( සුමිත් පොතුපිටිය)
හෙරොයින් මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් සිය සැමියා මුදාහැරීම සඳහා කළුතර දකුණ දූෂණ මර්දන අංශ ස්ථානාධිපතිවරයාට රුපියල් ලක්ෂ තුනක අල්ලස් මුදලක් ලබාදීමට කටයුතු කළ බව කියන කාන්තාවක් අද(30) අත්අඩංගුවට ගත්බව කළුතර දකුණ පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර උතුර ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.
කළුතර දකුණ දූෂණ මර්ධන අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ටී ශ්‍රී රංගා මහතා හෙරෝයින් මත්කුඩු තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන පොලිසියට රැගෙන විත් තිබේ.
අනතුරුව සැකකරුට ඇඳුමක් ගෙන්වා ගැනීම සදහා ඔහුගේ බිරිඳට දුරකථන ඇමතුමක් ලබාගෙන ඇති අතර, ඇයද විනාඩි 20 කට පමණ පසුව පොලිසියට පැමිණ ඇතැයිද පොලිසිය කීය.
පසුව එම කාන්තාව සැකකරු නඩුවෙන් නිදහස් කරලෙන ලෙස ඉල්ලීමක් කර ඒ සඳහා ලක්ෂ තුනක මුදලක් දූෂණ මර්දන අංශයේදී එහි ස්ථානාධිපතිවරයට ලබා දීමට හැකි බවත් පවසා තිබේ.
එහිදී දූෂණ මර්දන අංශ ස්ථානාධිපතිවරයා මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතා දැනුවත් කිරීමෙන් අනතුරුව මුදල් ලබා දීමේදී සැකකරුගේ බිරිඳවද අත්අඩංගුවට ගත්බව පොලිසිය සඳහන් කරයි. සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාවින්ද පියසේකර සහ සහකාර පොලිස් අධිකාරී දුමින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි, මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතාගේ මෙහෙයවීමෙන් දූෂණ මර්ධන අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ටී ශ්‍රී රංගා මහත ඇතුළු නිළධාරීන් වැටලීම කර තිබේ.
ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ
ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා
ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස
තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත
මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත
ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
දුෂණ මර්ධන ස්ථානාධිපතිට අල්ලස් දෙන්න ගිය කත අත්අඩංගුවට