IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


දේශපාලන බලපෑම් නැත්නම් මීලඟ කි‍්‍රකට් ඡන්දයට මාත් එනවා

දේශපාලන බලපෑම්වලින් තොරව කටයුතු කිරීමේ අවස්ථාව තමන්ට දෙන්නේ නම්, කඩාවැටී ඇති ශ්‍රී ලංකාවේ ක‍්‍රිකට් ක‍්‍රීඩාව බේරාගැනීමට, ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ඉදිරි නිලවරණයට තමන් අනිවාර්යෙන්ම ඉදිරිපත් වන බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ හිටපු නායක මෙන්ම කළුතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රි අර්ජුන රණතුංග මහතා පැවසීය.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලවරණයට ඉදිරිපත්විමේ සූදානමක් ඇත්දැයි අර්ජුන රණතුංග මහතාගෙන් ‘ලංකාදීප’ කළ විමසුමකදී ඒ මහතා මෙසේ ද පැවසීය.

”ක‍්‍රිකට් ආයතනයට අනවශ්‍ය දේශපාලන බලපෑම් වැඩියි, ඒවා තිබියදී ඔතන වැඩ කරන්න බෑ. එම බලපෑම් නොමැති නම් මම අනිවාර්යෙන්ම ශ්‍රී ලංකාවේ ක‍්‍රිකට් ක‍්‍රීඩාව වෙනුවෙන් ඉදිරිපත් වෙනවා”

”ක‍්‍රීඩා සමාජ කීපයක් පසුගිය සතියේ මාව මුණගැසී නිලවරණයට ඉදිරිපත් වන ලෙස ඉල්ලීමක් කළා. මේ සතියේ තවත් ක‍්‍රීඩා සමාජය කීපයක් හමුවීමට නියමිතව තිබෙනවා” යැයි 1996 ලෝක ශූර ශ්‍රී ලංකා පිලේ නායක අර්ජුන රණතුංග මහතා වැඩි දුරටත් පැවසීය.

අර්ජුණ රණගුංග මහතා මීට පෙර වසරක පමණ කාලයක් ක‍්‍රිකට් අතුරු පාලක කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේය.   



අදහස් (0)

දේශපාලන බලපෑම් නැත්නම් මීලඟ කි‍්‍රකට් ඡන්දයට මාත් එනවා

සුදත් Monday, 28 January 2013 03:37 PM

ඔබ එන්න ,සුදුස්සා ඔබයි (ස)

:       0       0

ගයාන් Monday, 28 January 2013 11:14 AM

අපි ඔබට සුබ පතනවා මේ ගමන යන්න (ස)

:       0       0

ඕෂි Monday, 28 January 2013 03:45 PM

 ක්‍රිකට්,  මුදලට බාල්දු නොකල, ඉහල අයට සර් කියා නොකිව, සදුස්සාට තැනදුන් ඔබ මෙතනට සුදුසුම තැනැත්තා.අපට තව වතාවක් ලෝක කුසලානය  ගැන බලාපොරොත්තු තබාගත හැකියි. කැප්ටන් කූල් ඔබට ජය! (ස)

:       0       0

ලලිත් Monday, 28 January 2013 11:48 AM

ජය වේවා (දී)

:       0       0

අනුර Monday, 28 January 2013 11:52 AM

ඔබ හොඳ ක්‍රීඩකයෙක්‍. ස්ථීර තිරණයක ඉන්න (ස)

:       0       0

ලලිත් Monday, 28 January 2013 11:51 AM

කොහොම හරි එන්න , ඇවිත් දේශපානය සම්පූර්ණයෙන්ම ක්‍රිකට් වලින් අතුගා දමන්න .ජය වේවා ! (ස)

:       0       0

ජනක Monday, 28 January 2013 12:05 PM

ඔබට පුළුවන් , සුබ පැතුම් (ස)

:       0       0

සුසන්ත Monday, 28 January 2013 12:13 PM

බලපෑම් ගනන් ගන්න එපා (දී)

:       0       0

ගාමිණී Monday, 28 January 2013 12:14 PM

ඔබට සුභ පැතුම් (දී)

:       0       0

සුජීව Sunday, 27 January 2013 11:13 PM

අනිවාර්යයෙන්ම ඔහුට අවස්ථාව දියයුතුයි. ඔහු යමක් කළ හැකි කෙනෙක්. (නි)

:       0       0

නාමල් Sunday, 27 January 2013 11:17 PM

අදහස නම් නරකම නැහැ. හැබැයි ලැබුණොත් යමක් කරන බව ස්ථිරයි. (නි)

:       0       0

ගාමිණි Monday, 28 January 2013 12:17 PM

ඒ තරගයට ඔබ නිතරගයෙන් සුදුස්සෙක් (දී)

:       0       0

මේරි Monday, 28 January 2013 12:23 PM

ඔබ තමයි නියම සුදුස්සා . ඔබ කරපු ‍සේවය වෙන කි‍සිවෙක් කරලා නෑ (ස)

:       0       0

පුෂ්පා Monday, 28 January 2013 12:27 PM

ඔබ විශිෂ්ඨයි (ස)

:       0       0

විශාන් Monday, 28 January 2013 12:04 AM

අන්න අර්ජුන මහත්තයෝ කරන්න පුලුවන් නම් හොද වැඩක්. හැබැයි ඉතින් දේශපාලන බලපෑම් එන එක නම් නවත්වන්න බැහැ. (නි)

:       0       0

සිල්වා Monday, 28 January 2013 12:16 AM

ක්‍රීඩා කරපු ක්‍රීඩාව දන්න සුදු‍ස්සෙක් තමයි අර්ජුන කියන්නේ .මේකට සුදුසුම කෙනා තමයි කැප්ටන් කූල් (ස)

:       0       0

සුභාෂිනි Monday, 28 January 2013 12:14 AM

මොන බලපෑම් ආවත් හරියට වැඩ කරන්න ඔයාට පුළුවන්. එන්න එන්න අර්ජුන ඔයා ආවෝත් මේක ගොඩ ගන්න පුළුවන් (ස)

:       0       0

තිසල් Monday, 28 January 2013 12:17 AM

දොඩම් ගොඩේ කතාව වෙයිද දන්නේ නැහැ (දී)

:       0       0

ඉර්ෆාන් ධර්මා Monday, 28 January 2013 02:16 AM

අර්ජුන අයියා තරම් සුදුසු කෙනෙක් වෙන නැහැ, අපිට නම්. (නි)

:       0       0

වනිතා Monday, 28 January 2013 01:10 PM

ඔබ තමා නියමම සුදුස්සා අර්ජුන,ඔබේ සගයා අරව්න්ද තේරීම් කමිටුවටත් එනවා නම් මොන තරම් විශිෂ්ඨද.ජයෙන් ජයම වේවා ඔබට.................(ස)

:       0       0

ද සිල්වා Monday, 28 January 2013 01:08 PM

අර ඉස්සර ඇවිදිමින් ළකුණු ලබාගත්තා වගේ විමසිල්ලෙන් ඉවසීමෙන් වැඩ කළොත් ඔබට ලංකාවෙ ක්‍රිකට් ගොඩගන්න බැරි නැහැ.. ඔබයි මෙයට සුදුස්සා.. ලංකාවෙ ක්‍රිකට් වලට ඔබ අවශ්‍යම මොහොතයි මේ..!(නු)

:       0       0

දොන් Monday, 28 January 2013 05:08 AM

ඇත්තටම සන්තෝසයි (දී)

:       0       0

දොන් Monday, 28 January 2013 05:35 AM

ඔබ තුමා නම් මේකට සුදුසුයි (දී)

:       0       0

සුරංජිත් Monday, 28 January 2013 07:06 AM

ඔබ තමයි විශිෂ්ටයා... (නි)

:       0       0

සරත් Monday, 28 January 2013 07:12 AM

ඔබට ජය වේවා (දී)

:       0       0

තරිදු Monday, 28 January 2013 07:12 AM

ඔබට සුභ පැතුම් (දී)

:       0       0

ආරච්චි Monday, 28 January 2013 07:12 AM

ඒක නම් හොදයි (දී)

:       0       0

බෝපේ Monday, 28 January 2013 07:17 AM

96 ලෝකශුරයන්ගෙන් තොර ගන්න දුන්නා නම් කොහොමද (දී)

:       0       0

හාෆීල් Monday, 28 January 2013 01:35 PM

හොඳ පුවතක් (ස)

:       0       0

නලින් Monday, 28 January 2013 09:03 AM

දේශපාලන බලපෑම් නැවැත්වීම අමාරුයි .නමුත් ඔබ වැනි කෙනෙක් පත්වුණොත් ඊට විරුද්ධව කටයුතු කල හැකියි (ස)

:       0       0

දිලුශි Monday, 28 January 2013 09:04 AM

නියමයි (දී)

:       0       0

රසික Monday, 28 January 2013 09:06 AM

ක්‍රීඩාවට සෙතක් වෙනවානම් එච්චරයි (දී)

:       0       0

ප්‍රනාන්දු Monday, 28 January 2013 09:13 AM

නියම සුදුස්සෝ තමයි ඔබතුමාලා (දී)

:       0       0

චන්ද්‍රා යූ.එස්.එ් Monday, 28 January 2013 02:02 PM

ඇයි කලබල, තව ටිකක් ඉවසන්න හන්සයා ලකුණෙන් ක්‍රීඩා ඇමතිම වෙන්න පුළුවං.. එතාකොට ඔයකියන බලපෑම් නැහැ ..!(නු)

:       0       0

ප්‍රශාන් Monday, 28 January 2013 09:39 AM

ඔබ විශිෂ්ඨ මිනිසෙක් (ස)

:       0       0

නිරාන් Monday, 28 January 2013 09:39 AM

ඔබ තමයි නියම සුදුස්සා . කටු පඳුරු තිබ්බත් ගමන යාම ඔබ කල යුතුයි (ස)

:       0       0

ශාන්ත Monday, 28 January 2013 10:14 AM

සුදුසුම කෙනා ඔබයි (දී)

:       0       0

ඉසුරන්දි Monday, 28 January 2013 10:22 AM

අපිත් මෙච්චර කල් බෙරිහන් දුන්නේ මේ දේම විය යුතුයි කියලා තේරුම් කරන්න තමයි (ස)

:       0       0

ඉසුරංග Monday, 28 January 2013 10:25 AM

ඔබ තමයි නියම සුදුස්සා (දී)

:       0       0

ඩෑම් Monday, 28 January 2013 10:26 AM

දේශපාලනය ගෑවුණු තැනක කඩා වැටීමක් මිසක් වැඩි යමක් බලාපොරොත්තු වෙන්න බෑ. (ත)

:       0       0

රුවන් Monday, 28 January 2013 10:55 AM

ඒ තන්නතුරට ඔබ සුදුස්සෙක් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 770 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 1651 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 99 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 2343 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 6027 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


මන්ත්‍රීන්ට මාදිවෙලින් යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 4113 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38986 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25536 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 307 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1053 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 371 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site