IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


දිසා 15ක ලක්ෂ භාගයකට බොන්න වතුර නෑ

(සුජිත් හේවාජුලිගේ)

අධික නියගය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 15 ක පවුල් 54979 දෙනකු උග්‍ර පානීය ජල හිඟයකට මුහුණදී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා පැවසීය.

උග්‍ර ජල හිඟයකට මුහුණදී සිටින මෙම පවුල්වලට පුද්ගලයන් එක් ලක්ෂ අසූ තුන් දහස් තිස් අටක් ඇතුළත් වන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.

උග්‍ර ජල හිඟයට මුහුණදී සිටින ජනතාව අයත් වන දිස්ත්‍රික්ක 15 වන්නේ රත්නපුර ත්‍රිකුණාමලය මඩකලපුව අම්පාර පුත්තලම කුරුණෑගල යාපනය මන්නාරම මුලතිව්, වව්නියාව, බදුල්ල මොනරාගල හම්බන්තොට ගම්පහ සහ මාතලේය.

උග්‍ර ජල හිඟයට මුහුණදී සිටින වැඩිම පිරිසක් අයත් වන්නේ යාපනය දිස්ත්‍රික්කයටය. එම දිස්ත්‍රික්කයේ උග්‍ර ජල හිඟයකට මුහුණ දී සිටින පවුල් සංඛ්‍යාව 21,999කි. එම පවුල්වලට පුද්ගලයෝ 70238 ක් ඇතුළත් වෙති.

උග්‍ර පානීය ජල හිඟයට මුහුණ දී සිටින ජනතාවට ජලය සැපයීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයි පැවසූ මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා ජලය බෙදා හැරීමට රටපුරා බවුසර් 200ක් යොදවා ඇතැයිද සඳහන් කළේය.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජල ප්‍රශ්නය උග්‍ර වෙමින් පවතින බවද ඔහු පැවසුවේය.

රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් 4039ක්ද ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පවුල් 2320 ක්ද මඩකලපු දිස්ත්‍රික්කය දිස්ත්‍රික්කයේ පවුල් 8892ක්ද අම්පාර දිස්ත්‍රික්කයේ පවුල් 7739ක්ද පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 786 ක්ද කුරුණෑගල දිස්ත්‍රික්කයේ පවුල් හාරදාස් හාරසිය තිස් තුනක්ද මන්නාරම දිස්ත්‍රික්කයේ පවුල් නවසිය පනස් දෙකක්ද මුලතිව් දිස්ත්‍රික්කයේ පවුල් දෙසිය දෙකක්ද වවුනියාව දිස්ත්‍රික්කයේ පවුල් 450 ක්ද බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් 329 ක්ද මොනරාගල දිස්ත්‍රික්කයේ පවුල් 140ක්ද හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවුල් 1513 ක්ද ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 922ක්ද මාතලේ දිස්ත්‍රික්කයේ පවුල් 263ක්ද උග්‍ර ජල හිඟයට මෙසේ මුහුණදී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මේ අතර නියග තත්වය හේතුවෙන් මෙම දිස්ත්‍රික්කවල වන සතුන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක්ද දැඩි පීඩාවට පත්ව සිටින බව වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

 



අදහස් (2)

දිසා 15ක ලක්ෂ භාගයකට බොන්න වතුර නෑ

S.H.Liyanage Friday, 18 August 2023 09:12 AM

බය වෙන්න දෙයක් නෑ . වතුරත් අනික් දේවල් වගේම ඉන්දියාවෙන් හරි තායිලන්තෙන් හරි ගෙන්න පුලුවන් . මෙච්චර වතුර තියෙන රටක, එව රැස්කරල තියාගන්න මොලයක් නැති රටක, බිත්තර , හාල්, සරුංගල් , අටපිරිකර රටින් ගෙන රටක, මෙව ප්‍රශ්න නෙවේ

:       0       4

දුක්ගන්නාරාළ Friday, 18 August 2023 09:12 PM

ලියනගේ මහත්තයෝ ඔබතුමා හරියට හරි... ලංකාවේ මිනිස්සු බුදුදහම අදහනවා කියලා කිව්වාට අදහන්නේ නිගන්ඨනාථ පුත්තගේ ණයට අරගෙන ගිතෙල් කෑමේ න්‍යාය තමයි. ඇත්තටම රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න මැතිවරණ කොට්ඨාසයේ හා රක්වාන කොට්ඨාසයේ කොටසක් හැරෙනවිට අනෙක් ප්‍රදේශවල ජලය හිඟයක් හදලා තියෙන්නේ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය, භූවිද්‍යා හා පතල් සම්බන්ධ රාජ්‍ය ආයතන තමයි. කෙනෙක් ගිහිල්ලා බැකෝ පතල් සඳහා අවසර ඉල්ලීම කළොත් දෙනවා. අන්තිමේ වෙන්නේ භූගත ජලය මුහුදට යැවීම සමග කාන්තාරයක් ඇතිවීම පමණයි කොටින්ම කිව්වොත් කිසිම දේකට රටට වැඩදායී සැලසුම් නැහැ ප්‍රතිපත්ති නැහැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොවිඩ් 19 ආසාදිතයන්ට හදවත් රෝග අවදානමක්
2024 ඔක්තෝබර් මස 14 211 0

‘කොවිඩ් 19’ වයිරසය ලොව පුරා ව්‍යාප්ත වූ අවස්ථාවේදී, මුලින්ම එය ආසාදනය වූවන් හදවත් රෝගීන් වීමේ අවදානමක් ඇතැයි බටහිර වෛද්‍යවරු පවසති.


ඇමෙරිකා යන්න හැදූ ඉන්දීය ගුවන් යානයක බෝම්බ බියක්
2024 ඔක්තෝබර් මස 14 177 0

ඉන්දියාවේ මුම්බායි නුවර සිට ඇමෙරිකාවේ ජෝන් එෆ් කෙනඩි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ බලා යෑමට පිටත් වූ එයාර් ඉන්දියා මගී ගුවන් යානයක බෝම්බ බියක් හට ගැනුණි.


අල්ලස් දූෂණ කොමිසමේ අධ්‍යක්ෂ පත් කරන්න අයැදුම්පත් කැඳවයි
2024 ඔක්තෝබර් මස 14 202 0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා අයඳුම්පත් කැඳවා ඇත.


බදු නොගෙවූ මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන මාස හයක් සිරගෙට
2024 ඔක්තෝබර් මස 14 1677 1

රජයට අයවිය යුතු රුපියල් බිලියන 3.5ක (කෝටි 355ක් ) වැට් බදු ගෙවීම් පැහැර හරින ලදැයි කියන ඩබ්.එම්.මෙන්ඩිස් සහ සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් ඇතුළු තිදෙනකුට ක


17 හැවිරිදි කෝටිපති ව්‍යාපාරික පුතා අතින් දරුවෙක් මරුට
2024 ඔක්තෝබර් මස 14 714 1

කෝටිපති ව්‍යාපාරිකයකුගේ 17 හැවිරිදි පුතකු පැද වූ නවීන වර්ගයේ ජීප් රථයක් ගම්පොළ බස් නැවතුම්පල ඉදිරිපිට ඇති සුදුඉර අසලදී ඉදිරියෙන් ගමන් ගත් ත්‍රී රෝද රථ


පිහි ඇනුමකින් අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 14 562 0

ගල්කිස්ස , බඩෝවිට ,දෙපිරිසක් අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පිහියෙන් ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි ගල්කිස්ස පොලීසිය පැවසීය .


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 363 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 437 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1390 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site