IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


දොස්තරට අරියාදු

තඹිබෝව  ග්‍රාමීය රෝහල පසු ගිය 27 වැනිදා සිට වසා දැමීම නිසා  ගම් 15 ක ජනයාට බෙහෙත් ගැනීමට  තැනක් නැතී වී තිබේ. වෛද්‍යවරයා  සිය මංගල උත්සවය සදහා නිවාඩු ගොස් නැවත පැමිණෙද්දී   යම් කිසිවකු ඔහුගේ නිළ මිනිස් මළ ප්‍රහාරයක් හා ඇසිඩ් ප්‍රහාරයක්  එල්ල කර නිළ නිවසේ දොරවල් කඩා දැමීම නිසා  වෛද්‍යවරයා  සිය බඩු මුට්ටුද රැගෙන රෝහලින් පිටත්ව ගිය බව ගැමියෝ කියති. මෙතෙක් කිසිදු වෛද්‍යවරයකු රෝහලට එවා නැත. මේ පිළිබඳව වයඹ පළාත්  සෞඛ්‍යෙස්වා  අධ්‍යක්ෂ ආර්.එම්.එස්.කේ. රත්නායක මහතා  කියා සිටියේ මෙම රෝහලේ ප්‍රශ්නය පිළිබඳව පරීක්ෂණයක් සිදුවන බවයි.



අදහස් (0)

දොස්තරට අරියාදු

ඩොකී Thursday, 06 June 2013 11:37 PM

රංජනී, කොම්පියුටර් එක ඉස්සරහ ඉදගෙන මෝඩ කතා කියන්නේ නැතුව ලංකාවේ ග්‍රාමීය රෝහල් වලට ගිහින් බලන්න ඒවායේ තත්වේ. එතකොට තේරෙයි තමන් කියන කතා වල තරම (නි)

:       0       0

සෑම් Tuesday, 04 June 2013 07:41 PM

එතකොට මෙච්චර වෙලා උදේ හවස රෑ විවේකයක් නැතිව ලෙඩ්ඩු බලලා තියෙන්නේ මේ දොස්තර මහත්තයාද? වැරැද්ද සෞඛ්‍ය අමාත්‍යංශයේ.... ගම් 15කට අඩු තරමේ වෛද්‍යවරු 3න් දෙනෙක්වත් සිටිය යුතුයි නේද? වෛද්‍යවරයාට කෘත ගුණ නොදැක්වූ වනචාරීන්ට මුලින්ම දඬුවම් දියයුතුයි. දෙවනුව රෝහලේ පහසුකම් වැඩිකර වෛද්‍යවරු තුන් දෙනෙක්වත් ලබා දියයුතුයි.. (නි)

:       0       0

අචිනි Tuesday, 04 June 2013 08:16 PM

බැරිද කොන්දොස්තර කෙනෙක් යවන්න? (නි)

:       0       0

නීල් Tuesday, 04 June 2013 01:39 PM

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ රෝහලේ ප්‍රශ්නය හොයන එක හොඳයි. හැබැයි ඊට කලින් රජයේ දේපළ වලට හානිකළ අය අත්අඩංගුවට ගන්න. (නි)

:       0       0

වරුණ Tuesday, 04 June 2013 01:43 PM

තබ්බෝවට ටිකක් අපලයි වගේ. තම ජීවිතයේ වැදගත්ම කටයුත්තට ගිහින් ආපු මනුස්සයට ඔහොම සලකන එක වැරදියි නේද? පුලුවන්නම් අර ග්‍රාම සේවක නෝනටත් දුරකතනයෙන් සද්දේ දාපු වන ජීවී මහත්තුරුන්ට ගහමුකෝ බලන්න අසූචි බාල්දියක් කොන්දක් තියේනම්.(නදී)

:       0       0

උපාලි Tuesday, 04 June 2013 01:41 PM

අපට තේරෙන හැටියට එතුමා බැහැරව සිටි කාලයට වැඩ බලන්න කෙනෙක් ඉඳල නැහැ. ඒ නිසා හදිස්සි කාරයෙක් තමන්ගේ කෝපය පිටකෙරුව නිල නිවසට අලාභ කරලා. දැන් සෞඛ්‍ය සේවා අධ්‍යකෂට ප්‍රශ්නෙකුත් නැහැ. දොස්තර මහත්තයට ප්‍රශ්නෙකුත් නැහැ. හොරාට ප්‍රශ්නෙකුත් නැහැ. විඳවන්නේ දුප්පත් ගැමියෝ. (නදී)

:       0       0

ඩොක් Tuesday, 04 June 2013 08:36 PM

සිද්දිය දන්නැතිව කට තිබුණු පලියට ප්‍රතිචාර කරන්ඩ එපා. ඔය වගේ ගෑනියෙක් තමා ඔය සිද්දි වලට මුල් උනේ.(නදී)

:       0       0

දයා අළහකෝන් Tuesday, 04 June 2013 01:59 PM

ගම්වල ඉන්නවා අශීලාචාර කොටසකුත් (නි)

:       0       0

ජ.හේරත් Tuesday, 04 June 2013 02:14 PM

මිනිසුන්ට එපා නිසානේ එහෙම කරලා තියෙන්නේ. වහලම දාන්න තියෙන්නේ තේරෙන්නත් එක්කම (නි)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 04 June 2013 02:16 PM

දොස්තර මහතා සාධාරනයි. වැරදිකරුවන්ට දඩුවම් කළ යුතුයි (නි)

:       0       0

අසේල Tuesday, 04 June 2013 09:52 PM

පේන විදියට මේ දොස්තර මහතා තනිවම හිටපු රෝහලක්.ගමේ මිනිස්සු දැනගන්න ඕනෑ දොස්තර මහතාගේත් නම්බුව රකින්න.පෙනෙන විදියට කඩාකප්පල්කාරී වැඩක් (නි)

:       0       0

සුජාන් Tuesday, 04 June 2013 02:30 PM

පරීක්ෂණ,පරීක්ෂණ, පරීක්ෂණ. මේ රටේ කරපු පරීක්ෂණ වල හැටියට විසදුම් ලැබුනා නම් මෙලහකටත් මේ රට කොහොම තැනක තියෙයිද? (නදී)

:       0       0

මහේෂ් Thursday, 06 June 2013 06:37 AM

රන්ජනී, මෙතන කතා කරන්න කලින් හරියට දැනගෙන කතා කරන්න. ග්‍රාමීය රෝහලක ඉන්නේ එක දොස්තර කෙනෙක් විතරයි. ඒක නිසා වැඩ බාර දීල යන්න වෙන දොස්තර කෙනෙක් ඇත්තේ නැහැ. ඒක නිසා ඒ වගේ වෙලාවට එතනට වෙන දොස්තර කෙනෙක් දාන එක කලාප සෞඛ්‍ය අධ්‍යක්ෂක කාර්යාලයෙන් වෙන්න ඕන දෙයක්. ඒකට දොස්තරට කරන්න පුළුවන් දෙයක් ඇත්තේ නැහැ. එහෙම නැහැ කියල ඔයා කියන්නේ දොස්තරට තමන්ගේ මංගල උත්සවෙත් නවත්තල දාල කෙලෙහි ගුණ දන්නේ නැති ගමේ උන්ට පින් බෙහෙත් දිදී ඉන්න කියලද? දොස්තරලා කියන්නෙත් මිනිස්සු මිසක් වහල්ලු නෙවෙයි. අනික දොස්තරලා ඕන තරම් ඉන්න ඇති තරම් පහසු කම් තියෙන එංගලන්තේ තියෙන ලොකු ඉස්පිරිතාලත් එක්ක තනි දොස්තර කෙනෙක් ඉන්න අඩු පහසු කම් තියෙන ග්‍රාමීය රෝහලක් සංසන්දනය කරන්න එපා. (නදී)

:       0       0

අමිල Tuesday, 04 June 2013 02:37 PM

නිළ මිනිස් මළ ප්‍රහාරත් තියෙනවද දැන්?(නදී)

:       0       0

කුමාරසිරි Tuesday, 04 June 2013 02:43 PM

තබ්බෝවට යවන්න ඕනෑ. පශු වෛද්‍ය කෙනෙක්ව දාන්න ඉන්න හරක්ට බෙහෙත් දෙන්න (නි)

:       0       0

රංජනී Tuesday, 04 June 2013 10:21 PM

ඩොක්, ඔයාට වැරදීමක් මම ගැහැනියක් තමා. හැම ගැහැනියක්ම එක වගේ නැහැනේ .මතකද පහුගිය කලෙක පත්තරේ තිබුන මංගල ඇදුම පිටින් ප්‍රවෘර්ති කියන්න ගිහින්. ගැහැනුන්ට අපහාස කරන්න එපා ! ඔයාගේ අම්මත් ගැහැනියක් නේද ? මම කීවේ එංගලන්තේ (මෙහෙ) නීතිය. මෙතන තියෙන්නේ ගැහැණිගේ වරදක් නෙව්නේ දොස්තරගේ වරද. ඔයාට වල්ගේ පෑගිලා.(නදී)

:       0       0

ෆවුල් Thursday, 06 June 2013 07:56 PM

රන්ජනී, එංගලන්තේ කොහොමද මේකට සමාන කරන්නේ? බටහිර රටවල කෙනෙක්ගෙන් බෙහෙත් ගන්න , ශල්‍යකර්ම කර ගන්න කොච්චර බලන් ඉන්න ඕනෑද. කැනඩාවේ සමහර වෙලාවට කොච්චර අමාරු වුනත් සුමානයක් විතර බලන් ඉන්න ඕනෑ. මෙහෙ වගේ නිකන් පාමසියකට ගිහින් බෙහෙත් ගන්නත් බැහැ. (නි)

:       0       0

ජෙෆ් Wednesday, 05 June 2013 12:39 AM

අපි නම් සිද්ධිය දන්නේ නැහැ. අනේ දොස්තර මහත්තයෝ, අසරණ ලෙඩ්ඩුන්ට බෙහෙත් කරන ගමන් ඔය කියන කෙනාට පිස්සු බලු එන්නත විද්දා නම් ? (නි)

:       0       0

කුමාරිහාමි Tuesday, 04 June 2013 04:23 PM

පරණ පෙම්වතියගේ වැඩක් වෙන්න ඇති. දොස්තර එයාට බූට් එක තියලා වෙන කෙනෙක් ලොකු දෑවද්දක් එක්ක බදින්න ඇති.(නදී)

:       0       0

රංජනී Tuesday, 04 June 2013 04:41 PM

වෙන දොස්තර කෙනක් පත් කරලනේ මගුල් කන්න යන්න ඕනා. ලෙඩ්ඩු මැරුණද දන්නේ නැහැ.(නදී)

:       0       0

මුතුකුඩ Wednesday, 05 June 2013 02:34 AM

රංජනී මේක සෑහෙන බොන්න ඕන ප්‍රශ්නයක්.(නදී)

:       0       0

ප්‍රභාත් Tuesday, 04 June 2013 05:10 PM

රංජනී , තාම බදින්න බැරි වුනා නේද ? (නි)

:       0       0

චන්ද්‍රා Tuesday, 04 June 2013 05:21 PM

කෝ මේ ඇමතිතුමා? (නි)

:       0       0

පෙරේරා Wednesday, 05 June 2013 07:19 AM

වෙන මොකක් හරි මංගල්ලෙකුත් ඔතන ඇති කියලා මට හිතෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බ්‍රිතාන්‍ය රණකාමියාගේ අළු ත්‍රි’මලේ මුහුදේ පා කරයි
2024 සැප්තැම්බර් මස 29 172 0

1956/1958 වකවානුවේදී එවකට ලොව දෙවන විශාලතම නාවික හමුදා කඳවුර ලෙස සැලකුණු ත්‍රීකුණාමලයේ ස්ථාපිත HMS Highflyer නමැති නාවික හමුදා කඳවුරේ වරාය සංඥා නිලධාරී ලෙස කටයුතු


උඩරට මැණිකේට අසූචී ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 476 0

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ දෙවන පන්තියේ මැදිරියකට අසුචී ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් නානුඔය දුම්රිය ස්ථානයේ නි


මාලඹෙි වෙල්යායක හිස නැති සිරුරක්
2024 සැප්තැම්බර් මස 29 371 0

මාලබේ තුන්අදහේන නිර්පලාහේන ප්‍රදේශයේ වෙල්යායක තිබී හිස නැති මිනිස් ශරීරයක් අද (29) දින උදෑසන හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.


මිනුවන්ගොඩ සැලොන් හිමිකාරිය අත්අඩංගුවට ගන්න යළි නියෝග
2024 සැප්තැම්බර් මස 29 292 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසුව කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය මග හරිමින් සිටින මිනුවන්ගොඩ රූපලාවණ්‍යාග


පොහොට්ටුවෙන් තරුණයන්ට වැඩි අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 29 199 0

ශ්‍රී ලංකා පොදුජන මහ මැතිවරණයට නාමයෝජනා දීමේදී තරුණයින්ට, පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයින්ට වැඩි අවස්ථාවක් දීමට කටයුතු කරන බව එම පෙරමුණේ ජාතික සංව


සජබ- එජාප එකතුව නොකෙරෙන දීගයක් වෙයි
2024 සැප්තැම්බර් මස 29 1120 3

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතු කිරීම සඳහා පැවැත්වෙන සාකච්ඡා සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කරනු ලැබූ ප්‍රධාන කොන්දේසි දෙකක් හේතුවෙන් ඉදිර


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38015 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25035 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 782 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 282 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site