IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


‘දේශපාලන තනතුරු වන්දිභට්ටයින්ට’- නන්දිමිත්‍ර

‘දේශපාලනයේදී තනතුරු තානාන්තර ලැබෙන්නේ ප්‍රශස්ති ගායනා කරන විටයි.එසේ නැත්නම් ඒ කිසිවක් ලැබෙන්නේ නෑ.දේශපාලනඥයින්,රාජ්‍ය සේවකයින් අතරත් අල්ලස් ගන්නා ඇතැමුන් ඉන්නවා.’

‘මට හිතෙනවා මේ කුණු දේශපාලනය  කරනවාට වඩා රාජ්‍ය සේවයට නැවත එන්න තියනවානම්  හොදයි කියලා.’ යැයි උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක මහතා පැවසීය.

මාතලේ දිස්ත්‍රීක්කයේ රාජ්‍ය සේවයට බඳවාගත් නවක ග්‍රාම නිලධාරීන්ට පත්වීම් ප්‍රදානය කිරීමේ  උත්සවයේදී ඔහු එසේ කීවේය.

ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා  ද ඒ රැස්වීමේදී මෙසේ කීය.

‘අද දේශපාලනය බල්ලට ගිහින් නෑ’දේශපාලනයට බල්ලන් ඇවිත් ,ජරා ජීර්ණය වෙලා. තමන් ඉන්න ක්ෂේත්‍රය පිළිබඳව විවේචනය කිරීම සුදුසු නෑ .ඇතැම් පිරිස් කටයුතු කරන්නේ දවල් මිගෙල් රෑ දැනියෙල් චරිත.කොන්ද පණ තියන දේශපාලනඥයින් හැටියට තමන් ඉන්න ක්ෂේත්‍රය විවේචනය නොකළ යුතුයි.’

 

 

 

 



අදහස් (0)

‘දේශපාලන තනතුරු වන්දිභට්ටයින්ට’- නන්දිමිත්‍ර

කමල් Tuesday, 10 June 2014 12:08 PM

අනේ ! (දී)

:       0       0

වසන්ත Tuesday, 10 June 2014 12:18 PM

දෙන්නම ඇත්ත කියල තියෙන්නේ, කොහම නමුත් රට ඉවරයි. සමහර දෙසපාලකයින් ගෙදර ඇරිය උතු කාලය ඇවිත් තියෙන බව සමහර ප්‍රකාශ වලින් සහ වැඩ වලින් දකිනවා.. (දී)

:       0       0

ඉසුරන්දි Tuesday, 10 June 2014 12:41 PM

කොහොමත් අද අපේ රටේ දේශපාලනය දවල් මිගෙල් රෑ ඩැනියෙල් වගේ වෙලා ඉවරයි. (නි)

:       0       0

සුනිල් Tuesday, 10 June 2014 12:43 PM

කුණු ගොඩේ ඉන්න හොඳා, කුණු වලට කුණු කියන එක තමා හොඳ නැත්තේ. කුණු ගොඩේ ඉන්නකොට ඒවා කුණු කියල තේරෙන්නේ නැහැ නොවැ (දී)

:       0       0

පෙරේරා Tuesday, 10 June 2014 12:52 PM

ඒක තමයි කියන්නේ රට නැතිවෙලා කියල. (දී)

:       0       0

ගැමුණු Tuesday, 10 June 2014 01:18 PM

පාර්ලිමේන්තුවේ නියමිත කාලය සපුරා අවසන් වූ පසුව විශ්‍රාම වැටුපකට හිමිකම් කියන නිසාදෝ මන්දා, අද වනවිට සමහර දේශ පාලකයින් ආන්දෝලනාත්මක අදහස් ඉදිරිපත් කරනවා...මදකට හිතන්න...ඇයි, එයාල මිට ප්‍රථම ඔවැනි අදහස් ප්‍රකාශ නොකළේ! ...මේ වනවිට ඔවුන් ඔවුන්ගේ ඉලක්කය වෙත ළඟාවී හමාරයි. (දී)

:       0       0

භද්‍ර සුභසිංහ Tuesday, 10 June 2014 01:20 PM

රට බේරා ගත් නිසා මුනිවත රකිනු මැනවි (දී)

:       0       0

වින්සන්ට් Tuesday, 10 June 2014 08:16 PM

ගරු ඇමතිතුමන්ලාට අනුව කුණු දේශපාලනය කරන්නෙත් ඔවුන්මය. ඇත්තටම මෙය පොඩි අමතකවීමක්ද? (නි)

:       0       0

සමන්ති Wednesday, 11 June 2014 07:47 PM

බොහෝ වෙලාවට ඇසෙන්නේ බල්ලා, බුරුවා, ඌරා වගේ වචන කතා කරන අයයි. අනේ මන්දා! සතුන් දේශපාලනයට ගිහිල්ලාද ? (නි)

:       0       0

ඩයස් Tuesday, 10 June 2014 01:37 PM

වැරදි තමාම දැකීම හොඳ දෙයක්. නන්දිමිත්‍ර ගරු ඇමතිතුමා ලඟකදී ඉඳල ඇත්ත කියන්න බය නෑ වගේ. ඇත්ත දැකීම හොඳ දෙයක්. (දී)

:       0       0

චන්දන Tuesday, 10 June 2014 08:40 PM

දේශපාලන පත්වීම් විතරක් නෙමෙයි, වෙනත් වෙනත් ආකාර වලින් දෙන පත්වීම්ද අද රටටම විහිළුවක් වෙලා (නි)

:       0       0

අනුරශාන්ත Tuesday, 10 June 2014 01:41 PM

නැවත රාජ්‍යය සේවයට ආවත් කරන්නේ ඕකම තම්යි. (ස)

:       0       0

ගයාන් Tuesday, 10 June 2014 08:49 PM

මම නම් හිතන්නේ එ්කට වන්දිභට්ටයන් වෙන්නම ඕනෑ නැහැ කියලයි (නි)

:       0       0

දයාජ Tuesday, 10 June 2014 01:44 PM

ගැමුණු ඔයා හරි. ඒ ඉලක්කය සපුරා අවසන් කල ඇතැමුන්ට,දැන් අවශ්‍යවී ඇත්තේ මේ රජය යහමගට ගැනීමටයි. (ස)

:       0       0

සරත් බණ්ඩාර Tuesday, 10 June 2014 02:00 PM

අල බහිනවා වැල මැරෙනවා න්‍යාය දන්නේ නැද්ද?(දිල්)

:       0       0

මිනිපෙ Tuesday, 10 June 2014 09:24 PM

ඇයි අපි තවමත් මේ ක්‍රමය ගැන කතා කරන්නේ? ඔය ක්‍රමය තමයි එදා ඉඳලම තිබුනේ. ඇමරිකාවෙත් දේශපාලනයට විශාල මුදලක් පරිත්‍යාග කරන අයට තානාතිපති කම් දෙනවා. (ස)

:       0       0

අරුණ Tuesday, 10 June 2014 02:07 PM

ලංකාවේ ඉන්නෙ වැඩිය ඉදිරිය ගෙන හිතන්නේ නැතුව කටට එනදේ කතාකරන දේශපාලකයො, බැන බැන එතනම නිදියනවා, අනේ මන්ද මේක ලංකාවේ අක්ෂාංශ දේශාංශ වල පිහිටීමේ දෝෂයක්ද. (දී)

:       0       0

විදුෂක Tuesday, 10 June 2014 09:39 PM

පටන්ගන්න කොට ඉලක්ක ගත කළ අපේක්ෂා සහ නොසැලුණු බලාපොරොත්තු දැන් අතිරික්තයක් කරා ලඟා වෙලා තිබෙන හැඩයි!! (ස)

:       0       0

සරත් Tuesday, 10 June 2014 02:34 PM

කල කිරුණු මන්ත්‍රී වරු ගොඩක් ඉන්නවා වගේ. නමුත් මේ කරුම දේසපාලන සම්ප්‍රදාය නැති කරන්න යෝජනා කරන්න කී දෙනාද කතා කරන්නේ. බඩගෝස්තරවාදී දේසපාලනයට මේ වතාවෙවත් සමු දෙන්න ජනතාවට ශක්තියක් ලැබේවා. (දී)

:       0       0

ලසන්ත Tuesday, 10 June 2014 02:53 PM

බල්ලා කියන වචනය භාවිතා කරන්න එපා (දී)

:       0       0

අවන්ති Tuesday, 10 June 2014 03:18 PM

බල්ලා කියන වචනයට නිතර කියවෙනවා දැන්, සන්තෝසයි (දී)

:       0       0

මාලක Tuesday, 10 June 2014 03:24 PM

ඇමතිතුමා කියන්නේ ඇත්ත (දී)

:       0       0

හංසි Tuesday, 10 June 2014 03:28 PM

මම නම් ආපහු නොර්වේ රටට ගිහිල්ල ගෙවල් හෝදනවා!! (දී)

:       0       0

සේන Tuesday, 10 June 2014 03:30 PM

ඇමති තුමනි, කැලේ පොල් හිටෙවුවත් , පොල්වත්ත කැලේට ගියත් ප්‍රතිපලය එකී. ඔබතුමාට ඔච්චර කෙන්තිගිහින් තියෙන්නේ තනතුරක් ලැබිලා නැති කම හෝ ලැබුණු තනතුර වෙනුවට ප්‍රසස්ති ගායන කරන්න සිදුවීම. ඔබතුමා හිතලා බලන්න ඔය ඔක්කොම පව් වලට වන්දි ගෙවන මහා ජනයාට කොච්චර කේන්ති යන්න ඕනද? (දී)

:       0       0

සුබසිංහ Wednesday, 11 June 2014 03:35 AM

මමත් පිළිගන්නවා මේ කතාව. සහතික ඇත්ත තමයි (නි)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 10 June 2014 03:52 PM

බල්ලා මොන බලු වැඩේ කලත් කන්න දීපු අත නම් හපා කන්නේ නැහැ , දේශපාලකයෝ නම් ඉස්සෙලම කන්නේ තමන්ට චන්දෙ දීපු අපිවනේ, (ස)

:       0       0

ලාල් Tuesday, 10 June 2014 03:59 PM

මේවා විහිලු ගනයටද වැටෙන්නේ (දී)

:       0       0

සෙන්සා Wednesday, 11 June 2014 08:07 AM

දේශපාලනයට ආවා යැයි පවසන බල්ලනුත්,බල්ලන්ට ගිය දේශපාලකයිනුන් හැමදාම මහජනයා ගොනාට අන්දවමින් කයිවාරු ගසමින් දේශපාලනය විනාශ කරමින් රට අනුභව කරමින් මේ නරා වළේම වැටිලා ඉන්නවා. එයයි අපිට ඇති දුක (නි)

:       0       0

කසුන් Wednesday, 11 June 2014 08:53 AM

මොනවා වුණත් ඇත්ත කතා කරන කෙනෙක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 1144 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 329 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 2089 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


ඔන්මැක්ස් ඡාවාරම්කරුවන්ට හසුවුවන්ට පැමිණිලි කරන්න අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 25 492 0

ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින්ට ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි ඉ


මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 970 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 596 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37112 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24452 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 186 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 616 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 237 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site