IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


දොස්තරට ඇප

දිවුලපිටිය බල්ලපානෙදි මෝටර් රථයක් පදවා යතුරු පැදියක් අනතුරට ලක් කරමින් දෙදෙනෙකුට බරපතල තුවාල සිදු කළැයි රාගම රෝහලේ දිල්හානි වීරකෝන් වෛද්‍යවරියට මිනුවන්ගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් ශිලනි චතුරන්ති පෙරේරා මහත්මිය රුපියල් ලක්ෂයක ශරීර ඇප නියම කළාය.

නඩු විභාගය අවසන් වන තුරු රියදුරු බලපත්‍රය අත්හිටුවීමට ද නියෝග කළාය



අදහස් (0)

දොස්තරට ඇප

රොමේෂ් Tuesday, 11 October 2016 02:34 PM

බීල පදවලා වරද පිළිගත්තා නම් රියදුරු බලපත්‍රය අතේනේ (නි)

:       0       0

තිළිණ Tuesday, 11 October 2016 02:45 PM

හරි වැරැද්ද කාගේද කියලා දන්නෙ නැහැ. හැබැයි අද කාලෙ ගොඩක් මෝටර්සයිකල් පාරෙ යන්නෙ තමන්ගෙ ජීවිතේ වගකීම අනුන්ට දීලා (නි)

:       0       0

රොෂාන් Wednesday, 12 October 2016 09:25 AM

ආයේ කතා දෙකක් නැහැ චැනල් සෙන්ටර් එකට එන්න තියන හදිස්සියට දොස්තර නෝනා අධික වේගයෙන් කාරෙක පදවන්න ඇති. එක දවසක් හවස් වරුවක මම මගේ වාහනයේ තරමක රථය පදවන අතරතුර මා පසුපසින් හෝන් ගසමින්, ලයිට් ගසමින් හදිස්සිකාරයෙක් ආවා. ටික වෙලාවකින් ඔහු මාව ඉස්සර කරද්දී තමයි දැක්කේ. ඔහුගේ කාරෙකේ ඉදිරියේ තියන රතු කුරුසේ. චැනල් සෙන්ටර් එකේ ලෙඩ්ඩු ගැන හිතලා එතුමා හදිස්සි වුණා කියලා මට හිතුන නිසා ඒ වෙලාවේ මට තරහා ගියේ නැහැ. (අ)

:       0       0

කුමාර Wednesday, 12 October 2016 09:50 AM

මේ සිද්දිය මුල ඉදලම දන්න කෙනෙක් මම. අනතුර වෙලා ඉන්නෙ මම අදුනන දෙන්නෙක්. එක්කෙනෙක්ගෙ අත කැඩිල. අනිත් කෙනා තාමත් අයිසීයු . හුගක් අමාරුයි. මේ අනතුර වූ වෙලවෙ ඉදලම වෛද්‍යවරයා පොලීසියට බලපෑම් කලා. පස්සෙ බොරු අමාරුවක් පෙන්නල මීගමුව රෝහලට ඇතුළු වුණා. ඊටත් පස්සෙ පොලීසියේ ඒ.එස්.පී. කෙනෙක් මාර්ගයෙන් සිද්දිය යටගහන්න හැදුව. යලුවො දෙන්නගෙ වාසනවට මේක උසාවියට දැම්ම. මේ සිද්දිය අහින් දැකපු සක්ෂි 3ක් ම තියනව. අපි බලගෙන ඉන්නෙ නිතියේ සාධාරනය ඉටුවෙනතුරු. (අ)

:       0       0

ධම්ම Tuesday, 11 October 2016 05:32 PM

එන්නකෝ ඉස්පිරිතාලෙට කියලා දොස්තර නෝනා මුමුණන්න ඇති. (නි)

:       0       0

කෙවින් Tuesday, 11 October 2016 09:22 PM

සමාජ තත්වය රැකගැනීමට සුක්කානම අතට ගන්නා දොස්තර කාන්තා රියදුරන් ගැන ඉතාම තද ක්‍රියාමාර්ග ගතයුතුයි. (නි)

:       0       0

සුසිල් Tuesday, 11 October 2016 11:18 PM

අපෝ ඕක අල්ලල දාන්න. නැත්නම් දොස්තර සංගමය වර්ජනය කරයි. ඒගොල්ලො කියලා තිබුනෙ ඒ අය විශේෂිත වෘත්තිකයෝ කියලා. (නි)

:       0       0

එඩ්වඩ් Saturday, 15 October 2016 02:44 AM

දොස්තර වුණත් නීතිය එකයි (නි)

:       0       0

සජී Saturday, 15 October 2016 02:44 AM

කවුරු වුණත් කමක් නැහැ. දඬුවම් දෙන්න (නි)

:       0       0

කෝනාර Wednesday, 12 October 2016 01:27 AM

හදිසි අනතුරක් යනු හදිසි අනතුරකි. එය ඕනෑම කෙනෙකු අතින් ඕනෑම අවස්ථාවක සිදුවිය හැකි නිසා තමයි වාහනයක් පාරට දැමිමට පෙරම රක්ෂණ කියලා දෙයක් මාසිකව ගෙවන්නට හැමෝටම නීතියෙන් නියම කර ඇත්තේ. (නි)

:       0       0

රොකී Wednesday, 12 October 2016 01:37 AM

සුසිල් මහත්තයෝ, මම මේ ඔය කතාවම කියන්න හැදුවා විතරයි. දොස්තර සංගමය හිතන්නේ ඒගොල්ලෝ අලිවංශයේ වර්ගයක් කියලයි. මගෙත් ළමයෙක් ඉන්නවා දොස්තරියක්. ඒ වුණත් මට දැන් හිතෙනවා පිටරටින් දොස්තරලා රටට ගෙන්න ගත්තා නම් වඩා හොඳයි කියලා (නි)

:       0       0

සංජීව Thursday, 20 October 2016 03:42 PM

මේ සිද්දියේ ඇත්ත නොදන්නා බොහෝ අය ප්‍රතිචාර ලියනවා .එත් මම එතන හිටියේ කඩේක .මම දැක්ක සිද්දුණුදේ. ඒ ඇන්ටිගේ කාර් එක නවත්තල තිබුනේ .250 වර්ගයේ බයික් එකක් ඇවිත් වේගයෙන් එකේ හැපුනා .එත් එක්කම ඒ ඇන්ටි ඒ අයියලව රෝහලට යවල එයත් ගිහින් ඒ අයියාලට උදව් කරලා තියෙනවා. එත් මේ ප්‍රතිචාර දන්න අය දන්නේ නැ ඇත්ත. දොස්තර කෙනෙකුට කවදාවත් අනතුරකදි ලෙඩෙකුට බේත් කරන්න හිතෙන එකක් නැ (අ)

:       0       0

සමන් Wednesday, 12 October 2016 02:02 AM

දොස්තර වුණත් කවුරු වුණත් හදිසි අනතුරක් සිදුවිය හැකිය. මෙය පටු විදියට බලන්නේ ඇයි කියන එකයි ප්‍රශ්නය. තවම කිසිම සංගමයක් මෙයට මැදිහත් වෙලත් නැහැ. නැති ප්‍රශ්නයක් ඇති කිරීමට සමහරුන් උත්සාම කරන බවයි සමහර අදහස් දැක්කම පේන්න‍ෙ (නි)

:       0       0

නීල් Wednesday, 12 October 2016 02:04 AM

රියදුරු බලපත්‍රය අත්හිටුවලා, ඇපත් නියම කරලා. පුද්ගලික දෙයක් නිසා කිසිම සංගමයක් මැදිහත් වෙලත් නැහැ. ඒත් සමහරු ලියලා තියෙන කතා...? අනේ මන්දා! රට කොයිබටද? (නි)

:       0       0

රම්‍යා Wednesday, 12 October 2016 02:05 AM

දොස්තරවරුන් ගැන වෛරයකින් මෙතන අදහස් දමා ඇති බව පෙනේ. මෙය කා අතින් වුවද සිදුවිය හැකි රිය අනතුරකි. අවදානම යනු එයයි. ඒකයි රක්ෂණයක් තියෙන්නේ (නි)

:       0       0

සම්පත් Wednesday, 12 October 2016 02:07 AM

මෙතන අදහස් දක්වා ඇති සමහරුන් මෙම සිද්ධිය ගැන නොව දොස්තරවරු ගැන පැහැදිලි ඊර්ෂ්‍යාවකින් අදහස් දමා ඇති බව තේරෙනවා (නි)

:       0       0

රසිකා Wednesday, 12 October 2016 02:12 AM

ධම්ම, නම හොඳ වුණාට ඔයාගෙ අදහස් නම් හරිම කැතයි. අද වෙන කෙනෙකුට වුණාට හෙට ඔයාගෙ අතින් හදිසි අනතුරක් විය හැකියි කියලා හිතේ තියාගෙන කටයුතු කරන්න. (නි)

:       0       0

සජී Wednesday, 12 October 2016 02:52 AM

එය හදිසි අනතුරක්. මේ අත් දෙකෙන් කොපමණ ජීවිත බේරාගෙන ඇද්ද? (නි)

:       0       0

නන්දනී යටවර Wednesday, 12 October 2016 03:15 AM

සජී, ඒත් සමහර බවලත් උදවිය බැරි දේවල් කරන්න හදනවා වැඩියි. (නි)

:       0       0

සමන්ත Wednesday, 12 October 2016 03:27 AM

ධම්ම කියන කෙනාට මට හිතෙන්නේ නම මූසිල කියලා දැම්මා නම් හොඳයි කියලා (නි)

:       0       0

නිහාල් Wednesday, 12 October 2016 03:36 AM

පාරේ වාහන වැඩියි. එක්කෝ ත්‍රීවීල් අඩුකරන්න හෝ නැතිකරන්න. ඔක්කොම පාරේ. (නි)

:       0       0

සජී Wednesday, 12 October 2016 03:41 AM

නැහැ නන්දනී ගැහැණුකම කිසිම දෙයකට බාධාවක් නෙමයෙි. දවසකට කොච්චර නම් පිරිමි අය අතින් රිය අනතුරු වෙනවද එහෙනම් (බ)

:       0       0

ධම්ම Wednesday, 12 October 2016 05:28 PM

රසිකායි සමන්තයි ලංකාවේ අය නොවෙයිද? කරුණාකර කුමාරගේ ප්‍රකාශය කියවන්න. මේක තමයි ලංකාවේ බොහෝ දෙනෙක් මෙවැනි සිද්ධියකදී හැසිරෙන විදිය. මා කිව්වේ මේ වගේ අය හිතන විදිය. (නි)

:       0       0

යමුනා Wednesday, 12 October 2016 04:55 AM

සිංහල සමාජයේ කුහකකම, ඊර්ෂ්‍යාව මොනවට පැහැදිලි වන අදහස් ටිකක් කියෙව්වෙමි. නන්දනී යටවර මහත්මිය සහ අනෙකුත් කුහක අදහස් ඇත්තනි, බලන් කඩතුරා හැර දෑසේ! (නි)

:       0       0

වසන්ත Wednesday, 12 October 2016 05:00 AM

හදිසි අනතුරු කලින් සැළසුම් කරලා සිදුවෙන්නේ නැහැනේ (නි)

:       0       0

අරුණ Wednesday, 12 October 2016 05:00 AM

දොස්තරලාද මනුෂ්‍යයෝය. වැරදි සිදුවෙන්නේ මිනිසුන් අතිනි (නි)

:       0       0

අස්ලාම් Wednesday, 12 October 2016 05:00 AM

මේ හින්දා අපේ මුස්ලිම් රටවල වාහන පදවන එක කාන්තාවන්ට තහනම්. අන්න එහෙම කළා නම් හරි. (නි)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 12 October 2016 05:10 AM

මෙහි වරදකරු කවුද යන්න තිරණය කර නැත. නඩු විභාගය අවසන් වනතුරුයි රියදුරු බලපත්‍රය අත්හිටුවීමට තිරණය කර ඇත්තේ. මෙය සාමාන්‍යයෙන් සිදුකරන දෙයක්. කවුරු කළත් මෙය හදිසි අනතුරක් විනා සැළසුම්සහගතව කරන ලද මිනිමැරුමක් නොවේ. (නි)

:       0       0

නසීර් Wednesday, 12 October 2016 05:12 AM

අස්ලාම්, ඔයාගෙ රටේ හදිසි අනතුරු වෙන්නෙම නැතුව ඇති නේද? මොකක්ද රට? අපිටත් දැනගනන් කියන්නකෝ. (නි)

:       0       0

ගයානි Wednesday, 12 October 2016 05:14 AM

හදිසි අනතුරු, අවදානම, රක්ෂණය වැනි වචන වල තේරුම නොදන්නා බොහෝ පිරිසක් අපේ රටේ සිටිනා බව මා හට හැඟේ. (නි)

:       0       0

හර්ෂ Wednesday, 12 October 2016 05:21 AM

අපේ රටේ මාර්ග නීති පිළිපැදිය යුත්තේ වාහන පදවන්නන් පමණක් යන අදහස බොහෝ පදිකයින්ට ඇති බව පෙනේ. ඔවුන් සිත්නනේ වාහනයක්ද පයින් යන අයෙකුට මෙන් එක්වරම නැවැත්විය හැකියි කියාය. ඔවුන් පාර පනින්නේද එසේ සිතාගෙන යැයි පෙනේ. රියදුරන් මෙන්ම පදිකයින්ද මාර්ග නීති පිළිපැදිය යුතුවේ. (නි)

:       0       0

සෑම් Wednesday, 12 October 2016 05:21 AM

දොස්තර කිව්වහම අපේ අය කුලප්පු වෙන්නේ මොකද කියලා හිතාගන්න බැහැ. ඒ වුණාට හෙම්බිරිස්සාවක් හැදුනත් දුවන්නේ දොස්තර ළඟට. දොස්තරලා නොහිටියා නම් මේ රටේ ජනගහණය මෙයින් බාගයටත් වඩා අඩුවෙලා මෙලහකටත්. කරුණාකර වෘත්තියේ ගෞරවය ආරක්ෂා කරන්න ඉගෙනගන්න. පුද්ගලික කෝන්තර අමතකකර සමස්තයක් ගැන හිතන්න. (නි)

:       0       0

ඉන්දික Wednesday, 12 October 2016 05:24 AM

අතුරු පාරවල රැක සිට ස්ත්‍රින් රිය පදවාගෙන එනවිට උවමනාවෙන්ම සුළු අනතරු කරගෙන මුදල් කඩාගන්නා අයද මේ ලංකාවෙ සිටිති. (නි)

:       0       0

නන්දනී යටවර Wednesday, 12 October 2016 05:25 AM

යමුනා, ඔයා ඊර්ෂ්‍යාවෙන් පීඩිතවෙලා කියලයි මට පෙනෙන්නේ. හරිදේට හරි කියන්න. වැරදිදේට වැරදියි කියන්න (නි)

:       0       0

ගිහාන් Wednesday, 12 October 2016 05:32 AM

දොස්තර කෙනෙක් වුණාම මිටවඩා වගකීමෙන් කටයුතු කරන්න ඕනෑ (නි)

:       0       0

ඉසුරන්දි Wednesday, 12 October 2016 05:33 AM

අනතුරු කියන දේ අප කා අතිනුත් සිදුවිය හැක. එය වළක්වා ගැනීමට තමයි කවුරුත් අවධානය යොමුකළ යුත්තේ.දෙයක් වුණාට පසු අරයටයි මෙයාටයි දොස් පැවරීම වැඩකට නැති දෙයකි. (නි)

:       0       0

සමරනායක Wednesday, 12 October 2016 05:59 AM

තුවාල වුන පිරිසට වන්දියක් දුන්නා නම් නේද හොඳ?(හේ)

:       0       0

ඩිලාන් Friday, 14 October 2016 03:57 PM

කවුරු වුණත් කමක් නැහැ. ඇත්ත ඇතිසැටියෙන් කිවයුතුයි. (නි)

:       0       0

සේපාලි Wednesday, 12 October 2016 06:17 AM

කෙවින් ඔයාල කොහොමත් ගෑණු අය එළවනවට කැමති නෑ අපිට පේනවා පිරිමි පාරෙදිත් ගෑණුන්ව පාලනය කරන හැටි (බ)

:       0       0

සුජිත් Wednesday, 12 October 2016 06:38 AM

වැරැදි වෙනවා මිනිස්සු අතින්. හිතලා කරන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්.(හේ)

:       0       0

සන්දීපනී Wednesday, 12 October 2016 07:31 AM

සජී, ඔන්න ඔතන තමයි අපේ ගැහැණු අයට වැරදුන තැන. අපි අඳුන ගන්න ඕන අපේ පුළුවන් කම් බැරි කම්. අපි නිකං බොරුවට නං දොඩවලා වැඩක් නෑ. පිරිමින්ට අපිට වඩා බොහෝ දේ කළ හැකියි කියන සත්‍යතාවය අපිට අකමැත්තෙන් වුවත් පිළිගන්න වෙනවා සජී. දුක් වෙන්න එපා! ඊර්ෂ්‍යා කරන්න එපා! (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 946 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 1568 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 342 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 1420 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 481 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 1208 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39638 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25784 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1210 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site