IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


දෙසැම්බර් මාසයේ දිගහැරෙන නැරඹිය යුතුම සිනමාපට 6 ක්

2016 වසරේ අවසාන වන මෙම උදුවප් මාසයේ සියල්ලන්ගේ වසරේ කර්තව්‍යයන් නිමවන්නා සේම හොලිවුඩ් සිනමා ක්ෂේත්‍රයේද මෙම වසරට එළිදැක්වෙන අවසන් නිර්මාණ කීපය මෙම මාසය තුළදී එළිදැකීමට නියමිතය. මෙම වසරේ නිකුත්වන එම අවසන් නිර්මාණ ගොන්න අතර සිනමාලෝලීන් නැරඹිය යුතුම සිනමාපට 6ක් පිළිබඳව තොරතුරු ගෙන එන්නට අපි අදහස් කළෙමු.

 

2016-12-08-ent-45

1. Office Christmas Party

හෙට (09දා) දිනයේ තිරගත වීම් ආරම්භ වන මෙය ඇමරිකානු හාස්‍යමය නත්තල් සිනමාපටයකි. %Zenotek^නම් සමාගමේ අධිපති කැරොල් වැන්ස්ටෝන් (ජෙනිෆ අනිස්ටන්) සිය සහෝදරයා වන ක්ලේ (ටී.ජේ මිලර්) ගේ කාර්යාලය වසා දැමීමට උත්සාහ දරයි. ඔහු සහ ඔහුගේ කාර්මික කළමනාකරු ඔවුන්ගේ සම සේවකයන් සමග තම රැකියාව සුරක්ෂිත කර ගැනීම උදෙසා පවත්වන අපූරු නත්තල් උත්සවයක් පාදක කර ගනිමින් නිර්මාණය වී ඇති මෙම සිනමා නිර්මාණය නැරඹිය යුතුම අපූරු සිනමා නිර්මාණයක් බව කිව හැක.

අධ්‍යක්ෂණය - ජෝෂ් ජෝඩන්, විල් ස්පෙක්

රංගන දායකත්වය - ජේසන් බේට්මන්, ඔලීවියා මියුන්, ටී.ජේ මිලර්, ජිලියන් බෙල්, කෝට්නි බී. වාන්ස්, කේට් මැක්කිනන්, රැන්ඩාල් පාක්, ජෙනිෆ ඇනිස්ටන්.

තිරගතවීම ආරම්භ වන දිනය - 2016 දෙසැම්බර් 09


 

 

2016-12-08-ent-46

2. Nocturnal Animals

හෙට (09දා) දිනයේම තිරගත වීම් ආරම්භ කරන මෙම සිනමාපටයේ කතා පුවත දිගහැරෙන්නේ මෙලෙසිනි. තම කලින් සැමියාගෙන් පොත් අත්පිටපතක් ලැබෙන සුසාන නම් කාන්තාව එය කියවන අතර, එය ඇයගේ පවුලේ නපුරු සිහිනයක් බවට හැරෙන්නේ එය කියවන විට ඇයට ඇගේ පසුගිය අඳුරු මතකයන් ඇවිස්සීමට සහ විභාග කිරීමට බලකරන හෙයිනි. 1993 වර්ෂයේ %ටෝනි ඇන්ඩ් සුසාන්^ නමින් ඔස්ටින් රයිට් නම් කතුවරයා අතින් ලියැවුණු නවකතාවක් පාදක කරගනිමින් නිර්මාණය වී ඇති මෙම සිනමා නිර්මාණය 73 වැනි වෙනිස් අන්තර්ජාතික සිනමා උලෙළේ ජූරියේ සම්මානයද දිනාගැනීමට සමත් වී ඇත.

අධ්‍යක්ෂණය - ටොම් ෆෝර්ඩ්

රංගන දායකත්වය - ඇමී ඇඩම්ස්, ජේක් ගිලෙන්හාල්, මයිකල් ෂැනෝන්, ආරොන් ටේලර් - ජොන්සන්, ඉස්ලා ෆිෂර්, ආමි හැමර්, ලෝරා ලයිනි, ඇන්ඩ්‍රියා රයිස්බර්ග්, මයිකල් ෂීන්.

තිරගතවීම ආරම්භ වන දිනය - 2016 දෙසැම්බර් 09


 

2016-12-08-ent-47

3. Rogue One: A Star Wars Story

මනඃකල්පිත මෙන්ම විද්‍යා ප්‍රබන්ධමය සිනමාපටයක් වන මෙම "Rogue One: A Star Wars Story" සිනමාපටය ස්ටාර් වෝර්ස් සිනමාපට මාලාවේ දිගුවක් ලෙස සිනමාවට නගා ඇති නමුදු ස්ටාවෝස් කතා තේමාවෙන් වෙන්වී ස්වාධීන නිර්මාණයක් ලෙස නිර්මාණය වී ඇති හෙයින් පෙර නිර්මාණයන් නරඹා නැති අයෙකුට වුවද රසවිඳිය හැකි අයුරින් නිර්මාණයකොට ඇති බවද පැවසෙයි.

අධ්‍යක්ෂණය - ගාරෙත් එඩ්වඩ්ස්

රංගන දායකත්වය - ෆෙලිසිටි ජෝන්ස්, ඩියෙගෝ ලූනා, බෙන් මෙන්ඩල්සෝන්, දොනි යෙන්, ජියෑන්ග් වෙන්, මෑඩ්ස් මයිකල්සන්, ඇලන් ටියුඩික්, රිස් අහමඩ්, ෆොරස්ට් වයිටේකර්.

තිරගත වීම ආරම්භ වන දිනය - 2016 දෙසැම්බර් 16


 

 

2016-12-08-ent-48

4. Passengers

මනඃකල්පිත විද්‍යා ප්‍රබන්ධමය සිනමාපටයකි. අභ්‍යවකාශයේ නව නවාතැනක් සොයා යන අතරේ තමන් ගමන් ගන්නා යානයේ නිදන මැදිරියේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් වසර 90කට පෙර අවදි වූ ජිම් (ක්‍රිස් ප්‍රාට්) සහ අවුරෝරා (ජෙනිෆ ලෝරන්ස්) එම ගැටලුව නිරවුල් කර, අනෙක් අයගේ ජීවිත බේරා ගැනීමට මුහුණදෙන බරපතළ සටන පාදක කරගනිමින් මෙම සිනමාපටය නිර්මාණය වී ඇත. එසේම මොවුන් දෙදනා අතර ප්‍රේම සබඳතාවයක්ද මේ අතර ඇතිවන්නේ එහි අනාගතය නොපැහැදිලි පසුබිමකය. මෙයද නැරඹිය යුතුම සිනමාපටයක් ලෙස සැලකෙන්නේ තරමක වෙනස් ආරක කතා තේමාවක් මුල් කරගනිමින් නිර්මාණය වී ඇති හෙයිනි.

අධ්‍යක්ෂණය - මෝටන් ටිල්ඩම්

රංගන දායකත්වය - ජෙනිෆ ලෝරන්ස්, ක්‍රිස් ප්‍රාට්, මයිකල් ෂීන්, ලෝරන්ස් ෆිෂ්බර්න්ස්

තිරගත වීම ආරම්භ වන දිනය - 2016 දෙසැම්බර් 21


 

 

2016-12-08-ent-49

5. Sing

ඇමරිකානු ත්‍රිමාණ සජීවීකරණ සංගීතමය මෙන්ම හාස්‍යමය සිනමාපටයක් ලෙස නිර්මාණය වී ඇති මෙම සිනමාපටයට ප්‍රසිද්ධ සංගීත ශිල්පීන්ගේ ගීත 85ක් පමණ ඇතුළත් වේ. ස්ටීව් වොන්ඩර සහ ඇරියානා ග්‍රැන්ඩි ගායනා කළ % Faith ^ නම් නවතම ගීතයද ඒ අතර වේ. මනුෂත්වාරෝපිත සතුන්ගෙන් ජනාකීර්ණ ලෝකයක "බස්ටර් මූන්" නම් කෝලා කෙනකු සහ ඔහුගේ මිතුරන් වන අනෙකුත් සතුන් වටා ගෙතෙන හාස්‍යෝත්පාදක කතාවක් තේමා කරගනිමින් නිර්මාණය වී ඇති මෙම සිනමාපටයද සිනමාලෝලීන් හට මනා රසවින්දනාත්මක සිනමාපටයකි.

අධ්‍යක්ෂණය - ගාත් ජෙනින්ග්ස්

හඩ නළු දායකත්වය - මැතිව් මැක් කානගී, රීස් විදර්ස්පූන්, සෙත් මැක් ෆාලේන්, ස්කාලට් ජොහැන්සන්, ජෝන් සී. රෙයිලි, රෝරි කෙලී, ටාරෝන් එගර්ටෝන්, නික් ක්‍රෝල්.

තිරගත වීම ආරම්භ වන දිනය - 2016 දෙසැම්බර් 21


 

 

2016-12-08-ent-50

6. Assassin's Creed

ක්‍රියාදාම වික්‍රමාන්විත සිනමාපටයක් ලෙස නිර්මාණය වී ඇති මෙම සිනමාපටය ලොව දැඩි ලෙස ජනප්‍රියත්වයට පත් වූ " Assassin's Creed" පරිගණක වීඩියෝ ක්‍රීඩාව පාදක කරගනිමින් නිර්මාණය වී ඇත. ක්‍රීඩකයා ත්‍රාසජනක අත්දැකීම් ගණනාවකට මුහුණ දෙන අන්දමින් කතාවක් ලෙස නිර්මාණය වී ඇති මෙම ක්‍රීඩාවට ඇති රුචිකත්වය හේතුවෙන්ම මෙම සිනමා නිර්මාණයද අතිශය ජනප්‍රියත්වයට පත්වනු ඇතැයි බොහෝ විචාරකයන්ගේ මතයයි.

අධ්‍යක්ෂණය - ජස්ටින් කර්සෙල්

රංගන දායකත්වය - මයිකල් ෆාස්බෙන්ඩර්, මැරියොන් කොටිල්ලාඩ, ජෙරමි අයන්ස්, බ්‍රෙන්ඩන් ග්ලීසන්, මයිකල් කේ. විලියම්ස්

තිරගත වීම ආරම්භ වන දිනය - 2016 දෙසැම්බර් 21

 

- අනුෂි දන්තනාරායන

 

 



අදහස් (0)

දෙසැම්බර් මාසයේ දිගහැරෙන නැරඹිය යුතුම සිනමාපට 6 ක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 54 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 132 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 104 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 83 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 314 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 72 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40212 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26017 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 278 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 412 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1334 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site