IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


දුස්සීලයකුට එරෙහිව දායකයෝ වීදි බසිති

පදවිය ශ්‍රී පුර රජමහා විහාරයේ සිටිතියි කියන දුස්සීල භික්ෂුව පන්සලෙන් පන්නා දමන ලෙස ඉල්ලමින් එහි සතර පේරුවේ දායකයෝ දින කිහිපයක් තිස්සේ උපවාසයක් කරති.



අදහස් (0)

දුස්සීලයකුට එරෙහිව දායකයෝ වීදි බසිති

බමුණුසිංහ Tuesday, 04 September 2012 02:58 AM

පළමු සංඝායනාව කළෙත් දුස්සීල භික්ෂූවක් නිසයි.හැබැයි දැන් දුස්සීලයන් වැහි වැහැලා. (නි)

:       0       0

සුසන්ත Tuesday, 04 September 2012 03:37 AM

පිරිසිදු බෞද්ධ ආගමේ තමයි මේ වගේ අනිත් ආගම් හිනස්සවන වැඩ වැඩි හරියක් තියෙන්නේ.මේවා වෙනකම් මහනායක,අනුනායක හිමිවරුන් මොකද කරන්න? ඔන්න ඕවා තමා බෞද්ධයන්ට තියෙන ගැටළු. ඒ අය මාලිගාවල් වගේ පන්සල් හදාගෙන ඉන්නවා.අනිත් පැත්ත ගැන හැරිලාවත් බලන්නේ නැහැ. සමහර විට අපේ ආගම හෑල්ලුවට ලක් කරන්න මෙවන් දේ වෙනින් අය කරනවද දන්නෙත් නැහැ. ඒවත් හොයල බලන්න ඕනෑ. කෝක වෙතත් සංඝායනාවකට හොදම කාලය මෙයයි. බුදුනේ....බුදු පියාණනේ.... මනුසත් දෙරණේ අදුර මකා.... පුණරාගමණය කළ මැනවී.... (නි)

:       0       0

හිරන්ත Tuesday, 04 September 2012 03:38 PM

දායකයන්ට පැවිදි අය ගැන තීරණ ගැනීමට නොහැක...!(නු)

:       0       0

බණ්ඩාර Tuesday, 04 September 2012 03:38 AM

මෙන්න නියම බෞද්ධයන්. (නි)

:       0       0

අනුර Tuesday, 04 September 2012 03:47 AM

ඔය සේරමලා පන්සිල් පද පහම අකුරටම රකින කට්ටියද? (නි)

:       0       0

රම්‍යා Tuesday, 04 September 2012 03:40 PM

මම හිතන්නේ ඕක තුන්වෙනි සිල් පදය වෙන්න ඕනෑ. මම දන්න හුගක් හාමුදුරුවරුන් ඉන්නවා බිරියන් සහ පෙම්වතියන් ඉන්න. හාමුදුරුවරුන්ටවත් ඉන්න නොදෙන මේ පවුකාරියන්ව අල්ලලා දඩුවම් දෙන්න ඕනෑ. (නි)

:       0       0

ලුම්බිණි Tuesday, 04 September 2012 08:00 AM

දුස්සීල භික්ෂුව පන්සලෙන් පන්නා දමන ලෙස ඉල්ලන්නේ කාගෙන්ද? මේ පන්සලේ තව හාමුදුරුවරු ඉන්නවද? මේකට උපවාස කරන එකේ තේරුම මොකද්ද? මේක හරියට අපේ මන්ත්‍රී තුමා අයින් ක‍රන ලෙස ඉල්ලලා උපවාස කිරීමක් වගෙයි. (ස)

:       0       0

නිහාල් Tuesday, 04 September 2012 08:04 AM

මෙන්න නියම බෞද්ධයෝ .මමත් ලංකාවේ හිටියනම් මාත් සහය වෙනවා මේ අයට .මේ ගැන සොයි බැලිය යුතුයි..(ස)

:       0       0

දර්ශන Tuesday, 04 September 2012 08:46 AM

මේ වගේ අයගේ නම් ගම් හෙලිකරන්න..වගකිව යුත්තනි ඔබ කොහිද ? (ස)

:       0       0

රොහාන් Tuesday, 04 September 2012 09:20 AM

ලෝකේ කොහෙවත් සිද්ධ නොවන දේවල් තමයි ලංකාවේ සිද්ධ වෙන්නේ...(ස)

:       0       0

තාරකා මදුශානී Tuesday, 04 September 2012 09:25 AM

හාමුදුරුවෝ එලවපු එක නම් හොදයි (ස)

:       0       0

ජයරත්න Tuesday, 04 September 2012 09:31 AM

මේ භික්ෂුව අවුරුදු 14 ක ගැණු ළමයෙකුට අතවර කිරීමේ චෝදනා එල්ලවෙලා තියනවා .එකයිලු .(ස)

:       0       0

‍‍හේමන්ත Tuesday, 04 September 2012 04:33 PM

දුස්සීල වේවා සිල්වත් වේවා ඒක තීරණය කරයි සංඝ සභාව.පිස්සුද මේ මිනිස්සුන්ට.ඇත්තටම ඔය කියන ගමට මේ හාමුදුරුවන්ගෙන් අබ ඇටයක් තරම් වත් සේවයක් උනේ නැද්ද?? (ස)

:       0       0

ලක්ෂිත Tuesday, 04 September 2012 04:49 PM

හිතලා මතලා අපි සැවොම ක්‍රියාකල යුතුයි...!!(නු)

:       0       0

රුවන් Tuesday, 04 September 2012 09:43 AM

ස්වාමීන්වහන්සේගේ තත්වය දිනෙන් දින පිරිහෙනවා . මේවා දැකල අන්‍යාගමික කට්ටිය හිනාවෙනවා ඇති (ස)

:       0       0

රංග Tuesday, 04 September 2012 10:05 AM

දුස්සිල භික්ෂුන් වැඩිවනවා මිස අඩුවන්නේ නැහැ. එය ධනවාදයේ යථාර්තයයි. (ස)

:       0       0

හිරාන් Tuesday, 04 September 2012 05:35 PM

හැම දෙයකින්ම උලුප්පලා පෙන්වන්නෙ හාමුදුරුවරුන්ගෙ වැරදි විතරයි. අනිත් ආගම් වල වෙන පහත් වැඩ, පූජකයො කරන වැරදි වැඩ ඇයි පල නොවෙන්නෙ.ඒ අයට බයද? ගරුත්වයටද? (ස)

:       0       0

පද්මි Tuesday, 04 September 2012 10:13 AM

ජයරත්න කියන දේ ඇත්තනම් පොලීසියටනේ ඉතුරු වැඩ ටික තියෙන්නේ....(ස)

:       0       0

අසේල Tuesday, 04 September 2012 10:29 AM

දුසිල් භික්ෂුව එලවන එක හොඳයි.එතකොට සිල්වතුන්ට හොඳින් ඉන්න පුළුවන්නෙ. කරන්නෙ ඒක නෙමී දුසිල් යන් එලවන අය සිල්වන්තයොද ? ‍මොන සීලෙද රැකන් ඉන්නෙ කියන කාරණාවයි අපිට තියෙන ප්‍රශ්ණෙ. (ස)

:       0       0

වරුණ Tuesday, 04 September 2012 10:26 AM

අද චීවරේ ඉන්න කීදෙනෙක් හරියට සීලය රකිනවද ?(ස)

:       0       0

ආනන්ද පිටබැද්දර Tuesday, 04 September 2012 10:34 AM

බුදුන්ගේ කාලෙයත් මේවගේ අය ඕන තරම් හිටිය නේ ඉතින් අදත් නැති වෙන්න බෑනේ නිර්මල බුදු දහම රැකගමු මතු පරපුරට ගෙන යමු (ස)

:       0       0

හේමන්ත Tuesday, 04 September 2012 11:07 AM

මේවා කරන්න ඕන බොහොම ප්‍රවේසමෙන්.මේ දෙපැත්තටම බුදු දහම මකන්න හදන අය එකතුවෙන්න පුළුවන්. තව ගිණි තියන්න පුළුවන්. විරෝධය ප්‍රකාශ කරන පින්වත් උපාසක පිරිස මේ දුසිල්වතාට වඩා යහපත් පන්සිල්වත් රකින අයනම් වැඩේ හරි. නැතිනම් දෙගොල්ලොම එක වගේ නේද? භික්ෂුව පමණක් නොවෙයි සාසනය කියන්නෙ. උපාසක උපාසිකා පිරිසත් කොටසක්. හාමුදුරුවරු දුසිල්වත්නම් අපි මහන්වෙලා සිල්වත් වෙන්න ඕන. මහනකමට එන්න මේ එක්කෙනෙක්වත් කැමතිද?(ස)

:       0       0

ගමල් Tuesday, 04 September 2012 11:00 AM

වෛරයෙන් වෛරය නොසන් සිදේ..!! ඕනැම කෙනෙකු අතින් වැරදි සිදුවෙනවා.. ඒවාට සමාව දීලා වැරදි නොවන විදියට හදාගන්න බලන්න.. පන්නන එක නෙමෙයි කරන්න ඕන...!!(නු)

:       0       0

සුදත් Tuesday, 04 September 2012 11:30 AM

භික්ෂුවකගේ දුස්සීලභාවය ගැන ගිහි උදවියට තීරණ ගන්න බැහැ. ඒ පිළිබඳ තීරණ ගත යුත්තේ සංඝ සභාවක්. මෙවැනි උද්ඝෝෂණ කිරීමෙන් අවමානයට ලක් වෙන්නේ බුද්ධසාසනයයි. එනිසා වගකිවයුතු භික්ෂූන් වහන්සේලා එක් වී මේ පිළිබඳ කටයුතු කරත්වා...!!! බුදු දහම ලොව තව බොහෝකල් දිලේවා...!!!(නු)

:       0       0

වසන්ති Tuesday, 04 September 2012 07:06 PM

මේ ගැටළුවට මේ නිකායේ ලොකු හාමුදුරුවන් ඉදිරිපත් වෙන්නේ නැද්ද? ගිහියන් කොහොමද මේවට ඇගිලි ගහන්නේ..!!(නු)

:       0       0

පාලිත Tuesday, 04 September 2012 11:48 AM

ඔබට පුදන අය තමයි ඔබට එරෙහිව නැගී සිටින්නෙත්.‍....(ස)

:       0       0

සම්පත් Tuesday, 04 September 2012 11:56 AM

හේමන්ත ඔබේ අදහස මම ඉතා අගයනවා. යමක් දෙස මැදහත්ව බලන්න ඕන.මේ හිමියන් කල වැරැද්ද මොකක්ක්ද කියලවත් දන්නේ නැති අය කොමෙන්ට්ස් දානවා.මෙ හිමියන් කල හොඳ දෙයක් ඇත්තෙම නැද්ද? හාවා බෙලිගේඩියක් වැටුනහම ලෝකේ පෙඅරලුනා කියා දිව්වා. අනික් සත්තුත් ඔහේ හාවාගේ පස්සෙන් දිව්වා. ඒවගේ තමය් අපේ ගොඩක් අයත්. සසුනෙන් පැන්නුවා වගේ නෙමෙයි කවුද සසුනට ඇතුල් වෙන්නේ. මේ උපවාස කරන අය තමන්ගේ එක ළමයෙක් සසුනට දෙනවද? මේ කොමෙන්ට්ස් දාන කීදෙනෙක් පන්සිල් රකිනවද? ඔබත් නීති පන්සිල් රකින කෙනෙක් නම් මේගැන කතා කරන්න ඔබටත් සදාචාරාත්මක අයිතියක් තියෙනවා.මුලින් තමන්ගේ ඇසෙ කුණු ඉවත් කරන්න. .(ස)

:       0       0

සම්පත් Tuesday, 04 September 2012 12:11 PM

මේ හාමුදුරුවන් යුද්දේ කාලේ පුදුම විදිහට මිනිසුන්ට උදව් කල අයෙක්. ඒ උදව් ගත් අයම තමයි අද එරෙහිවෙලා ඉන්නේ.හාමුදුරුවෝ දුස්සීල නම් කීපදෙනෙක් ගිහින් ඒ ගැන කතා කල යුතුයි. ඉන්පසුව තවදුරටත් ඒවා කරනවානම් අදාල සංඝ සභාවට කියා විනයානුකුලව කටයුතුකළ යුතුයි . මේවා දේසපාලන සහ අන්‍යාගමික බල පෑම් වෙන්න පුළුවන්. බෞද්ධයිනි කලබල නොවී ඉවසීමෙන් කටයුතු කරන්න..(ස)

:       0       0

අසංක Tuesday, 04 September 2012 12:56 PM

මේ මහත්වරු මොන කතා කීවත් තුවාලෙ තියන කෙනා තමා ඒකෙ වේදනාව දන්නෙ මෙතන සහභාගිවෙලා ඉන්න හැම කෙනෙක්ම අන්ද භක්තියෙන් මෙතෙන්ට සහබාගිවෙනව කියල හිතන්න එපා. පෞද්ගලික තරහක් නම් කවදාවත් ගමක මිනිසුන් පාරට බහින්නැහැ පංසිල් රකිනව කියල වැරැද්ද දැකල කටවහගෙන ඉන්න එක සාසනයට කරන යහපතක් කියලද ඔබතුමන්ලා හිතන්නෙ .පිලිකාව ‍දැනගත් මොතේ ඉවත් නොකලොත් ඒ පුද්ගලයගේ අවසානය වැඩි ඈතක නොවනවා සේම මෙවැන්නන් සංඝ සාසනයට පිලිකා වැනිය . සුභද්ද වැනි භික්ෂූන් අද සමාජයෙත් ඇතිබව හොදින් වටහාගන්න. .(ස)

:       0       0

රිෂාන් Tuesday, 04 September 2012 01:12 PM

ගොඩක් දුකයි....(ස)

:       0       0

සිල්වා Tuesday, 04 September 2012 01:19 PM

නිකායේ සංඝනායක හිමි මොකද මේ ගැන කියන්නේ...(ස)

:       0       0

ජයන්ත - ඉබ්බාගමුව Tuesday, 04 September 2012 01:32 PM

සම්පත් මහත්තයෝ, කෙනෙක් මොනවා හරි හොද කරලා තියෙනවා කියලා පසුව කරන වැරැද්දට සමාව දීම ගැලපෙන්නේ නෑ. හරි දේ හරි විදිහටයි වැරැදි දේ වැරැදි විදිහටයි දකින්න ඕන. අපේ රටේ ඉහල පැලැන්ති ගැන සැලකුවාම මෙක ඉතා අඩුවෙන්ම වෙන්නේ. හාමුදුරුවෝ මොනවා හරි හොද වැඩත් කරලා ඇති. නමුත් එකට ශාසනේ පාවා දෙන්න බෑ. සිවුරේ ඉදගෙන වැරැදි කරනකොට එකේ බලපෑම මුළු ශාසනයටම ලැබෙනවා. නමුත් මෙක දේශපාලන බලපෑම්ද කියලා මම දන්නේ නෑ. මාත් මේ පංසල දන්නවා. එත් හමුදුරුවෝ ගැන දන්නේ නැති නිසා ඒ ගැන ලියන්න අමාරුයි. ප්‍රවෘත්තියේ තව විස්තර තිබුනානම් තමයි හොද..(ස)

:       0       0

නුවන් Monday, 03 September 2012 08:59 PM

බොදු බල සේනාවට මේවා පෙනෙන්නේ නැද්ද ? (නි)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 04 September 2012 01:46 PM

සම්පත්ගෙ කතාව හරි උදවු ගන්නකම් විතරයි!(නු)

:       0       0

රම්‍යා Tuesday, 04 September 2012 01:43 PM

මෙයා කරලා තියෙන වැරදි මොනවාද කියලා දාල නැහැනේ..!!(නු)

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 04 September 2012 01:50 PM

3 වෙනි පන්සිල් පදය රැකල නෑ....(ස)

:       0       0

හේමන්ත Tuesday, 04 September 2012 02:16 PM

මේ කරන දෙය සාසනයට හිතකර නෑ. හෙට තව විහාර ආරම ඉස්සරහත් මෙහෙම උද්ගෝෂණ කරාවි. මේවගේ ප්‍රශ්ණ විසඳන සාසන සම්ප්‍රදායක් තියනවා. මේ පන්සලේ ප්‍රධාන දයකොයෝ ඉදිරිපත්වෙලා නිකායේ නායක හාමුදුරුවරුන්ට කියන්න ඕන. හාමුදුරුවෝ හරි රටේ සිවිල් නීති කඩනවානම් පොලිසි යන්න තිබුණා . මේ ලෝකයේ අකණ්ඩව පවතින එකම සංස්ථාව සංඝ සංස්ථාවයි. එහෙම රැකුණේ විනයක් ඇති නිසා. සංඝයාගේ විනය ගැන උන්වහන්සේලා තවදුරත් බලාගනිවී. .(ස)

:       0       0

සේනානායක Monday, 03 September 2012 11:48 PM

දෙවුදත් පරපුරේ කෙනෙක්ද දන්නේ නැහැ. දුස්සීලයන් පන්නා ශාසනය රැකගත යුතුයි. (නි)

:       0       0

විභූත් Monday, 03 September 2012 11:51 PM

ඒ කියන්නේ එයා එක පන්සිල් පදයක්වත් රැකලා නැද්ද? දැන් මොකක්ද එයා කරලා තියෙන වැරැද්ද? (නි)

:       0       0

මනෝහරන් Monday, 03 September 2012 11:52 PM

අනේ එහෙම දුස්සීල භික්ෂුවක් එහෙම ඉන්නවා නම් අපිටත් කියන්න හොදේ. (නි)

:       0       0

දිසා Tuesday, 04 September 2012 12:28 AM

දැන් මොකක්ද මේ භික්ෂූවගෙන් වෙලා තියෙන්නේ? අපිටත් දැන ගන්න කියන්නකෝ. (නි)

:       0       0

අමරා Tuesday, 04 September 2012 12:22 AM

අපිද ඔබ සමගයි. (නි)

:       0       0

අමරා Tuesday, 04 September 2012 12:29 AM

දුස්සීලයින් පන්නා දමමු. අපි ඔබ සමගයි. (නි)

:       0       0

ලක්ෂිත Tuesday, 04 September 2012 12:33 AM

ඕවා කරලා හරියන්නේ නැහැ. ගහලා එළවාපල්ලා! (නි)

:       0       0

ගාමිණි Tuesday, 04 September 2012 02:28 AM

සිංහල බෞද්ධ සහෝදර සහෝදරියනි, ඔබලාගේ මෙම ප්‍රයත්නය අපි අගය කරමු. හිස මුඩු කර, කහපාට රෙද්දක් පෙරවගත් පමණින් තිරිසනෙක් බෞද්ද භික්ෂුවක් වන්නේ නැත. මෙය රටේ අනෙක් බෞද්ධයින්ටත් මහඟු ආදර්ශයකි. අප සම්මා සම්බුදු පියාණන්ගේ නාමයෙන්, රට වැසි සියලුම බෞද්ධයින්ගෙන් ඉල්ලා සිටිනුයේ, කිසිම දුස්සීලයකුට දානමාන දෙන්න එපා. දුස්සීලයව රටට හෙළිකර, පන්සල්වලින් පන්නා දමා, මේ අභාවයට යමින් පවතින බෞද්ධ සාසනය ශුද්ධ කර , ආරක්ෂා කරගන්න දැන්වත් සූදානම් වෙන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1451 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


කොළඹට කණ්ඩායම් 50ක් පොරපිටිය
2024 ඔක්තෝබර් මස 11 20 0

මෙවර මහ මැතිවරණයට නාම යෝජනා භාර දුන් එක් පක්ෂයක සහ ස්වාධීන කණ්ඩායම් තුනක ද නාම යෝජනා ප්‍රතික්ෂේප වූ බව කොළඹ තේරීම් බාර නිලධාරී ප්‍රසන්න ගීගනගේ මහතා කො


දිගාමඩුල්ලට කණ්ඩායම් 64ක්
2024 ඔක්තෝබර් මස 11 38 0

2024 පාර්ලිමේන්තු මැතිවරණය සදහා දිගාමඩුල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් පිලිගත් දේශපාලන පක්ෂ 22 ක් සහ ස්වාධීන කණ්ඩායම් 50 ක් නාම යෝජනා ඉදිරිපත් කළ බව දිගාමඩුල්


අම්මයි - පුතයි දුම්රියට බිලි
2024 ඔක්තෝබර් මස 11 230 0

චීනවරාය මිට්සුයි හන්දිය ආසන්න ප්‍රදේශයේදී මවක් සහ ඇගේ පුතා අද (11) පස්වරුවේ දුම්රියේ ගැටී එම ස්ථානයේදීම මියගිය බව පොලිසිය කියයි.


හිටපු මැති ඇමතිවරු තවත් 17ක් මැතිවරණයට නෑ
2024 ඔක්තෝබර් මස 11 409 0

හිටපු මැති ඇමතිවරුන් තවත් 17 ක් ඉදිරි මහ මැතිවරණයට තරඟ නොකිරීමට තීරණය කර ඇත.


ජාජබ ජාතික ලයිස්තුව
2024 ඔක්තෝබර් මස 11 404 0

2024 මහ මැතිවරණය ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අපේක්ෂකයන් අද දින ප්‍රසිද්ධියට පත් කර ඇත. එම පිරිස පහතින් දැක්වේ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39959 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25929 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 214 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 402 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1293 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site