IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


දේශපාලන දොරෙන් තානාපති කාර්යාලවලට ගිය අය ආපසු ගෙන්වයි

(විනීතා එම් ගමගේ)
 

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශ පනතේ විධිවිධානවලට පටහැනිව පසුගිය සමයේ විදේශ රටවල තානාපති කාර්යාලවල සේවය සඳහා කම්කරු සුභසාධන නිලධාරින් යවා ඇතැයි විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොල විවිධාංගිකරණ අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා ලංකාදීපයට පැවැසීය. එසේ දේශපාලන පත්වීම් ලබා තානාපති කාර්යාලවල සේවය සඳහා ගොස් ඇති සියලු දෙනා ආපසු ගෙන්වන බවත්, සුදුසුකම් ලබා මේ වනවිට ශ්‍රී  ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පොරොත්තු ලේඛනයේ සිටින නිලධාරින් එම පත්වීම් සඳහා යැවීමට කටයුතු කරන බව ද ජයරත්න මහතා කීය.
 
මේ වනවිට පොරොත්තු ලේඛනයේ සිටින්නේ තානාපති කාර්යාලවල සේවය සඳහා පුහුණු කළ නිලධාරින් බවත් ඔවුන්ගේ නාමලේඛනය මේ වනවිට ජනාධිපතිවරයාගේ නිර්දේශ සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයට යවා ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
 
දැනටමත් තානාපති කාර්යාලවල සේවය කරන කම්කරු සුභ සාධක නිලධාරින් අතර අතිරික්ත නිලධාරින් සිටින බව කී ඔහු සමහර කාර්යාලවල අවශ්‍යතාවය එක් අයෙක් වුවද දෙතුන් දෙනා සිටින බව ද එවැනි අතිරික්ත නිලධාරින් ගෙන්වීම ඉක්මණින්ම කිරීමට බලාපොරොත්තු වන බව ද කියා සිටියේය.
 
මෙසේ අනවශ්‍ය පරිදි නිලධාරින් විදේශ සේවයට යැවීමෙන් කාර්යංශයේ මුදල් නාස්ති වන්නේ යැයි කී ජයරත්න මහතා ජනතා මුදල්වලින්, විශේෂයෙන් විදේශ ගත ශ්‍රමිකයන්ගේ මුදලින් නඩත්තු වන ආයතනයක එසේ මුදල් නාස්ති කිරීම අපරාධයක් වන්නේ යැයි ද කීය.
 
මේ වනවිට කොරියාව, මැලේසියාව, සිංගප්පූරුව, මාලදිවයින හා මැදපෙරදිග ඇතුළු රටවල් 16 ක ස්ථාන 17 ක කාර්යංශයේ නිලධාරීහු 120 කට ආසන්න පිරිසක් විදේශ සේවයේ යෙදෙමින් සිටිති.



අදහස් (13)

දේශපාලන දොරෙන් තානාපති කාර්යාලවලට ගිය අය ආපසු ගෙන්වයි

Prabha Sunday, 23 August 2020 01:37 PM

තානාපතිවරු පත් කිරීමේදී නිසි සුදුසුකම් බලන්න.

:       0       44

කමල් Sunday, 23 August 2020 02:07 PM

ඒ මිනිස්සු ගියාම විතරයි වැරදි. ඔක්කෝම සෙට් වෙලා පාර්ලිමේන්තු මන්ත්‍රී ළමයි ටිකක් විදේශ සේවා රැකියා ස්ථිර සේවයට විභාග නැතිව පත්කළාම හරි. මතක නැත්නම් කට්ටිය කවුද කියලා එකින් එකට කියන්න පුළුවන්. පාර්ලිමේන්තුවෙදි ඕක කවුරු හරි ඇහුවාම උත්තර වුනේ දෙපැත්තේම කට්ටිය අරන් ඉතින් කරන්න දෙයක් නෑ කියලා.

:       5       255

Dubai Sanath Sunday, 23 August 2020 03:44 PM

එයාලා ගෙන්නලා මෙයාලගේ කට්ටිය යවයි.

:       4       431

Perera Sunday, 23 August 2020 07:07 PM

බොහොම හොඳයි. ආපහු යන අය දේශපාලන හොරෙන්ද යන්නේ කියලා ජනතාව බලාගෙන ඉන්නේ.

:       3       91

dhamneth Monday, 24 August 2020 12:26 AM

යහපාලන රජයත් බලයට ඇවිත් ඔයටිකම තමා කිව්වේ.

:       45       327

සමිත සේනක අලුත්ගමගේ. Monday, 24 August 2020 02:37 AM

ඉතාමත්ම අගනා කාලෝචිත පියවරක්. සත්‍ය වශයෙන්ම මේ තානාපති නිලධාරීන් බඳවා ගැනීමේදී බොහෝවිට ඔවුන්ගේ සුදුසුකම් වලට වඩා බැලූවේ දේශපාලන සුදුසුකම් ය. මේ නිසා තානාපති අංශ වලින් ඉටුවිය යුතු නිසි සේවය හරියාකාරව ලැබුනේ නැහැ. ඒ නිසාම පිටරටවල් වල අපගේ තානාපති සේවය පිරිහුණා. සුදුසුකම් හා නිසි පුහුණුව ලත් නිලධාරීන් යවා, සුදුසුකම් හා පුහුණුව හරිහැටි නොමැති අය ගෙන්වාගෙන රටේ මුදල් ඉතිරි කර ගැනීමත්, යහපත් තානාපති සේවයක් ලබාදීමට කටයුතු කිරීමත්, කලයුතු දෙයක්. මේ ගැන අපද මීට පෙර මෙම තීරයෙන් ම කරුණු ඉදිරිපත්කොට ඇත්තෙමු. ප්‍රමාද වී හෝ නිසි ක්‍රියා මාර්ගයක් ගැනීම ගැන ජනපති තුමා ඇතුළු වගකිවයුතු අංශ වෙත අපගේ ස්තුතිය පුද කරමු.

:       309       369

Rajitha Anthony Monday, 24 August 2020 05:01 AM

ශ්‍රී ලංකා තානාපති කාර්යාල ( මැද පෙරදිග) ඩිප්ලෝම මට්ටමේ නිලධාරීන් 2 හෝ වැඩිපුර ඇත. මොවුන් සියල්ල විදේශසේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරින්ය. මොවුන්ට අමතරව සහයට ලිපිකරුවන් කාර්යාංශ පිටින් සෑම රජයක් විසින් 2-4 පත්කරයි. මොවින්ගේ එකම දීමනාව $500-600 පමනි. නිවස ඇර වෙනත් පහසුක් නැත. පවුල්රැගෙන යාමට හැකියාවක් නැත. ගෘහ සේවකාවන් ගේ ද වැටුප $325 පමණ වෙ. මගේ සංචාර වල මොවින් හමුවී ඇත. විශේෂ හැකියාවක් ද නැත.

:       1       49

Rata Perata Monday, 24 August 2020 06:46 AM

මේ වගේ සුරංගනා කතා වලට තවමත් රැවටෙන මිනිස්සු ලංකාවේ සිටීම කණගාටුවට කරුණක්.

:       0       0

ravi55 Monday, 24 August 2020 06:49 AM

ඒ ආණ්ඩුවේ ගොට්ටන්ව එලියට දාලා, මේ ආණ්ඩුවේ ගොට්ටන්ව මේ තනතුරු බාරදීලා ඕකට තමයි ශ්‍රී ලංකා තානාපති කියන්නේ.

:       0       0

rama Monday, 24 August 2020 07:47 AM

කොච්චර හිටියත් මෙලෝදෙයක් කරන්නේ නැති එක තමයි කියන්න තියෙන්නේ.. මැදපෙරදිග නම් ඉන්නේ බූරුවන් රැළක්...

:       0       0

Nuwan Monday, 24 August 2020 07:56 AM

එතකොට අර යසාර කියලා කෙනෙක් කොහොමද තානාපති සේවයට ගියේ?

:       0       0

Perera Monday, 24 August 2020 07:14 PM

අලුත් කොස්සක් මුලදී කොහොමත් හොඳට අතුගෑවෙනවා.

:       0       0

SURANGA Monday, 24 August 2020 08:18 PM

ගොඩක් එම්බසිවල ඉන්න අය යන්නේ වැඩක් කරන්න නෙවෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමතිකම් අදාල නෑ- වැඩේ ගොඩ දානවා
2024 නොවැම්බර් මස 20 489 0

ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.


සොයිසපුර මහල් නිවාසයේ ගින්නක්
2024 නොවැම්බර් මස 20 232 0

රත්මලාන, සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ ඕ බ්ලොක් හි දෙවන මහලේ නිවසක අද ( 20 ) ඇතිවූ හදිසි ගින්නකින නිවසේ කාමරයක දෙකක් දැවී දේපල හානි සිදුවී ඇතැයි මොරටුව ම


ඊ 8 වීසා ගැටලුව ලිහන්න ඇමති මැදිහත් වෙයි
2024 නොවැම්බර් මස 20 734 0

E8 වීසා ක්‍රමය යටතේ දකුණු කොරියාවට ශ්‍රමිකයන් යැවීම පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කර ඊට අදාළ නීතිමය තත්ත්ව සොයා බලා ඉදිරියේදී අවශ්‍ය පියවර ගැනීමට විදේශ කට


සහල් ටොන් 70,000 ක් ආනයනය කරයි
2024 නොවැම්බර් මස 20 940 1

රට තුළ පවතින සහල් හිඟයට කෙටිකාලීන පිළියමක් ලෙස නාඩු සහල් මෙටි්‍රක්ටොන් 70,000 ක් ආනයන කිරීමට තීරණය කළ බවත් රට තුළ මාසකට සහල් මොට්‍රික්ටොන් 40,000 ක අතිරික්තයක


ඉදිරි දින කිහිපයේ කාලගුණයේ වෙනසක්
2024 නොවැම්බර් මස 20 535 0

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ ව


රවී කළ වැඩේ ගැන පරීක්ෂණයක් කරන්න කමිටුවක්
2024 නොවැම්බර් මස 20 606 2

ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා එම පෙරමුණේ අනුමැතියකින් තොරව රවී කරුණානායක මහතා පත්ක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 433 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 677 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1925 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site