IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


දොස් පරොස් ගැන විනිසුරුවරිය කම්පා වෙයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම වළක්වමින් නියෝගයක් දීමෙන් පසුව තමන්ට  එල්ලවන දෝෂාරෝපණ ගැන කම්පාවට පත්වන බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය අද (8) ප්‍රකාශ කළාය.

එම තීන්දුව ලබා දීම පිළිබඳ  නීතිමය පැහැදිලි කීරීමක් කර දෙන්නැයි ඉල්ලා නීතිපති ගොනු කල මෝසම අද(08) සලකා බලමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරිය මේ බව කීය.

මේ සම්බන්ධයෙන් බොහෝ දෙනා විවිධ මත ඉදිරිපත් කළ බවත්, අවුරුදු 34ක් නීති ක්ෂේත්‍රෙය් කටයුතු කළ තමාට කිසිම නඩු විභාගයක් සුවිශේෂී නොවන බවත් මෙයද තවත් එක් නඩු විභාගයක් පමණක් යැයිද ඇය කීවාය.

ගෝඨාභය රාජපක්ෂ මහතා අත් අඩංගුවට ගැනීම වළකාලමින් ලබාදුන් නියෝගය සම්බන්ධයෙන් මතුවූ කරුණු කාරණා බොහොමයක් අසත්‍ය වන බවත් එදින අධිකරණය හමුවට ඉදිරිපත් වූ කරුණු පමණක් සලකා බලමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා අත්අඩංගුවට ගැනීම වලකාලමින් එම අතුරු නියෝගය ලබා දුන් බවද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරිය අධිකරණය හමුවේ කියා සිටියාය.

 



අදහස් (0)

දොස් පරොස් ගැන විනිසුරුවරිය කම්පා වෙයි

චන්න Tuesday, 09 June 2015 01:25 AM

සදුන්, ඔයා තමන්ගේ මෝඩකම පෙන්වන්න එපා. හිතාගෙන ඉන්නේ සියල්ල දත් කියලද? ලංකාවේ නීතිය හැටියට පොදුරද මඩුල්ලට අභියාචනා කරන්න බැහැ. ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය තමා ඉහළම අධිකරණය (නි)

:       0       0

සඳුන් Tuesday, 09 June 2015 01:41 AM

චන්න, මම කිව්වේ මොකක්ද කියලා තේරුම් අරගෙන කතා කළත් කමක් නැහැ. ලංකාවේ නීතියට බලපෑම් කරන්න පොදුරද මඩුල්ලට බැරි බව ඕනෑ කෙනෙක් දන්නවා. (නි)

:       0       0

සත්‍යයා Tuesday, 09 June 2015 02:36 AM

අපිට ඕනෑ නීතිය නොවෙයි යුක්තිය. එයින් තොර නීතියෙන් ජනතාවට වැඩක් නැහැ. (නි)

:       0       0

නාමල් Monday, 08 June 2015 11:12 AM

මේ විනිසුරුවරිය රාජපක්ෂගේ නීති විද්‍යාල සමකාලීන යෙහෙලියක් කියලා එයාම කියල තිබ්බ,,, හොරාගේ යාලුවාගෙන් පේනයක් අහමුද? (ම)

:       0       0

චින්තක Monday, 08 June 2015 11:23 AM

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර කියන්නේ මේ රටේ ඉන්න උගත්ම විනිසුරුවරියක්. මෙතුමිය කවදාවත් අගවිනිසුරු පට්ටම පස්සේ කෙල හල හල ගියේ නැහැ. මෙතුමිය ලබාදුන් පසුගිය නඩු තීන්දු අරගෙන බැලුවොත් මොලේ ඇති සැමටම ඉතාම පැහැදිලිව ඒක පෙනෙනවා. (ම)

:       0       0

ධම්මික Tuesday, 09 June 2015 02:45 AM

ඉස්සර නම් රටේ ජනතාව දන්නවා තීන්දුව මොකක්ද කියලා. ජනවාරි 8 ට කලින් මේ රටේ උත්තරීතර අධිකරණයේ තත්වය ඒකයි. අද බොහෝදුරට අධිකරණය ස්වාධීනයි. මිනිස්සුන්ට හිතාගන්න බැරි නඩු තීන්දු ශ්‍රේෂ්ඨාධිකරණය දෙන්නේ ඒ නිසයි. තමන්ගේ හදවතට විරුද්ධව තීන්දු දෙන හැම කෙනෙක්ම කම්පා වෙනවා. හදවතට එකඟව වැඩ කරන්න. (නි)

:       0       0

මංජු Monday, 08 June 2015 11:29 AM

සරත් ෆොන්සේකාට දුන්නේ මාරු ගේම (ම)

:       0       0

සමන් Monday, 08 June 2015 11:31 AM

ඔබේ පෞද්ගලික සම්බන්ධකම් කුමක් වුවත් , ඔබ දැන් විනිසුරුවරියක් වන්නේ මුළු රටටමයි. ඒ නිසා කවුරු කොහොම කිව්වත් ඔබ අධිකරණ ක්‍රියාදාමයට අනුව , රටේ නීතියට අනුව වැඩ කළා නම්, අයි කම්පා වෙන්නේ? (ම)

:       0       0

අර්ජුන රණවන Monday, 08 June 2015 11:31 AM

පසුගිය නඩු තීන්දුව ගැන කියන කතා බොරුනම් නීතිය හරියට ක්‍රියාත්මක කරන්න. ලෙඩ මලාට පස්සේ බඩ සුද්ද වෙන්න බෙහෙත් දීල වැඩක් නෑ (ම)

:       0       0

සරත් පර්ත් Monday, 08 June 2015 11:39 AM

දැන් එතකොට කවුද කෙල හල හල පස්සෙන් යන අය (ම)

:       0       0

සුමුදු Tuesday, 09 June 2015 03:15 AM

මෙහෙම ගියොත් මේ රටට මොනවා වේවිද.මට නම් මේ තීන්දුව විශ්වාස නැහැ.මට ඕනෑ මේ ලංකාව හොඳ තැනක තිබෙනවා දකින්න.ගොඩක් හොඳ මිනිස්සු ජිවත්වුණ රටක් මේක.දැන් අපේ ළම‍යින්ටවත් මේක අපි හදන්න ඕනෑ.හොර වැඩ කළා නම් ඒවා කළ අයට දඩුවම් කරන්න ඕනෑ.පොඩි මිනිසුන්ට විතරද මේ හැමදේම. (නි)

:       0       0

ලාල් Monday, 08 June 2015 12:30 PM

ඔබතුමිය මොකට කම්පා වෙනවද? (ර)

:       0       0

යශෝද් Tuesday, 09 June 2015 03:27 AM

කලින් පාලනයත් අපිට හොඳට මතකයි (නි)

:       0       0

උක්කුන් පුතා Monday, 08 June 2015 01:44 PM

ගමේ ඉන්න ලපයි සිපයි එක එක දේවල් කීවාට මෙතුමිය ගණන් ගන්න එකක් නැහැ. එත් අට පාස් නැති දේශපාලුවන්ගෙන් ප්‍රශ්න ඈති. (ර)

:       0       0

සුදේශ් Tuesday, 09 June 2015 03:51 AM

උසාවිය දෙන තීන්දු විවේචනය කරන්නන්ට එරෙහිව පියවර ගන්න බැරිද? (නි)

:       0       0

අබේරත්න ටෝකියෝ Monday, 08 June 2015 02:22 PM

යහපාලනය දොරේ ගලනවා. (අ)

:       0       0

අබේරත්න ටෝකියෝ Monday, 08 June 2015 02:26 PM

තමන්ට උවමණා තීන්දුව නොලැබුණාම පොදුරද මණ්ඩලයට යන නායකයෝ ඉන්න රටක් මේක. (අ)

:       0       0

ධම්මික Tuesday, 09 June 2015 04:02 AM

මුළු රටම, මුළු අධිකරණයම, මුළු බැංකු කේෂ්ත්‍රයම යහපාලන බූවල්ලා වෙලාගත් අවධියක මෙතුමිය ලබාදුන් ඓතිහාසික තීන්දුවට හිසනමා ආචාර කරමු. (ම)

:       0       0

හාඩ්ලි Wednesday, 10 June 2015 03:25 AM

සරත් ෆොන්සේකා මේ වගේ තින්දුවක් දෙන්න අධිකරණයට කොන්ද පන තිබුනේ නැත එදා. ඔහු කිසිම වරදක් කරලා තිබුනෙත් නැත. (ම)

:       0       0

ලුසේනා Monday, 08 June 2015 03:14 PM

එතකොට ජනාධිපති කිව්වේ අධිකරණයට ඇගිලි ගහන්නේ නැහැ කියල විහිළුවටද? (බ)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Monday, 08 June 2015 04:01 PM

ලුසේනා, ජනාධිපති තුමාට උවමනා නෑ මේ මෙතුමිය අත් අඩංගුවට ගන්න. (ර)

:       0       0

සේන Tuesday, 09 June 2015 05:17 AM

මටනම් පෙන්නේ යහපාලනයට තව හත් හව්වක් නෙවෙයි විසිහත් ගව්වක් තියෙනවා. කෝටි ගානක හොරකම් ගැන චෝදනා තියෙන කෙනෙක්ගෙන් ප්‍රශ්න කරන්න බැරිනම් නීතිය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? (ස)

:       0       0

සත්‍යපාල Monday, 08 June 2015 05:53 PM

"බොක්කේ බුදුරැස් හක්කේ දඩමස්"... දවසින් දවස රට අගාධයට යනවා. (නි)

:       0       0

ජොහාන් Tuesday, 09 June 2015 06:20 AM

යහපාලනෙට යන්න කලින් ඒ පාරේ තියන බාධක ඉවත් කරගත යුතුයි කියන එක මේ යහ පාලන මහත්තුරුන්ට තේරුම් ගන්න බැරි මොකද? (ම)

:       0       0

පුර්ණි Tuesday, 09 June 2015 06:34 AM

අධිකරණයට ගල් ගහපු කෙනා තමයි මේ කතා කියන්නේ (ම)

:       0       0

කැළණි Monday, 08 June 2015 08:19 PM

ලුසේනා කිව්වා හරි (නි)

:       0       0

සඳුන් Monday, 08 June 2015 10:17 PM

අබේරත්න-ටෝකියෝ, මෝඩකම පෙන්වන්න එපා. තමන්ට ඕනෑ තීන්දුව නොලැබුණාම තමයි මිනිස්සු අභියාචනා කරන්නේ. ඒක නීතියේ තිබෙන තවත් අවස්ථාවක්. (නි)

:       0       0

නාලිනී Tuesday, 09 June 2015 02:24 PM

මොනවා උතත් පිරිසිදුවට ලස්සනට කොළඹ නගරය තබා ගැනීම ගැනවත් සිතමු නේද.? (ර)

:       0       0

සුමුදු හේවා Wednesday, 10 June 2015 04:59 PM

මගේ නමින් ඇති 2015-06-09 03:15:51 අදහස මගේ නොවන බව කරුණාවෙන් සළකන්න. (නි)

:       0       0

සෑම් Monday, 08 June 2015 11:46 PM

හොරු අත්අඩංගුවට ගන්න බැරි රටක් මේක. (නි)

:       0       0

අබේරත්න - ටෝකියෝ Tuesday, 09 June 2015 03:47 PM

අනේ සදුන්ගේ ටිකිරි මොලේ . කොහෙද යන්නේ මල්ලේ පොල් කිවලු. ලංකාවේ මොන මිනිහද තමන්ගේ නඩුවක් අරගෙන පොදුරද සංගමයට ගියේ.? (ර)

:       0       0

අබේරත්න - ටෝකියෝ Tuesday, 09 June 2015 03:53 PM

චන්නගේ අදහස් දැක්වීම හරි වැදගත් . සදුන්ලට ඕව තේරෙන්නේ නෑ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 0 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 252 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 25 1378 1

විද්‍යුත් විසා සේවාව විදේශිය සමාගම් දෙයකට දීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු නියෝගය ක්‍රියා


ආණ්ඩුකාරවරු දිවුරුම් දෙති
2024 සැප්තැම්බර් මස 25 1553 0

නව ආණ්ඩුකාරවරු හතර දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (25) දිවුරුම් දුන්හ.


ශිෂ්‍යත්ව පත්‍රය පිටවීම: අධ්‍යාපන ලොක්කෝ මානව කොමිසමට
2024 සැප්තැම්බර් මස 25 544 0

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිටවී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොම්ෂන් සභාවද විශේෂ විමර්ශනයක් අර


ඉකුත් ආණ්ඩුවේ අමාත්‍යංශ වාහන ගාලු මුවදොර ගොඩගහලා
2024 සැප්තැම්බර් මස 25 1750 3

රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවේ අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ අමාත්‍ය ලේකම්වරු ඇතුළු ඉහළ නිලධාරීන් භාවිතා කළ ‘සුපිරි’ වාහන විශාල සංඛ්‍යාවයක් ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37036 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24402 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 185 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 600 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 235 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site