IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


දෑස් නැතත් පුතා රකියි

ගලේවෙල  බෙලිගමුව වත්තේ  පැල්පතක  ජීවත් වන දෑස් නොපෙනෙන කේ සෙල්වරාජ් කුලියට පොල් ලෙලි ගසා  ලැබෙන මුදලින්  16 හැවිරිදි රෝගී  පුතා ජීවත් කරවයි.

මීට වසර ගණනාවකට පෙර  පහර කෑමකට ලක් වීම නිසා  සෙල්වරාජ්ගේ  දෑස් අහිමි විය.

ඔහුගේ එක් දරුවකු විවාහ වි සිටී. දෑස් නොපෙනුනත් ඔහු දෑස් පෙනෙන අය සමඟ හරි හරියට වැඩ කරන්නට සමතෙකි. පොල්අතු වියන්නට ද ඔහු දක්ෂයෙකි .

ඔහුටම කියා ඉඩමක් ද නැති සෙල්වරාජ් රජයට අයිති බෙලිගමුව පොල්වත්තේ  කුඩා නිවසක් තනාගෙන ජීවත්වෙයි. සෙල්වරාජ්ගේ දුරකතන අංකය. 072-5692301

 

 



අදහස් (0)

දෑස් නැතත් පුතා රකියි

සරත් Saturday, 26 April 2014 10:46 AM

රණවිරු ගෙය මෙයාලට දුන්නොත් හොඳ නැද්ද? (අ)

:       0       0

නිමල් රණසිංහගේ Sunday, 27 April 2014 05:10 AM

දෙමල මනුස්සයෙක්ගේ අසරණකම ගැන කරුණු අදහස් දක්වල තියෙන්නේ අපේම සිංහල අය. මෙතන එක සිංහලයෙක්වත් ජාතිවාදීව අදහස් දක්වල නැහැ. ඔය අදහස් වලින්ම පේනවා සිංහල මිනිහගේ හිත උණු වෙන තරම. අපි සියලුම දෙනා එකතුවී නැති බැරි මිනිස්සුන්ට හැකි පමණින් උදව් කිරීමට උත්සහා කරමු. එතනට ජාතියක් ආගමක් වැදගත් නැත.(නදී)

:       0       0

ගිම්හානි Saturday, 26 April 2014 12:04 PM

පිටරට ජීවත් වෙන සමහරු හිතනවා ලංකාව දැන් ගොඩක් දියුනුඉ කියල .මොකද කොළඹ පැත්තේ පාරවල් ටික සුපර් හින්ද ,මේවා දැක්කම පේනවා නේද ලංකාවත් ඉතියෝපියාවක් වගේ කියල ,මේ තමා ඇත්ත (අ)

:       0       0

ගාමිණී Sunday, 27 April 2014 07:43 AM

ලෝකය ඔබව හදන තුරු බලා නොගෙන තම දෑතේ වීරියෙන් ජීවත් වන ඔබ තුමාට මගේ උපහාරය. රජය සේරම කරනකල් උඩ බලාගෙන ඉන්න කම්මලියන්ට හොද පාඩම් මේවා (දී)

:       0       0

බිමල් Sunday, 27 April 2014 07:41 AM

මෙන්න නියම පියවරු. ජාති බේධ නොතකා අපි පිහිට වෙමු. මේ තාත්තාව දැක්ක නම් අර දරුවන් ගඟට දමපු පියා! මෙවැනි උදවියට පිහිට වෙන අයගේ දරුවන් ටත් දෙවියන් ආශිර්වාද කරනවා. (දී)

:       0       0

කමනි Saturday, 26 April 2014 12:53 PM

ගිම්හානි ඔයාගේ කතාව ඇත්ත. (අ)

:       0       0

කමනි Saturday, 26 April 2014 01:02 PM

කාටත් බරක් නොවී ජීවත් වෙන මෙවන් මිනිසුන්ට පිහිටක් වෙන්න මේ රටේ දේශපාලනාඥයින්ට බැරිද ? ප්‍රාදේශීය සභා වලට පුළුවන් නේද යමක් කරන්න. (අ)

:       0       0

කොස්වත්ත Friday, 25 April 2014 07:23 PM

මේවා දකින විට ශ්‍රී ලංකා ආණ්ඩුව ගෙන කලකිරනවා (අ)

:       0       0

බණ්ඩාර කුවේට් Saturday, 26 April 2014 03:06 PM

අපි ජීවන්වෙන සැබෑම ලොව මෙයයි. පින්දම් කරන මහත්වරුනි ඔබගේ නිවාඩු කාලය හරවත් දෙයක් කරන්න ශක්තිය ලැබේවා! (නදී)

:       0       0

දීල Friday, 25 April 2014 07:42 PM

ලංකාවේ මෙහෙම වෙනව ද මටනම් සුරේ නැහැ . (අ)

:       0       0

ලක්ෂ්මන් Saturday, 26 April 2014 03:46 PM

ම්ම හිතනවා ඇස් දෙක හොද කරන්න පුළුවන් (අ)

:       0       0

චාමි Friday, 25 April 2014 07:58 PM

ජාති ආගම් භේදයකින් තොරව සෙල්වරජ්ට පිහිට වෙමු පුළු පුළුවන් ආකාරයට .(අ)

:       0       0

ගුණරත්න Friday, 25 April 2014 08:02 PM

මෙහෙම රටකනේ කොටි ගණන් මහජන මුදල් විනාශ කරමින් රගර් ගහන්නේ කාර් රේස් පදින්නේ (අ)

:       0       0

ගුණවර්ධන Saturday, 26 April 2014 04:50 PM

මේ වගේ කෙනෙකුට තවත් කෙනෙක් පිහිට විය යුතුයි ඒවා තමයි මනුස්ස ගුණ ධර්ම . මම ලඟදි ලංකාවට යනවා , මගේ ගම අනුරාධ පුරය නිසා ඔහු හමුවීමට යන්න ලෙහෙසියි ඉතින් පුළුවන් උදව්වක් කරනවා ලංකාදීපයට ස්තුතියි .(අ)

:       0       0

ජනුලි Friday, 25 April 2014 09:39 PM

නියම උත්තමයෙක් (දී)

:       0       0

ජෙරාඩ් Friday, 25 April 2014 09:55 PM

ඉදිරියේ එන වෙසක් මාසේ බොරු පුහු දේවල් නොකර මේ වගේ මිනිසෙකුට උදව් කරන එක ලොකු පිනක් (දී)

:       0       0

අමල් Friday, 25 April 2014 09:55 PM

ගුණරත්න ඇත්ත තිත්තයි (දී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Friday, 25 April 2014 10:37 PM

ඇත්ත ගුණරත්න,මේ තවත් එක අයෙක් පමණයි.දරුවන් රකින්න හිහමනේ යනම කි දෙනෙක් ඉන්නවාද.තියෙන කෙනාට ඕනෑවටත් වැඩිය.නැති කෙනාට ඇත්තෙම නෑ.මේක තම ආශ්චර්යය උදේ සවස දකින්න තියෙන.මන් මේ හරිය දන්නවා මගේ පුංචි ඉන්නේ පළාත.ලංකාවට ගියාම අනිවාර්යෙන් ගිහින් උදව්වක් කරනවා. (දී)

:       0       0

සංක Saturday, 26 April 2014 12:20 AM

මට නම් මේවා දකිනකොට එපා වෙනවා. පන තියෙන කෙනෙකුට උදවු කරන්න කෙනෙක් නැහැ. ඕන තරම් පින් දහම් නම් කරනවා.(නදී)

:       0       0

පරාක්‍රම Saturday, 26 April 2014 02:17 AM

ඩයස්පෝරාවේ සල්ලි වලින් කවදාවත්ම දුප්පත් දෙමල කට්ටියට පිහිට වෙන්න බැරි ඇයි? රටේ ත්‍රස්තවාදය වපුරන්න විතරද ඒ මුදල් යොදවන්නේ? (නදී)

:       0       0

ඉන්දික අරුණ කුමාර Saturday, 26 April 2014 06:28 PM

කාංචන හැමවිටම සමාජයේ ගැටළු ගෙන ලියන කෙනෙක් අනිවාර්යෙන්ම උපකාර කලයුතු පුවතක් (දී)

:       0       0

සිල්වා Saturday, 26 April 2014 03:18 AM

මෙවන් අයට රජය උදව් කල යුතුයි. ඇයි මෙයා ලාංකිකයෙක් නෙමෙයිද? (නදී)

:       0       0

කමනී Saturday, 26 April 2014 09:00 AM

මෙන්න දිරිය මිනිසුන්, රජය මෙවන් ජනතාවට පිහිට වෙන්න ඕනා. තව කී දෙනෙක් ඇතිද මේවගේ අසරණ වෙලා. (නදී)

:       0       0

ප්‍රදීප් Saturday, 26 April 2014 08:16 AM

ඔන්න සංවිධාන වලට කරන්න වැඩක් තියෙනවා.(නදී)

:       0       0

ශාන් Saturday, 26 April 2014 09:51 AM

ගුණරත්න ඔබ හරි.(නදී)

:       0       0

ගන්දර සයිමොන් Sunday, 27 April 2014 12:28 AM

ආදර බර අමමලා වගේම ආදර බර පියවරුත් මතු ආත්මයකදී බුදු වෙනවා . නිවන් දකිනවා .අම්ම ලේ කිරි කර පොවා පියාණන් තම ලෙය දහදිය කර උපයා දරුවන් ජිවත් කරනවා.(නදී)

:       0       0

කුමාරි Saturday, 26 April 2014 10:41 AM

අපේ රටේ පමණක් නොවේ ලෝක හැමතැනම ඔය වගේ අය ඉන්නවා කල පව් පින් අනුව තමා හැමදේම වෙන්නේ (අ).

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපතිට IMF සහය
2024 සැප්තැම්බර් මස 24 182 0

මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ධනාත්මක මාවතක් කර රැගෙන ඒමට උපකාරී වූ දුෂ්කර ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධි


බිත්තර මිළ පහළට
2024 සැප්තැම්බර් මස 24 2231 2

වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.


උඩරට දුම්රිය ගමනාගමනයට බාධා
2024 සැප්තැම්බර් මස 24 287 0

බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය


රනිල් නැවත මැතිවරණ වලට එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 24 2972 5

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.


සජබ ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවයි
2024 සැප්තැම්බර් මස 24 1836 2

ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.


ලංකා සභාවෙන් ජනපතිට සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 24 747 0

ශ්‍රී ලංකාව නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් මෙරට බහුතරයක් අනුර කුමාර දිසානායක මහතා වෙත තැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 33565 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23925 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 145 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 469 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 213 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site