IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


‘දූෂකයන්ට දඬුවම් දීම ඉබි ගමනේ‘

වත්මන් රජය යටතේ ගත වූ කාලයේ දී රටේ යහපත් වෙනස්කම් රැසක් ඇති වී ඇතත්, නව නීති ගෙනැවිත් දූෂකයින්ට කඩිනමින් දඩුවම් කරනු ඇතැයි ජනතාවට තැබූ මහා අපේක්ෂාව කඩවී ඇතැයි ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් සහ මහ නගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද  (7) පැවසීය.

ඒ දේ නොවීම පසුගිය කාලයේ සිදු වූ බරපතලම අඩුපාඩුවක් යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ හේතුවෙන් දූෂකයින් එඩිතර වී අනිත් අයට දඬුවම් නොදෙන්නේ ඇයිදැයි ප්‍රශ්න කරමින් සිටින බව ද පාඨලී චම්පික රණවක් මහතා කීවේය.

මෙම වසරේ දී රජයේ ප්‍රධානතම ඉලක්කයන් වී ඇත්තේ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සහ ආර්ථීක අභියෝග ජයගනිමින් රට සංවර්ධනය කරා ගෙනයාම යැයි ද ඇමතිවරයා කීවේය.

පාර්ලිමේන්තුව සෙනසුරාදා (9)  රැස්වන්නේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට නොව පවතින ව්‍යවස්ථාව අනුව එයට අවශ්‍ය සංශෝධන ගෙනඒම සඳහා තේරීම්කාරක සභාවක් පත්කිරීම වෙනුවෙන් බවද ඇමතිවරයා කීවේය.

අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ බත්තරමුල්ල, පන්නිපිටිය පාරේ පිහිටි ජාතික හෙළ උරුම මූලස්ථානයේ දී අද (7) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ප්‍රකාශක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ  , මධ්‍යම කාරක සභික හැඩිගල්ලේ විමලසාර හිමි  සහ බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී නිරෝෂා අතුකෝරළ, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් කථීකාචාර්ය අනුරුද්ධ ප්‍රදීප්, නීති උපදේශක නීතීඥ ටියුඩර් පෙරෙරා යන මහත්ම මහත්මීන් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

DSC_1630 DSC_1633



අදහස් (0)

‘දූෂකයන්ට දඬුවම් දීම ඉබි ගමනේ‘

රුචිර Friday, 08 January 2016 01:51 AM

කතා වලින් අපිට වැඩක් නැහැ (නි)

:       0       0

දුමින්ද Friday, 08 January 2016 01:54 AM

බිඳුනු ගල්ලෙන ජනතා හිස මත! (නි)

:       0       0

කැප්පෙටිපොළ Friday, 08 January 2016 02:34 AM

මොහු වැනි දේශපාලකයින් ගැන අපි තවදුරටත් විශ්වාසය තබන්නේ නැහැ (නි)

:       0       0

ජයන්ත Friday, 08 January 2016 03:49 AM

පාථලී මත්තයෝ එක බොරුවක් කිව්වහම ඒ බොරුව වහන්න තව බොරු සීයක් කියන්න වෙනව. තමුන්නාන්සෙලාට වෙලා තියෙන්නෙත් එයයි. (අ)

:       0       0

සේනක Friday, 08 January 2016 03:51 AM

මහින්දට තුරුල් වෙලා මහින්ද චින්තනය හදල රට කාබාසිනියා කරලා දැන් මෛත්‍රී/රනිල් ට තුරුළු වෙලා ඒකත් කාබාසිනියා කරන්න වගේ හදන්නේ. (අ)

:       0       0

අමා Friday, 08 January 2016 03:50 AM

බොරුව හා වෛරී සහගත ප්‍රකාශ වලින් යන්න පුළුවන් දුර කෙටි මහත්තයෝ (අ)

:       0       0

සත්‍යපාල Friday, 08 January 2016 04:51 AM

නිශාන්ත ශ්‍රී වර්ණසිංහගේ ඇමැතිකම නැතිවුනාට පස්සේ යහපාලනය නරකා.....යි. (බ)

:       0       0

සොපි Friday, 08 January 2016 04:53 AM

අපෝ ...!මෙයාගේ කතා විශ්වාස කරපු කාලේ ගියා....(බ)

:       0       0

ඔස්කා අර්වින් Thursday, 07 January 2016 08:06 PM

ලොකුම පුදුමය කියන්නේ, ඔය කියන ලොකු ලොකු දුෂකයෝ, මංකොල්ලකාරයෝ කියනවානේ "පුලුවන්නම් ඔප්පුකරන්න .." කියලා. ඒ කියන්නේ ඒ අය ඔය දුෂිත වැඩ කරලා තියෙන්නේ ආයේ කාටවත් හොයාගන්න බැරි වෙන්නද..? (නි)

:       0       0

සිල්වි Thursday, 07 January 2016 09:51 PM

පුලුවන්නම් ආණ්ඩුවෙන් එළියට බැහැලාම විරෝධය පාන්නකෝ (නි)

:       0       0

සිරිමල් Friday, 08 January 2016 05:19 AM

"මේ හේතුවෙන් දූෂකයින් එඩිතර වී අනිත් අයට දඬුවම් නොදෙන්නේ ඇයිදැයි ප්‍රශ්න කරමින් සිටින බව "- මේකනම් සහතික ඇත්ත. (ම)

:       0       0

රොක්සි Friday, 08 January 2016 01:14 AM

ආණ්ඩුව ජනතාව මෝඩයට අන්දවාගෙන කියලයි අපිට නම් මේ යන විදිහට තේරෙන්නේ (නි)

:       0       0

අහිංසා Friday, 08 January 2016 01:29 AM

හොඳ කතාවක්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 3189 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 2316 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 3169 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 3058 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 679 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1352 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36078 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24128 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 172 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 518 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site