IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


’දෙසැම්බර් 31 තෙක් මා සමඟ ඉන්න’

(අජන්ත කුමාර අගලකඩ)

ලබන දෙසැම්බර් 31 වැනිදා තෙක් තමා සමඟ ආණ්ඩුවේ සිටින්නැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත‍්‍රී කණ්ඩායමෙන් ඉල්ලීමක් කර ඇත.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේ පසුගියදා පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමේදී ජනාධිපතිවරයා මෙම ඉල්ලීම කර තිබේ.

ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමැතිවරුන් මෙම සාකච්ඡාවට සහභාගිවී ඇත.

කවුරුන් හෝ ආණ්ඩුවෙන් යාමට උත්සාහ කරන්නේ නම් අතින් අල්ලා නතර කිරීමේ අවශ්‍යතාවක් තමාට නැතැයි ද ජනාධිපතිවරයා එම රැස්වීමේදී ප‍්‍රකාශ කර ඇත.

ජනාධිපතිවරයා මෙසේ ප‍්‍රකාශ කර ඇත්තේ ශ්‍රීලනිප මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමේදී ආණ්ඩුවේ සිටිනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් මැති ඇමැතිවරුන් විසින් ඉදිරිපත් කරන ලද කරුණු සැලකිල්ලට ගනිමිනි.

එක්සත් ජාතික පක්ෂය සමඟ තවදුරටත් කටයුතු කළ නොහැකි බැවින් ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බව ශ්‍රීලනිප මැති ඇමැතිවරුන් කිහිප දෙනෙකු එම සාකච්ඡාවේදී ප‍්‍රකාශ කර ඇති අතර තවත් මැති ඇමැතිවරුන් පිරිසක් ප‍්‍රකාශ කර ඇත්තේ ජනාධිපතිවරයා ගන්නා තීන්දු තිරණවලට සහාය දෙමින් තවදුරටත් ආණ්ඩුවේ රැඳී සිටිය යුතු බවය.

ආණ්ඩුවේ ක‍්‍රියාකලාපය සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම සෑහීමකට පත්විය නොහැකි වුවද යම් යම් සාධනීය පියවර කිහිපයක් ගැනීමට හැකිවූ බව ආණ්ඩුවේ රැඳී සිටිය යුතු බවට අදහස් දක්වා ඇති මැති ඇමැතිවරුන් ප‍්‍රකාශ කර ඇත.

එහිදී අදහස් දක්වා ඇති මැති ඇමැතිවරුන් කිහිප දෙනෙකු ප‍්‍රකාශ කර ඇත්තේ ආණ්ඩුවෙන් ඉවත් වුවද ස්වාධීන කණ්ඩායමක් ලෙස ඉඳිමින් ජනාධිපතිවරයාට සහයෝගය දිය යුතු බවය.

මැති ඇමැතිවරුන්ගේ ප‍්‍රකාශවලින් අනතුරුව අදහස් දක්වා ඇති ජනාධිපතිවරයා නැවත මහ මැතිවරණයක් එන්නේ 2020 දී බැවින් ළඟ බලා තීන්දු නොගන්නැයි මැති ඇමැතිවරුන්ගෙන් ඉල්ලා ඇත.

එබැවින් ලබන දෙසැම්බර් 31 වැනිදා වනතෙක් තමන් සමඟ ආණ්ඩුවේ සිටින්නැයි ද ජනාධිපතිවරයා මැති ඇමැතිවරුන්ගෙන් ඉල්ලා ඇත.



අදහස් (28)

’දෙසැම්බර් 31 තෙක් මා සමඟ ඉන්න’

upali Friday, 14 July 2017 05:30 AM

ඊට පස්සේ ජනාධිපතිතුමා ඉල්ලා අස් වෙනවද..?? අනේ එපා..

:       46       248

ලුම්බිණි Friday, 14 July 2017 05:34 AM

මෙතෙක් කිසි දෙයක් නොකරපු එකේ ලබන දෙසැම්බර් 31 වැනිදා වෙන කොට මොකද්ද කරන්න පුළුවන්.

:       111       1606

thilina Friday, 14 July 2017 05:45 AM

නිර්පාක්ෂික වෙලා ජනාධිපති වෙලා තමන්ට චන්දය නොදුන් පක්ෂයේ නායකයා වෙලා පක්ෂයක් බදාගෙන දවසින් දවස රට පස්සට යවන ගමන කවදා නතර වේවිද?

:       78       1532

Asanka Friday, 14 July 2017 06:15 AM

ඔබතුමාදුන්න පොරොන්දු වලින් කියක් ඉටුකලාද කියල අංක වශයෙන් පෙන්නුවොත් මිනිස්සු ඉඳි.

:       98       1186

vipula Friday, 14 July 2017 06:43 AM

ගොවි පුතෙක් වෙච්චි ඔබතුමා රටින් හාල් තොග පිටින් ගේන්න ඉඩ හැරීම හා ඒවා ලංකාවේ නම දමා විකිණීම කර ගැනීමට ඉඩදීම ඔබ කරගත් ලොකු හානියක්.

:       1025       1245

pitigala Friday, 14 July 2017 07:04 AM

මිනිහෙක් ගැහැණියෙක් කරන්න සහ ගැහැණියෙක් මිනිහෙක් කරන්න පමණක් බැරි මහා බලයක් ඇති විධායක ජනාධිපති කමක් ලැබිලත් ඔබතුමා පත්වී ඇති සෝචනීය තත්වය ගැන නම් කණගාටුයි සර්! ගැහැණියෙක්වෙලත් චන්ද්‍රිකා මැතිණිය අවුරුදු දහයක් කොන්ද කෙලින් තියාගෙන වැඩ කළා ඔබතුමාට කෙලින් තියාගන්න කොන්දක් නැති වීම ගැන නම් බොහොම කණගාටුයි. රනිල් මහත්තයට බයේ ඇඹරෙන්නේ නැතුව නීතිය තමන්ගේ යටතට පවරා ගන්න. රටේ සම්පත් හොරුන් අත් අඩංගුවට ගන්න ඒ සල්ලි අපහු අය කරගෙන ආණ්ඩුව ශක්තිමත් කරගෙන යන්න. ජනතාව එතකොට ඔබතුමා වටේ ඉඳීවි.

:       28       903

සෙනෙවි Friday, 14 July 2017 07:20 AM

ඇයි එදාට නැකතක් තියෙනවැයි ?

:       10       234

Daham Friday, 14 July 2017 08:44 AM

රටේ උන්නතිය සඳහා මේ අයට යන්න ඉඩදී එ.ජා.ප. යට සුළුතර රජයක් ජ.වි.පෙ. සහ ටී.එන්.ඒ. වල සහයෝගය ඇතිව පිහිටුවීමට ඉඩහැර, ඇමැති මණ්ඩලය 30 කට අඩුකර අනවශ්‍ය වියදම් කපාහැර රට කර වූවොත් ජනාධිපතිතුමා නිවැරදි තීරණයක් ගත්තා යයි සිතිය හැක.

:       618       527

LakviduSaturday, 15 July 2017 01:42 AM

දහම් හීනයක් දකිනවද කොහෙද? වතුර ටිකක්වත් දෙන්න කවුරුත් නැද්ද?

:       0       200

Sanjeewa Friday, 14 July 2017 08:51 AM

ගහපු බෙරේකුත් නෑ. බෙරේ පලුවකුත් නෑ. මෙහෙම ගියොත් ඉන්න පළුවත් නැතිවෙයි.

:       1       423

lalith Friday, 14 July 2017 12:15 PM

එදාට නේද අර අවබෝධතා ගිවිසුම යටතේ එකතු වෙලා ඉන්න කාලේ අවසාන වෙන්නේ?

:       0       25

චන්ද ජොති හිමි Friday, 14 July 2017 12:39 PM

එවිට අයවැය අවසන් වී තියේවි...

:       0       54

nimal Friday, 14 July 2017 03:38 PM

ජනපතිවරණයට සහයෝගය දී ආණ්ඩුව රැකගනිමු

:       119       35

gamini Friday, 14 July 2017 03:43 PM

හොරු ගියාවේ... ජනපතිතුමා දිනේවා..!!

:       638       584

deva Friday, 14 July 2017 03:56 PM

මේ ගැන රටේ බුද්ධිමත් ජනතාව දන්නවා.

:       0       28

mahesh Friday, 14 July 2017 08:04 PM

එදා වෙනකල් උන්නොත් අයෙත් වතාවක් ඩියුටි ෆ්‍රී කාර් එක එක දෙනවා....

:       0       59

Lakvidu Saturday, 15 July 2017 01:39 AM

මෙයාලා කළේ ආප්පය රුපියල් 10ක් කරපු එක විතරයි. ඒකෙනුත් වැදුණේ ඒදාවේල හොයපු අහිංසකයන්ට විතරයි. හිල්ටන් හෝටලේ ආප්පයක් රුපියල් 150 යි.

:       1       55

Shanaka Saturday, 15 July 2017 02:26 AM

අනේ ඔබතුමා ගියෝ ලොකු පිනක්... කරන්න බැරි ඒවා මොකට කරනවද?

:       1       52

pera Saturday, 15 July 2017 03:07 AM

මෛත්‍රීපාල ජනාධිපතිතුමාව රැකගනිමු. ප්‍රජාතන්ත්‍රවාදය රැක ගනිමු. හොරුන්ට විරුද්ධව ක්‍රියාමාර්ග ඉක්මන් කරමු.

:       251       14

saman Saturday, 15 July 2017 06:44 AM

අපොයි! මේ මොකද? ජනාධිපති කෙනෙක් නේද මෙහෙම බැගෑපත් වෙන්නේ?

:       0       151

wishwa Saturday, 15 July 2017 06:52 AM

පිටිගල මල්ලි, කොඳු ඇට 33 කින් කොන්ද නිර්මාණය වෙලා තිබෙන්නේ ඕන ඕන අතකට ලේසියෙන් නවන්න පුළුවන් වෙන්න බෙල්ලෙන් උරහිසෙන් පිටෙන් තුනටියෙන් ඉස්සරහට පස්සට වමට දකුණට කැමති විදියකට. දේශපාලකයෝ කාටත් ඕක හොඳට ප්‍රක්ටිස් කරලයි තියෙන්නේ... ඒ අයගේ වාසියට තමයි එහෙම වෙන්නේ.. හැබැයි කවද හරි ඔයදේවල් වලින් රට ගලවගන්න විදිහක් බලමු.

:       0       0

prakash Saturday, 15 July 2017 08:09 AM

ජනාධිපතිතුමා කියලා කියන්න පුලුවන්ද? එහෙනම් යන එක හොඳයි.

:       3       11

indra Saturday, 15 July 2017 09:29 AM

ජනාධිපතිතුමනි නිවැරදි තීරණ ගන්න. බැගෑපත් වෙන්න යන්න එපා. ඔබ හෙටත් අදත් ජනපතිමයි. හෙටම පළාත් පාලන මැතිවරණය තබන්න.ජනතාව ඔබ සමගයි. හොරුන්ට ඉක්මනින් අධිකරණයක් පිහිටුවා තීන්දු ගන්න.

:       119       19

bamba Saturday, 15 July 2017 09:34 AM

ජනපතිතුමනි අැයි හොරුන්ට ඉක්මනින් දඬුවම් නොදෙන්නේ?

:       44       28

victor Saturday, 15 July 2017 03:16 PM

ඇයි ඒ.. දෙසැම්බර් 31 වැනිදා නිවන් දකිනවා වත්ද?

:       0       50

de silva berlin Saturday, 15 July 2017 10:43 PM

කෙලින් තීරණ ගන්න පුළුවන් නායකයෙක් ළඟ මන්ත්‍රීවරු ඉඳීවි... !!! පක්ෂයේ සහ ආණ්ඩුවේ විනය කඩන මිනිසුන්ට නිසි දඬුවම් දෙන්න බැරුව ජනතාව ඉදිරියේ ආඩපාලි කියමින් සිටින ඔබ ළඟ මන්ත්‍රීලා නවත්වා ගන්න නම් ඔවුන්ට මොනවා හරි හොඳ දොළ පිදේනි ටිකක් දෙන්න වේවි... එහෙම නැත්නම් ඔවුන් කරපු හොර වැඩ ඇතුළත් ලිපිගොනු ටිකක් ලෑස්ති කරගන්න වේවි!!!

:       0       1

dd Saturday, 15 July 2017 10:57 PM

ජනාධිපතිතුමනි... කරන එකක් අද හෙටම කරන්න.

:       2       0

UK Monday, 17 July 2017 03:43 AM

ඔව් ඔව් එතකොට තව ටිකක් රට කන්න පුලුවනේ.................

:       0       50

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කැබ් රිය පෙරැළි 8ක් රෝහලේ
2025 අප්‍රේල් මස 20 23 0

රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද (20) දින අනතුරට ලක් වීමෙන් එම කැබ් රථයේ ගමන් ගත් 08 දෙනෙකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍


ඔස්මන් ඝාතනයට සැලසුම් කළ නවයක් අල්ලයි
2025 අප්‍රේල් මස 20 180 0

ව්‍යාපාරිකයකු වන ගම්පහ ඔස්මන් ගුණසේකර නමැත්තා ඝාතනය කිරීමට සැලසුම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් නව දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ


වී මිල බැස්සොත් අපි ගන්නවා- ඉහළ ගියොත් ඒ ගොල්ලො ගනියි
2025 අප්‍රේල් මස 20 334 0

නැවත කිසි දිනක ගොවීන්ගේ කෘෂි නිෂ්පාදන තුට්ටු දෙකට විකුණන්න ඉඩ තබන්නේ නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පොළොන්නරුව ජන හමුවකදී පැවසීය.


තෙවැනි දින දළදා වන්දනාව ආරම්භ වේ
2025 අප්‍රේල් මස 20 113 0

’සිරි දළදා වන්දනාව’ තුන්වන දිනය අද (20) දහවල් ආරම්භ කළේය. දළදා වන්දනා කිරීම සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මහනුවර නගරයේ පෝලිම්වල රැඳී සිටින බව අප වාර්තාකරුව


ලාල් කාන්ත ඇත්ත කියන මිනිහෙක්
2025 අප්‍රේල් මස 20 732 0

ලාල් කාන්ත මහත්තයා ඇත්ත ප්‍රකාශ කරන මිනිහෙක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පැවසීය.


‘මාලිමා රජයේ පොරොන්දු - ප්‍රතිපත්ති පුස්සක්‘
2025 අප්‍රේල් මස 20 318 0

මාලිමා රජයේ මැතිවරණ ප්‍රතිපත්ති සහ පොරොන්දු අද වන විට පුස්සක් වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 311 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 251 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 406 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site