IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


දුෂණ පැමිණිලි ගඟට ඉනි කැපුවා වාගේ

රජය ජනතා විශ්වාසය ගණිකා වෘත්තියේ යොදවා ඇතැයි ‘දුෂණ විරෝධී හඬ’ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පැවසීය.

වංචාවට දුෂණයට තිත තබා ඒවාට සම්බන්ධ වූවන්ට දඬුවම් දෙන බව කියමින් බලයට පත්වූ රජය මේ වනවිට දඬුවම් කිරීම පසෙක තබා ඔවුන් ආණ්ඩුවේ කොටස්කරුවන් කරගෙන සිටින බවද ඔහු  සඳහන් කළේය.

පසුගිය කාලයේ සිදු වූ වංචා දුෂණ සම්බන්ධයෙන් දුෂණ විරෝධී හඬ සංවිධානය ද මෙම වසර තුළ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව, අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශ කොමිසම ආදී ආයතනයන්ට පැමිණිලි 170ක් පමණ කළ ද ඒවා සම්බන්ධයෙන් මෙතෙක් කිසිම ක‍්‍රියාමාර්ගයක් ගෙන නැතැයි ද ඔහු චෝදනා කළේය.

 පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පරීක්‍ෂණ නිමා කළ පැමිණිලි 40ක් පමණ මේ වන විට ඇතත් ඒවාට ක‍්‍රියාමාර්ග ගැනීමට ඇතැමුන් ඉඩ නොදෙන බව වාර්තා වී ඇතැයි ද වසන්ත සමරසිංහ මහතා කීවේය.

මෙලෙස ක‍්‍රියා කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවට විරෝධය පා මෙම මස 23 වැනි දා   කොළඹදී දැවැන්ත විරෝධතා පාගමනක් පැවැත්වීමට ද තම සංවිධානය කටයුතු යොදා ඇතැයි කී වසන්ත සමරසිංහ මහතා ඒ සඳහා සම්බන්ධ වන ලෙස යහපාලන ආණ්ඩුව පිහිටුවීමට එක්වූ සියලූ පාර්ශවයන්ට ආරාධනා කරන බව ද කියා සිටියේය.

_DSC0222 s

 

 



අදහස් (0)

දුෂණ පැමිණිලි ගඟට ඉනි කැපුවා වාගේ

දුමින්ද Thursday, 19 November 2015 09:23 AM

වගකීමෙන් නිදහස්වීම (ම)

:       0       0

දිලිප් Thursday, 19 November 2015 09:37 AM

කණගාටුදායක පුවතක්. ජනතාව වෙත බලාපොරොත්තු ඇති කර ඒ සදහා විධිමත් ක්‍රියාමාර්ග නොගැනීම තුළ නව යහපාලන දේශපාලනය කෙරෙහි ජන විශ්වාසය බරපතල ලෙස පළුදු වීමට මුලකි. (බ)

:       0       0

වින්සන්ට් Thursday, 19 November 2015 09:56 AM

ටිකක් ඉවසලා ඉන්න. විධායක ජනාධිපති ධුරයත් අහෝසි කරනතුරු. එහෙමවත් අපි හිත හදා ගනිමු.(ම)

:       0       0

විරාජ් Thursday, 19 November 2015 10:24 AM

දුමින්ද ඔබ මොකද්ද අදහස් කළේ වගකීමෙන් නිදහස් වීම කිවම, මං හිතන්නේ මේක හොද ප්‍රවනතාවයක්, පෙරලුන රජයෙන් මොකවත් කෙරුනෙත් නැහැ අලුත පත්වුන රජයට මුල ඉදලම ජනතා පීඩනය දැනෙන්න දෙන්න ඕන, දැන් ආණ්ඩුවේ ඉදන් හොරුන් රකින පිරිස හෙළි කරන්න ඕන, පරීක්ෂණ කටයුතු නිම කළ ෆයිල් තියාගෙන ඉන්නවලු නඩු දාන්නේ නැතුව, එහෙම වෙන්න දෙන්න බැහැ, මේවා ගැන විපක්ෂය ප්‍රශ්න කරන්න ඕන, අන්න එ්කයි වගකීම විපක්ෂයේ, අර කෝකටත් බුරන විපක්ෂය සැබෑ ජනතා ප්‍රශ්න ඉදිරිපත් කරනවා අපි දන්නේ නැහැ කවදාවත්. ජිනිවා මතුරනවා ඇරෙන්න (බ)

:       0       0

අතුල Thursday, 19 November 2015 11:46 AM

හැමදාම දූෂණ ඒත් වරදක් කරපු කෙනෙක් නෑ.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 2644 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2337 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2918 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5842 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1965 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6643 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18595 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 91 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 281 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site