දේශීය සිනමාවට වසර 65ක් සපිරුණුදා රිදී තිරයට එක්වූ අලූත්ම කතා නායිකාව ඇයයි. මේ දිනවල තිරගතවෙන ”මාතා” චිත්‍රපටයේ ත්‍රස්තවාදී තරුණියකගේ චරිතයක් වන පාර්වතී නමැති ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ ඇයයි. නුවරඑළිය ඩයගම ප්‍රදේශයේ උපන් ඇය නැටුම් ගුරුවරියක් වීමට හීන මැව්වාය. භරත නාට්‍යම් ඇතුළු නර්තන අංග රැසක් නටන්න පුළුවන් ඇය අහම්බෙන් මෙන් ”වසන්තන් ඔඪ හි නිවේදිකාවක් බවට පත්වන්නීය. එය ඇයගේ ගමන වෙනස් කරන්නට සමත් විය. ශක්ති ඔඪ හි මියුසික් වීඩියෝවකටද පෙනී සිටි ඇය, ”මාතා” චිත්‍රපටයේ තිර පරීක්ෂණයකට ගොස් එහි ප්‍රධාන නිළි චරිතය ලබා ගත්තේ තම හැකියාව පෙන්වමිනි. ”පාර්වතී චරිතය කළේ හරිම අසීරුතා මැද්දේ. අද චිත්‍රපටය බලද්දී ගොඩක් සතුටුයි. මම හොඳට රඟපාලා තිබෙනවා කියා හිතනවා. මගේ සැමියා ඉජාස්. ඔහු සංගීත ශිල්පියෙක්. ඔහුත්, අම්මා, තාත්තා ඇතුළු පවුලේ හැමෝමත් මට සුබපැතුවා. ඉදිරියේදීත් හොඳ චරිත ලැබුණොත් දිගටම රඟපානවා.” ඇය සතුටින් පැවසුවේ ඒ අයුරිනි. දැනට ශක්ති ඔඪ හි ”කාදල්. කොම්” හා ”ක්ලැසිකල් ඩාන්ස් ස්ටාර්” වැඩසටහන්වල නිවේදිකාව ලෙසින් කටයුතු කරන ඇය නමින් යශෝධා රාධකි‍්‍රෂ්ණන්ය.
ඉන්දියාවට අයත් ජම්මු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ සිදුවුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාවත් පාකිස්තානයත් අතර අර්බුදයක් නිර්මාණය වී ඇති අතර, එය දිනෙන්
හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දිත කුමානායක මහතා හිටපු ජනපති
ඇමරිකාව පැනවූ තීරු බද්දට සහනයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකාව සමග කළ සාකච්ඡා ප්‍රතිඵල දායක බව එහි ගිය ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම තමාට දැනුම් දුන් බව ජනාධිපත
වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ ද
දරුවන් පාසලට ඇතුලත් කිරීමේදී දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන් වාසි ගත්ත කාලය අවසන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැව
රුපියල් පහළොස් කෝටි හතලිස් පන් ලක්ෂ පනස් දහසක් වටිනා , ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් ,ජාත්‍යාන්තර අධිවේගී තැපැල් සේවය (Express Mail Service ) ඔස්සේ , කො
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
දේශීය සිනමාවට එක්වූ අලූත්ම කතා නායිකාව "මාතා"
චමිත් Friday, 27 January 2012 10:44 PM
සියලු දෙනාම බැලිය යුතුම සිනමා නිර්මාණයකි.
නලීන් සංජීව Saturday, 28 January 2012 06:16 AM
අපේ උණුස් සුභපැතුම්..
රමනී Saturday, 28 January 2012 07:35 AM
සුභ අනාගතයක්..
ආර්.කේ.එස්.කේ. කල්දේරා Sunday, 29 January 2012 09:26 PM
ශ්‍රී ලංකාවේ තවත් එක් අනර්ඝ චිත්‍රපටයක්
විසන්කා උදාරා Tuesday, 07 February 2012 12:47 PM
තවත් එක් අනර්ඝ චිත්‍රපටයක් බූ ඩී කීර්තිසේනගේ
දමිත් Wednesday, 09 January 2013 11:40 AM
අපිත් මෙය නැරඹුවා (ස)