IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


‘දේශපාලන දෙගිඩියාව දිගටම : 20 ත් වැනේ‘

නව රජය බලයට පත්ව දින 156 ක් පමණ ගතව අවසානය.නමුත් ඇතැම් කරුණු සැලකීමේදී තවමත් නිසි පාලනයක් ස්ථාපිත කිරීමට රජයට හැකිව නොමැත.

පසුගිය අගහරුවාදා දින උදයේ ජනපතිවරයා පාර්ලිමෙන්තුවේ කමිටු කාමරය වෙත පැමිණියේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරුන් හමුවීමේ අපේක්ෂාවෙනි.නමුත් ඔවුන් එහි සිටියේ නැත.වහ වහා ඇමතුම් පිට ඇමතුම් හතර අතට ලබාදුන් ජනපති ආරක්ෂකයෝ සොයාගත්තේ ඔවුන් රැස්ව සිටින්නේ ජනපති ලේකම් කාර්යාලයේ බවය.වහාම ජනපතිවරයා එතැනට රැගෙන යනු ලැබුණි.සිදුව තිබුණේ රැස්වීම පැවැත්වීමට කතිකා කරගෙන සිටි තැනට නොව වෙනත් තැනකට ජනපතිවරයාව රැගෙන යෑමට ජනපති ආරක්ෂක අංශය කටයුතු කර තිබීමය.

තමන් සහභාගීවිය යුතු, සැලසුම් කර තිබෙන විවිධ අවස්ථාවන් ගැන සියලූ තොරතුරු මතකයේ තබාගැනීමට ජනපතිවරයාට කිසිසේත්ම හැකියාවක් නැත.ඒ වෙනුවෙන් නිලධාරියෙකු හෝ නිලධාරියන් පත්කර සිටින්නේ එබැවිනි.මෙවන් වරදක් සිදුවීමට ඔවුන් ඉඩහැරියේ කුමක් නිසාදැයි අපහැදිලිය.අනෙක් අතට ජනපති ආරක්ෂක අංශයට පැවරී තිබෙන වගකීම වන්නේ ජනපතිවරයාට ආරක්ෂාව සැපයීමය.පාර්ලිමෙන්තුවේ රැස්වීම පැවැත්වෙන්නේ නැති බවත් එය පැවැත්වෙන්නේ ජනපති ලේකම් කාර්යාලයේ බවත් දැනගත්හාම තම මුලින් සැළසුම්කරගෙන සිටි ආරක්ෂක වැඩපිළිවෙල වෙනස් කිරීමට ඔවුන් කටයුතු කළ යුතුව තිබුණි.නමුත් එවැන්නක් සිදුවූයේ නැත.රාජපක්ෂ පාලන සමයේ අවුරුදු 9 පුරාවටම මෙවන් අතපසුවීම් ජනපති ආරක්ෂක අංශයෙන් හෝ ජනපතිවරයාගේ කටයුතු අධීක්ෂණය කර නිළධාරීන් අතින් සිදුනොවුනු බව සිහිකැදවිය යුතුව ඇත.වත්මන් ජනපතිවරයාට ජනපති ආරක්ෂක අංශය හා වෙනත් නිළධාරීන් නිසා අපහසුතාවන්ට මුහුණදීමට සිදුවූ පළමු අවස්ථාවද මෙය නොවේ.

ගෙවුණු මාසයේදී අගුණුකොළපැලැස්ස නගර සභා ශාලාවේදී ජනපතිවරයා සහභාගීවූ හමුවකට පැමිණි නාමල් රාජපක්ෂ පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරයාගේ ආරක්ෂකයෙකු බව කියැවුනු කොමාන්ඩෝ භටයෙකු සන්තකයෙහි තිබී මිලී මීටර 9 වර්ගයේ පිස්තෝලයක් සොයාගැනීමට හැකිවුනි.එම කොමාන්ඩෝ භටයා සිටියේ ජනපතිවරයාට නුදුරෙනි.මෙම සිදුවීම මුල්කරගෙන ජනපති ආරක්ෂක අංශයේ නියෝජ්‍ය පොලිස් පරික්ෂකවරයෙක් මේ වන විට සිටින්නේ වැඩතහනමට ලක්විය.

සිකුරාදා දිනයේදී නාමල් රාජපක්ෂ මන්තී‍්‍රවරයාගෙන් පැය 6 ක් පුරාවට ප‍්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවේ නිලධරයෝ කටයුතු කළහ.මන්තී‍්‍රවරයා පුනපුනා පවසා තිබෙන්නේ තම ආරක්ෂකයා අත තිබූයේ වතුර බෝතලයක් බවය.නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධරයින් සිදුකර තිබෙන පරීක්ෂණයන්ට අනුව එම කොමාන්ඩෝ භටයා අත නියත වශයෙන්ම මිලිමිීටර 9 වර්ගයේ පිස්තෝලයක් තිබුණු බව සනාථව තිබේ.මෙම සිදුවීමෙන් දින 8 කට පසු පැපිලියානේ දන්සැලක් විවෘත කිරීමේ අවස්ථාවකට සහභාගීවූ ජනපතිවරයා තම නිල නිවෙස බලායෑමට ගොඩවූයේ තම රථයට නොව අගමැතිවරයාගේ රථයටය.ජනපති ආරක්ෂක අංශයේ අකාර්යක්ෂමතාවය මෙවන් සිදුවීම් වලින් මොනවට පෙනී යයි.මෙය කිසිසේතම සුලූකොට තැකිය නොහැක්කේ මෙම අංශයේ වගකීම වන්නේ රටේ ජනපතිවරයා කවරෙකු වුවත් ඔහුට හෝ ඇයට ආරක්ෂාව සැපයීම වන නිසාවෙන්ය.

මෙවන් කරුණු ගැන අවධානයක් යොමුකිරීමට ගතවූ සතියේ ජනපතිවරයාට අවකාශයක් නොතිබුණි.ජනපති ලේකම් කාර්යාලයේ පැවති මන්තී‍්‍ර හමුවට සහභාගීවූ අවස්ථාවේ එම මන්තී‍්‍රවරුන් නැගූ ප‍්‍රශ්න රැුසකට පිළිතුරු ලබාදීමට ඔහුට සිදුවිය.බදුල්ල දිස්ති‍්‍රක් පාර්ලිමෙන්තු මන්තී‍්‍ර,වත්මන් රජයේද රාජ්‍ය අමාත්‍යධූරයක් හෙබවූ ඩිලාන් පෙරේරා ඇතැම් මාධ්‍ය වාර්තා කරන පරිදි යෝජිත මැතිවරණ ක‍්‍රමය රැුගත් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පාර්ලිමෙන්තු මන්තී‍්‍රධූර සංඛ්‍යාව 225 අගයේම තබාගැනීමට කැබිනට් මන්තී‍්‍රවරුන් එකගවී ඇතැයි ඇතැම් මාධ්‍ය පළකරන වාර්තා වල සත්‍යතාවක් තිබේදැයි ජනපතිවරයාගෙන් විමසීය.මන්තී‍්‍රවරයා සදහන් කළ මාධ්‍ය වාර්තා වල තිබුණේ අගමැති වික‍්‍රමසිංහ ඉදිරිපත් කළ මැතිවරණ යෝජනාවලට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව වීම ඩිලාන් පෙරේරා මන්තී‍්‍රවරයා මෙවන් පැනයක් නැගීමට හේතුව වුනි.

එක්සත් ජාතික පක්ෂයේ යෝජනාව වන්නේ මන්තී‍්‍රවරන් 125 දෙනෙක් කේවල ක‍්‍රමය යටතේත්,75 දෙනෙක් සමානුපාතික ක‍්‍රමය යටතේත්,25 දෙනෙක් ජාතික ලැයිස්තුවෙනුත් පත්කරගනිමින් පාර්ලිමෙන්තු ආසන සංඛ්‍යාව 225 කට සීමාකරගැනීමය.මේ පිළිඹද තවමත් අවසන් තීරණයකට පැමිණ නොමැති බව ජනාධිපතිවරයා ඩිලාන් පෙරේරා මන්තී‍්‍රවරයාට දැනුම්දුන්නේය.නමුත් බදාදා අමාත්‍ය මණ්ඩල හමුවේදී ගනු ලැබූ තීරණයන් පිළිඹද දැනුම්දීමට බ‍්‍රහස්පතින්දා පැවැත්වූ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ කැබිනට් ප‍්‍රකාශක රාජිත සේනාරත්න මහතා සදහන් කළේ එක්සත් ජාතික පක්ෂයේ වුවමනාව වන්නේ මන්තී‍්‍රධූර 225 කට පාර්ලිමෙන්තු ආසන සංඛ්‍යාව සීමා කරගැනීම වුවත් එය කිසිසේතම යථාර්ථයක් බවට පත්වන්නේ නැති බවයි.සිකුරාදා පැවැත්වෙන විශේෂ අමාත්‍ය මණ්ඩල හමුවේදී මේ පිළිඹද අවසාන තීරණයක් ගන්නා බව ඔහු පවසා සිටියේය.සදුදා දිනයේ පැවැත්වුනු හමුවට පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා සහභාගීව සිටියේ නැත.එසේවුවත් ඔහු සිකුරාදා පැවැත්වුනු විශේෂ හමුවට සහභාගීව සිටිනු දැකගත හැකිවුනි.

සන්ඬේ ටයිම්ස් හට දැනගැනීමට හැකිව තිබෙන පරිදි සදුදා පැවැත්වුනු අමාත්‍ය මණ්ඩල හමුවේදී ජනපතිවරයා ඉස්මතු කර ඇති ප‍්‍රධාන ගැටලූව වී ඇත්තේ පාර්ලිමෙන්තු මන්තී‍්‍ර ආසන ගණන නොව යෝජිත මැතිවරණ යෝජනා කි‍්‍රයාත්මක කිරීමට කෙතරම් කාලයක් ගතවනු ඇත්දැයි මැතිවරණ කොමසාරිස්වරයාට පවා නිශ්චිතව පවසා සිටිය නොහැකි තත්ත්වයක් උද්ගතව තිබීමයි.මේ අතර අගමැතිවරයාද අදහස් දක්වමින් තම පක්ෂයේ යෝජනාව වන පාර්ලිමෙන්තු ආසන සංඛ්‍යාවේ වෙනසක් සිදුනොකර නව මැතිවරණ ක‍්‍රමය හදුන්වාදීමට ඇතිඉඩකඩ පිළිඹද විමසා බලන්නැයි ජනපතිවරයාගෙන් ඉල්ලා සිට ඇත.තමන්ට එරෙහි විශ්වාසභංගයක ඉදිරිපත් කිරීමෙන් වැළකෙන ලෙස අදාළ මන්තී‍්‍රවරුන්ට දැනුම්දෙන්නැයිද ඔහු ජනපතිවරයාගෙන් ඉල්ලා තිබේ.හදිසියේවත් පාර්ලිමෙන්තු ආසන සංඛ්‍යාව වැඩි කිරීමේ යෝජනාව සම්මත වුවහොත් ඡුන්ද විමසීමේදී තම පක්ෂය ඡුන්දය ප‍්‍රකාශ කිරීමෙන් වැළකී සිටින බවද ඔහු පවසා ඇත.අවසන් තීරණයකට එළැඹිීමේ අරමුණ පෙරදැරිව සිකුරාදා දිනයේත් තවත් අමාත්‍ය මණ්ඩල හමුවක් කැදවීමට ජනපතිවරයා තීරණය කර ඇත්තේ කරුණු මෙසේවූ හෙයින්ය.ඒ අතර කාලයේ මැතිවරණ ක‍්‍රමයට සිදුවිය යුතු තවත් සංශෝධනයන් පිළිඹදව යෝජනා ඇත්නම් ඒවාද තමන්ට ඉදිරිපත් කරන ලෙස ඔහු දේශපාලන පක්ෂ වලට දැනුම්දීමක්ද සිදුකළේය.

පාර්ලිමේන්තුව විසිරුවා හැරිය යුතුයැයි බලකරමින් සිටි එක්සත් ජාතික පක්ෂය තම මතය වෙනස් කරගෙන ඇත්තේ ඇයි? පක්ෂයේ ජේ්‍යෂ්ඨයන්ට අනුව එක්සත් ජාතික පක්ෂයේ නව බලාපොරොත්තුව වන්නේ මැතිවරණ ක‍්‍රමය පිළිඹදව පක්ෂය ඉදිරිපත් කර තිබෙන යෝජනා බහුතරයේ පිළිගැනීමට ලක්වනු ඇත යන්නය.අනතුරුව පාර්ලිමෙන්තුව විසිරුවා හැරිය හැකි බව ඔවුහු පවසති.පක්ෂයේ ස්ථාවරයවූ පාර්ලිමෙන්තුව වහාම විසිරුවා හැර මැතිවරණයක් කැදවීම සිහිනයකට නොඅඩු දෙයක් බවට පත්වෙමින් තිබෙන බව කාලීන දේශපාලන සිදුවීම් සැළකීමේදී හොදින් පෙනේ.

දින සියය දැන් ගෙවිලා ඉවරයි.අපේ විරුද්ධකාරයෝ දැන් කරමින් ඉන්නේ 20 ඒ ව්‍යවස්ථා සංශෝධනය ප‍්‍රමාද කරමින් ඉන්න එක.අපට වුවමනා ඉක්මනින් පාර්ලිමෙන්තුව විසුරුවලා,මැතිවරණයකට යන්න. සන්ඬේ ටයිම්ස් හා අදහස් දක්වමින් අගමැති වික‍්‍රමසිංහ පැවසීය.

සදුදා පැවැත්වුණු හමුවේදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක රවුෆ් හකීම් හා රාජිත සේනාරත්න,එස්.බී දිසානායක,සරත් අමුණුගම යන අමාත්‍යවරුන් අතර උණුසුම් වචන හුවමාරුවීම් ඇතිවිය.පක්ෂයට එක ඡුන්දයකුත්,අපේක්ෂකයාට තවත් ඡුන්දයකුත් ලෙස ඡුන්දදායකයාට ඡුන්ද දෙකක් ප‍්‍රකාශ කිරීමට අයිතිය ලබාදිය යුතුයැයි වාද කළ ඔහු 20ඒ යෝජනා වලින් සුලූ ජාතීන් නොසළකා හැර තිබෙන්නේයැයි චෝදනා කළේය.තම පක්ෂය එවැනි යෝජනා තිබෙන ව්‍යවස්ථා සංශෝධනයකට කිසිසේතම සහය දක්වන්නේ නැති බවද ඔහු කීවේය.පලනි දිගම්බරම් හා රිශාද් බදුර්ධීන් යන අමාත්‍යවරුන්ද ඔහුට සහය පළකරමින් අදහස් දැක්වීය.ජනපති සිරිසේන වහාම ප‍්‍රකාශයක් සිදුකරමින් තමන් පසුගිය පාලකයින් මෙන් සුලූතරය නොසළකා හැරීමට කිසිසේතම කටයුතු නොකරන බව කීවේය.ඔවුන් මා කෙරෙහි විශ්වාසය තබන්න  ඕනේ.ජනපතිවරයා පැවසීය.

එක්සත් ජාතික පක්ෂයටයි මුස්ලිම් කොංග‍්‍රසයටයි  ඕනේ 20ඒ සංශෝධනය විනාශ කරන්න.ඒ අය එක එක වෙලාවට කියන්නේ එක එක දේවල්.

සන්ඬේ ටයිම්ස් හා අදහස් දැක්වූ අමාත්‍ය පාඨලී චම්පික රණවක පැවසූයේ ආවේගයෙනි.

පසුගිය සිකුරාදා පැවති අමාත්‍ය මණ්ඩල හමුවේදීද මෙම පාර්ශවයන් අතර ගැටුමේ අවසානයක් දැකගත නොහැකිවිය.එය නොසළකාම ජනපතිවරයා මැතිවරණ ක‍්‍රමය පිළිඹද ඉදිරිපත්වූ යෝජනා වල 20 වැනි සංශෝධනය නමින් ලියැවිල්ලක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළේය.එහි පාර්ලිමෙන්තුවේ ආසන සංඛ්‍යාව 237 දක්වා ඉහළ දැමිීමේ යෝජනාවක් විය.එයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුනි.කෙසේවුවත් එක්සත් ජාතික පක්ෂය පාර්ලිමෙන්තුවේ ඡුන්ද විමසන අවස්ථාවේ මෙම යෝජනාවට විපක්ෂව ඡුන්දය ප‍්‍රකාශ කරන බව අගමැතිවරයා ඇතුලූ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෝ පවසා සිටියහ.විරෝධතා මධ්‍යයේවුවද මෙම යෝජනාවලිය අවසානයේ කෙටුම්පත් කිරීමට එම කටයුතු භාර නිළධාරී ජී.එෆ්.ඒ ද සිල්වා මහතා කැදවින.

හමුවෙන් පසු හකීම් අමාත්‍යවරයා හා ජනපතිවරයා අතර විශේෂ හමුවක් අගමැතිවරයාගේ මැදිහත්වීමෙන් පැවැත්වින.එහිදී යෝජිත මැතිවරණ ක‍්‍රමය සම්බන්ධයෙන් තම පක්ෂය සකස් කර ජනපතිවරයාට ලබාදුන් විවරණය අමාත්‍යවරුන් අතර බෙදාහරින්නැයි ඔහු ජනපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.පාර්ලිමෙන්තු ආසන සංඛ්‍යාව 237 ක් දක්වා ඉහළ නැංවේනම් ඊට ජනතා විමුක්ති පෙරමුණ ඇතුලූ සියලූ සුළු පක්ෂ විරෝධය පළකරනු ඇති බවද ඔහු කීවේය.මෙය වටහාගෙනදෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්තී‍්‍රවරුන් අතර පවා 20ඒ සම්මත කරගැනීමට අවැසි තුනෙන් දෙකක බහුතරය සකස් කරගැනීමට හැකිවේදැයි ඇත්තේ සැකයකි.

හකීම් මන්තී‍්‍රවරයාගේ විවරණයේ සාරාංශයක් පහත දැක්වේ.

මෙම මැතිවරණ ක‍්‍රමයෙන් ඉදිරිපත් කර තිබෙන කේවල හා සමානුපාත ඡුන්ද ක‍්‍රම වලින්ද වැඩි තැනක් ලැබෙන්නේ ප‍්‍රධාන පක්ෂවලටය.ඡුන්ද කොට්ඨාශයක් සැළකුවහොත් එහි සිටින ඡුන්ද දායකයින් කුමන මැතිවරණ ක‍්‍රමයේ යටතේ වුවද තම මනාපය ලබාදෙන්නේ ජනපි‍්‍රයතම ජනතා නියෝජිතයින් හට වීම මෙයට හේතුවයි.මේ තත්ත්වය ප‍්‍රබල පක්ෂයකට බෙහෙවින් වාසිදායක වන බව අමුතුවෙන් පෙන්වාදිය යුතු නැත.

පාර්ලිමෙන්තුවට නියෝජිතයින් පත්කර ගැනීම සැළකීමේදී ඒ සම්බන්ධයෙන් ඉදිරිපත්ව තිබෙන යෝජනා වලින්ද පහර වදින්නේ සුළු පක්ෂවලටය.සුළු පක්ෂද පාර්ලිමෙන්තුව නියෝජනය කරන ලොව බොහෝ රටවල ඡුන්ද දායකයාට ඡුන්ද දෙකක් ලබාදී ඇත්තේ මේ නිසාය.මේ පද්දතිය යටතේ සුලූ පක්ෂ වලටත් තම නියෝජනය පෙන්වීමට හැකියාවක් ලැබේ.

පවත්නා තත්ත්වය යටතේ මාගේ පක්ෂය ඇතුලූ තවත් සුලූ පක්ෂ 15 ක් නව මැතිවරණ ක‍්‍රමයට විරෝධය පළ කිරීමට එකගවී සිටී.අනෙක් කරුණු ගැන සළකා බැලීමට ප‍්‍රථමයෙන් ඡුන්ද දායකයාට ඡුන්ද දෙකක් හිමිවීමේ පද්දතියක් ස්ථාපිත කළ යුතුව ඇති බව අපගේ අදහසයි.

සිකුරාදා පැවැත්වුනු විශේෂ අමාත්‍ය මණ්ඩල හමුවේදී අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් කිරීමට යන විශ්වාසභංගය ගැනද අදහස් පළකෙරින.තමන්ට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් කිරීමට ඉඩහැරීම ජනපතිවරයාගේ නාමයට කැළලක් වන බව වික‍්‍රමසිංහ අගමැතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.මෙම උත්සාහය පැහැදිලිවම පටු අරමුණු මුල් කරගන සිදුවෙන්නක් බව පවසා සිටි ඔහු එවැන්නක් සිදුවීමට ඉඩ නොදෙන ලෙස ජනපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.කබීර් හෂීම් අමාත්‍යවරයාද මෙහිදී අදහස් දක්වමින් ජනපතිවරයා බලයට ගෙන ඒමට එක්සත් ජාතික පක්ෂය කැපවූ ආකාරය මතක් කළේය.රාජිත සේනාරත්න හා තවත් අමාත්‍යවරුන් දෙදෙනගේ යෝජනා වලට විරෝධය පළ කිරීමට මුව විවර කළත් ඔවුන් සියලූ දෙනා නිහඩ කළ ජනපතිවරයා තමන්ට වැදගත් යමක් පැවසීමට තිබෙන බව කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂය තමන්ගේ ජයග‍්‍රහණය වෙනුවෙන් ඉටුකළ මෙහෙය තමන්ට අමතක නොමැති බව ඔහු පැවසීය.අනතුරුව තමන්ට හිමිබලතල ගැන සදහන් කළ ඔහු විශ්වාසභංගය සම්බන්ධයෙන් ව්‍යවස්ථානුකූලව පියවරක් ගතහැකිදැයි සොයාබලන බව පැවසුවේය.ජනපතිවරයාගේ මෙම ප‍්‍රකාශය විග‍්‍රහ කරන ඇතැම් එක්සත් ජාතික පාක්ෂිකයින් පවසන්නේ විශ්වාසභංගය නිශ්ප‍්‍රභ කිරීමට ව්‍යවස්ථාවෙන් ඉඩක් නොතිබුණහොත් බොහෝවිට පාර්ලිමෙන්තුව විසිරුවා හැරීමට ජනපතිවරයා කටයුතු කරනු ඇතැයි කියාය.මෙසේ ව්‍යවවස්ථාව විමසා බැලීමට කාලය ගතවන හෙයින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ තම නායකත්වය තවත් ශක්තිමත් කරගැනීමටද ජනපතිවරයාට අවස්ථාව ලැබේ.

අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගය කරුණු 8 ක් මුල්කරගෙන ඉදිරිපත් කර තිබෙන්නකි.

1. ශී‍්‍රලංකා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජවාදී ජනරජයේ ව්‍යවස්ථාවෙන් සම්මත කර තිබෙන පරිදි අගමැති ලෙස පත්වීමට අවැසි පාර්ලිමෙන්තුවේ බහුතර බලය නොමැතිව එම බලතල හෙබවීම.

2. කි‍්‍රයාත්මක වෙමින් තිබූ ව්‍යාපෘති රාශියක් නවතා දැමිීමට කටයුතු කිරිමෙන් එම ව්‍යාපෘති වල සේවයේ නියුතුව සිටි විශාල ගණනක් දෙනා රැුකියා විරහිත තත්ත්වයට පත්කිරීම.

3. පොලිසිය දැඩිව දේශපාලණීකරණයට ලක්කර පළිගැනීමේ අවියක් ලෙස එය භාවිතයට ගැනීම.

4. රබර්,තේ,සහල් ආදියට සහතික මිලක් ලබාදීමට කටයුතු නොකිරීම.සාමාන්‍ය ජනතාවගේ අත්‍යාවශ්‍ය ආහාරද්‍රව්‍ය මිල ඉහළ නැංවීම.

5. ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයෙකු දිවයිනයේ සියලූ මූල්‍ය කටයුතු වල මධ්‍යස්ථානය වන මහ බැංකුවේ අධිපති ලෙස පත්කිරීම.

6. මහ බැංකු ඉතිහාසයේ වාර්තාගත විශාලම බැදුම්කර අලාභය සිදුවීමට මාර්ගය පාදා දීම.

7. රට ඉතා දුෂ්කර අවධියේ සිටියදී කොන්දේසි විරහිතවම සහය දැක්වූ විදේශ රටවල් හා මේ දක්වා පැවති සබදතා විනශා කිරීමට කටයුතු කිරීම.එම රටවල රජයන්ට හා පාලකයින්ට අගෞරව වන පරිදි හැසිරීම.

8. රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබාදෙන පෞද්ගලික අංශය පසුබට කරවන මූල්‍ය ප‍්‍රතිපත්තීන් කි‍්‍රයාවට නැංවීම.

විශ්වාසභංගයට අත්සන් 112 ක් ලැබී ඇතැයි මුලින් පැවසුනද එයට සැබෑවටම අත්සන් තබා තිබුණේ මන්තී‍්‍රවරුන් 105 දෙනෙකි.එයිනුතු මන්තී‍්‍රවරුන් 6 දෙනෙක් දැන් අමාත්‍යධූර ලබා ජනපතිවරයා හා එක්ව සිටින අතර ඒ අනුව විශ්වාසභංගයට සහය දක්වා තිබෙන මන්තී‍්‍රවරු සංඛ්‍යාව 99 දක්වා පහත වැටී තිබේ.හිටපු අගමැතිවරුන් වන ඞී.එම්.ජයරත්න හා රත්නසිරි වික‍්‍රමනායක ජනපතිවරයාගේ උපදේශකයින් ලෙස බදවාගෙන තිබේ.දෝශාභියොගයට අත්සන් තබා ඇතියවුන් අතර ප‍්‍රබලතම පුද්ගලයින් වන්නේ ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අනුර පි‍්‍රයදර්ශන යාපා හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් සුසිල් පේ‍්‍රමජයන්ත යන දෙදෙනාය.හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ සියලූදෙනාගේ මවිතයට හේතුවන පරිදි දෝශාභියෝගයට අත්සන් තැබීම ප‍්‍රතික්ෂේප කර තිබේ.රිමාන්ඞ් භාරයට පත් කිරීමෙන් පසු මේ දක්වාම ඔහු සිටින්නේ කොළඹ ජාතික රෝහලේ ගෙවුම් වාට්ටුවකය.

බ‍්‍රහස්පතින්දා පැවැත්වුනු පක්ෂ නායක හමුවේදී අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගය විභාගයට ගැනීමට දිනයක් වෙන් කිරීම සම්බන්ධයෙන් නොයෙක් අදහස් හුවමාරු විය.සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙහිදී කියා සිටියේ ජූලි මාසයේ දිනයක විශ්වාසභංගය විභාගයට ගැනීම සුදුසු බවය.මුදල් අමාත්‍ය රවී කරණානායක මහතාට එරෙහිව ඉදිරිපත්ව තිබෙන විශ්වාසභංගය විභාගයට ගැනීමට ඔහු වෙන්කර තිබෙන දිනය වන්නේ ජූලි මස 5 වැනිදාය.බ‍්‍රහස්පතින්දා පක්ෂ නායක හමුව අනපේක්ෂිත අවසානයක් දුටු අතර ඔවුන් එළැඹෙන 16 වැනිදා නැවත වතාවක් හමුවීමට නියමිතය.

‘ඔවුන් අපට දිනයක් නොදුන්නොත් බලමු.ඇයි ඔවුන් අපට මුහුණදෙන්න මෙච්චර බය?’

ප‍්‍රබල රාජපක්ෂ ආධාරකරුවෙකු වන දිනේෂ් ගුණවර්ධන සන්ඬේ ටයිම්ස් හා අදහස් දැක්වූයේ එසේය.

‘මේ විශ්වාසභංගය කිසිම පදනමක් නැතවි ඉදිරිපත් කරපු එකක්.මේක ඉදිරිපත් කරපු අයට තියෙන්නේ පටු දේශපාලන අරමුණු.අස්ගිරි මහානායක හාමුදුරුවොත් මේකට විරෝධය පළ කරලා තිබෙනවා.අගමැතිවරයා ලෙස රනිල් වික‍්‍රමසිංහ පත්කරනවා කියලයි මෛතිී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරණයට ඉදිරිපත් වුනේ.මේ අය කියනවා වගේ අපි ඒක හැංගුවේ නැහැ.ජනතාවක් ඊට කැමැත්ත දුන් නිසයි අප ජයග‍්‍රහණය කළේ.ඉතින් අගමැතිවරයා පත්කරපු හැටි නීතිවිරෝධි කියන්නේ කොහොමද? මේ අයට වුවමනා 20 සම්මත කරගෙන පාර්ලිමෙන්තුව විසිරුවා හැරීම තවත් ප‍්‍රමාද කරගන්න.’

එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක,ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සන්ඬේ ටයිම්ස් හා අදහස් දැක්වීය.

සිකුරාදා සවස් යාමයේ අගමැති වික‍්‍රමසිංහ ප‍්‍රමුඛත්වයෙන් එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රධාන කමිටු සාමාජිකයින් අතර හමුවක් පැවැත්වින.උද්ගතව ඇති තත්ත්වය අගමැතිවරයා ඔවුන් හමුවේ විස්තර කළේය.පාර්ලිමෙන්තුව ඉක්මනින් විසිරුවා හරින්නැයි ජනපතිවරයාගෙන් නැවත වරක් ඉල්ලා සිටීමට කමිටු සාමාජිකයෝ තීරණයකට එළැඹියහ.රජයෙන් ඉවත්වීම පිළිඹදවද මත පළවුවත් බහුතර සාමාජිකයෝ ඊට විරෝධතාව පළකළහ.

‘අපි එහෙම දෙයක් කළොත් ජනපතිවරයාට සිදුවෙනවා නිදහස් සන්ධානයෙන් කට්ටිය ගෙනල්ලා රජයක් පිිහිටුවා ගන්න.අපට කරන්න තියෙන්නේ කොහොම හරි ඇතුලේ ඉදගෙනම සටන් කරන එකයි.’එක් සාමාජිකයෙක් අදහස් දැක්වීය.

ජනපතිවරයා හා එක්සත් ජාතික පක්ෂය අතර වරක් ශක්තිමත්ව පැවති සබදතා දැන් වියැකී යමින් තිබේ.පාර්ලිමෙන්තුව විසිරුවා හැරීම සම්බන්ධයේන දෙපාර්ශවය වරින් වර ඇතිකරගත් එකගතා එකපිටඑක බිද වැටෙමින් තිබෙන වාතාවරණයක දැන් මැතිවරණ යෝජනා සම්බන්ධයෙන්ද දෙපාර්ශවය අතර මත ගැටුමක් ඇතිව තිබීම තත්ත්වය තවත් සංකීර්ණ කිරීමට හේතුවක්ව තිබේ.අනෙක් අතට ජනපතිවරයාගේ සැබෑ අවශ්‍යතාවය වන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සම්පූර්ණ සහය තමන් වෙත දිනාගැනීමය.එය ඉක්මන් පාර්ලිමෙන්තු විසිරුවීමකින් අත්කරගත නොහැකි දෙයක් බව ඔහු වටහාගෙන සිටී.එනිසා ඔහුට ඊට හදිසියක් නොමැත.මේ දිනවල ශී‍්‍රලංකාවේ දේශපාලනය දෝලනය වන්නේ ජනපතිවරයාගේ හා එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරයන් අතර යැයි කිවහොත් එහි වරදක් නැත.

මැතිවරණ ක‍්‍රමයට ජනපතිවරයාගේ යෝජනා

පාර්ලිමෙන්තු ආසන සංඛ්‍යාව 237 දක්වා වැඩි කිරීමට එක්සත් ජාතික පක්ෂය ඇතුලූ සුළු පක්ෂ විරෝධය පළ කිරීමත් සමග ඇතිවූ ගැටුම නිසා එම යෝජනාව නැවත වතාවක් සංශෝධනය කිරීමට සිදුවිය.එම සංශෝධනයද රැුගත් ජනපතිවරයාගේ මැතිවරණ යෝජනාවලිය මෙලෙසය.

මේ සම්බන්ධයෙන් පැවැත්වුනු විශේෂ අමාත්‍ය මණ්ඩල හමුවකදී පාර්ලිමෙන්තු ආසන සංඛ්‍යාව 225 අගයේම පවත්වාගැනීමට එකගත්වය පළවුනි.ඉන් 125 දෙනෙක් කේවල ක‍්‍රමය යටතේත්,75 දෙනෙක් සමානුපාතික ක‍්‍රමය යටතේත්,25 දෙනෙක් ජාතික ලැයිස්තුවෙනුත් තෝරාගැනේ.කෙසේවුවත් මේ සම්බන්ධයෙන් තවත් යෝජනා ඇත්තම් ඒවා මට දැනුම්දෙන ලෙස මම ප‍්‍රධාන පක්ෂ දෙකෙහි නියෝජිතයින්ට දැනුම්දුන්නෙමි.

කේවල ක‍්‍රමය යටතේ 125 දෙනෙකුට වඩා තෝරාගත යුතුයැයි මා අදහසක් ඉදිරිපත් කළ අතර එයට අගමැති,එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාද අනුමැතිය පළකළේය.එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් සුසිල් ප්‍රෙමජයන්ත,මහජන එක්සත් පෙරමුණේ මහලේකම් තිස්ස ජයවර්ධන මා හට ලිපි මගින් දැනුම්දී තිබෙන්නේ ඔවුන්ද මෙම අදහසට එකග බවය.සියලූ පක්ෂ එකම මතයක සිටිනු දැකීම සතුටකි.පහත දැක්වෙන කරුණු සම්බන්ධයෙන් මේ වන විට එකගතාවයන්ට එළැඹ අවසානය.

1. මනාප ඡුන්ද ක‍්‍රමය අත්හිටුවීම

 

2. කිසියම් මැතිවරණ කොට්ඨාශයක් නියෝජනය කරන  ඕනෑම පක්ෂයක නියෝජිතයෙකුට කේවල ඡුන්ද ක‍්‍රමය යටතේ පාර්ලිමෙන්තු වරම් දිනාගැනීමට අවස්ථාව ලබාදීම.

3. ඡුන්ද කොට්ඨාශයක බහු - නියෝජනයට අවස්ථාව ලබාදීම.

4. කේවල හා සමානුපාතික ඡුන්ද ක‍්‍රමයන්ගේ මිශ‍්‍රණයක් වන නව ඡුන්ද ප‍්‍රකාශ කිරීමේ ක‍්‍රමයක් හදුන්වාදීම.

5. සුළු ජාතික පක්ෂ වලට,කිසියම් කණ්ඩායමක මතය නියෝජනය කරන පක්ෂවලට පාර්ලිමෙන්තු වරම් දිනාගැනීමට වැඩි ඉඩක් ලබාදීම.එම පක්ෂ වලට සිදුවන අසාධාරණයන් වලට වැට බැදීම.

225 ක් පත්කර ගත යුතුයැයි කීවද සත්‍ය ලෙසම පාර්ලිමෙන්තුවට පත්කර ගත යුතු මුළු මන්තී‍්‍රවරු සංඛ්‍යාව ගැන තවමත් දේශපාලන පක්ෂ අවසන් මතයකට පැමිණ නැති බව සදහන් කළ යුතුය.මෙනිසාම කී දෙනෙක් කේවල ක‍්‍රමය යටතේ,සමානුපාතික ක‍්‍රමය යටතේ හා ජාතික ලැයිස්තුවෙන් තෝරාගත යුතුව ඇතිද යන්න ගැන අවසන් තීරණයක් ගැනීමට හැකියාවක් නොමැත.

දැනට ඉදිරිපත්ව තිබෙන කරුණු සළකා බැලීමෙන්,2001 - 2010 අතර මැතිවරණ ප‍්‍රතිඵල අධ්‍යනය කිරීමෙන්,කේවල,සමානුපාතික,ජාතික ලැයිස්තු මන්තී‍්‍රධූර ප‍්‍රමාණය සළකා බැලීමෙන් මා ඉදිරිපත් කරන යෝජනාව වන්නේ පාර්ලිමෙන්තු මන්තී‍්‍ර ආසන සංඛ්‍යාව 237 ක් දක්වා ඉහළ දැමිය යුතු බවය.

ආසන 237 බෙදී යන ආකාරය

ආසන 200 ක් සදහා මන්තී‍්‍රවරුන් තෝරාගැනෙන්නේ කේවල හා දිස්ති‍්‍රක්කය මත පදනම් වන සමානුපාතික ඡන්ද ක‍්‍රමයක් යටතේය.ආසන 145 ක් කේවල ක‍්‍රමයට වෙන්වන අතර අනෙක් ආසන වෙන්වෙන්නේ සමානුපාතික ක‍්‍රමය යටතේ පත්වන මන්තී‍්‍රවරුන්ටය.මෙම මන්තී‍්‍රවරුන් 200 දෙනා සකස්ව තිබෙන්නේ 196වූ 4 ක් ලෙසය.මන්තී‍්‍රවරුන් 196 දෙනෙක් කේවල හා සමානුපාතික ක‍්‍රමය යටතේ තෝරා ඉතිරිය ජාතික ලැයිතුවෙන් තෝරාගැනීමට මුලින් යෝජනාව තිබුණද සුළු පක්ෂ වල නියෝජනය සළකා මම තවත් ආසන 4 ක් එයට එකතු කර කේවල හා සමානුපාතික ක‍්‍රමයෙන් ආසන 200 කට නියෝජිතයින් පත්කරගත යුතුව ඇතැයි යෝජනාවක් සකස් කළෙමි.ආසන 225 කට සීමාවීම යනු පාර්ලිමෙන්තුවේ සුළු පක්ෂ නියෝජනය තවදුරටත් පහළ යෑමකි.මෙම අමතර ආසන 4 කුමන දිස්ති‍්‍රක්ක වලින් තෝරාගැනෙන්නේදැයි තීරණය කරනු ඇත්තේ සීමා - නීර්ණක කමිටුවකි.

ඡුන්ද කොට්ඨාශ වල බහු නියෝජනයට අවස්ථාව ලබාදී ඇති හෙයින් කිසියම් පක්ෂයකට එයට නියමිත ආසන ගණනට වඩා වැඩි නියෝජිතයින් පිරිසක් අදාළ ඡුන්ද කොට්ඨාශයෙන් පාර්ලිමෙන්තුවට පත්කර එවීමේ හැකියාවක් ඇතිවේ.මෙය අතිරික්තයක් ලෙස හැදින්වේ.

මෙම අතිරික්තය ප‍්‍රයෝජනයට ගැනෙන්නේ අදාළ පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්තී‍්‍රධූරයන් ප‍්‍රමාණස සළකන විටය.ජාතික ලැයිස්තුව සදහා ආසන 37 ක් වෙන්වී පවති.කිසියම් පක්ෂයකට අතිරික්තයක් ඇතිනම් එම පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්තී‍්‍රධූරයන් එම අතිරික්තයෙන් පිරවිය හැකිය.

 

මෙම නව පද්දතිය යටතේ 2001 හා 2010 මැතිවරණ ප‍්‍රතිඵල විමසුමට ලක්කළ විට පද්දතියෙන් ලැබෙනු ඇතැයි සිතා සිටි ප‍්‍රතිඵලය හා එයින් සැබෑවටම ලැබුණු ප‍්‍රතිඵලය අතර වැඩි වෙනසක් නොතිබුණු බව මෙහිදී විශේෂයෙන් සදහන් කළ යුතුය.

 

පහත දැක්වෙන උපදෙස් සීමා - නීර්ණක කමිටුව වෙත යොමුකෙරෙනු ඇත

 

කිසියම් මැතිවරණ දිස්ති‍්‍රක්කයක විවිධ ජාතීන්ට අයත්,විවිධ ආගම් වලට අයත් පුද්ගලයින් සහයෝගයෙන් වාසය කළද,දේශපාලන කටයුතු වලදී එම දිස්ති‍්‍රක්කයේ බහුතර ජන කොට්ඨාශයේ මතයට නතුවීමට සුලූතරයට සිදුවන බව හදුනාගැනීමට සීමා නීර්ණයක කමිටුව සමත්වුවහොත්,සුදුසු පරිදි එම මැතිවරණ දිස්ති‍්‍රක්කය ඡුන්ද කොට්ඨාශ වලට කඩා වෙන්කර සුලූතරයටද තම දේශපාලන මතය ඉදිරිපත් කිරීමට අවස්ථාව සළසාදීම එම කමිටුවේ වගකීම වේ.මෙසේ ඡුන්ද කොට්ඨාශ වෙන් කිරීමේදී එකම ජන සමූහයක් විවිධ ඡුන්ද කොට්ඨාශ නියෝජනය නොකරන පරිදි හැකිතාක් සීරුවෙන් එම කටයුත්ත සිදුකළ යුතුය.මෙම කි‍්‍රයාමාර්ගයෙන් පාර්ලිමෙන්තුවේ සියලූ ජාතීන්ට,ආගම්ට,සමාජ තලවලට,දේශපාලන මතවාද,ආර්ථික මතවාද ආදියට සම නියෝජනයන් හිමිවේ.

 

දෙදෙනෙකුට නොඅඩු නියෝජිතයින් පිරිසක් පත්කර එවීම සදහා මෙසේ මැතිවරණ කොට්ඨාශයක ඡුන්ද කොට්ඨාහ එකක් හෝ ඊට වැඩිගණනක් ඇතිකිරීමේ බලතල සීමා නීර්ණයක කමිටුවට හිමිය.

 

2015.06.08 වැනිදා ප‍්‍රකාශවූ පරිදි පාර්ලිමෙන්තු ආසන සංඛ්‍යාව 237 දක්වා ඉහළදැමිීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ අවසන් තීරණය විමසීම සිදුකළ යුතුව ඇත.විවිධ පක්ෂ වලින් ඉදිරිපත් කර තිබෙන යෝජනා සළකා බැලීම අනතුරුව සිදුකළ හැකිවනු ඇත.

 

 

රාජපක්ෂ යටතේ නව පක්ෂයක් - දිනේෂ්

 

හිටපු ජනපතිවරයා යටතේ නව පක්ෂයක් පිහිටුවීම සම්බන්ධයෙන් මේ දිනවල අධ්‍යනයන් සිදුකෙරෙන බව ප‍්‍රබල රාජපක්ෂ හිතවාදියෙකු වන මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන පවසයි.පසුගිය රෙජීමය සමයේ සිදුවූ වැරදි වලට සමාව ඉල්ලීමක්ද සිදුකිරීමට බලාපොරොත්තු වන බව ඔහු කියයි.

 

තවම පක්ෂයට නමක් තීරණය කරලා නැහැ.ඊට ඉස්සෙල්ලා එක්සත් ජනතා නිදහස් සන්ධාන හා ශී‍්‍රලංකා නිදහස් පක්ෂය අතර තිබෙන ගැටලූ විසදාගත යුතුව තිබෙනවා. ඔහු පවසයි.

 

ඔහු හා සන්ඬේ ටයිම්ස් කළ සංවාදයක සංක්ෂිප්තයක් පහත දැක්වේ.

 

20ඒ ව්‍යවස්ථා සංශෝධනය - තවමත් අවසන් ලියවිල්ලක් සකස් කරලා නැහැ.අප දන්නවා පාර්ලිමෙන්තු ආසන සංඛ්‍යාව 30 කින් වැඩි කිරීමේ යෝජනාවක් තිබෙනවා කියලා.ඒකට අපි විරුද්ධයි.දින සියයයේ වැඩසටහනේ කොහෙවත් එහෙම දෙයක් තිබුණේ නැහැ.මේ තියෙන 225 ම තියාගෙන සිදුකරන්නට වුවමනා වෙනස්කම් සිදුකළ යුතුය කියන මතයේ තමයි අප ඉන්නේ.

 

ව්‍යවස්ථා කවුන්සිලය - කැබිනට් මන්තී‍්‍රවරුන් ව්‍යවස්ථා කවුන්සිලයට පත්කිරීම සිදුනොවිය යුතුව තිබුණු දෙයක්.එතකොට ඔවුන්ගේ සිතැගි පරිදි තීරණ ගැනීමක් සිදුවෙන්න තියෙන ඉඩ වැඩියි.ඒ නිසයි අපි ඊට විරුද්ධ වුනේ.

 

නව දේශපාලන පක්ෂයේ කාර්යභාරය - අපට වුවමනා කි‍්‍රයාකාරී විපක්ෂයක් හැටියට පෙනී ඉදින්න.මේ රජය බලයට පත්වුනේ දින 100 කින් යහපාලනය ස්ථාපනය කරනවා කියලා පොරොන්දුවක් දීලා.නමුත් එහෙම වෙලා නැහැ.අපේ දේශපාලන හිතවතුන් හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් ඉලක්ක කරගෙන දියත්වෙන පළිගැනීමේ මෙහෙයුමක් තිබෙන්නේ.එක්සත් ජාතික පක්ෂයට විකල්පයක් වෙන පක්ෂයක් තිබිය යුතුයි.ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේත් ගැටුම් ගොඩක් තිබෙනවා.මේ සියල්ල මුල්කරගෙනයි රටට හිතැති කණ්ඩායමක් එකට එකතුවෙලා මේ පක්ෂය හදන්නේ.අප තවම නමක් තීරණය කරලා නැහැ.

 

ආර්ථිකය - ඇමරිකා ඩොලරයට සාපේක්ෂව රුපියට ඉතාම සීඝ‍්‍රයෙන් අවප‍්‍රමාණය වෙමින තිබෙන්නේ.මේ නිසාම ආනයනය කරන භාණ්ඩ වල මිල බොහොම ඉහළයි.සහල් හා තේ වලට සහතික මිලක් ලබාදෙන්න රජය මේ වෙනකන් කටයුතු කරලා නැහැ.මේවා තමයි රටේ ආර්ථිකයට සියයට 80 කින් විතර දායකත්වයක් ලබාදෙන්නේ.අතුරු අයවැයෙන් ලබාදුන්න පොරොන්දු තවමත් ඉටුකරලා නැහැ.මහ බැංකුවේ බැදුම්කර ගැටලූව හොදටම ඔඩුදුවලා.මේක යහපත් තත්ත්වයක් නෙවෙයි රටට.අන්තර්ජාතික ප‍්‍රජාව අපි ගැන හොද අවධානයෙන් ඉන්නේ.

 

අගමැතිට එරෙහි විශ්වාසභංගය - අපට දවසක් දුන්නේ නැතිනම් කි‍්‍රයාමාර්ගයකට යනවා.අගමැති ගැන විශ්වාසභංගය මුලින්ම පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කරන්න රජයට අවශ්‍ය නම් අපි ඒකටත් කැමතියි.හැබැයි මුදල් ඇමතිට එරෙහිව ඉදිරිපත් කරලා තියෙන විශ්වාසභංගය එතැන ඉදන් සති දෙකක් ඇතුළත පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කළ යුතුයි.

 

ජනපතිවරයා හා සබදතාව ගොඩනගාගැනීම - දැන් ඒකට කවුරුවත් උත්සාහයක් දරන්නේ නැහැ.ඔහුට වුවමනානම් අපත් එක්ක අවබෝධතාවක් ඇතිකරගත හැකියි.නමුත් ඔහුට කවදාවත් එක්සත් ජාතික පක්ෂය එක්ක ඒ වගේ අවබෝධතාවක් ඇතිකරගන්න බැහැ.



අදහස් (0)

‘දේශපාලන දෙගිඩියාව දිගටම : 20 ත් වැනේ‘

තිළිණි Monday, 15 June 2015 02:40 AM

සත්‍යා, 1948 දී සුද්දා අපිට මේ රට පාලනය කර ගන්න කියල බාර දුන්නනේ. එදා ඉදල මේ රට පාලනය කරපු දේශපාලන පක්ෂත් නායක කාරකාදීන් ගේ භාවිතාව ගැන හොඳට අද්ධ්‍යයනය කළොත් ඔබට වටහා ගන්න පුළුවන් වේවි ඔබ කව්ද? කොතනද ඉන්නේ කියල. (ස)

:       0       0

අජිත් Monday, 15 June 2015 02:50 AM

මහින්ද රාජපක්ෂ ගැන කතාකිරීමත් කාලය විනාශ කිරීමක්. එයාගේ කෙරුවාව රටම දැක්කනේ. දැන් මෛත්‍රී මැතිතුමා වැනි බුද්ධිමත්, අවංක අයෙකුට සියලු දෙන සහය දිය යුතුවේ. යූඑන්පී එකේ ඉතිහාසයද මෙරට ජනතාවට අමතක නැත. මධ්‍යස්ථ හා බුද්ධිමත් මිනිසුන් නිසි පිළිතුරු දේවි. අවශ්‍ය නව නිකැළැල් ගමනක ආරම්භයයි. (නි)

:       0       0

සිරිමල් Monday, 15 June 2015 04:31 AM

ජනාධිපති තුමාගේ පමණක් නොවෙයි මුළු රටේම ආරක්ෂාව අනතුරේ . 1977 ට පසුව ආ ධර්මිෂ්ඨ පාලන සමයේත් සිදුවුනේ මේ විදියටමයි . එදත් ආරක්ෂාව ගැන කියනකොට ජාතිවාදය පිට දමල මග ඇරියා . දැනුත් වෙන්නේ ඒ ටිකමයි . (ස)

:       0       0

රොහාන් දුනුවිල Sunday, 14 June 2015 03:05 PM

රාජපක්ෂ පාලනය තුළ වැරදි තිබුණ බව අඩු වැඩි වශයෙන් කවුරුත් දන්නවා. මැතිවරණ වේදිකාවේදී මවා පාන ලද මෙගා වැරදි හෝ සුළු වැරදි සම්බන්ධයෙන් මහින්ද විසින් සත්‍යයේ සත්‍ය තත්වය හෙළි කරනු ඇත. දැනුවත්ව හෝ නොදැනුවත්ව සිදු වූ වැරදි ඇත්නම් සාමුහික වගකීමකින් යුතුව ඔහු ජනතාවගෙන් සමාව ගනීවි. එය කිසිම ජන නායකයෙකුට නොමැති නිහතමානි බව නිසාය. ඒ සමගම ඔහු අලුත් දේශපාලන පක්ෂයක් හදාවි. මේ ඊට සුදුසුම කාලයයි."කාලෝ අයන්තේ" දේශපාලන පක්ෂයක් බිහිවීමේදී එය පුද්ගලික උවමනාව නිසා බිහිවන්නේ නම් පැවැත්ම කෙටිය. ඒ බව ඉතිහාසය පුරා උදාහරණ ඇත. දේශපාලන පක්ෂයක් බිහිවීමේදී එය පොදු ජනතාවගේ උවමනාව නිසා බිහිවන්නේ නම් එය සැමදා ජනප්‍රියව පවතී. බණ්ඩාරනායක මහතා තම පක්ෂය බිහි කළේ එවන් පසුබිමකය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් මහජන එක්සත් පෙරමුණත් අද දක්වා පවතින්නේ ඒ ජනතා උවමනා සපුරා ලු නිසාය. මහින්ද රාජපක්ෂ මහතා වටාද අද මෙගා ජනතා ඉල්ලීමක් (මා ද ඇතුළුව) ගොඩ නැගී අත. ජනතාව අලුත් පක්ෂයක් පිහිටුවා එය ලියාපදිංචි කරවීමට බල කරති. රටේ වත්මන් දේශපාලන තත්වය යටතේ එය අනිවාර්යයෙන් සිදුවිය යුතුය. එයට පංච මහා බලවේගයට එකතු වූ ශිෂ්‍ය බලයද එකතු වී ආශිර්වාදය නොඅඩුව ලැබෙනු ඇත. මහින්ද පෙරටුව මහජනතාවගේ සිහින සැබෑවන දිනය අත ළඟය. කැලයක් නහන්න කැලේ ගහක්ම උවමනාය යන කියමන සැබෑ වන්නේ මෙහිදීය. බණ්ඩාරනායක මහතා නිර්මාණය කළ පක්ෂයේ සාමාජිකයින් අනාථ නොකර ඔවුන්ට නැවතත් මහින්දගේ සෙවන යට සැනසීම ලඟා කර දීමක් වනු නො අනුමානය. බලා සිටින්න. සාම දේශපාලන පක්ෂයකින්ම ජනතාව මේ වටා ඒකරාශී වනු ඇත. ජය..ජය..ජය..(බ)

:       0       0

දිලිප් Monday, 15 June 2015 05:04 AM

තම තමුන් කල කී දෑ තම තමුන්ගේ හිත් හොදින් දන්නවනේ. එහෙව් එකේ නැවත ජනතාව වෙත ඉදිරිපත් වෙලා හිතට එකඟව කටයුතු කරන්න පුලුවන්නම් එච්චරයි.(ම)

:       0       0

ප්‍රකාශ් Monday, 15 June 2015 12:18 PM

ආරූඪ නම සත්‍යා වුණාට චේතියටත් එහා ගිය පට්ටපල් බොරු සහ මඩ අවලාද පතුරුවන නිවටයෙක් බව පේනවා.ඒක නිසා තමයි දොළ පිදේනි වලට කෑදරව මහින්ද මහත්මාට දොස් නඟන්නේ. (නි)

:       0       0

දුමින්ද Sunday, 14 June 2015 03:57 PM

හැමෝම අඩු වැඩි ලෙස බලයට ඇලෙන බව පෙනෙයි (බ)

:       0       0

ප්‍රශාන්ත Sunday, 14 June 2015 05:07 PM

පරාජය හමුවේ පසුබෑම නිවට ක්‍රියාවකි. එමනිසා මහින්ද රාජපක්ෂ ද ජනවාරි 8 සිදුවූ එම පරාජයෙන් පසුබසින්නේ නැතුව නව පක්ෂයක් පිහිටුවා හෝ ජයගනීවී. (නි)

:       0       0

ශිරන්ති Sunday, 14 June 2015 05:34 PM

සමාව ඉල්ලීමෙන් කරපු දුෂණ වංචා මිනීමැරුම් වලට උත්තරයක් ලැබෙනවද ? මාධ්‍යවේදියොම කීදෙනෙක් අතුරුදහන්ද ? එයට හේතුව පසුගිය කාලේ දුෂණ හෙලිකිරීම නේද ? සමාවෙන්න එම ජීවිත ආපසු ලැබෙනවද ? තමන්ගේ දේශපාලන මතවාදයට විරුද්ද මරපු අයගේ ජීවිත නැවත ලැබෙනවද ? සමාවෙන්න භාණ්ඩාගාරයෙන් හොරකම් කරපු සල්ලි නැවත ලැබෙනවද ? අපි දැක්කා චීනයෙන් නය අරගෙන කරපු සමහර යෝජනා ක්‍රම උත්සව ශ්‍රීයෙන් විවෘත කලා. නමුත් ලංකාවේ කොඩියවත් දාන්න දුන්නේ නැහැ. සමාවෙන්න මේවා හරියනවද ? හිටපු ජනාධිපතිතුමා දෙපාරක් බලයේ සිටියා අගමැති වෙලත් සිටියා. මන්ත්‍රී වෙලත් සිටියා. දැන් හොඳටම ඇති. රට ගැන හිතන උගත් බුද්ධිමත් පිරිසක් පාර්ලිමේන්තුවට තෝරලා යවන්න .හොරකම් චෝදනා තියෙන,මාල හොරු, ස්ත්‍රී දුෂකයෝ, කුඩු මුදලාලිලා, එතනෝල් ගෙන්වන අය, සිවුරට මුවාවී හොර වැඩ කරන අය පාර්ලිමේන්තුවට යන්න ඡන්දෙ දෙන්න එපා. රට ගැන ආදරයක් තියෙනවනම් . (නදී)

:       0       0

නන්දලාල්-ප්‍රංශය Sunday, 14 June 2015 06:25 PM

ඕනෑම රටක නායකයාගේ ආරක්ෂාව සැපයීමට එරටේ ආරක්ෂක අංශ සමත් වියයුතුය. රජයේ වගකීමද එය වියයුතුය. "වතුර බෝතල් පිස්තෝල" කාරයෙක් සිරිසේන මැතිතුමාගේ වේදිකාවට පැමිණීමෙන් මොනවට පැහැදිලි වෙන්නේ කුමක්ද? ජනවාරි 08 දා විප්ලවයෙන් ජනතාව බලාපොරොත්තුවූ කරුණු තවමත් ඉටුකිරීම මන්දගාමීවීම ගැන ජනතාව සිටින්නේ බලවත් කණස්සල්ලෙන්.මේ නිසා හිටපු පාලනයේ අය දිනෙන් දින ශක්තිමත් වෙන බව නොකියාම බැරිය.මෙහෙම වුණොත් 2015 ජනවාරි විප්ලවය ආපසු හැරී ජනතා බලාපොරොත්තු සුන්වී, පාර්ලිමේන්තු ඡන්දය වෙනස් අතකට හැරෙනවා නියතයි. (නි)

:       0       0

නුවන් සිංහවංශ Sunday, 14 June 2015 06:36 PM

එක්සත් ජාතික පක්ෂය විසින් මහින්ද රාජපක්ෂ යනු ප්‍රතික්ෂේප කළ චරිතයක් ලෙසටත් , අවලංගු කාසියක් බවටත් පවසමින් විවිධ අවලාද හා මඩ ප්‍රචාර පතුරුවා හරිමින් සිටී. අනේක වාරයක් ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද පුද්ගලයෙක්, ප්‍රජාතන්ත්‍රවාදී නොවන ලෙස නායකත්ව පුටුවේ ඉන්නා පුද්ගලයෙක් තමන්ගේ නායකයා ලෙස තබාගෙන ඔවුන් මෙසේ ප්‍රකාශ කරන්නේ කෙසේද නොතේරේ. එක්සත් ජාතික පක්ෂය මොනතරම් අවලාද නැගුවද , මඩ ප්‍රචාර දියත් කළද මේ රටේ සාමය උදාකළ , මේක සිංහල රට කියලා කටක් ඇරලා කියන්නට පුළුවන් රටක් ඇති කළ ඒ උදාර නායකයා මහින්ද රාජපක්ෂ මේ රටට නැවතත් අවශ්‍ය බව ජනතාව තේරුම්ගෙන හමාරය. (නි)

:       0       0

සත්‍යයා Monday, 15 June 2015 01:14 AM

පරාජිත මහින්දගේ අලුත් පක්ෂයට නමක් තවම තිබ්බේ නැහැ කියලා කියලා තිබුනා නේද? ඉතින් සුමනදාසටම කියල නක්ෂත්‍රානුකූලව ගණන් දෝෂත් බලලම ඔය නම තිබ්බා නම් නේද හොඳ? මට නම් හිතෙන්නේ "චේතිය පක්ෂය" කියලා නම තිබ්බොත් හොඳයි. අනික කළ වැරදි වලට සමාව ඉල්ලන්න අවශ්‍යතාවයක් එන්නෙත් නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 334 0

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 1186 0

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


නාන්න ගිය තරුණයා දියේ ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 25 235 0

මිතුරන් දෙදෙනෙකු සමග සුදු ගඟේ මාතලේ කනංගමුව ප්‍රදේශයේ දිය නෑමට ගිය වයස අවුරුදු (21) තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.


උකුසු - බඹර ගැටුම එප්පාවල විදුහලක් වහයි
2024 සැප්තැම්බර් මස 25 476 0

එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයට යාබද, ගුරු නේවාසිකාගාර ගෙවත්තක අඹ ගසක තිබූ බඹර වදයකට උකුස්සකු ප්‍රහාර එල්ල වී එහි සිටි බඹරුන් ඇවිස්සී යාම හේ


බංගදෙණියේදී කාර්යාල දුම්රියක් නවතී
2024 සැප්තැම්බර් මස 25 374 0

කොළඹ සිට පුත්තලම බලා ධාවනය වන දිනපතා කාර්යාල දුම්රිය අද (25) බංගදෙණිය - මානුවන්ගම මුක්කන්දළුව ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වී තිබේ.


පොලීසියට අල්ලස් දෙන්න ගිහින් අමාරුවේ වැටෙයි
2024 සැප්තැම්බර් මස 25 633 1

ලොරි රථයක් අත්පත් කර ගැනීම සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 5000ක අල්ලස් දීමට ගිය බව කියන පෞද්ගලි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36780 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24302 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 183 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 553 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 231 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site