IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


දේශපාලන නෑ සනුහරේ පළාත් සභාවට

සන්ධානයෙන් හා එක්සත් ජාතික පක්ෂයෙන් වයඹට හා මධ්‍යම පළාතට තරඟ කළ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන්ගේ නෑයන් 23 දෙනකුගෙන් 19 දෙනකුම තේරී පත්ව සිටිති.

ඉඩම් ඇමැති ජනක බණ්ඩාරන තෙන්නකොන් මහතාගේ පුත් ප්‍රමිත බණ්ඩාර මාතලේ දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ලබා ගත්තේය. ඇමැතිගේ ඥාති පුත් තිලිණ බණ්ඩාර තෙන්නකෝන් මහනුවර දිස්ත්‍රික්කයෙන් තේරී පත් වී ඇත.

නියෝජ්‍ය ඇමැති නන්දිමිත්‍ර ඒකනායකගේ පුත් චින්තන ඒකනායක මාතලේ දිස්ත්‍රික්කයෙන් තේරීපත්වී සිටී. ඒකනායකගේ සොයුරු හිටපු මහ ඇමැති සරත් ඒකනායක මහනුවර දිස්ත්‍රික්කයෙන් දෙවැනි තැනට මනාප ලබා සිටී.

අගමැති දීමු ජයරත්න මහතාගේ පුත් අනුරාධ ලංකා ජයරත්න මහනුවර දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලබා සිටී.

නියෝජ්‍ය ඇමැති ජයරත්න හේරත්ගේ පුත් පියුමාල් හේරත්, වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රණාන්දුගේ පුත් ජොහාන් ප්‍රානාන්දු, දේශීය වෛද්‍ය ඇමැති සාලින්ද දිසානායක බිරිය මංජුලා දිසානායක හා ඇමැති අනුර ප්‍රියදර්ශන යාපාගේ සොයුරු චන්දන යාපා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් සන්ධානයෙන් තේරී පත්ව සිටිති.

නියෝජ්‍ය ඇමැති රෝහණ දිසානායකගේ සොයුරු පරාක්‍රම දිසානායක මාතලේ දිස්ත්‍රික්කයෙන් ද, ඇමැති දයාශ්‍රිත තිසේරාගේ බෑණා වන සුමල් තිසේරා පුත්තලම් දිස්ත්‍රික්කයෙන් ද, පාර්ලිමේන්තු මන්ත්‍රී එරික් වීරවර්ධනගේ පියා වන එදිරිවීර වීරවර්ධන මහනුවර දිස්ත්‍රික්කයෙන් ද ජයගත්හ.

ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ඥාති සොයුරු ආනන්ද අලුත්ගමගේ මහනුවරින්  පරාද විය. නමුත් ඇමැතිගේ මස්සිනා වන ආනන්ද වීරසිංහ මහනුවරින් ජය ගත්තේය.

නවගත්තේගම ගුරුවරියක දණගැස්වූ හිටපු පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත්කුමාරගේ බෑණා ද පරාද විය.

ඝාතනයට ලක්වූ ඇමැති ද මු දසනායකගේ වැන්දඹු බිරිය ඉන්ද්‍රාණි පුත්තලම් දිස්ත්‍රික්කයෙන් ජය ගත්තාය.

එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ සභාපති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ පුත් අසංක පෙරේරා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ද, පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත අලුවිහාරේගේ සහෝදර රංජිත් අලුවිහාරේ මාතලෙන් ද, ඇමැති නවීන් දිසානායක මහතාගේ සොයුරු මයන්ත දිසානායක මහනුවර දිස්ත්‍රික්කයෙන් ද තේරී පත්වී සිටිති.

ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති සරත් කෝංගහගේ මහතාගේ බිරිය හිටපු පළාත් සභා මන්ත්‍රිනී ශාන්ති කෝංගහගේ මධ්‍යම පළාතට එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කර පරාජය විය.

උසස් අධ්‍යාපන ඇමැති එස් බී දිසානායක මහතාගේ සොයුරු සාලිය බණ්ඩාර දිසානායක නුවර එළියෙන් පරාජය විය. ඔහුගේ සොයුරු ජයලත් බණ්ඩාර දිසානායක එක්සත් ජාතික පක්ෂයෙන් මහනුවර දිස්ත්‍රික්කය ජය ගත්තේය.

හිටපු ජනාධිපති ඩී බී විජේතුංග මහතාගේ බෑණා ලකී ජයවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කර මහනුවර දිස්ත්‍රික්කය ජය ගත්තේය.

 



අදහස් (0)

දේශපාලන නෑ සනුහරේ පළාත් සභාවට

අසෝක Tuesday, 24 September 2013 02:23 PM

දැන් ලංකාවේ හොඳ සැපට ඉන්න නම් එක්කෝ දේශපාලකයෙක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් නළුවෙක් හෝ නිලියක් වෙන්න ඕනේ. අපේ රටට ගිය කල. (ස)

:       0       0

ගාමිණි Wednesday, 25 September 2013 09:04 AM

අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ තුන් සිංහලයම නෑදෑයෝ. (ස)

:       0       0

කපිල Tuesday, 24 September 2013 02:34 PM

වරුණට මොකුත් කියන එපා... හරිද? (ස)

:       0       0

ධම්ම Tuesday, 24 September 2013 02:56 PM

මේකත් හරියට ඉතාලි යනවා වාගේ වැඩක්. එක් කෙනෙක් ගිහිල්ලා පවුලේ අනෙක් අය ගෙන්වා ගන්නවා. (ස)

:       0       0

සුනෙත් Tuesday, 24 September 2013 02:58 PM

පරම් පරාවම ගොඩ ගියේ මේකෙන් නේ..ඉතින් මේකට ඉදිරිපත් නොවී බෑනේ. (ස)

:       0       0

ලේක්කෝ ගලබඩ Tuesday, 24 September 2013 03:08 PM

මෙයින් පැහැදිලි වෙන්නේ දේශපාලන 'මාෆියාවක්' බිහිවෙන වග නොවේද? ලංකාවේ ඡන්දදායකයෝ සෑම විටම ඉල්ලන් කන ජාතියකි. බඩු මිල ඉහළ ගියත් අපි නම් ආයෙත් ලංකාවේ මිනිස්සු ගැන කතා කරන්නේ නැත. (නි)

:       0       0

සම්පත් Tuesday, 24 September 2013 03:12 PM

හැබැයි අලුත් පරම්පරාව බුද්ධිමත්.හරි දේ තෝරන්නේ.මගේ අදහස ලංකාවට පළාත් සබා අනවශ්‍යයයි. (නි)

:       0       0

ගාමිණී Tuesday, 24 September 2013 03:22 PM

අහිංසක මිනිසුන්ගේ සල්ලි ගසාකන අයට නම් හරියන්න එපා (නි)

:       0       0

සුනිල් අබේරත්න Tuesday, 24 September 2013 10:12 PM

දැන් මේ සමහර අදහස් දාන අයගේ හැටියට මේ රට පාලනය කරන්න ආයෙත් සුද්දට දෙන්න කියලද කියන්නේ?දේශපාලනය කියන්නේ කියන්නේ මේකට තමා.කාට හරි කියන්න පුලුවන්ද මේකට වෙන විකල්පයක් (නි)

:       0       0

කුමාරි Tuesday, 24 September 2013 03:36 PM

මේවට වගකියන්න ඕනෑ ඉතින් කතිරය ගහපු මිනිස්සු (නි)

:       0       0

සනත් Tuesday, 24 September 2013 10:34 PM

කාටවත් දොස් කියලා වැඩක් නැහැ. මහ ජනනතාවමයි මේ අයට ඡන්දය දීලා තියෙන්නේ. (නි)

:       0       0

පිටිගල Tuesday, 24 September 2013 10:55 PM

නෑදෑයෝ ටික එකතු වුණාමවත් ගහගන්නේ නැතුව මරා ගන්නේ නැතුව, චන්ඩි දාලා අසරණයන් පෙළන්නේ නැතුව, විරුද්ධකාරයින්ගේ පස්සේ සුදු වෑන් එවන්නේ නැතුව, සමගියෙන් ඉන්නවා නම් රටේ සම්පත් වලට හානි වුණත් කමක් නැහැ. (නි)

:       0       0

මිනිපෙ Tuesday, 24 September 2013 10:58 PM

පළාත් සබා ක්‍රමය අපේ වගේ පොඩි රටකට අවශ්‍ය නැත. නෑකම් ගැන කතා කොලොත්, ඇමරිකාවෙත් බුෂ්,ක්ලින්ටන් සහ තව දේශපාලනයේ යෙදී සිටින්නාගේ නෑයෝ ඡන්දෙ ඉල්ලනවා. සේනානායක,බණ්ඩාරනායක සහ ප්‍රේමදාස සහ දැන් පවතින රජයේ නෑ සම්බන්ද්කන් ගැන අපි හැමෝම දන්නවා. දැන් ඔබ කියාවී ෆොන්සේකා මහත්තයාගේ අය දේශපාලනයේ නෑ කියලා. පොඩ්ඩක් ඉවසගෙන ඉන්නකෝ, ඒක ලගදීම බලාගන්න පුලූවන්.(නදී)

:       0       0

රනිල් Tuesday, 24 September 2013 04:22 PM

ලංකාවේ පළාත් සබාවල තිබෙන නොගැළපෙන බව තේරුම් ගන්න තව උදාහරණ අවශ්‍ය නැහැ.මේකෙන්ම පේනවා අපේ රටේ දේශපාලකයෝ මේ රටට කොච්චර ආදරේද කියලා. (නි)

:       0       0

සිරිපාල Tuesday, 24 September 2013 11:55 AM

මම ඉස්සර කාලේ ඉදන්ම ලංකාදීප පාඨකයෙක්. අපේ ගෙදරට හැමදාම ගේනවා ලංකාදීප පත්තරෙත්. හැමදාම අපි මෙම වැදගත් පුවත් බලන්න ආවම වරුණගේ මෝඩ අදහස් දැකලා හරිම කණගාටුවක් දැනෙනවා. (නි)

:       0       0

ලලිත් Tuesday, 24 September 2013 04:31 PM

මේ අය පත් කරන්නේ ජනතාව නම් රජකාලේ වගේ පුතාට යන්න ක්‍රමයක් හදන්නේ ඇයි? එහෙම නම් රජවරු වගේ සටන් කරලා දිනලා බලය ගන්න ඕනෑ. (නි)

:       0       0

ෆරීඩ් Tuesday, 24 September 2013 04:33 PM

ඉන්දියාව දිහා බලන්න. බලා ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් පමණක් පළපුරුදු දේශපාලනඥයන් පමණක් ඉතා උගත් අය පමණක් මැතිවරණයට ඉදිරිපත්වෙන්න. (නි)

:       0       0

රාධිකා Tuesday, 24 September 2013 11:57 AM

මට හිතෙනවා නුදුරු අනාගතයේදී ඔය තත්ත්වය වෙනස් වෙයි. ජෙනරාල් තුමා ඉදිරියට ගේන්න ඕනෑ. (නි)

:       0       0

රෝහණ Tuesday, 24 September 2013 11:58 AM

අපේ අතීතයේ සිිට වැදගත් අන්දමට හැසිරුණු, තමන් පත්කළ ජනතාවට අවංකව ආදරයෙන් සේවය කළ මහත්මා ගුණෝ ඇති මැතිදුන්ලා සේ වැඩ කළොත් අපේ ලක් මාතාව දියුණු මට්ටමකට යාවි. (නි)

:       0       0

තාරක Tuesday, 24 September 2013 12:02 PM

හැමෝම නෑයෝ නිසා ඔවුන් එක පවුලක් වගේ ඉදිවී. ඔවුන්ගේම යහපතට තීරණ ගනීවි. (නි)

:       0       0

සත්සරනි Tuesday, 24 September 2013 12:04 PM

වරුණ, අපි ඔයාගෙන් කාරුණිකව ඉල්ලන්නේ මේ පුවතටත් මෝඩ අදහසක් දාන්න එපා.... (නි)

:       0       0

කුමාර Tuesday, 24 September 2013 12:07 PM

අනාගතයේදී හොඳ හොඳ දේවල් අහන්න පුලුවන් වේවි, මේ දේශපාලන ක්‍රමය කවදාද ඉවර වන්නේ? (ස)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 24 September 2013 12:12 PM

අපි ජාතියක් හැටියට මුලින්ම පරාජය කළ යුත්තේ පුද්ගලයන් නොව මෙම රටේ මුදල් කාබාසීනියා කරන පළාත් සභා ක්‍රමයයි. නිර්ලජ්ජිත ලාංකිකයා 'හුරේ' දමා ගොස් ඡන්දය දී ඇති බවයි දක්නට ලැබෙන්නේ. දැන් ඉතින් මේවට යන වියදම් ගෙවන්නත් ලෑස්ති වෙන්න. (නි)

:       0       0

වරුණ Tuesday, 24 September 2013 12:12 PM

සත්සරනිලා,වාගිශ්වරලා,අවිෂ්කලා,අරුනිලා වගේ නුවණක්කාරයෝ තමයි මේ වගේ පවුල් දේශපාලනය වෙනුවෙන් හුරේ දාලා කතිරේ ගහන්නේ (නි)

:       0       0

රණා Tuesday, 24 September 2013 12:20 PM

අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ ...මුළු ලංකාවේම නෑදෑයෝ.මටත් ඕනෑ රජෙක් වෙන්න. ඒත් අපේ කාටවත් බැරි වුණා ඒක.මොනවා කරන්නද. අපිත් වෙනම පක්ෂයක් හදමු. (නි)

:       0       0

උපාලි Wednesday, 25 September 2013 04:24 AM

ෆරීඩ්, ඉන්දියාව දිහා බලල තමයි මෙහෙම කලේ. අපි බැලුව අගමැති නේරු දිහා, එයාගේ දුව අගමැතිනි ඉන්දිරා දිහා, එයාගේ පුතා අගමැති රජීව් දිහා, එයාගේ නෝනා පක්ෂ නායිකා සෝනියා දිහා...තව බලමු නේද? (නදී)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 25 September 2013 12:46 PM

මගේ අදහස නම් දුදරුවෝ, නැත්නම් සහෝදර සහෝදරියෝ, උනාට කමක් නැහැ. ඒගොල්ලන් තරුණ, උගත්, බුද්ධිමත් සහ අවංක ජනතා සේවකයෝ වෙන්න ඕනේ.ජනතාවගේ දුක සතුට හොඳින් තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. (ස)

:       0       0

රංජිත් සිල්වා Tuesday, 24 September 2013 01:28 PM

මේක ඉතින් ලංකාවේ ස්වභායනේ. ඔය අදහස් දමන අය උනත් ඔය තැන වලට ගියහම නෑයන්ට යාලුවන්ට සලකන එක පුදුමයක් නෙමේ. අපි ඔක්කොම රජවරු ඔක්කොම නෑදෑයෝ නේ? (ස)

:       0       0

කමල් Tuesday, 24 September 2013 01:29 PM

අනේ දණ ගස්සපු මාමගේ පුතා පැරදුනා නේද? මේවා විය යුතු දේවල් නොවේ. වයඹ ජනතාවට පවුල් දේශපාලනය තේරුම් ගැනීමේ හැකියාව මදි නිසයි මෙහෙම වෙලා තියෙන්නේ. ඉදිරියේදී මෙම දුර්වලතාවය ඉවත් කර ගැනීමට උනන්දු විය යුතුයි. (ස)

:       0       0

රාජදුත Tuesday, 24 September 2013 01:31 PM

මෙන්න තවත් චන්ද ප්‍රතිඵලයක්! සන්ධානයේ ඥාති සංග්‍රහය 20% යි. එජාපයේ ඥාති සංග්‍රහය 18% යි. සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයේ සුපිරි බල මහිමය. ජයවේවා!!!. (නි)

:       0       0

සිරිපාල Tuesday, 24 September 2013 01:33 PM

වරුණ ඔයා වගේ කෙනෙකුට උපදෙස් දෙන්න නාස්ති කරන වචන අපරාදේ... ඔයාම ටිකක් හිතලා බලන්න ගොඩාක් අය ඔයාට විරුද්ධව අදහස් ප්‍රකාශ කරන්නෙ ඇයි කියලා....ඔයාට වෙන වැඩක් ඇත්තෙම නැත්ද කරන්න....?වරුණ වගේ නිකන් කාලෙ කකා ඉන්න අය නිසා ඉහලින්ම වැජඹෙන පත්තරේකට පාඨකයො අඩු වෙන එක විතරයි වෙන්නෙ.... (ස)

:       0       0

සනත් ,වෙරෝනා Tuesday, 24 September 2013 01:35 PM

ශ්‍රී ලංකා වාසින් වන අප කොතරම් වාසනාවන්තද මෙපමණ ලංකාව දියුණු කල අප දේශපාලකතුමන්ලාගේ දෙවැනි පරපුරෙනුත් සේවය ලබාගැනීමට හැකිවීම. (ස)

:       0       0

ලංකා Tuesday, 24 September 2013 01:46 PM

එක් අයෙකුගෙන් ලැබුන ආදර්ශය දිගටම ගෙනියනවා. බොහොම හොදයි. ඔහොම යමු ඔහොම යමු (නි)

:       0       0

සුනිල් අබේරත්න Tuesday, 24 September 2013 01:50 PM

අපේ රටේ මිනිස්සු ආවට ගියාට ඡන්දය දෙන්නේ නැහැ. කම්කරුවාගේ සිට ඉහළම බුද්ධිමතුන් දක්වා ඡන්දය පාවිච්චි කරන්නේ තේරුමක් ඇතුවයි. දේශපාලනය කරන්න දැනුම වගේම මුදලුත් තිබිය යුතුයි. (නි)

:       0       0

නිශාර්ඩ් Tuesday, 24 September 2013 01:56 PM

මහජන මතයට අපි ගරු කල යුතුයි. (ස)

:       0       0

මාලක Tuesday, 24 September 2013 06:59 PM

මොන පැත්ත පෙරලුනත් හොඳයි.නැත්නම් පක්ෂය මාරු කළත් හරිනේ. (නි)

:       0       0

අස්මිත් Wednesday, 25 September 2013 08:14 AM

මේ සැමෝම පොර කාගෙන දිනලා පැරදිලා ඉන්නේ දේශයටත්, ජනතාවටත් ඇති කැක්කුම නිසා නෙමෙයිද?දැන් අවුරුදු 50ක් විතර රට නගන්නේ,ඔය ක්‍රමයට තමයි.වෙනස,එදාට වඩා අද පරම්පරාව ටිකක් ලොකුයි,නෑයෝ සහෝදරයෝ වැඩියි.නමුත් අද ජනතාව සුඛිත මුදිත වෙලා ඉන්නේ,ඒ නිසා නේද ඔය හැම පක්ෂයකම ඉන්න නෑයෝ ටිකට ජනතාව කිසි පැකිලීමක් නැතුවම කතිරෙත් ගහලා,ඔවුන් දිනුවට පස්සේ එයාලගේ සෑම කටයුත්තක්ම පුළුවන් විදිහට ඉවසලා මොන ආර්ථික අමාරුකම් ආවත් ගෙදර ගැහැනිව පිටරටට බැලමෙහෙවරකම් වලට යවලා හරි තමුන්ගේ අතේ සොච්චම,ඉහළ ගිය අත්‍යවශ්‍ය භාණ්ඩවලට නොපැකිලව වියදම් කරලා,ලෙඩක් දුකක්,උත්සවයක් ආවම කණකර හරි උගස් තියලා,දේශපාලකයා අතින් සිදුවෙන දුෂණ වංචා සැම ඉවසාගෙන දේශපාලකයන්ට කිසි කරදරයක් පීඩාවක් නොකර ජීවිතේ ගැට ගහගෙන ඔය අපුරුවට ජීවත් වෙන්නේ! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 76 0

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 953 0

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 1394 0

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 172 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1082 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1200 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 26121 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23464 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 391 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site