IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


‘දසරාජ ධර්මය නොදන්නේ නම් පන්සල් ගානේ ගියාට වැඩක් නෑ’

ශ්‍රී ලංකා  පාර්ලිමේන්තුවේ 70 වැනි  සංවත්සරය සැමරීමට  පෙර  නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉදිරිපත් කොට  සම්මත කර  ගැනීමට අපේක්ෂා කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා  පැවසීය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරිම සඳහා  අද (29) බත්තරමුල්ලේ වෝටර්ස් ඒජ්හි දී  කියා සිටියේය.

නව ඡන්ද ක්‍රමයක්  සැකසීම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මුලික පරමාර්ථය බවත්  සාමයෙන්  එක් වී  සාමයෙන් සාකච්ජා කොට  සාමයෙන් විසිර  යා යුතු බවට බුදුදහමේ උගැන්වෙන දසරාජ ධර්මය - - දානය, ශිලය, පරිත්‍යාගය, අවංකභාවය, මුදු මොළොක් බව, ආත්ම දමනය, අක්‍රෝධය, අහිංසාව, ක්ෂාන්තිය හා සෘජු බව - - පිළිපැදිය නොහැකි  නම් පන්සලක්  පාසා ගියත් සැබෑ  බෞද්ධයකු නොවන බවත් වික්‍රමසිංහ මහතා කීවේය.

ranil_2016329 ranil_2016329-2



අදහස් (0)

‘දසරාජ ධර්මය නොදන්නේ නම් පන්සල් ගානේ ගියාට වැඩක් නෑ’

ඇසළ Tuesday, 29 March 2016 01:33 PM

දැන් තියෙන්නේ දස රාජ ධර්මයත් එක්ක කලවන් වෙච්ච යහපාලන ධර්මයක් එක නිසා කාටවත් තේරෙන්නේ නැහැ. අවුරුදු එකහා මාරකුත් ගියා තේරුනත් ඇති වැඩකුත් නැහැ හරි හමන් වැඩක් රටට ජනතාවට කෙරෙන්නේ නැති නිසා.(බ)

:       0       0

සුරන් Wednesday, 30 March 2016 03:33 AM

දුදනෝ ඒවා නොපිළිපදිති. (බ)

:       0       0

මුණසිංහ Wednesday, 30 March 2016 03:34 AM

කවුද ඔය වචන ටික කියන්න ඉගැන්නුවේ. (බ)

:       0       0

නිතාස් Wednesday, 30 March 2016 03:59 AM

ගණිකාවක් තම පතිවත ගැන කතා කරයි (බ)

:       0       0

පාලිත Wednesday, 30 March 2016 04:46 AM

දසරාජ ධර්මය ඉස්සරහට ගෙන ඉන්දියවගහන පදේට නටනවා. (බ)

:       0       0

සාමා Wednesday, 30 March 2016 04:49 AM

මන්ද බුද්ධිකයෝ මොනවා කීවත් රනිල් ලොක්ක මේ රටේ ගොඩ ගන්නේ ඉන්න එකම නායකයා. හොර බොරු වංචා සහ ඤාති සංග්‍රහ මෙතුමා ළඟ නැති බව මුළු රටම දන්නවා. බල්ලෝ බිරුවට කඳු පහත් වෙන්නේ නැහැ කියන කියමන හිතේ හොඳට ධාරණය කරගෙන ඉන්න ඔයාල තව අවුරුදු 4ක් තියෙනෙව මහා ඡන්දයකට. (බ)

:       0       0

සාමා Wednesday, 30 March 2016 04:53 AM

සුගත් හිරේ ඉන්නේ වංචා කරපු හාමුදුරුවෝ මිසක සැදැහැවත් අය නෙවෙයි. නොදන්නවා වගේ කතා කරන්න එපා. නීතියෙන් ඒ අයට බේරෙන්න කිසිම බාධාවක් නැහැ ඉස්සර වගේ. දැන් උසාවි වලට නියෝග දෙන්නේ අරලියගහ මන්දිරයෙන් නොවෙයි (බ)

:       0       0

ගයාන් නිමන්ත Wednesday, 30 March 2016 07:44 AM

අප සිතූ ලෙස ඔබ උගතෙක් පමණි. බුද්ධිමතෙක් නොවේ. යුද්ධ කර දිනූ රට ෆෙඩරල් කරන්නේ ඒකය. එජාපයේ සිටින්නේ දෙමළ හා මුස්ලිම් පමණක් යැයි සිතන්නේ ඒකය. ඔබට මෙදාපාර වරදින්නේ ඒකය. දැන් ඔබ පරක්කු වැඩිය. (නි)

:       0       0

ධම්මි Tuesday, 29 March 2016 02:37 PM

මෙයාගාව ඔය කියන ඒව තියෙනවද (බ)

:       0       0

චන්දා Wednesday, 30 March 2016 08:06 AM

වත්තල ඇවිදින මංතීරු පෙරළිය ගැන ලිච්ඡාවිලා තාම නොදන්නා හැඩයි. (නි)

:       0       0

ටිකිරි Tuesday, 29 March 2016 02:50 PM

වත්තල ඇවිදින මං තීරුව හොරෙන් විනාශ කරපු ඒකාල ගැන මොනවද කියන්න තියෙන්නේ .(බ)

:       0       0

ශෂික Tuesday, 29 March 2016 02:54 PM

රට කොටින්ට පාවදෙනවානම් පන්සල් යන්නම ඕනේ නැහැ.(බ)

:       0       0

නිම්මි Tuesday, 29 March 2016 02:59 PM

මොනවා වුනත් අපි හිතුවේ මෙයා වැදගත් විදිහට රට කරයි කියල. එ්ත් පාර්ලිමේන්තුවේ මෙයා හැසිරෙන්නේ මේ කියන විදිහටද? (බ)

:       0       0

හර්බට් Tuesday, 29 March 2016 03:16 PM

අනර්ඝයි කියමන (බ)

:       0       0

සංකල්ප Wednesday, 30 March 2016 06:10 AM

පහරදීමත් සහ පහර වැදීමත් බෞද්ධ ජනතාවටයි. අදහස් දමන ඇතැම් අයත් පහර දෙන්නේ බෞද්ධ ජනතාවටයි. මෙය කණගාටුවට කාරණයක්. මෙය බෞද්ධයන් අසරණකිරීමක්. (නි)

:       0       0

සෞදි සරත් Wednesday, 30 March 2016 06:15 AM

දසරාජ ධර්මයෙන්ද එතකොට පාලනය? (නි)

:       0       0

අමා Tuesday, 29 March 2016 04:12 PM

හර්බට් අයියේ, අනර්ඝයි කිව්වේ කාගේ කියමනද. මේකේ කොමන්ට් දාපු අයගේ කියමන්ද ? (බ)

:       0       0

කන්නසාමි Tuesday, 29 March 2016 09:03 PM

"අපේ හාමුදුරුවනේ" කියාගෙන පපුවට ගහගෙන කතා නොකළාට මෙතුමා හොඳට ආගම දහම දන්නා කෙනෙක්. (නි)

:       0       0

සුසන්ත Tuesday, 29 March 2016 04:15 PM

පාර්ලිමේන්තුවේ කරන විකාර වලින් පේනවා අපිට ඔය කියන අයගේ දසරාජ ධර්මය! (බ)

:       0       0

සුසන්ත Tuesday, 29 March 2016 04:16 PM

අක්‍රෝධව, ක්ෂාන්තිය, අහිංසාව වගේ දේවල් හොඳින්ම දන්නේ 88-89 ටයර් උඩ පිච්චුන, වදකාගාර වල දස වධ විඳපු තරුණ තරුණියෝ! (බ)

:       0       0

ධනුක Wednesday, 30 March 2016 06:29 AM

අනේ ඔබතුමයි අපියි දන්න දසරජ ධර්මය! (නි)

:       0       0

සන්තුස් Tuesday, 29 March 2016 04:37 PM

දේවදත්ත බුදුන්වහන්සේට එරෙහිව යොදාගත්තේ බුදු දහමමයි (ම)

:       0       0

චන්දා Tuesday, 29 March 2016 09:36 PM

තොප්පිගල කියන්නේ කැලයක් කියා කියමින් ලිච්ඡවී පාලනයකට යනවා කියා සමහරු යන්නේ, “ලෙච්චමී පාලනයක්“ රට තුළ ගොඩනඟන්න බව අපි දන්නවා. (නි)

:       0       0

නන්ද Tuesday, 29 March 2016 05:06 PM

දසරාජ ධර්මය නොවෙයි, ඔය පන්සල් ගානේ යන බොහොමයක් ළඟ අඩු තරමේ මනුස්සකමවත් නැහැ. (බ)

:       0       0

දීපාල් නිරෝෂ් Wednesday, 30 March 2016 06:46 AM

ඔබතුමා කියන්නේ හැමෝටම එහෙම නොයා ඉන්න කියලද මන්දා? (නි)

:       0       0

ශාන්ත Tuesday, 29 March 2016 05:33 PM

දස රජ ධර්ම රාජ්‍යය අපිට මතකයි. 88-89 කාලේ බටලන්දේ ධර්ම චක්‍ර කැරකුණ හැටි. ඒ කාලේ පත්තරවල ටයර්,සෑයවල් වල පිනතූර එහෙම තිබුණා (ම).

:       0       0

සංජීව Tuesday, 29 March 2016 11:34 PM

රාජධර්මය කෙසේවෙතත් දාස බවක් නම් ලෝකයට දැනෙන්න අරින්න එපා (නි)

:       0       0

විසාර Tuesday, 29 March 2016 11:51 PM

දසරාජ ධර්මය ගැන කතාකරන ලිච්ඡවී පරපුරේ අය සිටින අපේ රටේ සිංහල බෞද්ධයින්ට අබ සරණයි..! (නි)

:       0       0

රාධා Wednesday, 30 March 2016 12:04 AM

සුසන්ත, ඇයි 71 කාලය අමතක වුණාද?

:       0       0

සුමිත් වික්‍රමසිංග Tuesday, 29 March 2016 06:33 PM

සුසන්ත හරි. මගේ නංගියි මල්ලියි දෙන්නත් කිසිම දේශපාලනයක් කළේ නැති පාසල් යන වයසේ හිටපු අය. මටයි අම්මටයි අප්පච්චිටයි ඒ දෙන්නා සදහටම නැති වුණා (බ)

:       0       0

සුමිත්‍රා බස්නායක Tuesday, 29 March 2016 06:34 PM

මුදු මොලොක් බවනම් ඒ කාලේ ඉදලම තිබුනනේ.දැනුත් ඇග පුරාම සියුමැලි, මෘදු මොලොක් ගතිය තියනවා.තව ඉස්සහරහට ඕවා තවත් වැඩිවෙලා පෙනෙයි. (බ)

:       0       0

ටෙෂාන් Tuesday, 29 March 2016 06:37 PM

නියම කතාව මහත්තයෝ, නියමයි (නි)

:       0       0

කෝසල Wednesday, 30 March 2016 01:01 AM

දසරාජ ධර්මය දැනගෙන හිටියත් සමහරුන්ට රට පාලනය කරන්න දක්ෂකමක් නැත්නම් මොකද කරන්නේ? (නි)

:       0       0

සුගත් Wednesday, 30 March 2016 01:02 AM

බුදු බණ ගැන කියන්නේ හාමුදුරුවෝ සිරගෙවල් වල තියාගෙනද? ලැජ්ජයි මහත්තයෝ අපිට නම් (නි)

:       0       0

ගයන්ත Tuesday, 29 March 2016 08:25 PM

අතීතය ගැන දන්නා අපිට ඔය කතා වලින් වැඩක් නැහැ (නි)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 29 March 2016 12:09 PM

අනේ වැඩක් නැහැ මහත්තයෝ, ඔහෙලත් බණ කතා කිය කියා ඉන්නවා, කෝ හොරු ඇල්ලුවද? (නි)

:       0       0

නිමල් ලාලිත Wednesday, 30 March 2016 02:40 AM

චන්ද්‍රා, විසාර කිවයුතු සියල්ල,අද සිදුවෙන දෙය ඔබලා ඉතාමත් කෙටියෙන් කියල තියෙනවා. එන අදහස් වලට ඉතාමත් ස්තුති. (බ)

:       0       0

සෞදි සරත් Tuesday, 29 March 2016 12:13 PM

මෙතුමලාගේ ධර්ම දැනුම මුළු රටම දන්නවා (නි)

:       0       0

විපුල Wednesday, 30 March 2016 03:11 AM

පරිත්‍යාගය වෙනුවට අපේ සාක්කුවේ තියෙන සල්ලි බදු ගහල අදිනවනේ (ම)

:       0       0

නවුෂි Wednesday, 30 March 2016 03:12 AM

ජාතිය ආගම විකුණා ගෙන කන්නේ නැති රනිල් අනිත් දේශ පාලකයන්ට වඩා හොඳයි (ම)

:       0       0

රොහාන් Tuesday, 29 March 2016 12:53 PM

රටේ මිනිස්සුන්ට සුන්දර වචන විතරයි (බ)

:       0       0

ජන හිත Tuesday, 29 March 2016 01:01 PM

මෑත කාලයේ විවිධ කරුණු මුල් කර ගෙන බුද්ධාගමට, සංඝරත්නයට පාර්ලිමේන්තුවේ පවා බැන වැදුන අපහාස කරපු වාර ගණන අනන්තයි. කරුණා කරලා ඒක නවත්තන්න කටයුතු කරලා ඉන්න (ම)

:       0       0

ජයතු Wednesday, 30 March 2016 03:20 AM

සගරැවනට නොගැලපෙන දේ කරන්ටදි බලාගෙන සිටිම මෙි පින් බිමෙිත් ජාතියෙත් අවාසනාව සුගත් පිරිසුදු බුදුදහමට රටත් ජාතියත් පෙළ ගස්සන්න.(ම)

:       0       0

රංග Wednesday, 30 March 2016 03:21 AM

තම ආගම අත්පුඩි ගස ගසා කියන ලොව එකම නායකයා දසරාජ ධර්මය ගැන කතාකරනවා (ම)

:       0       0

චාමර Tuesday, 29 March 2016 01:27 PM

රනිල් මහත්තය ඔය විදිහටම රහත් වෙන හැටි හා නිවන් දකින හැටි අපිට කියල දෙන්නකෝ ? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 40 0

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 93 0

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 118 0

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


ඉල්ලියාස් රග්බි ක්‍රීඩාවට සාධාරණය ඉල්ලයි
2024 සැප්තැම්බර් මස 29 98 0

ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත


පොලිසියේ දී මදන විසේ ඇවිස්සී කූඩුවේ
2024 සැප්තැම්බර් මස 29 296 0

පොලිස් නිළධාරීනීයකගේ පාද විඩියෝ කර සමාජ මාධ්‍ය දැමු තරුණයින් දෙදෙනෙකු අද(29) අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව හලාවත මුලස්ථාන පොලිසිය කියයි.


බේකිරි නිෂ්පාදන මිල වෙනසක් කරන්න බෑ
2024 සැප්තැම්බර් මස 29 332 2

බිත්තර මිල පහළ දැමුවද බිත්තර ආශ්‍රිත බේකරි නිෂ්පාදනවල මිල ගණන් පහළ දැමීමට නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38033 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25045 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 783 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 284 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site