(සුජිත් හේවාජුලිගේ )
සමහර දිස්ත්‍රික්කවල කොවිඩ් ආසාදිතයන්ගේ යම් වැඩිවීමක් පෙනෙන්නට ඇතැයි කොරෝනා මර්දන රාජ්‍ය ඇමැතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ලංකාදීපයට පැවසුවාය.
මේ තත්වය සුළුවෙන් තැකිය නොහැකි බවද ඇය සඳහන් කළාය.
අම්පාර දිස්ත්‍රික්කයේ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ සමහර ප්‍රදේශවලද ආසාදිතයින්ගේ යම් වැඩිවීමක් දක්නට ඇතැයි පැවසූ විශේෂඥ වෛද්‍යවරිය ජනතාව මූලික සෞඛ්‍ය නීතිවලට අනුගතව කටයුතු නොකළහොත් ආසාදිතයන් සංඛ්‍යාව තවත් වැඩිවිය හැකි බවද පෙන්වා දුන්නාය.
දැනට ආසාදිතයන් සංඛ්‍යාව පවතින්නේ පන්සියයේ මට්ටමේ බවත් ජනතාව සෞඛ්‍ය නීති අනුගමනය නොකළහොත් එම සංඛ්‍යාව 1500 ක් දක්වා වැඩිවීමට වැඩි කාලයක් ගත නොවනු ඇති බවත් සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළාය.
වයිරසය පැතිරීම මැඩපැවැත්වීම සඳහා මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ගවල සඵලතාවය බොහෝ දුරට රඳාපවතින්නේ පුද්ගල හැසිරීම් මත බවද ඇය කීවාය.
ජනතාව සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව ඇති කරුණු නොසලකා හැරීමෙන් කොවිඩ් අර්බුදය තවත් උග්‍ර විය හැකි බව පැවසූ රාජ්‍ය ඇමැතිවරිය නිවෙස්වලින් පිටතට යන අවස්ථාවලදී මුව ආවරණ පැළඳීම ඇතුළු මූලික සෞඛ්‍ය නීති අනුගමනය කිරීම දිගටම කළ යුතු බවද පෙන්වා දුන්නාය.
ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දිස්ත්‍රික් කීපයක කොරෝනා ඉහළයයි
Nuwa Wednesday, 03 November 2021 05:42 PM
නිවසින් පිටතට යද්දී මාස්ක් දාගෙන වැඩට යන්න ගියාම කෝච්චිවල පෙට්ටි අඩු කරලා තිබුණාම කොරෝනා අවදානම අඩු වෙනවා කියලාද එතකොට මේ ආණ්ඩුව කියන්නේ...? අපි පිළිගත්තා එහෙනම්...!
fairoos Wednesday, 03 November 2021 06:21 PM
කොරෝනාවත් ගරානාවක් කරගත් ආණ්ඩුවක් මේක...