IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


‘දේශපාලන සිරකරුවන් නිදහස් කරනු‘

දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලමින් සිවිල් සංවිධාන නියෝජිතයෝ හා සමාජ ක්‍රියාකාරීහු පිරිසක් අද වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වූහ.

එක්සත් සමාජවාදී පක්ෂය, නව සම සමාජය පක්ෂය, සමාජවාදී පක්ෂය, නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ආදී දේශපාලන පක්ෂ ද, වමේ හඩ, සම අයිතිය ව්‍යාපාරය, අලුත් පරපුර, ලංකා ගුරු සංගමය ආදී සිවිල් සංවිධාන හා වෘත්තීය සිමිති නියෝජිතයෝ පිරිසක් ද ඊට එක්වූහ.

නඩු නොදමා වසර ගණනාවක් තිස්සේ බන්ධනාගාර ගත කර සිටින දේශපාලන සිරකරුවන් මුදා නොහැරීම නිසා ඔවුන්ගේ මානව හිමිකම් කඩවන බව විරෝධතාකරුවෝ කීහ.

අන්තර් විශ්ව විද්‍යාලය ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු මෙන්ම අක්ෂය සංවාද මණ්ඩපයේ ක්‍රියාකාරිකයකු ද වන නජිත් ඉන්දික මහතා කීවේ එල්ටීටීඊයේ ප්‍රධානීන් නිදැල්ලේ සිටියදී ඔවුන්ගේ කීමට වැඩ කළ ඇතැමුන් සිර කරගෙන සිටින බවයි. ඇතැම් දේශපාලන සිරකරුවන් සිය ජීවිතයේ වැඩි කාලයක් ගෙවා ඇත්තේ බන්ධනාගාරයේ බව ද ඔහු කීවේය.

ඡායාරූප හා වීඩියෝ - කෞශල්‍ය සමින්ද

_MG_3158 _MG_3169 _MG_3170 _MG_3171 _MG_3172 _MG_3173 _MG_3176



අදහස් (0)

‘දේශපාලන සිරකරුවන් නිදහස් කරනු‘

ඇසළ Monday, 08 August 2016 09:52 AM

යුද්දේ කාලේ මේ කට්ටිය හිටියේ කොහෙද ? මට හිතෙන හැටියට උතුරේ කොටි එක්ක. (බ)

:       0       0

පී.එස්. කෙටවල Monday, 08 August 2016 04:27 PM

මේ ඇතුලේ ඉන්නේ තනිකර මිනීමරු කොටි ...මේ එළියේ ඉන්නේ කොටින්ට කඩේ යන අය (අ)

:       0       0

ගයාන් හෙට්ටිආරච්චි Monday, 08 August 2016 10:25 AM

දැන් පේනවනේ මේගොල්ලෝ කාටද කඩේ යන්නේ කියල..(හේ)

:       0       0

අසිත Monday, 08 August 2016 07:40 AM

ඔය ඉන්නේ කට්ටිය බැනර් උස්සගෙන. (බ)

:       0       0

හෆීල් Monday, 08 August 2016 10:55 AM

මේ මොකද්ද ත්‍රස්තවාදීන්ට දේශපාලන සිරකරුවන් කියල අලුත් නමක් තියාගන? ලෝකේ කොහෙවත් මෙහම නැහැ. ත්‍රස්තවාදීන් ත්‍රස්තවාදීන්මයි. මේ අය නිදහස් කරන්නෝන කියනවා. අනිත් පැත්තෙන් රණවිරුවන්ට දඬුවම් දෙන්නත් ඕන? මේවා සාධාරණද? (බ)

:       0       0

බන්දුල Monday, 08 August 2016 07:51 AM

පහුගිය කාලේ ඔයාලා කොහෙද හිටියේ? (නි)

:       0       0

සුසන්ත Monday, 08 August 2016 11:15 AM

මේ අය දැන් ඉදන්ම සැරසෙන්නේ යුද අධිකරණ ගෙනත් හමුදාව නොකළ වරදවලට පටලවා හිරේ දමා, කොටින් නිදහස් කර ඔවුන්ට වන්දි ලබාදෙන සැලසුමට ජන මනස හුරු කිරීමටයි. මේවට ගෙවීම් ලැබෙන මුදල් වර්ගය කියන්න වුවමනා නැහැනේ! (බ)

:       0       0

මංජුල Monday, 08 August 2016 08:04 AM

කවුද මේ දේශපාලන සිරකරුවෝ? (නි)

:       0       0

ගුණවර්ධන Monday, 08 August 2016 07:12 PM

අාවට ගියාට අදහස් දමන්න එපා. යුද්ධයෙන් බැටකාපු ගොඩක් පිරිස දෙපැත්තෙන්ම අදත් දුක් විඳිනවා සිංහල, දෙමළ. මේවට විසඳුමක් නැති නිසා සැහෙන කාලයක් අපි මරාගත්තා. දැන්වත් ප්‍රායෝගිකව සැමදෙනා කටයුතු කළයුතු බවත් ජාති බේද, කුල බේද මනුස්ස ගුණධර්මයන්ට පටහැනි බව අවබෝධ කරගැනීම වඩාත් සුදුසු බව මා ප්‍රකාශ කරනවා (නි)

:       0       0

අනිල් Monday, 08 August 2016 11:22 AM

මිනීමරු කොටින්ට දේශපාලන සිරකරුවන් කියා නිදහස හා වන්දි ඉල්ලන මොවුන්මය හමුදාව මිනීමරුවන් කියමින් ඔවුන් එල්ලා මරණ ලෙස පෙළපාලි යන්නෙත්. (ම)

:       0       0

හේමන්ත Monday, 08 August 2016 08:29 PM

ත්‍රස්තවාදයයි දේශපාලනයි පැටළිලා වගේ මට නම් පෙනෙන්නේ. පව් පෙළපාලි ගිහින් වෙන්න ඇති අත්අඩංගුවට ගන්න ඇත්තේ. (නි)

:       0       0

සිරි Monday, 08 August 2016 08:46 PM

මේ අයගෙන් වැඩි දෙනෙක් කෑගහන්නේ ඇයි කියලා අපි දන්නවා (නි)

:       0       0

නාමල් Monday, 08 August 2016 10:16 PM

මෙතැන අදහස් දමන සමහර අයගේ දැනුම අන්තිමයි. මේ උද්ඝෝෂණය කිසිදු චොදනාවක් නැතුව අවුරුදු ගණනක් රිමාන්ඩ් බන්ධනාගාරවල තියාගෙන ඉන්න අහිංසකයින්ව නිදහස් කරන්න කියලායි (නි)

:       0       0

ජොහාන් Monday, 08 August 2016 10:55 PM

ත්‍රස්තවාදය දැන් දේශපාලනය බවට හැරවුණේ කුමන බලයක් නිසාද? (නි)

:       0       0

පොල්කොටුව Monday, 08 August 2016 10:54 PM

මෙහෙමත් සිංහලයෝ? ලැජ්ජයි. (නි)

:       0       0

බමුණු ආරච්චි Monday, 08 August 2016 11:11 PM

දේශපාලන සිරකරුවන් නැත. ඉන්නේ ත්‍රස්තවාදීන්ය. සමහර සිංහලයිනුත් ඔවුන්ට දේශපාලන සිරකරුවන් කියන්නේ සුමාන දෙකෙන් අමතකවීමේ රෝගය නිසාද

:       0       0

අජිත් කරුණාරත්න Tuesday, 09 August 2016 02:22 AM

මහින්ද රජය සමයේ පටන් මේ දේශපාලන සිරකරුවෝ බන්ධනාගාරයේ හිටියා. ඒත් මේ වගේ උද්ඝෝෂණ කළේ නම් නැහැ නේද? (නි)

:       0       0

පීරිස් Tuesday, 09 August 2016 03:12 AM

අවුරුදු ගානක් නීතිය ක්‍රියාත්මක නොකර නිකන් කන්න දිදී තියාගත් එක නම් වැරදියි. නමුත් මේ ඉන්නේත් අහිංසකයෝද? (නි)

:       0       0

ඉසුරන්දි Monday, 08 August 2016 02:02 PM

බලන් යද්දී මෙවැනි ඉල්ලීම් සාධාරණයි කියලත් හිතෙනවා අවුරුදු ගණන් ඇදී ඇදී යද්දී. එක්කෝ තීරණයක් දෙන්න ඕනේ ඉක්මනින් ඔය දේශපාලකයන්ට දෙනවා වගේ. (බ)

:       0       0

රොකි Tuesday, 09 August 2016 03:35 AM

හිරගෙදර සිටිය යුතු බොහෝ දෙනෙක් පාර්ලිමේන්තුවේ තවමත් සිටිනබව පෙනේ. ඔවුන්ව ඇතුලට දාන්ට කියා පෙළපාලි ගියොත් නරකද?(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 42 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


එවරස් කන්දේ උස වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 06 322 0

අරුන් ගංගා ද්‍රෝණියේ පාෂාණ සහ පස් ඛාදනය වීමෙන්, ලොව උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්ද වසරකට මිලිමීටර් 2 කින් ඉහළ යමින් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළි ව


ඩයිනසෝරයන් විනාශ කළේ එක් ග්‍රහකයක් නොවේ
2024 ඔක්තෝබර් මස 06 456 0

වසර මිලියන 66 කට පෙර, මිහිමත රජ කළ දැවැන්තයන් වූ, ඩයිනසෝරයන් විනාශ කළේ එක් යෝධ ග්‍රහකයක් පෘථිවියේ ගැටීමෙන් නොව, යෝධ ග්‍රහක කීපයක් පෘථිවියේ ගැටීමෙන් යැයි


ඉලොන් මස්ක් ට්‍රම්ප්ගේ වේදිකාවේ
2024 ඔක්තෝබර් මස 06 358 0

නොවැම්බර් 5 පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී, බිලියනපති ඇමෙරිකන් ව්‍යාපාරික ඉලොන් මස්ක්ගේ සහාය රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක, හිටපු ජනාධිපති ඩ


සරුංගල් යැවූ දරුවන්ට විදුලි සැර වදී
2024 ඔක්තෝබර් මස 06 1230 4

13 දහතුන් හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙක් සරුංගල් යවමින් සිටියදී අධිබලැති විදුලු රැහැනකින් විදුලිසරවැදි බරපතළ පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි


ලබුගම අනතුරක්:පෙම්වතා මරුට,පෙම්වතිය රෝහලට
2024 ඔක්තෝබර් මස 06 1120 0

ලබුගම තුම්මෝදර යතුරු පැදියකින් යමින් සිටි පෙම්වතුන් යුවලක් බෝක්කුවක් පල්ලට ඇද වැටීමෙන් සිදු වූ අනතුරකින් දහනව හැවිරිදි පෙම්වතා මියගොස් විසි හැවිරි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39178 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25596 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1091 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site