(සුජිත් හේවාජුලිගේ)
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධූරයෙන් නෙරපීමේ යෝජනාව ගෙන එන ආකාරය ස්ථාවර නියෝගවලට පටහැනි බව සඳහන් කරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂවල නායකයින් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී විරෝධය පළකර ඇත.
සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායකයන් මෙසේ විරෝධය පළ කර ඇත.
මෙහිදී අදහස් දක්වා ඇති සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසා ඇත්තේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට විරුද්ධව මෙවැනි යෝජනාවක් ගෙන ඒමට විරුද්ධ නැතත් යෝජනාව ගෙන එන ආකාරය ස්ථාවර නියෝග වලට පටහැනි හෙයින් ඊට විරෝධය පළ කරන බවයි.
අධිකරණයේ විනිශ්චයට භාජනය වී ඇති කාරණයක් සම්බන්ධයෙන් විවාද කළ නොහැකි බවට පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 91 ඊ යටතේ පැහැදිලිව දැක්වෙන්නේ යැයිද එම පක්ෂ නායකයන් එහිදී පෙන්වා දී ඇත.
මේ අනුව එම පක්ෂවල විරෝධය පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී සටහන් කරගෙන ඇතැයි දැනගන්නට ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන රජයේ ප්‍රකාශකයකු පැවසුවේ අධිකරණය හමුවේ විනිශ්චයට භාජනය වෙන කාරණයක් සම්බන්ධයෙන් විවාද කළ නොහැකි බවට ස්ථාවර නියෝග වල සඳහන් වෙතත් කතානායකවරයාගේ අභිමතය පරිදි එවැනි යෝජනාවක් විවාදයට ගත හැකි යැයි යන වගන්තියද ස්ථාවර නියෝග වල පැහැදිලිවමසඳහන් වන බවයි.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විභාග කිරීම සඳහා කමිටුවක් පත් කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ලබන 8 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිතය.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධූරයෙන් නෙරපීමේ යෝජනාව ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් කතානායක වෛද්‍ය ජගත් ජගත් වික්‍රමරත්න මහතාට පසුගියදා බාරදෙනු ලැබීය.
වැලිකඩ පොලිසිය භාරයේ සිටියදී තරුණයෙක් මියයෑමේ සිද්ධිය හේතුවෙන් එම පොලිසියේ ස්ථානාධිපතිවරයා ඉවත්කිරීම සඳහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහ
ඉඩම් ආරවුලකට නියෝජ්‍ය අමාත්‍යවරයකුගේ ඥාතියකු ඇතුළු පිරිසක් අම්පාර උහන 24 උදාගිරිගම ගම්මානයේදි පුද්ගලයන් පිරිසක් පහරදිම නිසා කාන්තාවක සහ තවත් පුද්ගල
ඇමෙරිකන් ජනාධිති ඩොනල්ඩ් ට්‍රම්ප් මිත්‍ර පාර්ශ්වීය රටවලට පමණක් නොව, ප්‍රතිවාදී රටවලට ද තීරු බදු පැනවීමක් කළේ පසුගිය අප්‍රේල් දෙවැනිදාය. තීරු බදු පැන
රාම දෙවියන්ගේ ජන්ම දිනය ලෙස සැලකෙන රාම නවමි දිනය අදට යෙදී ඇති අතර, ශ්‍රී ලංකා සංචාරය නිමා කරමින් යළි ඉන්දියාව බලා ගිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, තමිල
රුපියල් හය කෝටි පනස් හත් ලක්ෂ හැට දහසක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගත් ඉන්දීය ජාතික කාන්තාවක් අද(06) කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය ක
රජයේ රෝහල් පද්ධතිය ඩිජිටල්කරණට ලක්කර ගුණාත්මක කාර්යක්ෂම ප්‍රතිකාර සේවාවක් ලබා දෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශබන්දු යෝජනාවට පක්ෂ රැසකින් රතු එළියක්
NImal 1 Saturday, 05 April 2025 05:14 PM
මේ අයව හැකි ඉක්මණින් එළවමු...
Suneth Saturday, 05 April 2025 05:19 PM
159 පාවිච්චි කරලා දූෂිතයින් එලවමු. ජනමතය එයයි. එය සියල්ල අතික්‍රමණය කරයි...
සුද්දාSaturday, 05 April 2025 06:09 PM
සුනෙත්, අපි 159 බස්සමු 157ට. අර බිංගිරිය පැත්තේ ඇඟලුම් කම්හල් නිරීක්ෂණය කරන්න ගිය දෙන්නාව ගන්න බෑනේ. ඒ වගේම ඒ දෙන්නා ගැන හොයන එක යටගහපු එකත් දූෂිත කමක ලකුණු. එතකොට තව කීදෙනෙක් 157 න් පවා අයින් කරන්න වෙයිද දන්නේ නෑ. ඉතුරු කට්ටියට කියමු ඔය අලුතින් ඉන්න දූෂිතයින්වත් එළවන්න කියලා හොඳේ. ඔය අපි අර හොර උපාධි සහතික වලින් ඉන්නවා කියන අයව ගනින්නේ නැතුව කිව්වේ...!
Suneth Sunday, 06 April 2025 07:08 AM
ඒ තර්කෙට අනුව විපක්ෂෙ කීදෙනෙක්ව අයින් කරන්න වෙයිද? එතකොට විපක්ෂයේ බිංදුවක්ද?
nihal Saturday, 05 April 2025 05:37 PM
මේ ගැන මෙතරම් දුරදිග කතා කරන්නේ ඇයි? කෙළින්ම නෙරපා දමන්නේ නැතිව...
Rama Sunday, 06 April 2025 11:48 AM
නිහාල් ඔය ගැන දුරදිග බලන්න ඕනෑ වෙන මුකුත් නිසා නොවෙයි. නීතිය කියන දේ ඒ විදිහට ගෙනියනවා කියලා මේ පාර්ලිමේන්තුව පටන් ගත්තු නිසා. එහෙම දුරදිග නොබලා හිතුණු විදිහට කරපු කාලෙක තමයි ඔයාලාගේ රෝහණ විජේවීර සහෝදරයාවත් කනත්තේදීම නිකම්ම එලොවට ඇරියේ... අන්න එහෙම දේවල් නොවෙන්න තමයි දුරදිග බලලා සොයා බලලා නීතියට අනුව වැඩ කරන්න ඕනෑ...
ගුණරත්න Saturday, 05 April 2025 05:54 PM
අපේ රට ලොකු අර්බුදයක වැටීගෙන එන්නේ, බදු සංශෝධනයක් ගෙනාවොත් ආණ්ඩුවේ අයවැය බදු ඉලක්ක ඔක්කොම අවුල් වෙනවා, අලුතින් මුදල් මුද්‍රණය කරන්න වෙනවා, රුපියල පිරිහෙනවා, රටේ ඩොලර් ණයබර වැඩි වෙනවා, එත් ආණ්ඩුව ඒවා සම්බන්ධයෙන් නොවෙයි උනන්දුව, දේශබන්දුවෙක් පන්නන්න ප්‍රමුඛතාව දීල පාර්ලිමේන්තුව රැස්කරන්නත් අඬනවා. මොකක්ද මේ විකාරය...?
ලලනිSunday, 06 April 2025 08:30 AM
අනේ මේ ගුණරත්නට මොලයක් දෙන්නේ කව්ද? ඒක පාර්ලිමේන්තුවට ගෙනා එක් යෝජනාවක් මිස, ප්‍රමුඛ තාවය දැක්වීමක් නොවේ.
Nihal Dharmatileke Sunday, 06 April 2025 01:18 PM
අපරාදයේ සහ දඬුවමේ ක්‍රියාත්මක විය යුතුයි. ඒ ගැන කතා දෙකක් බෑ.
රන්චා Sunday, 06 April 2025 04:36 PM
ඇත්ත. කතානායකට බලය තියෙනවා. විපක්ෂය ඒක දන්නේ නැද්ද? තාමත් හොරු රකින්න හදනවා වගෙයි..!