IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


දොස්තර ලෙඩුන් බලයි

රාගම රෝහලේ වෛද්‍යවරයකුගේ මෝටර් රථයෙන්  කොළඹ පෞද්ගලික රෝහලක නතර කැර තිබිය දී රුපියල් 126000ක්  සොරා ගත් බව කියන කොළඹ පෞද්ගලික රෝහලක සාත්තු සේවකයකු (21) සැකපිට අත්අඩංගුවට ගත් බව කොම්පඤ්ඤවීදිය පොලිසිය කියයි.

එම වෛද්‍යවරයා කොළඹ පෞද්ගලික රෝහලක ද සේවය කරන බවත්, එම පෞද්ගලික රෝහලේ වාහනය නවතා තිබිය දී කාලයක සිට වාහනයේ තිබෙන මුදල් නැති වෙන බවත්, දින කිහිපයකට පෙර එහි තිබූ 126000ක් ද නැති වූ බවත් කියමින් වෛද්‍යවරයා පෙරේදා (12) පොලිසියට පැමිණිල්ලක් කළේය.

රෝහල් කාමරයේ මේසය මත මෝටර් රථයේ යතුර තබා දැඩිසත්කාර ඒකකයට ගිය බව ද, නැවත එද්දී යතුර නොතිබූ හෙයින් රෝහල් රථගාලට ගොස් මෝටර් රථය පරීක්ෂා කරද්දී එය යතුරු දමා තුබූ පරිදිම තිබුණු බව ද, නැවත කාමරයට යද්දී යතුර මේසය මත   තිබුණු බව ද වෛද්‍යවරයා පොලිසියට කියා ඇත.

කොම්පඤ්ඤවීදිය අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නාලක ගුණසේකර මහතා ඇතුළු කණ්ඩායමක් විමර්ශන අරඹා රෝහලේ සීසීටීවී කැමරා දර්ශන පරීක්ෂා කර තිබේ.

රෝහලේ රථගාල අසළ කැමරාවක සටහන්ව තිබුණේ රෝහලේ උපස්ථායකයකු ලෙස සේවය කරන තරුණයකු එම මෝටර් රථය අසළට දිව විත්   එහි පිටුපස සහ ඉදිරිපස දොරවල් විවෘත කර යමක් සොයා දිව යන ආකාරයයි.

ඒ අනුව වෛද්‍යවරයා ද දැනුම්වත් කර අද (12) සවස එම සාත්තු සේවකයා අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකාර තරුණයා සොරා ගත් බව කියන මුදලින් යතුරු පැදියක් මිලදී ගත් බවට ලැබුණු තොරතුරක් මත පරීක්ෂණ පවත්වයි.

කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මාලන් පෙරේරා මහතාගේ අධීක්ෂණයෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නාලක ගුණසේකර මහතාගේ උපදෙස් පරිදි උප පොලිස් පරීක්ෂක මධුමාල් ගමගේ, පොලිස් කොස්තාපල්වරුන් වන 84244 රත්නායක, 70031 අසංක සහ 70337 සම්පත් යන මහත්වරු විමර්ශන පවත්වති.

 



අදහස් (0)

දොස්තර ලෙඩුන් බලයි

රූබන් Wednesday, 12 February 2014 11:42 PM

අයියෝ දොස්තර (දී)

:       0       0

සත්‍යා Thursday, 13 February 2014 02:58 AM

අදින්නාදානා වේරමණී සික්ඛා පදං යන්න දෙවෙනි සිල්පදය ලෙස සඳහන් කොට වසර 2500 කටත් ඉහතදී බුදුන් වහන්සේ මනුෂ්‍ය සංහතියට මිනිස් කම රැක ගන්න හැටි කියල දුන්න. අද ලෝකයේ "මිනිසෙක්" වෙන්න නම් හොරකම් කළ යුතුවම තිබෙනවා. මේ සියල්ලම බුදු බනින් ඈත් වීමේ ඍජු ප්‍රතිපල. (දී)

:       0       0

රෂාන් Thursday, 13 February 2014 08:07 AM

ඒ කියන්නේ ඔක්කොම සල්ලි චැනලින්. බදු නැතුව කෙලින්ම අතට හම්බවෙනවනේ.(නදී)

:       0       0

හේමන්ත Thursday, 13 February 2014 08:23 AM

මෙහිදී මට හිතෙන දෙය නම්, වෛද්‍යවරයාගේ නොසැලකිලිමත් බවකි. ඔයිට සමාන දෙයක් මට සිදුවෙලා මම පොලිසියේ පැමිණිල්ලක් කරද්දී එහි ඕඅයිසි මහත්තයා මට කිවේ තමන්ගේ දේ "තමන් පරිස්සම් කරගන්න එක ගැන කල්පනා නොකළ නිසා අපිටත් කරදයක් වෙනවා" කියලයි. මම ඒක පිළිගත්තා අවංකවම. මගේ මුදල නැති උනාට මේ දොස්තර මහතාට නම් ඒවා ලැබෙයි නේ.? (නදී)

:       0       0

නිලන්ත Thursday, 13 February 2014 11:00 AM

තමන්ගේ මුදල් ගැන මීට වැඩිය සැලකිලිමක් වෙන්න ඕනේ.(නදී)

:       0       0

අප්සරා Thursday, 13 February 2014 02:33 PM

බදු සල්ලිත් නොගෙවා හම්බ කරන මුදල් වලින් කීයක් හරි පිනට දහැමට දුන්නම මොකද වෙන්නේ.(නදී)

:       0       0

ගාමිණී - සිරි Wednesday, 12 February 2014 10:21 PM

රු : 126000/= ක් නැති උනා කියන්නේ ,දොස්තර මහතාගේ දවසේ ආදායමද ? දවස් කීපයක ආදායමද ?අනුරාධපුරේ පැත්තේ ගියා නම් ,කාලා, බීලා හරි ලොකු බිලක් ගෙව්වා කියා හිතමුකෝ...නමුත් උපස්තායකගේ හොරකම නම් කැතයි ප්‍රියේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1772 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 1323 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 373 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 507 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 227 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 149 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40015 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25950 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 233 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1307 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site