පසුගිය දිනවල බොහෝ දෙනාගේ අවධානය දිනාගත් ටෙලි නාට්‍යය කිහිපයකම රඟපෑ දසුන් නිශාන් ජනප්‍රිය යොවුන් නළුවෙකි. මේ දිනවල විකාශය වන 'සුජාතා' ටෙලි නාට්‍යයේ 'සුර්යා' ලෙසත්, පසුගියදා විකාශය නිමාව දුටු 'ආදර වැස්ස' ටෙලි නාට්‍යයේ 'විශාල්' ලෙසත් බොහෝ රසික පිරිසකගේ ආදරය දිනාගත් දසුන් නිශාන් මේ දිනවල කලා කටයුතු කිහිපයකටම සම්බන්ධ වී සිටින බවට තොරතුරු ලැබේ. දසුන් මේ දිනවල සම්බන්ධ වී සිටින ටෙලි නිර්මාණ අතරින් ඔහුට වෙනස්ම ආකාරයේ චරිතයක්ද රඟපාන්නට අවස්ථාව හිමිව තිබේ. මේ ඒ පිළිබඳව දසුන් 'සාරවිට' අපිට පැවසු අයුරුයි.
"දිලුක ගුණතිලක විසින් අධ්‍යක්ෂණය කරන 'No Were' ටෙලි නාට්‍යයේ තමයි මේ දවස්වල වල වැඩ කරන්නේ. මෙහි මා හසංග කියන චරිතය නිරූපණය කරනවා. චරිතය හැටියට නම් මේක මම මෙතෙක් රඟපෑ චරිත අතරින් වෙනස්ම එකක්. නිතරම කෙන්ති යන කුකුල් කෙන්තිකාරයෙක් විදිහට තමයි මම රඟපාන්නේ. මීට කළින් මේ විදිහේම 'දේදුනු' ටෙලි නාට්‍යයේ දුෂ්ඨ චරිතයක් කළා. නමුත්, ඊට ටිකක් වෙනස් චරිතයක් තමයි හසංග කියන්නේ. 'No Were' ටෙලි නාට්‍යයට අමතරව තවත් ටෙලි නාට්‍යය කිහිපයකම වැඩ කරනවා. ඊට අමතරව ප්‍රියන්ත කොළඹගේගෙ අලුත් චිත්‍රපටයකත් සම්බන්ධ වෙලා ඉන්නවා. මේ කලා කටයුතු එක්ක පසුගිය දිනවල මම මියුසික් විඩියෝ කිහිපයකත් රඟපෑවා. ඒවාති ඉදිරියේදී විකාශය වෙන්න නියමිත වෙලා තියෙනවා. තවමත් මා අන්තිමට රඟපෑ 'සුජාතා' ටෙලි නාට්‍යයේ 'සුර්යා' චරිතයටත්, 'ආදර වැස්ස' ටෙලි නාට්‍යයේ 'විශාල්' චරිතයටත් හොඳ රසික ප්‍රතිචාර ලැබෙනවා.
බුද්ධික සේනාධීර
මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ
ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ
ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල
පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම
ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත
පොලිස් නිළධාරීනීයකගේ පාද විඩියෝ කර සමාජ මාධ්‍ය දැමු තරුණයින් දෙදෙනෙකු අද(29) අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව හලාවත මුලස්ථාන පොලිසිය කියයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
'දසුන්' කුකුල් කෙන්තිකාරයෙක්ලු