IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


දේශිය ආදායම් සමිති නැගිටියි

දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ  බදු  පරිපාලනය පෞද්ගලිකරණය සමාගමකට  බාර  නොකරන ලෙස දේශිය ආදායම්  සේවා වෘත්තිය සමිති  ඒකාබද්ධ කමිටු කැඳවුම්කරු  එච්.ඒ.එල්.උදේසිරි  මහතා අද (08) දෙපාර්තමේන්තුව ඉදිරිපිට  පැවති උද්ඝෝෂණයට එක්වෙමින්  කියා සිටියේය.

‘වෘත්තිය සමිති නොසලකා  හරිමින්  අත්තනෝමතික ආකාරයට  තීන්දු  තීරණ ගැනීම යහපාලනයට  නොගැලපෙන නිසා  මෙයට  මැදිහත් වෙන ලෙස අපි  ඉල්ලනවා.’

මුදල් අමාත්‍යාංශය මේ වැඩපිළිවෙළට  ඇමැති මණ්ඩල අනුමැතිය ලබාගෙන ඇති බවත්  ඒ අනුව ඉදිරි  කටයුතු  සිදු කරන ලෙසට  මුදල්  ඇමැති දැනුම් දී  ඇති බවත්  ඔහු කීවේය.

DSC_1732 DSC_1749 DSC_1831



අදහස් (0)

දේශිය ආදායම් සමිති නැගිටියි

රුවන් Thursday, 08 September 2016 03:25 PM

වෙනසක් වෙනවට අකමැතිද?(හේ)

:       0       0

රසුන් Thursday, 08 September 2016 04:15 PM

වැඩක් වෙන්නේ නෑ.(හේ)

:       0       0

සෙනරත් Thursday, 08 September 2016 10:15 AM

පුද්ගලික ආයතන මොකටද බදු එකතු කරන්නේ? මේක තනිකරම හිතමිත්‍රාදීන්ට සැළකීම සහ පසුව ගණනක් ඔවුන්ගෙන් ලබාගැනීමේ ක්‍රමවේදයක කොටසක් ලෙසයි අපිට නම් හිතෙන්නේ (නි)

:       0       0

සමන් Thursday, 08 September 2016 11:09 AM

තරිඳු , ඔය ආයතනයේ බෝනස් දෙනවා නම් එ්කට යන්න උත්සාහ කරලා යන්නකෝ. එ්කට යන්න බැරිවුණා කියලා විභාග සමත්වෙලා එතනට ගිය අයට ඊර්ෂ්‍යා කරන්න එපා. (නි)

:       0       0

වසන්ත Thursday, 08 September 2016 11:50 AM

මෙතන තියෙන්නෙ නිලධාරින් ගැන ගැටළුවක් නෙමෙයි. ..මේ රටේ බදු ගෙවන හැම පුරවැසියෙක්ටම බලපාන ගැටළුවක්. මැකෙන්සි කියන සමාගමට වසරකට කෝටි 185ක් රටේ බදු මුදල් වලින් ගෙවන්න යනවා..ඒ වියදම දරන්න වෙන්නෙත් මේ රටේ පුරවැසියන්ටමයි.....(බ)

:       0       0

සමන්ත Thursday, 08 September 2016 11:50 AM

ඔය උද්ඝෝෂණ කරන්න තිබුනේ මීට කලින්. ඔච්චර කාලයක් බදු එකතු නොකර පොල්ගැවා. බිස්නස් කාරයෝ එක්ක එකතු වෙලා හොරකම් කළා.( මේ කියන්නේ නියත ලෙසම දන්නා හින්දා.) ඔය හිතේ අමාරුව අැයි කියලා අපි දන්නවා. ලෝකයේ දියුණු රටවල බදු එකතු කරන විදියත්, වැඩ කරන විදියත් දැක්කම අපිට කියන්නත් ලැජ්ජයි ඒ දෙපාර්තමේන්තුව ගැන. ඕක අධිකාරියක් කළ යුතුයි. (බ)

:       0       0

ඇසළ Thursday, 08 September 2016 11:55 AM

සම හරක්ට මේක තේරෙන්නේ නැහැ. මියක් කඩන්නේ අත ලෙවකන්න නෙමෙයි නේ. ලෝකේ කොයි රටේද රජයේ බදු එකතු කරන්න කොමිස් එකට පුද්ගලික ආයතන වලට කොන්ත්‍රාත් දෙන්නේ? අවුරුද්දකට කොටි 185 ක් කොමිස් එක කියන්නේ ඇයි ලංකාවේ ආයතනයකට නොදී පිට රට ආයතනයකටම දෙන්නේ. (බ)

:       0       0

මැටිපහන Thursday, 08 September 2016 12:01 PM

ආණ්ඩුවේ රස්සා කරන අයගේ ප්‍රශ්න වලට සාමාන්‍ය ජනයාගෙන් සහයෝගයක් ලැබෙන්න තියෙන ප්‍රතිශතය බොහොම අඩුයි. මොකද ඔය තැන් වලින් වැඩක් කරගන්න ගියාම එයාලගේ රස්නේ වැදිලා වැදිලම මිනිස්සුන්ට එපා වෙලා තියෙන්නේ. පගා දීමට අමතරව එයාලගේ ගෑස් බලන්න වෙන එක. ප්‍රශ්නයක් අහන්නත් කලින් "මම නෙමෙයි ඒ විෂය කරන්නේ " කියන එක. (බ)

:       0       0

වසන්ත Thursday, 08 September 2016 12:02 PM

මේක නිලධාරින් ගැන ගැටළුවක් නෙමෙයි. රටේ බදු මුදල් වලින් කෝටි 185ක් මැකෙන්සි කියන සමාගමට කොමිස් විදියට ගෙවන්න ගිවිසුමක්..ඇයි අපේ රටේ මුදල් විදේශ සමාගමකට දෙන්නේ. (බ)

:       0       0

කුමාර Thursday, 08 September 2016 01:03 PM

තරිදු ඔයා හරි (බ)

:       0       0

ජයරත්න Thursday, 08 September 2016 01:47 PM

තරිදු රස්සාවක් කරන්න හොදම තැන මෙතන නම් එතැන ආරක්ෂා කර ගැනීමට ඔබත් සහාය වන්න. මොකද ඔයාට බැරි වුනත් කවද හරි දවසක ඔයාගෙ දරුවෙකුට හෝ සහෝදරයෙකුට හරි එතන රස්සාවක් ලැබෙන්න පුළුවන්. (බ)

:       0       0

ද සිල්වා බෙර්ලින් Thursday, 08 September 2016 01:54 PM

මේ ක්‍රමය ලංකාවේ විතරක් නොවේ දියුණු රටවලත් තිබෙනවා , පුද්ගලික සමාගම් කරන්නේ රටේ තිබෙන අනෙකුත් සමාගම් සහ පුද්ගලයන් නිසි ආකාරයට රජයට බදු ගෙවනවද කියල සොයා බලා බදු ගෙවා නැත්නම් හෝ අඩුවෙන් ගෙවා ඇත්නම් එම බදු රජයට අය කර දෙනවා එම මුදලින් කොටසක් ඔවුන් කොමිස් වශයෙන් අය කරගන්නවා , එතකොට නිලධාරීන්ට අල්ලස් දීල ලිපිගොනු යට ගහල වංචා කරන්න අපහසු වෙනවා , මැකෙන්සි සමගම ලෝක ප්‍රකට සමාගමක් නිසා ඔවුන් මේ වැඩ අකුරටම කරාවී , මෙම ක්‍රමය දුෂිත නිලධාරීන්ට කරදරයක් රටේ අනාගතයට හොඳය (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැන අදත් වැසි -සුළඟෙනුත් බලපෑම්
2024 ඔක්තෝබර් මස 08 5 0

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) තවදුරටත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී.


කළුතර ඒ.ජී. කාර්යාලයේ ජල ටැංකියේ තීන්ත
2024 ඔක්තෝබර් මස 08 595 0

කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ජල ටැංකියට කිසියම් රසායනික ද්‍රව්‍යයක් කලවම් වී ඇති බවට පැම්ණිල්ලක් ලැබී ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි.


මන්ත්‍රී මුද්දරත් කැන්සල්
2024 ඔක්තෝබර් මස 07 1221 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට


වැඩ බලන පොලිස්පති තනතුර අනුමත කරනවාද? තීරණය හෙට
2024 ඔක්තෝබර් මස 07 2823 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි


කුඩු සමග ජර්මන් පුරවැසියා නිදොස් කර නිදහස්
2024 ඔක්තෝබර් මස 07 3191 0

රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න


මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 373 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39370 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25664 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 344 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1135 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 391 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site