හින්දු භක්තිකයකු වන ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි පසුගිය 14 වැනිදා අනුරාධපුර ඵෙතිහාසික රුවන්වැලි මහා සෑය වැඳපුදා ගැනීමට ගියේ පාවහන් නොමැතිවය.
ඊට කලින් මෝදි ශ්‍රී මහා බෝධිය වෙත ගොස් සිවුරු පූජා කළේය. දෑත් එකතුකර බෝ සමිඳුන් වැන්දේය. ඔහුගේ ලංකා ගමනයේදී මහා සංඝරත්නයට දන් පිරිනමා ක්‍රමානුකූලව වැන්දේය.
රුවන්වැලි සෑයට ඔහු යද්දී වැසි පතිත විය. එහෙත් ඔහු සළපතල මළුවට ඇතුළුවීමටත් පෙර පාවහන් ගලවාගෙන සිටියේය. ශ්‍රී මහා බෝධි සංවර්ධන අරමුදලේ සභාපති(උඩමළුව බාරකාර කමිටුවේ සභාපති) හා අටමස්ථාන කමිටුවේ සභාපතිවන අනුරාධපුර මහ දිසාපති මහින්ද සෙනෙවිරත්න මහතා සපත්තු පිටින් මෝදිගේ පරිවාර ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ කුඩය යටින් ගමන් කළේය. කිරිඇල්ල මහතා ඒවනවිටත් සපත්තු ගලවාගෙන සිටියේය. සපත්තු ඇතිව රුවන්වැලි සෑ බිමට ඇතුළුවූයේ ඇයිදැයි සෙනෙවිරත්න මහතාගෙන් ඇසූවිට ඔහු මෙසේ පිළිතුරු දුන්නේය.
‘මම (කේ.එච්.ජේ)විජයදාස මහතාගෙන් පස්සේ උඩමළුව බාරකාර කමිටුවේ සභාපති. මම දන්නෙ නැද්ද පන්සලකට යන විට ක්‍රියාකරන ආකාරය. ඒවා මට හොඳට පුරුදුයි. ඒ ගැන මම හොඳට සැලකිලිමත් වෙනවා. මෙතනදි වුනේ මේකයි. ඒක ස්ටාටින් පොයින්ට් එක. ඒ වෙලාවේ මහ වැස්ස. සපත්තු ගලවන්න මම හැරෙන්න හැදුව විතරයි.
ප්‍රශ්නය - ඔබතුමා කියන්නෙ සපත්තු ගලවන්න කලින් පින්තූර ගත්තා කියලද?
පිළිතුර - ඔව් ඒක නේන්නම් මම කියන්නේ.
ප්‍රශ්නය - එතකොට සළපතල මළුවට ඇතුළුවන්නට කලින්ද ඔබතුමා සපත්තු ගලවන්න හැදුවේ?
පිළිතුර - ඔව් ඔව්. මම දන්නෙ නැද්ද එහෙම තැනකට යන විදිය.
මේ අතර දිසාපති සෙනෙවිරත්න මහතා හෙට (17) සිට පුත්තලමට මාරු කරනු ලැබ සිටී. එහෙත් එම මාරුව හා මෙම සිද්ධිය අතර කිසිම සම්බන්ධයක් නැති බව දැනගන්නට ඇත.
මහ දිසාපති සමග කිරිඇල්ල සපත්තු නැතුව
භාරත නායක මෝදි සපත්තු නැතුව
මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවී ධිවර කටයුතු වල නිරතවූ ඉන්දියානු ධිවර යාත්‍රා දෙකක් මන්නාරමට උතුරින් වූ මෙරට මුහුදු සීමාව තුලදී අත්අඩංගුවට ගත බව
විදෙස් රටක සිටින බවට ඒත්තු ගන්වා විදෙස් දුරකථන අංක භාවිත කරමින් අපරාධයකට සැරසී සිටි පොඩි ලැසී ගේ මාමා ගිනි අවියක් සහ ජීව උණ්ඩ සමග වැලිවේරිය ප්‍රදේශයේ
බඳින තුවක්කුවකින් වැදුණු වෙඩි පහරක් හේතුවෙන් පාදයකට තුවාල සිදු වූ පුද්ගලයකු ගම්පහ මහ රෝහලට ඇතුළත් කර ඇතැයි කොටදෙනියාව පොලිසිය කියයි.
රුපියල් මිලියන එක්ලක්ෂ හතලිස් දෙදහස් පන්සියයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා (2 ) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි
මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
දිසාපතිට බැරිදේ මෝදි කරයි
චන්ද්‍ර වීරසිංහ Tuesday, 17 March 2015 06:53 AM
ඔව් ඔව් අපේ තදයෝ දෙන්නෙක් සපත්තු දාගෙන .මෝදී මහතා ළඟින් ම යනවා හරි කෙරුම් කාරයෝ වගේ!!මොලේ තියෙන එක මහත්තයෙක් විතරක් ඉන්නව සපත්තු නැතිව!! ආයෙත් සිවිල් නිලධාරීන් පරිපාලන සේවයට ඇවිත් වගේ!! (බ)
චන්ද්‍රසිරි වීරසිංහ Tuesday, 17 March 2015 06:59 AM
රෝහණ චන්ද්‍රදාස !! ඔබ අපේ කාලයේ වීරයෙක්!!මෙවැනි දේ පෙන්වා දුන්නේ නැත්නම් නිලධාරින් ආයෙත් ගහ මුදුනටම නගිනවා. බලාගෙන!! ඔයාටත් ඔවුන් ලෙඩක් දමාවි.(බ)
ප්‍රකාශ් Monday, 16 March 2015 09:41 AM
මේ අය ඉපදිලා තියෙන්නේ ටයි කෝට්,සපත්තු දා ගෙනනේ.කඩදාසි උගත්තු මිස බුද්ධිමත්තුද? (බ)
සුමුදු හේවා Wednesday, 18 March 2015 09:12 PM
කිර්ති, කුඩු ගෙනෙන අයට දඬුවම් කරන එකයි මේකයි පටලව ගන්න එපා. ශ්‍රී මහා බෝධිය බෞද්ධයන්ගේ මුදුන් මල් කඩක්. එතැන ගෞරවය රකින්න පත් කල භාරකාර මණ්ඩලයේ නිලතල දරමින්ම එයට අගෞරව වන පරිදි හැසිරීම මහා නොහැදුණු කමක්. එය සමාජය විසින් හෙලා දැකිය යුතුයි. නැතිනම් තව තවත් මෙවැනි නොපනත්කම් සමාජයේ ස්ථාවර වෙනවා. තමන්ගේ වගේම අන්‍යාගාමිකයකුගේ වුවත් ආගමික ස්ථානයකට නිගරු වන පරිදි හැසිරීම ශිෂ්ඨ සමාජය අනුමත කරන්නේ නෑ. (නදී)
මංජු Friday, 20 March 2015 05:13 AM
මධු ශානිකා කියන දේත් ඇත්තක් තියෙනවා. ලෝකෙට පේන්න හොදට ඉදන් අපේ රටට වින කරන අය ඉන්නවා කියලා හිතන්න අපි බුද්ධිමත් වෙන්න ඕනේ (දිල්)
රණතුංග Monday, 16 March 2015 11:00 AM
ඔන්න අපේ අයගේ වැඩ.(හේ)
රංගන Monday, 16 March 2015 11:25 AM
මුන්ට රටක් ජාතියක් ආගමක් තියෙනවද ? (අ)
මහානාම Monday, 16 March 2015 12:20 PM
උගත්කමට වඩා සීලාචාර කම වැදගත්.මෙය අප රටට කළ මහා නිගාවකි.මෙම දිසාපතිව පූල් එකට යවන්න දඬුවමක් වශයෙන්. (ස)
මධුශානිකා Thursday, 19 March 2015 01:14 AM
සපත්තු දාගෙන රුවන්වැලි සෑ මළුවට ගියාට වඩා වැරදිකරන අය මේ ලංකාවේ නැතුව ඇති. සපත්තු නොදා ගිය මෝදි අපේ රටට කරන බලපෑම් අමතක වෙලා. ඕනම දෙයක් ලංකාවේ මිනිසුන්ට ඉක්මනට අමතක වෙනවනේ. (නදී)
විමලසිරි පෙරේරා Monday, 16 March 2015 12:53 PM
ආගමට දහමට සම්බන්ධවෙලත් මේ මනුස්සයට බෞද්ද සිරිත් අමතක වුණ එකනේ පුදුමේ. (අ)
රසික Monday, 16 March 2015 12:54 PM
මේවා පුද්ගලයෙකුගේ යහපත් කම පිළිබද ගැටළු. මේවා අත්වැරදීම් කියල නිවැරදි කරන්න බැහැ. මේ වගේ කෙනෙක් උඩමළුව බාරකාර කමිටුවේ සභාපති තනතුරක තිබ්බේ කොහොමද? (අ)
පුෂ්ප කුමාර Monday, 16 March 2015 01:00 PM
දිසාපති වෙන්න බෑ (අ)
සංජය් Monday, 16 March 2015 02:08 PM
මට නම් දෙන්නෙක් පේනවා සපත්තු ඇතුව (අ)
රොස්මන්ඩ් Wednesday, 18 March 2015 11:50 AM
මේ දේවල් වලින් අපේ රටට වන අවමානය ගැන ඇයි මේ පුද්ගලයින් නොසිතන්නේ? (නි)
චමින්ද Tuesday, 17 March 2015 03:44 PM
ලංකාවට දෙවියන්ගේම පිහිටයි මෙහෙම ගියොත් (නි)
රූපවති Monday, 16 March 2015 03:46 PM
මේ රටේ ජීවත් වෙන සෑම ශ්‍රී ලාංකිකයෙකුම අනිවාර්යය කල, මිනිස් සදාචාර ගුණධර්ම සහ සත්ව කරුණාව ගැන වසර හයක, මානව සම්පත් සංවර්ධන පුහුණු පාසලේ අධ්‍යාපනය හැදෑරීම අනිවාර්ය කලොත් මිසක් නැතිවනම් අපේ ඉදිරි පරම් පරා 25 කට වත් මේ රටේ මනුස්සයෙක්ව දකින්න ලැබෙන්නේ නැහැ ? (අ)
උදිත Thursday, 19 March 2015 04:00 AM
සුමුදු හේවා , මේ වැරැද්ද ලොකු එකක් , රස්සාවෙන් අස් කරලා , එල්ලුම් ගස් යැව්වොත් හරි නේද ? (ම)
කීර්ති Wednesday, 18 March 2015 02:18 PM
කුඩු කන්ටේනර් ගණන් ගෙනාපු අයට මොකුත් නැහැ , සපත්තු දාගන රුවන්වැලි සෑයේ මළුවට ගිය දිසාපති මාරු කරලා ,(හේ)
චන්ද්‍ර වීරසිංහ Friday, 20 March 2015 12:23 AM
මධුශානිකා බොහොම උද්වේගයෙන් කතාකරන්නේ. (නි)
සුනිල් විජේරත්න Thursday, 19 March 2015 11:36 AM
මේ වගේ අය තමයි රටින් පිටුවහල් කරන්න ඕනි (දිල්)
සම්පත් Thursday, 19 March 2015 12:28 PM
කාලෝචිත වැදගත්ම තීරණයක්. (ර)