IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


දොස්තරලා රිය ගාලේදී ගුටිකෙළියක

පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ රථගාලේ වාහන නතර කිරීමේදී එක් වෛද්‍යවරයකුගේ මෝටර් රථය මගින් අනෙක් වෛද්‍යවරයාගේ මෝටර් රථය අවහිර වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ළමා රෝහලේ අධ්‍යක්ෂක හා එම රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකු ගුටි බැට හුවමාරුවක් සිදුකරගෙන ඇතැයි පේරාදෙණිය පොලිසිය පවසයි.

සිද්ධියෙන් පසු දෙදෙනාම පේරාදෙණිය පොලීසියට පැමිණිලි කර ඇත.

මේ පිළිබඳ පරීක්ෂණයක් සිදුකිරීමට සෞඛ්‍ය ‍අමාත්‍යාංශයේ සෞඛ්‍ය  සේවා නියෝජ්‍යය අධ්‍යක්ෂවරයකු අද එහි පැමිණි බවද කියති.



අදහස් (0)

දොස්තරලා රිය ගාලේදී ගුටිකෙළියක

සෑම් Wednesday, 28 September 2016 09:01 AM

\"සිරකරුවෝත් මනුෂ්‍යයෝය \" කියලා කියමනක් තිබුනාට දැන් දැන් අහන දකින සිද්ධි නිසා දොස්තරවරුත් මනුෂ්‍යයෝද කියලා මටනම් සැකයි .(ම)

:       0       0

කුමාර Wednesday, 28 September 2016 09:04 AM

ඔය ඉන්නේ ලංකාවේ උගත්ම කොටසලු නේද? (නි)

:       0       0

මොරවක Wednesday, 28 September 2016 09:11 AM

දැන් මේකටත් උද්ඝෝෂණ කරන්න අය ඉඳීද දන්නෙ නැහැ (නි)

:       0       0

මනෝජ් Wednesday, 28 September 2016 09:13 AM

මේකත් යහපාලනයේ කුමන්ත්‍රණයක්ද කොහෙද? (නි)

:       0       0

සේපාලි Wednesday, 28 September 2016 09:16 AM

උගත්කම පේනවා නේද? ඉවසිලිවන්තකමනේ. (නි)

:       0       0

කාරියවසම් Wednesday, 28 September 2016 09:21 AM

කමක් නැහැ. මේගොල්ලෝ වැඩ කරන්නේ ළමා රෝහලේනේ. ඉතින් මෙයාලගේ වැඩත් එහෙම තමා. (නි)

:       0       0

ආර්නෝල්ඩ් Wednesday, 28 September 2016 09:23 AM

වෛද්‍යවරු කියන්නේ කිසි හික්මීමක් නැති අයද? එන්න එන්නම මේගොල්ලෝ කොළ ඉරා ගන්නවා. (නි)

:       0       0

වසන්ජය Wednesday, 28 September 2016 09:26 AM

අපේ රටට ගිය කල! උගත් මිනිස්සුත් වැරදි කරනවිට සාමාන්‍ය ජනයා ගැන කවර කතාද (නි)

:       0       0

ඇන්ජලෝ Wednesday, 28 September 2016 09:34 AM

නිදහස් අධ්‍යාපනයෙන් ලැබුණු අයහපත් පැත්ත. නම්බුව ගැන සැළකීමක් නැහැ. අධ්‍යාපනය සහ සල්ලි ගැන විතරයි දන්නේ (නි)

:       0       0

විජේ Wednesday, 28 September 2016 09:48 AM

දොස්තර මහත්තුරුන්ගේ තත්ත්වය බල්ලට ගිහිල්ල, වෘතිය උසස් වුණාට වස ලැජ්ජයි (අ)

:       0       0

රෝහිත Wednesday, 28 September 2016 09:52 AM

අන්තිමට කොහොම හරි මේකත් දුප්පත් ලෙඩුන්ගේ කරෙන් යයිද දන්නේ නැ. මොකද මේකටත් මේ කට්ටිය වර්ජන කරන්න ඉඩ තියෙනෙව.(අ)

:       0       0

අරවින්ද Wednesday, 28 September 2016 09:53 AM

මේ කරන දේවල් වලින් පෙන්නේනේ අද වෛද්‍යවරුන්ගේ තිබෙනේ පහත් මානසික තත්ත්වයි. (අ)

:       0       0

ලංකා Wednesday, 28 September 2016 10:14 AM

දොස්තරලද කොන්දොස්තරලද ? (ර)

:       0       0

ගයාන් අභයරත්න Wednesday, 28 September 2016 10:25 AM

ඉස්සර දොස්තරලා හැඳින්වුණේ ඍෂි වරුන් ලෙස. ගුරුවරු හැඳින්වුණේ දිසාපාමොක්වරු ලෙස. එත් අද වනවිට දොස්තරලත් ගුරුවරුත් නීච සල්ලි මතම යැපෙන කූඩල්ලන් බවට පත්වී ඇති බව පෙනේ. (ර)

:       0       0

සෑම් Wednesday, 28 September 2016 10:28 AM

දැන් දැන් සමහර දොස්තරලා වලිකාරයෝ , පොඩ්ඩක්වත් ඉවසන්න දන්නනේ නැහැ. (ර)

:       0       0

වෙදගේ Wednesday, 28 September 2016 10:37 AM

දෙදෙනාම රියදුරෝය රථ ගාල බෙදාගෙන භාවිතා කලයුතුය. (ර)

:       0       0

කේ පෙරේරා Wednesday, 28 September 2016 10:46 AM

ඉස්සර කාලේ දොස්තරලා වගේ නෙවේ දැන් ඉන්න අය. රස්තියාදුකාරයෝ වගේ වැඩ කරන්නේ. දොස්තර කියන නමටත් නිගා කරනවා. (ර)

:       0       0

කාරියවසම් Wednesday, 28 September 2016 10:49 AM

දැන් මේගොල්ල ප්‍රවට් බස් කොන්දස්තරලටත් වැඩ අන්තයි වගේ.... (ර)

:       0       0

සමන් Thursday, 29 September 2016 02:13 AM

ඉතින් දැන් මහජනතාවම නේද කියන්නේ දොස්තරලා කියන්නෙත් සාමාන්‍ය මිනිස්සු කොටසක් වැඩි විශේෂයක් ඇත්තේ නැහැ කියලා. ඉතින් මිනිස්සු අතර ගුටිකෙළි ඇතිවෙන එකත් සාමාන්‍ය දෙයක් තමයි. අනිත් දේවල් වලට දොස්තරලාට බැන බැන සමහරු කියවන සමානාත්මතාවය මෙතනට අදාළ නැද්ද? (නි)

:       0       0

හෆීල් Wednesday, 28 September 2016 11:45 AM

කට ඇරියොත් ජි එම් ඕ එකේ වගේ වැදගත් සමිතියක් නැහැ වගේ. ඉල්ලන්න ඉල්ලීම්නම් සුපිරි පාසල්, කාර් පර්මිට්. හැසිරීමනං ඉතා නරකයි. (ර)

:       0       0

අනුරාධා Wednesday, 28 September 2016 12:11 PM

ඉතාම අප්‍රසන්න ජනක සිද්දියක්. මොවුන් මාර්ගඵල ලබල නැහැනේ කියලා කෙනෙකුට කියන්න පුළුවන්. එත් හැදියාවක් සංයමයක් නැති උගත් උනත් බුද්ධිය නැති මේ දෙදෙනා සමස්ත වෛද්‍යවරුන්ටම නින්දාවක්. සාමාන්‍ය ජනතාව වෛද්‍යවරුන් මිහිපිට දෙවිවරුන් ලෙස සිතාගෙන ඉන්නේ. (ර)

:       0       0

අංගොඩ ලාල් Wednesday, 28 September 2016 12:31 PM

හැම පහසුකමක්ම රජයෙන් දීල තිබුනත් මේ රටේ දොස්තරලා දැන් හැසිරෙන්නේ හරියට රස්තියාදුකාරයෝ වගේ . උගත් වුනත් ඔවුන්ගේ වැඩ නම් බාලයි . (ර)

:       0       0

රණතුංග Thursday, 29 September 2016 12:33 PM

විනයක් නැති අධ්‍යාපනයේ වරද. ලොකු තනතුරු තිබුනට වැඩක් නැහැ. (ර)

:       0       0

මලිත් Wednesday, 28 September 2016 12:38 PM

අහන්නත් දුකයි ! එත් පුදුමෙකුත් නෑ. (ර)

:       0       0

රවිඳු Wednesday, 28 September 2016 12:51 PM

බලපුවම හැසිරීම හා විනය අතින් බැලුවාම , අපේ රටේ ත්‍රී රෝද රථ රියදුරනුයි මේ අය අතර මහා ලොකු වෙනසකුත් නැහැ... (ර)

:       0       0

බමුණු Wednesday, 28 September 2016 01:29 PM

දැන් දොස්තර වුණාට පටන් ගැන්ම හොඳ නැති බවයි පෙනේනේ. (අ)

:       0       0

විද්‍යා Wednesday, 28 September 2016 02:20 PM

දෙන්නට දෙන්න බෙහෙත් දාගත්තනම් බොහොම අගෙයි (අ)

:       0       0

පුෂ්පකුමාර Wednesday, 28 September 2016 02:50 PM

වර්තමානයේ අපේ දොස්තරලගේ කෙරුවාව ගැන නම් කියල වැඩක් නැහැ. "ලජ්ජා නැති කම දොස්තර කමටත් වඩා ලොකුයි" කිව්වලු.(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ප්‍රභා ගනේෂන්ගෙන් නව සන්ධානයක්
2024 ඔක්තෝබර් මස 09 106 0

හිටපු අමාත්‍ය ප්‍රභා ගනේෂන් මහතාගේ නායකත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය නමින් නව සන්ධානයක් පෙරේදා(8)පිහිටුවා ගනු ලැබීය.


ඇමෙරිකාවට ඉන්න ලොකුම සතුරා ඉරානය
2024 ඔක්තෝබර් මස 09 246 0

ඇමෙරිකාවට සිටින ලොකුම සතුරා ඉරානය යැයි ඇමෙරිකන් උප ජනාධිපතිනී කමලා හැරිස් පවසයි. ඇමෙරිකන් ජනාධිපතිවරණය ලබන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන අතර, ජනාධිපත


වැස්සෙන්-සුළඟෙන් පොළොන්නරුවේ ගම් කිහිපයක නිවාසවලට හානි
2024 ඔක්තෝබර් මස 09 46 0

පොළොන්නරුව අරලගංවිල දෙහිඅත්තපිටිය හා ජයමුතුගම ගම්මාන හරහා වර්ෂාවත් සමඟ හමා ගිය සුළඟකින් එම ගම්මානවල නිවාස 20 කට අර්ධ හා පූර්ණ ලෙස හානි සිදුව තිබේ.


හොරෙන් රැඳී සිටි චීන්නු 20ක් මාට්ටු:18 පැන ගිහින්
2024 ඔක්තෝබර් මස 09 344 0

වීසා බලපත් නොමැතිව රැදී සිටී චීන ජාතිකයන් විසි දෙනකු අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි.


නෙදන්යාහු ලෙබනන් වැසියන් අමතයි
2024 ඔක්තෝබර් මස 09 933 0

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු, ලබනන් වැසියන් ආමන්ත්‍රණය කරමින, ඔවුන්ට අනතුරු ඇඟවීමක් ද කරමින් වීඩියෝ පණිවුඩයක් නිකුත් කර ඇත.


‘විනී ද පූ’ ට ගහලා
2024 ඔක්තෝබර් මස 09 968 0

වෝල්ට් ඩිස්නි නිර්මාණය කළ විනී ද පූ නමැති කහ පැහැති වලසා ලොව කවුරුත් හොඳින් හඳුනන ආදරයෙන් වැලඳගත් කාටූන් චරිතයකි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39538 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25752 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 362 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1197 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 400 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site