IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


දේශීය කෑමට මත්තලින් මුල්තැන

ශ‍්‍රී ලංකාව ලොවට ගෙන යාමේ මෙහෙවරෙහි නියැලී සිටින ජාතික ගුවන් සේවය වන ශ‍්‍රී ලංකන් ගුවන්සේවය ලබන සඳුදා සිට මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ  ගුවන් පථයෙන් සිය මංගල ගුවන් ගමන් ආරම්භ කිරීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇත.

පළමුව රියාද් නගරය වෙත සතියකට ගුවන් ගමන් 02 ක්ද, බැංකොක් හරහා බීජිං නගරයට ගුවන් ගමන් 02ක්ද, ෂැංහයි නගරයට එක් ගුවන් ගමනක්ද ශ‍්‍රී ලංකන් ගුවන් සේවය සැලසුම් කර ඇති අතර මිහින් ලංකා ගුවන් ගමන් 02 ක්  බුද්ධගයාවට යාමට සැලසුම් කර ඇත.

ශ‍්‍රී ලංකන් කේටරින් මගින් මත්තල ගුවන් තොටුපොළේ පියාසැරි මුළුතැන්ගෙය සම්පූර්ණයෙන්ම පාලනය කෙරෙමින් මාර්ගස්ථ ආපන ශාලාවල ව්‍යාපාරික පන්තියේ විවේකාගාරය සහ පොදු ආපනශාලාව වෙත ආහාරපාන සපයනු ලබයි.

හම්බන්තොටට තදාසන්න පෙදෙස්වලින්  අනුයුක්ත කරගනු ලැබූ 52 ක් වූ කාර්ය  මණ්ඩලයකින් සමන්විත මෙම ආපන ශාලාව මගින් සෑම ආහාරපාන සැපයීමක් සඳහාම දේශීය නිෂ්පාදන උපරිම වශයෙන් භාවිතා කරන බව එම ගුවන්සේවය පවසයි.
.

වෙනත් ගුවන්සේවාවල  ඒ 300,320,340 ගුවන් යානා  සහ බෝයිං 737  ගුවන්යානා සඳහා මත්තල ගුවන්තොටුපොළේදී සියළු නඩත්තු අවශ්‍යතා ශ‍්‍රී ලංකන් ගුවන්සේවයේ ඉංජිනේරු අංශය මගින් සිදු කරයි.

 



අදහස් (0)

දේශීය කෑමට මත්තලින් මුල්තැන

රොබින් Sunday, 17 March 2013 03:58 AM

දේශීය කෑමට මත්තලින් මුල්තැන අපි අගය කල යුතුයි (දී)

:       0       0

ගාමින්ද Saturday, 16 March 2013 12:22 PM

කොහොමද ගාන එහෙම (දී)

:       0       0

නීල් Saturday, 16 March 2013 12:31 PM

අපේ රටට ගුවන් තොටුපළවල් දෙකක් තියෙන්න ඕන එක ඇත්ත.‍ මේක කාලීන අවශ්‍යතාවක් , නමුත් කරන්නේ ප්‍රායෝගිය වැඩ නෙමෙයි (ස)

:       0       0

කමල් Saturday, 16 March 2013 06:15 PM

අන්න එහෙම තමයි ඉන්න ඕනේ (දී)

:       0       0

සුදේශ් Saturday, 16 March 2013 06:29 PM

ගුවනට දේශිය ආහාර (දී)

:       0       0

ගිම්හානී Saturday, 16 March 2013 12:42 PM

අහිංසක මහජන මුදල්වලින් පිනුම් ගහගහා මේ කොයිබටද රට යන්නේ (ස)

:       0       0

ප්‍රියන්ත Saturday, 16 March 2013 06:31 PM

ලංකාවේ අභිමානය ලෝකෙටම (දී)

:       0       0

සේනක Saturday, 16 March 2013 12:44 PM

මම හිතන්නේ සුදුසුම දේ තමයි කුරක්කන් තලපයි , මිරිස් හොඳ්දයි. සුද්දෝ හිතයි චුයිංගම් කියලා (ස)

:       0       0

පියල් Saturday, 16 March 2013 06:33 PM

සන්තෝසයි (දී)

:       0       0

නලින් Saturday, 16 March 2013 06:39 PM

මත්තල ලංකාවේ ඇති දේශීයත්වය අරගෙන ලෝකෙටම යනවා (දී)

:       0       0

ගමගේ Saturday, 16 March 2013 06:40 PM

දේශීය විදේශීය සියල්ලන්ටම රසවත් ලාංකීය ආහාර වේලක් (දී)

:       0       0

චන්ද්‍රා Sunday, 17 March 2013 06:57 AM

මට නම් කිරිබත් කාපුවහම බඩ බුරුල් වෙනවා. ගුවනෙදි එහෙම වුණොත්? (නි)

:       0       0

ටිකිරා Saturday, 16 March 2013 12:48 PM

නියමයි....නියමයි.... (දී)

:       0       0

තිලක් Saturday, 16 March 2013 12:44 PM

අපිට කන්න ඕන නෑ , කටුනායකින් බැහැලා පැය භාගයෙන් ගෙදර යන්න ති‍බුණොත් හොඳටම ඇති (ස)

:       0       0

තිලක් Saturday, 16 March 2013 12:50 PM

කොහොමත් ඉදිරියේදී අපි හොඳ නැතුවම කනවා කියලනම් තේරෙනවා (ස)

:       0       0

ගයාන් Saturday, 16 March 2013 06:45 PM

අපේ කම රැක ගන්න ඕනේ (දී)

:       0       0

උදයංග Saturday, 16 March 2013 06:52 PM

අගනා වැඩක් (දී)

:       0       0

සඳුන් Saturday, 16 March 2013 12:51 PM

මත්තලට අලි එනවා කියල අලි වැට ගැහුවලු. කුරුල්ලන්ට මොනවද කරන්න යන්නේ. (අ)

:       0       0

උදය Saturday, 16 March 2013 07:02 PM

ලංකාවේ කෑම ජාත්‍යන්තරයට ගෙන යන්න හොද අවස්තාවක්

:       0       0

රන්ජිත් Saturday, 16 March 2013 01:34 PM

මමනම් 100% එකඟයි (දී)

:       0       0

නිකුම් Saturday, 16 March 2013 08:10 PM

අපේ රටේ කෑම ලෝකෙම කතා බහට ලක් වෙයි (දී)

:       0       0

උපුල් Saturday, 16 March 2013 01:46 PM

ඊලඟ ගුවන්තොටුපල කොහේද ?? දෙන දෙයක් කාලා වෙන ‍දෙයක් බලාගෙන ඉමු. (ස)

:       0       0

ලංකා Saturday, 16 March 2013 08:19 PM

අපිත් ඒ වදෙටනම් හද පතුලෙන් කැමති (දී)

:       0       0

ලංකා Saturday, 16 March 2013 08:24 PM

අගය කරන්න ඕනේ වැඩක් (දී)

:       0       0

පෙරේරා Saturday, 16 March 2013 08:24 PM

අනේඅපිට මත්තලින්වත් රැකියාවක් හොයාගන්න ලැබුණොත්? (නි)

:       0       0

ලාල් මිල්ටන් Saturday, 16 March 2013 08:29 PM

අනුරපුර අය විතරක් නොවේ දකුනේ අයත් රට යනවා (අ)

:       0       0

අජන්ත Saturday, 16 March 2013 02:19 PM

සුද්දන්ට ලංකාවේ කෑම හුරු කරන්න (දී)

:       0       0

සුගත් Saturday, 16 March 2013 08:52 PM

රස , ගුණ ශ්‍රී ලාංකීය කෑම ලෝකෙටම ප්‍රචාරය කරන්න පුළුවන් හොද ක්‍රමයක් (දී)

:       0       0

සෙනෙවිරත්න Saturday, 16 March 2013 02:40 PM

අපි අනුරාධපුරේ නිසා මත්තලනම් අපිට එපා. රටක දියුණුව හොඳයි. නමුත් මීට වඩා ප්‍රායෝගික දේවල් තිබුණනම් හොඳයි. මෙය දියුණුව නොවේ (ස)

:       0       0

කුමාර Friday, 29 March 2013 08:35 AM

මත්තල අලින්ට මොකද වුනේ.(නදී)

:       0       0

කුමුදු Saturday, 16 March 2013 09:11 PM

කටුනායකින් කරගන්න බැරිවුන එක වැඩක් කියන්න බලන්න. ලෝකෙට නය වෙලා සල්ලි පිල්ලි ගහන එක කරනවද? වරාය හදලා දැන් හුගක් සරු ඇති නේද? මගේ රට ගැන මට දුකයි.(නදී)

:       0       0

චානක Saturday, 16 March 2013 03:01 PM

සන්තෝසයි (දී)

:       0       0

චතුරිකා Saturday, 16 March 2013 09:31 AM

අනුරපුර කෙනෙක් බුද්ධගයාවේ යන්න හම්බන්තොට යන්න ඕනද ? (ස)

:       0       0

තිලක් Saturday, 16 March 2013 03:11 PM

අපි ලෝකෙට යන්න කලින් අපේ දේ රැක ගෙන ඉන්න ඕනේ (දී)

:       0       0

සම්පත් Saturday, 16 March 2013 09:34 AM

සෞදියේ ඉන්න අපට කටුනයකම දෙන්න. කුරුණෑගල අනුරපුර වැනි අපට අවරුදු දෙකක් මෙහෙ ඉඳල හම්බන්තොට ගිහින් ගම්පලතට යන්න . කරුණාකර කටුනයකම දෙන්න. (ස)

:       0       0

ජයන්ත Saturday, 16 March 2013 09:35 AM

සුබ පැතුම් අපේ ශ්‍රී ලංකා (ස)

:       0       0

ලලිත් සෞදි Saturday, 16 March 2013 03:33 PM

වැඩේ හොඳයි තව පරම්පාර හතකට හම්බකරගෙන ඇති. එච්චරයි (අ)

:       0       0

නිරෝෂන් Saturday, 16 March 2013 09:50 AM

මගේ සුභ පැතුම්! පොඩි යෝජනාවක් විදියට ‍මිට සමගාමීව දුම්රිය මාර්ගයකුත් ඉදිකළා නම් මහජනතාවට පහසුවක් වේවි යැයි මම පවසනවා. (නි)

:       0       0

හේමසාර හිමි Saturday, 16 March 2013 09:52 AM

ක‍ටුනායක ගුවන්තොටුපල අපේ උරුමයක්, එය රැක ගනිමු (ස)

:       0       0

දුමින්ද Saturday, 16 March 2013 09:58 AM

දේශීය කම ,දැනුම හැමදෙයක්ම අගය කරනවානම් හොඳයි (ස)

:       0       0

ලලිත් Saturday, 16 March 2013 09:59 AM

සුබ පැතුම්, හරිම සතුටුයි ! (ස)

:       0       0

සුසන්ත - ඉතාලිය Saturday, 16 March 2013 04:04 PM

මොනවා කියන්නද කියලා හිතෙන්නෙ නෑ, සමහර අයගේ අදහස් නිකං සීනීබෝල වගේ. ඇත්තෙන්ම කියනවනම් මේක දියුණුවේ එක පියවරක් හැටියටයි මම දකින්නෙ. නමුත් පරිසර විනාශය මැද්දෙන් යන දියුණුව නම් මම අනුමත කරන්නෙ නෑ, තිරසාර සංවර්ධනය නිවැරදි අයුරින් ක්‍රියාත්මක වෙනවානම් ගැටළුවක් නැහැ. සමහර අය මේවට බනින්නෙ මේවා අපේ රටේ විතරක් වෙනවා වාගෙයි. ඒ අය ගැන නම් කලකිරෙනවා. අනුරාධපුරේ කෙනෙක් බුද්ධගයාවට යන්න මත්තලට යන්න ඕනෙද කියලා එක ඇත්තියක් අහලා තියෙනවා. එයාට ටිකක් මෙවුව එකද කොහෙදෝ.. අපි ඊළඟ අයවැයෙන් එයාට(චතුරිකාට) බුද්ධගයා යන්න අනුරාධපුරේටත් ජාත්‍යන්තර ගුවන්තොටුපළක් ගෙනෙමු. මේ ආරංචිය කොහොම හරි චතුරිකාගෙ කනේ තියන්න. කුරුල්ලොනම් කොහෙද නැත්තෙ. ඒත් මත්තල ආශ්‍රීතව කටුනායකට වඩා කුරුල්ලන් ඇති. ඒත් කටුනායකත් සැලකිය යුතු කුරුල්ලන් (කාක්කන්) ඉන්නවා තොග පිටින්. ඒක ප්‍රශ්නයක් වෙන එකක් නෑ, බලමුකෝ වෙන දේ... නමුත් අනවශ්‍ය වියදම් වලටනම් අපිට සහතික දෙන්න බෑ, මොකද මහජනතාවගේ සල්ලිනේ... (අ)

:       0       0

ප්‍රසන්න Saturday, 16 March 2013 10:11 AM

චතුරිකා, අනුරාධපුරේ ඉදලා ඕනෑ නම් කතරගම වැදගෙන මත්තලට ඇවිල්ලා බුද්ධගයාවට යන්නකෝ. (නි)

:       0       0

ශාන්ත ලාල් Saturday, 16 March 2013 10:17 AM

කටුනායක ගුවන්තොටුපල වහන කතාව ඇත්තක්ද ? (ස)

:       0       0

කෙවින් Saturday, 16 March 2013 10:19 AM

මේක කුරුල්ලන්ගේ පාරාදීසයක් නිසා මම නම් දකින්නේ අනතුරුදායක බවක්. හදිස්සියේ කුරුල්ලෙක් එන්ජිමක හිරවුණොත් මොනවා වෙයිද? (නි)

:       0       0

රොක් Saturday, 16 March 2013 10:32 AM

හලාල් කෑමද? (නි)

:       0       0

සනූ Saturday, 16 March 2013 10:28 AM

ලංකාව වගේ පොඩි රටකට ගුවන්තොටුපලවල් දෙකක් ඕනි නෑ (ස)

:       0       0

නන්දා Saturday, 16 March 2013 04:31 PM

අපි නම් කැමති ඒ වැඩේට (දී)

:       0       0

හිල්මි Sunday, 17 March 2013 12:28 AM

අනේ අපිට කටුනායක සිට කොළඹට යන්න කෝච්චියක් දෙන්න පුළුවන් නම්? (නි)

:       0       0

ශානක Saturday, 16 March 2013 04:47 PM

සුභපැතුම් අපේ ලංකාවට (දී)

:       0       0

නාලක Sunday, 17 March 2013 12:43 AM

අන්න ඒ වැඩේ නම් 100%අගය කරන්න ඕනේ (දී)

:       0       0

බොන්සෝ Saturday, 16 March 2013 10:58 AM

මට නම් පෙනෙන්නේ මේවා බොරු වියදම් හැටියටයි. (නි)

:       0       0

මොහොමඩ් Saturday, 16 March 2013 11:25 AM

සුභ පැතුම්! (නි)

:       0       0

බන්ඩාර Saturday, 16 March 2013 11:35 AM

කන්න දෙන්න වෙන්නේ කුරහන් තලප තමයි (ස)

:       0       0

අමිත Saturday, 16 March 2013 11:35 AM

ශ්‍රී ලංකාවට ජයවේවා (දී)

:       0       0

එරංග Saturday, 16 March 2013 11:38 AM

අපිඅට රට කෑම නැද්ද ඒ කියන්නේ (දී)

:       0       0

ඉශානි Saturday, 16 March 2013 11:39 AM

නියමයි....නියමයි.... නියමයි කියන්නේ නියමම නියමයි (දී)

:       0       0

ඉන්දික Saturday, 16 March 2013 11:54 AM

ලංකාවේ අනන්‍ය තාවයට හොද ලකුණක් ඒ වැඩේ (දී)

:       0       0

සංක Saturday, 16 March 2013 11:57 AM

ගානත් සාධාරණද (දී)

:       0       0

ජසිම් Saturday, 16 March 2013 12:14 PM

පොල්සම්බෝලයි බතුයි (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බඹරු ඇන 15කට තුවාල
2024 ඔක්තෝබර් මස 03 57 0

තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්


කාසල්රී රක්ෂිතයේ ගින්නක්
2024 ඔක්තෝබර් මස 03 39 0

කාසල්රි ජලාශ රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තැබිම හේතුවෙන් ඉලුක් සහිත එම රක්ෂිතයේ විශාල භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇත.


වළ දමා තිබු අවිය සමඟ යුවළ දැලේ
2024 ඔක්තෝබර් මස 03 197 0

වරකාපොළ අල්ගම ප්‍රදේශයේ නිවසක ඇතුළත වළ දමා තිබුණු මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමග යුවළක් අද( 03) දහවල් අත් අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය


පුහුණුවීම් කළ බසයටම යටවී සිසුවා මරුට
2024 ඔක්තෝබර් මස 03 452 0

ආණමඩුව කාර්මික විද්‍යාලයෙ මෝටර් රථ තාක්ෂණ ශිල්පිය පාඨමාලාව හදාරමින් සිටි සිසුවකු අදාල පුහුණු විම් වලට යොදා ගත් බස් රථයටම යටවි බරපතල ලෙස අසාධ්‍යව ආණම


ශ්‍රීලනිප වාමාංශිකයන්ගේ සහය ජාජබට
2024 ඔක්තෝබර් මස 03 1014 1

ඉදිරි මහ මැතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ජාතික ජන බලවේගයට කොන්දේසි රහිතව පූර්ණ සහාය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වාමාංශික කණ්ඩායම ඒකම


රාජ්‍ය පරිපාලනයට නව ලේකම්වරයෙක්
2024 ඔක්තෝබර් මස 03 1209 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ජ්‍යෙෂ්ඨ පරිපාල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38752 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25460 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 289 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 989 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 348 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site