(විනීතා එම් ගමගේ)
කොරෝනා වයිරසය නසන දේශීය ඔසුවක් සොයා ගත් බව සැලවූ විට විශාල විශ්වාසයක් ඇති වු නමුත් කාලි මෑණියන්ගේ සම්බන්ධයක් ඊට ඇතැයි එය සොයාගත් පිරිස මාධ්‍ය ඔස්සේ කියනු දුටු වහා එම විශ්වාසය නැතිව ගිය බව ජාතික විද්වත් සංඝ සභාවේ ප්‍රධාන අනුශාසක දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පැවැසූහ.
සෝභිත හිමියෝ මේ අදහස් පළ කළේ මේ අදහස් පළ කළේ ජයවර්ධනපුර ජයශේඛරාරාමයේ අද (17) පැවති ජාතික විද්වත් සංඝ සභාවේ මාධ්‍ය හමුවක දී අදහස් දක්වමිනි.
අපේ දේශීය හෙළ වෙදකම ගැන 100%ක් විශ්වාස කරන්නේ යැයි ද එහෙත් කාලි හෝ නොයෙක් දෙවි දේවතාවුන් විශ්වාස නොකරන්නේ යැයි ද කී උන්වහන්සේ එවැන්නන් සිටියා නම් මේ රට මෙවන් බරපතල තත්ත්වයකට පත්වූයේ ඇයි දැයි විමසා සිටියහ. තමන් තවමත් කොත්තමල්ලි ඉඟුරු පැනිය විශ්වාස කරන බව ද උන්වහන්සේ කීහ.
තමන් කැමති වෛද්‍ය ක්‍රමයක් යටතේ ප්‍රතිකාර ගැනීමට රෝගීන්ට අයිතියක් ඇතැයි ද එය මූලික මානව අයිතියක් යැයි ද කී සෝභිත හිමියෝ ඊට එරෙහි වීම මානව හිමිකම් උල්ලංඝනය කිරිමකැයි ද පැවැසූහ.
දේශිය වෛද්‍ය ක්‍රමය යටතේ මේ රෝගය සඳහා ප්‍රතිකාර නොකරන්නේ නම් හා දේශිය වෛද්‍ය ක්‍රමය පිලිගන්නේ නැතිනම් බදු මුදල් ගෙවමින් පවත්වා ගෙන යන දේශීය වෛද්‍ය විද්‍යාල හා දේශීය වෛද්‍ය ක්‍රමය උගන්වන විශ්ව විද්‍යාල වසා දමන්නැයි ද සෝභිත හිමියෝ පැවසූහ.
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දේශීය ඔසු ගැන විශ්වාසය කාලිමෑණියන්ගේ පුවතින් බිඳ වැටුණා
siri Thursday, 17 December 2020 12:00 PM
ඕක කියන්න තියෙන්නේ ඔය දිරච්ච ලණුවට අනුග්‍රහය දක්වලා රටේ බාගයක් විතර ගොනාට අන්දවන්න කටයුතු කරපු මැති ඇමතිවරු ඇතුළු මුට්ටි උන්නැහේලාට. අපට නොවේ.
prabha Thursday, 17 December 2020 01:02 PM
ඒ මනුස්සයා මුල ඉඳන්ම කිව්වනේ බෙහෙත එව්වේ කාලි කියලා...
Don Thursday, 17 December 2020 01:31 PM
ලෝකයේ දෙවිවරු ඉන්නවා නම්.. ඇයි කොරෝනා හැදෙන එක වළක්වන්නේ නැත්තේ?
Demuni Uduwara Thursday, 17 December 2020 01:36 PM
අපි දේශීය හෙළ ඔසු ගැන නම් විශ්වාස කරනවා.
pakeer Thursday, 17 December 2020 02:56 PM
මෙගොල්ලෝ හාමුදුරුගොල්ලෝ වෙලත් විශ්වාස කරනවා කියන එක මෝඩයි. මිනිහෙක් කරන්න ඔනේ විශ්වාස නෙමෙයි. සත්‍ය දකින්න ඔනෙ....
chandima Thursday, 17 December 2020 03:26 PM
ඔකට විරෝධය පනවනවාට වඩා ඔය ගැන කියලා අනිත්‍ය බණ කියලා කිහිප දෙනෙක් රහත් කළොත් නරකද? එතකොට මස් කන එකා කයි. රහත් වෙන කෙනා රහත් වෙයි. මස් ෆැක්ටරිය වහලා රටෙ ඔක්කොම මිනිස්සු සසරින් එතෙර කරන්න බැහැනේ..
Akila Thursday, 17 December 2020 04:01 PM
මොන මෑණියෝ කියුවත් එම බෙහෙත හදල තියෙන්නේ දේශීය ඖෂධ වලින්නේ..., ඉතින් එකේ ගුණ අගුණ බව හොයන්නවත් දැනුමක් නැත්ද අපේ ආයුර්වෙද කට්ටියට සහ ඔය පත්කරලා ඉන්න මහාචාර්ය වරුන්ට ?
De Thursday, 17 December 2020 05:14 PM
මෙ වගේ මෝඩයෝ ඉන්න රටක් ලොවෙත් නැහැ. දෙල්කද පොලෙත් නැහැ. යකුනේ ඔවා බොන්න එපා හරියට නොදැන.
69lakshaya Thursday, 17 December 2020 06:29 PM
කාලි මෑණියන්ගේ වට්ටෝරුවට ධම්මික වෛද්‍යතුමා හදලා තියෙන්නේ.
සමිත සේනක අලුත්ගමගේ. Thursday, 17 December 2020 06:38 PM
බුදු පියාණන් වහන්සේ කාලාම සූත්‍රයේ දී දේශනා කළේ මාව හෝ පියා කී නිසාවත්, පරපුරෙන් අා පමණින් වත්, පොතක පතක තිබූ නිසාවත්, තථාගතයන් වන තමන් වහන්සේ කී නිසාවත් යමක් පිලිනොගන්නා ලෙසත්, තමන් වහන්සේ කී නිසාවත් පිළිනොගෙන, බුද්ධියට වැටහේ නම් පමණක් පිළිගන්නා ලෙසත්ය. එසේ හෙයින් කීවාට වුණත් පිළිනොගෙන එය සත්‍යදැයි විමසා බැලීම වටී.
GAMUNU Thursday, 17 December 2020 07:17 PM
ලංකාවේ දේශපාලකයෝ කියන ඕනෑම දෙයක් රටේ ඉන්න මිනිස්සු පිළිගන්නවා. ඒකනේ ලංකාව මෙතරම් දියුණු. තවම මේ රටේ ජනතාව රවට්ටන්න පුළුවන්. නොපෙනෙන කාලෙට රැවටුණා නම් තව මොනවද?
සමිත සේනක අලුත්ගමගේ. Friday, 18 December 2020 03:06 AM
දේශීය දේ අප අගය කළ යුතුයි. ආයුර්වේදයත් එසේමයි. එය එසේ වුවත්, වර්තමානයේ ආයුර්වේදයේ කිසිඳු නිසි පර්යේෂණ පදනමක් නැහැ. හොඳ ආයුර්වේද වෙද මහත්වරුන් ඇති. ඒත්, ඒ අය කොහේ සිටිනවාදැයි රටට තිබෙන්නේ ගැටලුවක්. ඇත්ත නැත්ත කුමක්දැයි හඳුනා ගැනීමට නොහැකි වී පවතිනවා. ඕනෑම හොරෙකුට හෝ වංචනිකයෙකූට දේශීය වෛද්‍යවරයෙකු ලෙස පෙනීසිටීමට පුළුවන්... මෙයින් පිරිහෙන්නේ දේශීය වෙදකමේ ඇති ගෞරවයයි. ලෝකයේ ගුප්ත බලයෙන් කෙරෙන වැඩ තිබෙනවා. ඒවා ක්රමානුකූල නිසා ජනතා විශ්වාසය දිනා තිබෙනවා. ඒත්, මේ රටේ බොහෝවිට කෙරෙන්නේ බොරුව. මේ රටේ දැනටත්, යන්ත්‍ර මන්ත්‍ර හරිහැටි කොට මිනී මරණ අය ඉන්නවා. බොරුකාරයන් නිසා මහජන මතය වෙනතක යනවා. මේවා ගැන නිසි මධ්‍යස්ථ පර්යේෂණ ක්‍රමවේදයක් අවශ්‍යයි. විදෙස් රටවල මේවා ගැන පර්යේෂණය කෙරෙනවා. එහෙත්, මෙරට විද්වතුන් ඒවා සියල්ල මිත්‍යා ලෙස ඉවත දමන්නේ කිසිදු පර්යේෂණ පදනමකින් යුතුව නොවේ. මේ රටේ බොහෝ උගතුන්ද, හැසිරෙනුයේ ගතානුගතික ආකාරයටයි. යමක් පිට රටකින් පැමිණියහොත්, එය ඉහළින් දකිනවා. මේ රටේ දේ ගැන නිසි නිවැරදි දේ කරනවා වෙනුවට සැවොම මෙන් තම මතය පමණක් සොයානොබලා පවසනවා. ඒ වැනි උගතා මෝඩයන්ටත් වඩා රටට කරන්නේ හානියක්...
මංගල Friday, 18 December 2020 07:11 AM
හාමුදුරුවනේ, අහල තියෙනවද ඉන්දියාවෙ රාමනුජන් ගණිත ආචාර්යතුමා ගැන? අන්තර්ජාලෙ තියෙනවනේ, හොයලා බලන්න එයාට කව්ද ගණිතය කියලා දුන්නෙ, අන්තිමට එයා එන්ගලන්ත සහ බටහිර ගණිත මහාචාර්යලාට විසදන්න බැරි සහ නොදන්න ගණන් කියලා දුන්න හැටි, කුහක නොවී බොරු නොකියා තමන් දැනුම ලබාගත් සැටි ඇත්ත ඇති සැටියෙන් ප්‍රකාශ කල හැටි....
Rata Perata Friday, 18 December 2020 07:35 AM
රටෙ නායකයෝ එක එක මෑණිලා පස්සේ යනකොට ජනතාව ගැන කවර කතාද? නන්දසේනත් යන්නේ... මහින්දත් වශී සුර මිරික මිරිකා ඉන්නවා.
lakvidu Friday, 18 December 2020 07:59 AM
දැක්කද සිරි මහ බෝධින් වහන්සේගේ බලේ? ධම්මික පැණිය බොරුවක් බව රටට හෙළි කළා. සාදු... සාදු...
jayanada Monday, 21 December 2020 01:52 PM
චන්දිම කියන කෙනා සුප්කැට කෑමට ගන්නේ නැද්ද? ඒවායේ ගුණදොස් බැලුවද?