IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


දූෂණයට එරෙහිව පාරට බැස්ස මිනිස්සුන්ට දඬුවම් දෙන්න එපා

(ෂේන් සෙනෙවිරත්න)

රට බංකොලොත් කළ රාජ්‍ය නිලධාරින් සහ දේශපාලකයන් නිදැල්ලේ සිටියදී ඒ බංකොලොත්භාවය නිසා තමන්ගෙ ජීවිත විනාශ වීම පිළිබඳව විරෝධය දක්වමින් පාරට බැස්ස ජනතාවට දඬුවම් කිරීම  අනුමත කළ නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මහනුවරදී පැවසීය.

ඒ මහතා ඒ බව අවධාරණය කර සිටියේ  මහනුවර ඩෙවෝන් හෝටලයේදී පැවති පාක්ෂික හමුවකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි එහිදී ඒ මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය .

වත්මන් ආණ්ඩුවේ අභියෝගය වන්නේ ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමයි. ඒ සඳහා මර්දනය නතර කළ යුතුයි. යම් කෙනකු නීතිය ඉක්මවා කටයුතු කරනවා නම් එය වැළැක්වීම සඳහා කටයුතු කිරීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නැහැ. සැමට එක හා සමානව යුක්ති සහගතව නීතිය ක්‍රියාත්මක විය යුතුයි.

මේ රට අගාධයට ගෙන යාමට මුල් වූ රාජපක්ෂවරු නැවත වතාවක් දේශපාලන කරළියට ඇවිත් කටයුතු කරන අයුරු දැනගන්න දැකගන්න ලැබෙනවා. නැවත වතාවක් තමන්ගේ දූෂිත චර්යාවන් කරගෙන යෑමට ඔවුන් උත්සාහ කරමින් සිටිනවා .

ඉදිරියේදී ගොඩනැගීමට නියමිත බහුපාක්ෂික හෝ සර්වපාක්ෂික ආණ්ඩුව දූෂිතයන්ගෙන් හා රාජපක්ෂවරුන්ගෙන් තොරව ගොඩනැගීමේ වගකීම ජනාධිපතිවරයාට පැවරෙනවා. එසේ නොවුණහොත් ඒ පිළිබඳව මූලික විශ්වාසය බිඳ වැටිය හැකියි .

රටේ ජනතාව බලාපොරොත්තු වන්නේ දූෂණ චෝදනාවට ලක් වූ සහ රට බංකොලොත් කිරීමට මැදිහත් වූ දේශපාලනඥයන්ගෙන් නිදහස් වූ රටක් . එසේ නොවුණහොත් රජය මොන ආකාරයක මර්දනයක් ගෙන ගියත් ජනතාව අරගලයට යොමුවීමයි .

 



අදහස් (7)

දූෂණයට එරෙහිව පාරට බැස්ස මිනිස්සුන්ට දඬුවම් දෙන්න එපා

ලලිත් අම්බලන්ගොඩ Sunday, 21 August 2022 12:03 PM

මම නම් ආගම ගැන තදින්ම විශ්වාස කරනවා.ඒ කියන්නෙ පින් පව් පලදෙන හැටි.මහජන දේපොල අත්පත් කර ගන්නා දේශපාලන හා දූෂිත රජයේ නිලධාරීන්ට අත්වන ඉරණම මම සියැසින් දැක තියෙනවා.ඒව පලදෙන්න ටිකක් කල්යයි.ඕකුන් එකෙක්වත් අපි තරම් සතුටින් ජීවත් වෙන්නෙ නැහැ.මම ඔය බොහෝ දෙනෙක් ඇසුරැ කරල තියෙනව. වෙන එකකට නොවෙයි,මුන්ගෙ වැඩ ගැන අද්දැකීම් ගන්න. මම මැදිහත් වෙලා අම්බලන්ගොඩ බොහෝ දේ නැවතත් ජනතාවට ආරක්ෂා කරල දීල තියෙනවා.මගේ ඊලග ඉලක්කය අම්බලන්ගොඩ තානායම.ඒක විනාශ කරල කෝට් 1000 කට වැඩි ඉඩම අත්පත් කරගන්න පොහොට්ටුවේ එවුනුයි,අලියි සමහර අපි නොසිතන දේශපාලකයොයි හවුල් වෙලා.ඉතිං මුන් ඔක්කොම දූෂතයි.ඒකයි මම තනියම අරගලයක් කරන්නෙ.පාඨලීගෙ මිනිස්සු ගැනත් මම හොදට දන්නව.විද්‍යා කියල කෙනෙක්.එයත් ඔය නිරෑපමාල වගේ තමයි.මේ කාගෙ මිනිස්සුද.මුං ඔක්කොම එකයි.මම නම් විශ්වාසය තියනනෙ ආගම දහම ගැන විතරමයි.අපි කවුරැත් අපි අපිම ස්වයංව පාලනය විය යුතුයි.ඒක හරිම පහසු දෙයක්.එතකොට වරදින්නෙ නැහැ.අපටත් හොදයි,රටටත් හොදයි.එහෙම නැත්නම් හොරැන්ට ඉතා තද දඩුවම් පැමිණ විය යුතුයි.එහෙම වෙන්නෙ නැහැ හොරැ ගැන කථා කරන්නෙත් හොරැම තමයි.හොරැ අල්ලන්න යන්නෙත් හොරැ..

:       0       0

Prase Sunday, 21 August 2022 12:41 PM

පාර්ලිමන්ට් එකේ රුපියලක්වත් හොරා නොකාපු බෝධිසත්වයා අනේ පව්. රටේ ජනතාව අදහන්න ඕනේ

:       0       0

fairoos Sunday, 21 August 2022 12:52 PM

රනිල්ගේ සිහිනය සැබෑ වුණ රටට කෙල වුණත් කමක් නෑ.

:       6       3

BamunuarachchiMonday, 22 August 2022 08:00 AM

ගම්මිරිස් හොයන්න ඇවිත් ආණ්ඩු හදන්න යනවා. ඒ කතාව හරියට වැස්සට ගොඩවෙලා උළුවහු වෙනස් කරන්න කතා කරනවා වගේ වැඩක්... අන්න බෝට්ටුව යන්න ආපු රටකට...

:       0       0

fickmich Sunday, 21 August 2022 01:10 PM

මිනිස්සු පාරට බැස්ස වෙලාවේ හැංගිලා බලන් ඉදලා දැන් එනවා ''බොරදියේ මාළු බාන්න'' නේද?

:       2       10

ruwan Sunday, 21 August 2022 02:23 PM

අර හප්පපු ළමයට සාධාරණයක් කරන්න. තවත් රට කන්න හදන්නේ නැතුව.

:       2       8

Bamunuarachchi Monday, 22 August 2022 07:57 AM

සාන්ත දාන්ත තීන්ත කූඩුවක් මේ කියන්නේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 2109 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 496 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 1011 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 5603 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 737 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 4485 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 297 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 596 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1727 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site