IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


‘දූෂණ මර්දන කාර්යාලය ඵලක් ඇති වැඩක් කර නෑ‘ - රාජිත

(රංජන් කස්තුරි)

දුෂණ මර්දන කමිටු ලේකම්  කාර්යාලය අවුරුදු  එකහමාරක කාලයක්  තුළ රුපියල්  මිලියන 65ක මුදලක්  වියදම්  කර  ඇතත් ළුලක් ඇති  වැඩක්  කර  නැතැයි  කැබිනට්  සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති  රාජිත සේනාරත්න මහතා  කොළඹ රජයේ  ප්‍රවෘත්ති  දෙපාර්තමේන්තුවේ අද (12) පැවති කැබිනට්  තීරණ දැනුම් දීමේ  ප්‍රවෘත්ති  සාකච්ඡාවක දී  පැවසීය.
එම කමිටු  කාර්යාලයට  2016 වසරේදී  රුපියල්  මිලියන 12 ක මුදලක්  වෙන්කර  ඇතත්  එම වර්ෂයේ දී  රුපියල්  මිලියන 26 ක්  වියදම්  කර  තිබෙන බවද එහිදී  ඇමැතිවරයා  කීවේය.
දුෂණ මර්දන කමිටු  ලේකම්  කාර්යාලයේ  කාලය අවසන්  වු හෙයින්  එම කාලය තවදුරටත් දිර්ඝ නොකිරිමට  කැබිනට් මණ්ඩලය තීරණය කළේය.



අදහස් (23)

‘දූෂණ මර්දන කාර්යාලය ඵලක් ඇති වැඩක් කර නෑ‘ - රාජිත

ONE SRILANKAN Wednesday, 12 July 2017 12:10 PM

අනේ මහත්තයෝ අපි නම් මෝඩ මිනිස්සු... හුඟාක් දෙනෙක් කියන්නේ ඔය හොර අහුවෙයි කියලා මේක වහන්න කියලා ජනාධිපතිතුමා ගාව වැඳවැටෙනවා කියලා...

:       5       271

Anura Wednesday, 12 July 2017 12:23 PM

ජවිපයේ සහ රාජිතගේ අදහස් පරස්පරයි. ජවිපයේ කියන දේ නේද හරි?

:       57       163

Upul Wednesday, 12 July 2017 12:28 PM

ආණ්ඩුවත් මුකුත් කරලා තියෙනවද?

:       0       247

ONE SRILANKAN Wednesday, 12 July 2017 12:56 PM

මම යථාර්තයයි ලියන්නේ...අපහාස ලියන්නේ නැ.... බලන්න මම ලියන ඒවාට හැමදාම හොඳ ප්‍රතිචාර ලැබෙනවානේ...

:       318       19

raja Wednesday, 12 July 2017 01:23 PM

වැඩක් කළා නම් ඔය කෑ ගහන හුඟක් අයට ඉන්න වෙන්නේ පාර්ලිමේන්තුවේ නෙමෙයි. වැලිකඩ හරි බෝගම්බර හරි ..... තමයි.

:       0       68

De silva berlin Wednesday, 12 July 2017 01:26 PM

දූෂණ, මර්ධන කාර්යාලය හරියට වැඩකළානම් පාර්ලිමේන්තුව රැස් කරන්න වෙන්නේ දියවන්නාවේ නොවේ වැලිකඩ.. හේතුව අලුත් ආණ්ඩුවේ සිටින පුද්ගලයන්ගෙන් හරි අඩකට වැඩි ප්‍රමාණයක් සහ ඒකාබද්ධ විපක්ෂයෙන් වැඩි හරියක් හිරේ යන නිසා... ඉක්මණට ඕක වහලා දමන එක හොඳයි. නැත්නම් ඕකේ රැස් කරන විස්තර අඩංගු ලිපි ගොනු වැරදීමකින් වත් උසාවියට ඉදිරිපත් කළොත් වෙන්නේ පාර්ලිමේන්තුව වහන්න තමයි.

:       53       166

nadi Wednesday, 12 July 2017 10:18 PM

ඔබ හරි...ඇත්තටම පාර්ලිමේන්තුව රැස්කරන්න ඕන දියවන්නාවේ නොවෙයි...අංගොඩ. එෆ් සි අයි ඩී එකට හරියට වැඩ කරන්න දුන්නේ නැත්තේ...ඔය දියවන්නාවේ ඉන්න දුෂිත මි ගවයින්...

:       0       5

SL Wednesday, 12 July 2017 02:35 PM

ආණ්ඩුවෙනුත් මේ වනකම් මොකුත් වෙලා නැති නිසා එ්කත් අහෝසි කරලා දාමු !!!

:       0       250

buddika Wednesday, 12 July 2017 02:58 PM

ඔයාලට කොහොමත් මේවා හරියන්නේ නැහැනේ...

:       0       45

ajit Wednesday, 12 July 2017 03:15 PM

මේවා දකිනකොට ඇඟේ ලේ රත්වෙන එක විතරයි වෙන්නේ. අපේම සල්ලි කාබාසිනියා කරන එක විතරයි මේ අය කරන්නේ ...

:       0       105

Sameera Wednesday, 12 July 2017 03:53 PM

කෝ මේ එෆ්.සී.අයි.ඩී. එක මුකුත් කළාද? අරක කරන්නම්, මේක කරන්නම් කියලා හැමෝගෙන්ම අහන්න ඕනේ... විශේෂයෙන්ම ගෙවල් 5000 ක් හදනවයි කිව්ව එක ගැන....

:       0       5

godfrey Wednesday, 12 July 2017 04:47 PM

රටේ මෝඩ ජනතාව විසින් පත්කරගත් ‘දූෂණ මර්දන කාර්යාලය ' රටේ උත්තරිත කියන කැබිනට් මණ්ඩලය විසින් වහන්න තීරණය කිරීම ගැන කණගාටුයි...අනේ මෙහෙම රටක්

:       0       31

sam Wednesday, 12 July 2017 05:11 PM

මොකුත් නොකරනවා කියල අහෝසි කරනවා නම් මුළු ආණ්ඩුවම අහෝසි කරල දාන්න තියෙන්නේ

:       0       204

chathuri s d silva Wednesday, 12 July 2017 10:13 PM

ඔබටත් දුෂණ චෝදනා තියෙනවා...කි සැරයක් කට්ටි පැන්නාද...ආණ්ඩුවේ ලේබල් එක පෙන්නලා කට්ටි පැනීම කවදාහරි ඉවරවේවි..එදාට ...ඔය ජෝගි ඉවරයි....ඔබට ලැජ්ජාව කියලා එකක් නැති කෙනෙක්...එ්ත් ..අපිට ලැජ්ජයි...

:       0       46

sumudu Wednesday, 12 July 2017 11:50 PM

අර නීතිපති ගාව තියෙන නඩු ටික කවුද එව්වේ.

:       0       8

sanju Thursday, 13 July 2017 02:25 AM

ආණ්ඩුවේ හොරුන්ගේ හොර අහු වෙනවා. එතකොට ඉස්සෙල්ල ආණ්ඩුවේ හොරුන්ගෙත් හොර අහු වෙනවා. දැන් ඉතින් මේක වහල දානවා මිසක් වෙන ක්‍රමයක් නැහැ මෙව්වා වහ ගන්න. මෙහෙමත් රටක්.

:       0       5

Raveendra Thursday, 13 July 2017 02:34 AM

මෙම කාර්යාලය ගැන කතාකරනවට වඩා තම තමන් සිතිය යුත්තේ මහජන මුදල් හොරකම් කළ කිසිවෙකු යහතින් ජිවත් නොවුබවත් ජිවත් නොවන බවත්.තම දරුවන්ටත් මෙම මහජන දේපලවලින් යානොදෙනබව අතීතයේ ඕනෑතරම් උදාහරණ ඇත.

:       0       24

wedage Thursday, 13 July 2017 03:36 AM

ඔබ තුමාලා චන්දය තියල බලන්නකෝ මුකුත් කරලා නැත්ද කියල පෙනේවි

:       0       8

සෙනෙවි Thursday, 13 July 2017 03:50 AM

මෙයාට විරුද්ධවත් පැමිණිල්ලක් එතන තියෙනව නේද?

:       0       25

Chanak Los angeles Thursday, 13 July 2017 05:04 AM

අහෝ ලංකා

:       0       0

Deepal Nirosh Thursday, 13 July 2017 06:06 AM

මේ කියන්නෙ දූෂණ මර්දන කාර්යාලය පිහිටුවීමෙන් තමන් අපේක්ෂා කළ කාර්යය මෙතෙක් ඉටු නො වූ බවයි. දැන් දැන් තම තමන්ගෙ දූෂණ හෙළිවෙයි කියල ද මෙතුමාලා වහන්න හදන්නෙ? කලක දි රහ, කලක දි වහ.

:       0       0

බණ්ඩාර (කැකිරාව) Thursday, 13 July 2017 06:38 AM

මමනම් කියන්නේ දැනට දියවන්නේ ඇමති පුටුවල නිසි සේ සුව විදින සියලුම දෙනාගේ වත්කම් සහ බැංකු ගිණුම් ගැන මනා විමර්ශනයක් කිරීම කාලෝචිතයි. ඉන්පසු දුෂිත දේශපාලකයින්ට සිර දඩුවම් ලබාදී ,වංචා දුෂණ වලින් බැහැරවූ තරුණ උගත් නියෝජිතයන් පාර්ලිමේන්තුවට පත් කරමු.

:       0       0

de silva Friday, 14 July 2017 02:19 PM

"නරියන්ට කුකුල්ලු භාරදෙනවා" කියන්නේ මේකට තමයි... දූෂණ මර්ධනය කිරීමේ කාර්යාලයේ ඉරණම දුෂිත දේශපාලකයන්ට බාරදුන්නම ඔවුන් එ්ක අක්‍රිය කරන එක පුදුමයට කාරණයක් නොවේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කැටපොළෙහි ආරවුල මරණයෙන් අවසන් වෙයි
2025 අප්‍රේල් මස 20 153 0

ආණමඩුව වඩත්ත හල්මිල්ලෑව ප්‍රදේශයේ කැට පොළකදි ඇතිවු අරවුලක් දිග් ගැසිමකින් පොලු මුගුරු වලින් පහර දී තරුණයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු


ගැටුමකට මැදි වු අයෙක් පිහි පහරින් මරුට
2025 අප්‍රේල් මස 20 346 0

වැඩිමහල් සහෝදරයා අතදරා සිටි පිහියෙන් බාල සහෝදරයාගේ පාදයක් කැපී බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි ගෑන්ඩ්පාස් පොලිසිය කියයි.


‘කොකේන්‘සමඟ විදේශිකයා ගුවන්තොටේදී මාට්ටු
2025 අප්‍රේල් මස 20 473 0

රුපියල් විසි හතර කෝටි තිස් ලක්ෂයක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි විදේශීය ගුවන් මගියෙකු අද(20 ) අලුයම රේගු මත්ද


සිරි දළදා වන්දනාවට තවත් අතිරේක දුම්රිය දෙකක්
2025 අප්‍රේල් මස 20 204 0

සිරි දළදා වන්දනාවට සහභාගි වන බැතිමතුන්ගේ සංඛ්‍යාව ඉහළයාම හේතුවෙන් කොටුව හා මහනුවර අතර තවත් විශේෂ දුම්රිය දෙකක් ලබන 28 දක්වා ධාවනයට යෙදවීමට දෙපාර්තමේන


පාස්කු ඉරිදා අදයි
2025 අප්‍රේල් මස 20 266 0

කිතුනුවන්ගේ ශුද්ද වූ සතියේ අවසන් දිනය වන පාස්කු ඉරිදා අදට යෙදී ඇත.


අද වහින තැන් මෙන්න
2025 අප්‍රේල් මස 20 136 0

මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොලොන්නරුව, හම්බන්තොට සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනි තැන වැසි හෝ ගිගුරුම


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 282 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 245 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 404 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site