IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


දේශබන්දුගෙන් කොටුව පොලිස් ස්ථානාධිපතිට දුරකථන ඇමතුමක්

(නිමන්ති රණසිංහ)

ජනාධිපති මන්දිරයෙන් සොයාගත් මුදල්වලට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට දුරකථන ඇමතුමක් ලබා දී ඇති බවට දුරකථන විශ්ලේෂණ මගින් අනාවරණය වී ඇතැයි පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.එස්. වික්‍රමසිංහ මහතාඅධිකරණය හමුවේ අද (12) දැනුම් දුන්නේ ය. 

අරගලකරුවන් ජනාධිපති මන්දිරයෙන්  සොයාගෙන කොටුව පොලිසිය වෙත භාර දුන් රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයකට අධික මුදල් අධිකරණයට ඉදිරිපත් කිරීමට ප්‍රමාද වීම පිළිබඳව සිදුකරන ලද විමර්ශනයන් සම්බන්ධයෙන් වූ වාර්තාව පොලිස් විශේෂ විමර්ශන ඒකකය අද (12) කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවේ ඉදිරිපත් කළ අවස්ථාවේ දී මෙම කරුණු ඉදිරිපත් විණි. 

මෙම සිද්ධියට අදාළව අධිකරණයෙන් ලබාගත් නියෝගයක් මත  දුරකථන ඇමතුම් විස්තර වාර්තා ලබාගෙන විමර්ශන සිදුකළ බවත් එහිදී මෙම කරුණු හෙළි වූ බවත් ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා අධිකරණයට දැනුම් දුන්නේය.

මේ සිද්ධිය සම්බන්ධයෙන්  බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලීසියට ප්‍රකාශයක් ලබාදී ඇති අතර එම ප්‍රකාශය මගින්  තමා කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයාට දුරකතනයෙන් කතා කළ බවට පිළිගෙන ඇති බවත් එහෙත් අදාල මුදල් සම්බන්ධයෙන් ගත යුතු පියවර පිළිබඳව කොටුව ස්ථානාධිපතිවරයාට උපදෙස් දීමක් සිදු නොකළ බවත් සඳහන් කර ඇතැයි පොලිස් විශේෂ විමර්ශන ඒකකය අධිකරණයට ප්‍රකාශ කළේය. 

මෙම  සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කටයුතු සිදු කරන අතර එහි ප්‍රගතිය වාර්තා කිරීම සඳහා ඉදිරි දිනයක් ලබා දෙන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලීය

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරයා  සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකර ලබන 26 වැනිදාට අධිකරණයට දැනුම් දෙන ලෙසට නියෝග කරමින් එතෙක් නඩුව කල් තැබුවේය.



අදහස් (9)

දේශබන්දුගෙන් කොටුව පොලිස් ස්ථානාධිපතිට දුරකථන ඇමතුමක්

C.K.Lankaputhra Friday, 12 August 2022 10:17 PM

එතුමා කෝල් එකක් අරන් කතා කරල තියෙන්නේ කොටුව OIC මහත්තයාගේ දුක සැප සනීප අහන්නත් රටේ තියන ප්‍රශ්න ගැන කතාකරන්නත් ගෙදර දොරේ ප්‍රශ්නත් වෙන්න බැරිද? අවසානයේ ඒ ටිකම උත්තරේ නොවුනොත් තමයි පුදුමේ

:       23       62

de silva Saturday, 13 August 2022 08:42 AM

මොහුට දේශබන්දු කියලා නම දැම්මේ කවුද? මොහුට ගැලපෙන්නේ දේශපාලු වැනි නමක්..

:       11       17

Perera Saturday, 13 August 2022 09:21 AM

මේ වගේ අය නිසා තමයි මුළු පොලිස් දෙපාර්තමේන්තුවම ලෝකයා ඉදිරියේ හෑල්ලුවට ලක්වෙන්නේ...! 

:       17       19

සෙනෙවිරත්න Saturday, 13 August 2022 02:21 PM

අයිතිකාරයා එනකන් ටිකක් බලන්න කියලා කියන්න ඇති... උසාවි දාන්න කලබල නොවී, එහෙම තමයි වෙන්න ඇත්තේ...?

:       18       13

SUNIL MILANO Saturday, 13 August 2022 06:11 PM

මේ මුදල් සමුවීමත් අරගලයට සම්බන්ධයක් තියෙනවා. මේ සල්ලි පිටින් තමයි ගෙනත් තියෙන්නේ. නැතිනම් සල්ලි තිබුණු තැන පින්තූර ගහන්න තිබුණනේ. කට්ටියක් බිම වාඩිවෙලා ගණන් කරනවා මේකත්... අපහසුතාවයට පත්කරන්න ගහපු ගේමක්...

:       2       1

sharm warnTuesday, 16 August 2022 02:22 PM

ඇත්තටම ඔහේගේ අම්මට තාත්තට ගෞරවයක් තියෙන්න ඇති නේද? ඔහේ එයාලගේම ළමයෙක් කියල ශුවර්ද? ඔහේලා වගේ කාලකන්නි තමයි මේ රටට කෙලවන්න මුල්වුනේ ඔහේටත් ඇතිනේ? එයාලත් මේවා කියවනවා ඇතිනේ

:       1       1

de silva Saturday, 13 August 2022 08:50 PM

ඕක යටිමඩි ගහගෙන කොටසක් මටත් දෙන්න කියලා කියන්න ඇති.

:       0       3

fairoos Sunday, 14 August 2022 05:10 PM

ඒ සල්ලිත් අරන් නන්දසේනට එවන්න වෙන්නැති...

:       1       4

sharm warn Tuesday, 16 August 2022 02:23 PM

සාක්කුවට දාගන්න තිබුනු සල්ලි ටික පිට යන්න දුන්නේ ඇයි කියලා අහන්න කිසි කතාවක් නැතුව

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහින්දගේ වාර්තාව හරිනි බිදියි
2024 නොවැම්බර් මස 15 70 0

අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මෙවර කොළඹ දිස්ත්‍රික්කයෙන් මනාප ඡන්ද 655,289 ක් ලබාගෙන එම ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්ව සිටින්නීය.


හිටපු මැති ඇමතිලා අනූ දෙකක් ගෙදර
2024 නොවැම්බර් මස 15 227 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට දිවයිනේ විවිධ දිස්ත්‍රික්කවලින් ඉදිරිපත් වූ හිටපු මැති ඇමතිවරු 92ක් පරාජයට පත්වූහ.


නීතී කැඩූ අපේක්ෂකයින් තිදෙනකු ඇතුළු 69 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 64 0

මැතිවරණ නීති උල්ලංඝනය කළ අපේක්ෂකයන් තිදෙනෙකු ඇතුළු 69 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා පැවසීය.


මත්ද්‍රව්‍ය සමඟ තායි කත ගුවන් තොටේදී මාට්ටු
2024 නොවැම්බර් මස 15 978 0

රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා


මැති සබේට යන සාමාජිකයෝ
2024 නොවැම්බර් මස 15 6468 0

ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.


මාතලේ බලකණු රැසක් ගෙදර
2024 නොවැම්බර් මස 15 5457 0

මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 276 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 587 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1708 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site