෙලා තියෙනවා.

අපි චිත්‍රපටයක් හදලා පෞද්ගලික ආයතනයකට දුන්නාම ඔවුන් තමයි ඒ සිනමා පටය ප්‍රචාරය කරන්නේ. රජයකට බැහැ ඔවුන්ට බලපෑම් කරන්න.

 ප්‍ර -  හොදයි අවසාන ප්‍රශ්නය -

ඔබ දෙදෙනා රටේ ජනප්‍රිය චරිත දෙකක්. ඒ ජනප්‍රියත්වය උපයෝගි කර ගනිමින් දේශපාලනයට එන්න අදහසක් නෑද්ද?  

පි -,  කොහෙත්ම නැහැ ඒක කවදාවත් වෙන්නෙත් නැහැ. රටේ ජනතාව අපි හදුනගෙන තියෙන්නේ කලාකරුවන් හැටියටනම් ඒ දෙයින් උපරිම රටට සමාජයට දෙයක් කරන්න තමයි මමත් සෝමෙත් හැම වෙලාවෙම උත්සාහා කරන්නේ.                                        

 (විශේෂ ස්තුතිය  සුචින්ත ප්‍රනාන්දු මහතාට)



අදහස් (0)

‘දේශපාලනයට නම් එන්නේ නැහැ’

දම්සෙන් Monday, 28 October 2013 10:55 AM

ඔය කරන හරිය හොඳටම ඇති. තවත් දේශපාලනය කරන්න ඕන නෑ. අනේ වඳින්නම් එන්න නම් එපා. (ස)

:       0       0

ආරියසේන Sunday, 27 October 2013 09:00 PM

ඒක හොඳ තීරණයක්. ඒ වුණත් ඔය කියන දේවල් ලංකාවට ගියාට පස්සේ බොහෝ විට වෙනස් වෙනවා. අනෙක ඕකට යන්න තිබෙන සුදුසුකම් වට්ටෝරුවක් තිබෙනවා, ඔබතුමිය දන්නවා නේ. ඒක ලබා ගන්න නම් ඔබතුමියට පහසු වෙන්නේ නැහැ. (නි)

:       0       0

දයා අලහකෝන් Monday, 28 October 2013 11:26 AM

අදහස් හොඳයි. ඒත් ඉතින් ඊට බලවත් ඉල්ලීමක් ආවොත් ඕවා අමතක වෙන්නත් පුළුවන්.බොහොම දෙනෙකුට ඔහොම වෙලා තියෙනවා. (ස)

:       0       0

විරාජ් කාලිංග Sunday, 27 October 2013 09:23 PM

එන්න නම් ඕනෑතරම් සුදුසුකම් තිබෙනවා,අපේ ඡන්දදායකයන්ටත් ඕනෑ ඔය වගේ උදවිය තමයි (නි)

:       0       0

චන්දන ගංගොඩ Sunday, 27 October 2013 11:05 PM

දයාබර සෝමරත්න දිසානායක මහත්මයාණෙනි, රේණුකා බාලසුරිය මහත්මියෙනි, ඔබ දෙපල විසින් නිපද වූ අද්විතීය කලා නිර්මාණයන් කොතෙකුත් අපි රස වින්දෙමු. ඉදිරි දිවියද කලාව වෙනුවෙන්ම කැප කිරීමට ධෛර්යය සහ ශක්තිය ඔබ දෙපලට ලැබේවා ! යනු අපගේ එකම පැතුමය. (නි)

:       0       0

සෙත්සිරි Monday, 28 October 2013 12:30 AM

මෙය බොහොම හොඳ ච්ත්‍රපටයක් .ඒවගේම මමත් මෙහි අනුග්‍රාහක බැංකුවේ හිමියෙක් සහ හොඳ ගනුදෙනු කරුවෙක් .මටත් මෙය නැරබීමට බොහෝ උවමනව තිබුනත් මෙහි ටිකට් පත් නිකුත් කෙරුවේ එක්තරා ආයතනයකට හිතවතුන්ට හා ඔවුන්ගේ සේවා ලාබිට පමණි.මම ඉතාම ගෞරවයෙන් මෙම බැංකුවෙන් ඉල්ලා සිටිනවා මෙවැනි පොදු කටයුතුවලදී වෙරෝන නගරයේ පන්සල ,පල්ලිය වගේ දේවල් වලින් මේ අවස්ථාව ලබා දුන්නනම් බොහොම අගේ ඇති වැඩක් කියා කටත් කියන්න තිබුන .(අ)

:       0       0

ජගත් වෙත්තසිංහ Monday, 28 October 2013 03:52 AM

ඇයි මෙච්චර කලක් කළේ මොකක්ද? (නි)

:       0       0

ලුම්බිණි Monday, 28 October 2013 05:21 AM

රටට කරන්න පුළුවන් ලොකුම උදව්ව තමා ඔය කියන විදියට දේශපාලනය නොකර සිටීම. (නි)

:       0       0

ගජවිර Monday, 28 October 2013 05:49 AM

ලුම්බිණි හරි. ලංකාවට නෑවිත්ම ඉන්නවා නම් වඩාත් හොඳයි (නි)

:       0       0

කපිල Sunday, 27 October 2013 05:24 PM

එන්න නම් එපා. ඔය කරන ටික බොහෝම ඇති. (නි)

:       0       0

සමන්ත Monday, 28 October 2013 07:17 AM

කිව්වට තරහ වෙන්න එපා. ඔහොම කියන අය තමයි දේශපාලනයට එන්නේ (නි)

:       0       0

අමිල කටුනායක Sunday, 27 October 2013 05:46 PM

තව තවත් හොද නිර්මාණ කරන්න (නි)

:       0       0

නිමල් රණසින්ග්හේ Sunday, 27 October 2013 05:50 PM

හොද නැද්ද කැසිනෝ පැත්තට හැරුනොත්? (නි)

:       0       0

ගජවීර Sunday, 27 October 2013 06:05 PM

අනේ දේශපාලනයට එන්නකෝ...ඔයාලා විතරයි අඩු (නි)

:       0       0

ලලිත් Sunday, 27 October 2013 06:10 PM

අනේ පින් සිද්ධ වෙයි. ඔය කලාවක් කරගෙන ඉන්න. දේශපාලනේට ආපු හැම කලාකරුවෙක්ම අන්තිමට අනාථ වුණ බව දන්නවා නම් ඔබලා කිසිම දිනක දේශපාලනය නොකරනු ඇත. (නි)

:       0       0

ප්‍රේම් Sunday, 27 October 2013 06:17 PM

දේශපාලන මඩගොඩට වැටිලා ඔබට ඇති ඔය පිළිගැනීම නැති කරගන්න නම් එපා (නි)

:       0       0

සමිත Monday, 28 October 2013 07:56 PM

අර වේදිකාවල හිටියේ මෙයා නෙමෙයිද එතකොට? (නි)

:       0       0

මහින්ද කැලිෆෝර්නිය Monday, 28 October 2013 08:37 AM

අපේ රටේ මිනිස්සු පින් කරලා තිබෙනවා (නි)

:       0       0

සුමනා Sunday, 27 October 2013 06:40 PM

දේශපාලනයට එන්න ඕනෑම නැහැ. (නි)

:       0       0

සදුනි Sunday, 27 October 2013 06:41 PM

අනේ අක්කේ, ඔයා දේශපාලනයට නොඑනවා කියන වචනය ඇසීමත් සතුටක්. (නි)

:       0       0

දොන්සේතං Monday, 28 October 2013 08:47 AM

ආනේ! ඔයා විතරයි අඩු (නි)

:       0       0

ලක්ෂ්මන් Sunday, 27 October 2013 07:03 PM

දේශපාලනයට නාවට කමක් නැහැ.. (නි)

:       0       0

සමන්ති Sunday, 27 October 2013 07:05 PM

අපිත් කොළඹ තමයි හොදේ (නි)

:       0       0

හෂනි Monday, 28 October 2013 09:25 AM

දේශපාලනයට නම් එන්න එපා. (ස)

:       0       0

සිරියාවතී Monday, 28 October 2013 09:35 AM

ඔය කරන හරිය මදෑ... (ස)

:       0       0

ධර්මරත්න Sunday, 27 October 2013 07:20 PM

අනේ එන්න අනේ! ඒක විතරනේ අඩු. (නි)

:       0       0

ජයතිලක Monday, 28 October 2013 09:44 AM

දේශපාලනය කරන්න ඕන නෑ. කඩේ ගියාම ඇති. (ස)

:       0       0

ගජ මෑන් Sunday, 27 October 2013 08:03 PM

මොන අංශයකින් හරි දක්ෂයෙක් වූ පළියට ඒ හැමදෙනාම දේශපාලනයට දක්ෂයෝ නොවෙති. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 4466 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


දෙවෙනි මනාපෙට අමතර වැය බරක්
2024 සැප්තැම්බර් මස 22 15 0

ජනාධිපතිවරණයේ දෙවෙනි මනාප ගණනය සඳහා අමතර වියදමක් දැරීමට අනිවාර්යයෙන්ම සිදුවන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


හගුරංකෙත සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 51 0


රඹුක්කන අනුරට
2024 සැප්තැම්බර් මස 22 56 0


රත්තොට සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 69 0


මාවනැල්ල අනුරට
2024 සැප්තැම්බර් මස 22 88 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14697 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 71 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 242 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 128 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site