IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


දොස්තරලා මහ රෑ කළුවරේ

දරුවන්ගේ පාසල් ප්‍රශ්නය මත අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසමි මහතා හමුවීමට රජයේ වෛද්‍ය සංගමය බත්තරමුල්ල ඉසුරුපායට ගියත් වැඩේ හරි ගියේ නැත.ඇමති හමු නොවු නිසා වෛද්‍යවරුන්ට එහි ශ්‍රවණාගාරයෙහි රැය ගත කිරීමට ඕනැ විය.සවස් වන විට අමාත්‍යංශ සේවකයෝ නිවෙස් බලා යන්නට වුහ.එහි ආරක්ෂකයින්ට උපදෙස් ලැබුනේ කැමතිනම් වෛද්‍යවරුන්ට පිටව යා හැකි බවය.එහෙත් අලුතින් කිසිවෙකුටත් එහි පැමිණීමට ඉඩ නොලැබෙන බව දැන්විණි.හතරවටින් කළුවර වැ‍ටෙද්දි දොස්තරලා සිටි ශ්‍රවණාගාරයට විදුලිය නැති විය.කෑම බීමද ලැබෙන මගක් නොවීය.වතුර බොතලයක්වත් පිටතින් ගෙන ඒමට ක්‍රමයක් නොවිය.දොස්තරලා නිකම් සිටියේ නැත.ඔවුන්ගේ සැලැස්ම ක්‍රියාත්මක විය.වෛද්‍යවරියක සිහි නැතිව ඇද වැටුණු බව දොස්තරලා කීහ.කොළඹ ජාතික රෝහලෙන් ගිලන් රථයක් ගෙන්වා ගැනිමට ඔවුහු ක්‍රියා කළහ.හූ දෙකක දුරින් පිහිටි ශ්‍රී ජයවර්ධනපුර රෝහලට රෝගියා ගෙනයාමට අවශ්‍ය බව පෙනුණි.ඉසුරුපායේ ආරක්ෂකයෝ ගිලන් රථයට ඇතුළු වීමට ඉඩ දුන්හ.රිය ඇතුළටම ගියේය.වෛද්‍යවරු දහ දොළොස් දෙනෙක් කෑමද වතුර බෝතල්ද රැගෙන මහ රැ අමාත්‍යංශ භුමියට ඇතුලු විය.රැය ගතකිරිමට වෛද්‍ය සංගමය ගත් තීරණයේ ලොකු අඩුව ඒ අයුරින් සපිරිණි.පසුදා උසාවි නියෝගයෙන් ඔවුන් ඉවත්කරන තුරු එහි රැදී සිටියේය.වෛද්‍ය සංගමය හා ස්‍යෙඛ්‍ය ඇමති අතර සංහිදියා පරතරය එයින් වැඩි වුණාලු

ST-MAIN-25-09-2016CITY-2



අදහස් (0)

දොස්තරලා මහ රෑ කළුවරේ

අජිත් Saturday, 01 October 2016 01:53 AM

ඇමති කරපු වැඩේ වැරදියි කියමුකෝ. ඒවගේම දොස්තරලා කරලා තියෙන්නෙත් බරපතල වරදක්. සමරහවිට ගිලන් රථය නැතුව ලෙඩෙක් මැරෙන්න ඉඩතිබුනා. මම හිතන්නේ මේකට නීතිය ක්‍රියාත්මක කරන්න ඕනෑ. නැත්නම් මේක වැරදි ආදර්ශයක් වෙනවා. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 02 October 2016 01:44 AM

දොස්තරලගේ ගෞරවය දේශපාලකයින්ගේ තරමට අහිමිවෙන තැනට පත්වීම ගැන කණගාටු වෙමි (නි)

:       0       0

ඇන්ජලෝ Monday, 26 September 2016 03:00 AM

දොස්තරලා මේ අමුතු මානසිකත්වයෙන් අයින් වියයුතුයි. නැත්නම් ඔවුන්ට තිබෙන සමාජයේ සැළකීම නැතිවේවි.

:       0       0

චන්න බුවනක Monday, 26 September 2016 02:04 PM

රජය සතු ගිලන් රථයක් ආහාර සහ ජලය ප්‍රවාහනයට යොදා ගැනීම වරදක් කියල මට හිතෙනවා.(බ)

:       0       0

ලලිත් Wednesday, 28 September 2016 11:47 PM

ඔය කට්ටියගේ සද්දේ ලංකාවේ අහිංසක මනුස්සයින්ට තමයි. (නි)

:       0       0

රාජු Friday, 30 September 2016 02:59 AM

රජය සතු ගිලන් රථයෙන් කෑම බීම අදින්න! මේ ගොල්ලෝ මොන්ටිසෝරියෙන් පටන් අරන් ආයෙත් සැරයක් ඉස්කෝලේ අරින්න තියෙන්න. (ම)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 28 September 2016 04:40 AM

එට්කා සම්මුතිය අත්සන් කළානම් මේ අනවශ්‍ය කරදර නැහැ. (බ)

:       0       0

ජයදේව Tuesday, 27 September 2016 07:24 AM

රජයවත් ජනතාවවත් තමන්ට විශේෂ සැළකිල්ලක් නොදක්වන බව මේ අලි ඔලුවෙන් ඉන්න දොස්තරලා ටිකට මේ වෙනකොට තේරිලා තියෙන්න ඕනෑ. දොස්තර මහත්තයා හරි ලොක්කෙක් කියලා හිතාගෙන හිටපු අහිංසක මෝඩ මිනිස්සු හිටපු කාලේ ගිහින් ඉවරයි. දැන් ජනතාව ඉස්සරට වඩා උගත් වගේම බුද්ධිමත්. දොස්තර යනු අනිත් වෘත්තිකයන් වගේම තවත් එක් වෘත්තියක් පමණක් බවත් රෝගීන් සුව කිරීම යනු ඔවුන්ගේ වගකීම බවත් තමන්ගේ වෘත්තීමය වගකීම ඉටු කළ පළියට ඔවුන් සහ අනිත් වෘත්තිකයන් අතර වෙනසක් නැති බවත් දැන් ඉන්න ජනතාව දන්නවා.

:       0       0

බන්දුල Monday, 26 September 2016 10:31 PM

මම එතන ආරක්ෂක සේවයේ සිටියා නම් වතුර පොදක්වත් ගෙනඑන්න ඉඩදෙන්නේ නැහැ (නි)

:       0       0

බමුණු ආරච්චි Monday, 26 September 2016 10:37 PM

මේ දොස්තරලා ඉගෙනගත්තේ කොළඹ ලොකු පාසල් වලම නොවෙයිනේ. ඉතින් යවන්නකෝ තමන්ගේ දරුවන්වත් ගමේ පාසලට. අපේ අම්මා තාත්තා දොස්තරලා වුණේ මේ පාසලෙන් ඉගෙනගෙන කියලා ඒ නම්බුවවත් එම පාසල් වලට දෙන්නකො. මේගොල්ලෝ වැඩ කරන්නේ නැත්නම් ගෙනෙමු දොස්තරලා ඉන්දියාවෙන්. ඒගොල්ලෝ එනකොට අපේ මිනිස්සු පුටුවෙන් නැගිටින්න ඕනෑ නැහැ (නි)

:       0       0

ප්‍රීති Saturday, 01 October 2016 04:30 PM

දොස්තරලට දැන් තමන් අා ගමන අමතකවෙලා. දැන් ලොකු මිනිස්සුනේ. ඒ හින්දා ඒගොල්ලන්ගේ ළමයින්ටත් පොඩි තැන් වලට යන්න බැහැ. එ්කනේ මේ ලොකු ලොකු ඉස්කෝල ඉල්ලන්නේ. එතකොට අනෙකුත් වෘත්තිකයින් මේ අයට පහළින් සිටිය යුතුද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඊශ්‍රායල් - පලස්තීන් යුද්ධයේ ප්‍රතිඵල
2024 ඔක්තෝබර් මස 09 769 0

ඊශ්‍රායල - හමාස් යුද්ධය හේතුවෙන් මේ වනවිට සෑම පලස්තීනුවන් 55 දෙනෙකුට එක් අයෙක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව අතින් ඝාතනය වී ඇති බවත් සෑම දිනකම පලස්තීන ළමයින් 10


හිස් අතින් ඕස්ට්‍රෙිලියාව ගිහින් මිලියනපතියෙක් වූ විනුල්
2024 ඔක්තෝබර් මස 09 1722 0

මීට දශකයකට පමණ පෙර ඕස්ට්‍රේලියාවට පැමිණි ශ්‍රී ලංකාවේ විනුල් කරුණාරත්න මේ වනවිට මිලියනපතියකු වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.


පළාත් කීපයකට අදත් තද වැසි
2024 ඔක්තෝබර් මස 09 83 0

බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියය


විත්තියේ විරෝධතා විසිවේ:ශෂීගේ නඩුව විභාගයට
2024 ඔක්තෝබර් මස 09 1933 0

ව්‍යාජ උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත්තේ යැයි කියන හිටපු අමාත්‍ය වරයකුගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත


දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 2589 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 2474 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39512 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25741 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 360 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1182 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site