IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


දහඅට වංගු පාර නාය යයි

පැය 24ක වැස්සෙන් පසු මහනුවර මහියංගන දහඅට වංගුව පාර ස්ථාන හතරකින් අද නායගොස් ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇනහිට ඇත. හුන්නස්ගිරිය නගරය ආසනන්නයේ කන්දක්ද, මැද මහනුවර, වැලමිට වංගු දෙක අතර කන්දක්ද, එනමල්පොත හන්දියේ කන්දක් සහ උඩුදුම්බර පොලිසිය අසලද නාය ගොස් තිබේ. මාර්ගය එළිපෙහෙළි කිරීමට බැකෝ යන්ත‍්‍ර තුනක් යොදවා ඇති අතර සවස් වනවිට පාර යථා තත්ත්වයට ගැනීමට හැකිවෙතියි උඩුදුම්බර පොලිස් ස්ථානාධිපති කපිල දිසානායක මහතා මහජනතාවට දැන්වීය.  



අදහස් (0)

දහඅට වංගු පාර නාය යයි

දුමින්ද Monday, 17 December 2012 04:26 PM

ඇරඹුමම කඳුලක් වෙලා (දී)

:       0       0

ඉන්දික Monday, 17 December 2012 04:27 PM

අපොන්සු ඔබ සම්පුර්ණයෙන්ම නිවැරදියි.(ස)

:       0       0

සිල්වා Monday, 17 December 2012 11:51 AM

සංවර්ධනයේ ප්‍රතිඵල තව ඉස්සරහ‍ට බලාගන්න පුළුවන් (ස)

:       0       0

අමල් Monday, 17 December 2012 04:56 PM

අපොන්සු, මම කියපු දේ හරියට තේරුම් අරන් නැහැ. හැම දෙයම තමන් දරන දේශපාලන මතයත් එක්ක එකතු වුණහම අනික් අය කරන කියන දේවල් තේරුම් ගන්න ටිකක් අමාරු වෙනවා. මේ වැස්සෙන් ලංකාවේ ගොඩක් පළාත් යට වෙලා. මම දන්නේ නැහැ ඔබ සුළු වැස්ස කියලා අදහස් කළේ මොකක්ද කියලා. මම ජපානය උදාහරණයට ගත්තේ ඔබ ජර්මනිය උදාහරණයට අරගෙන තිබුණ හින්දා. පාරක් අයිනේ තියෙන පස් ටිකක් පාරට කඩන් වැටුණහම ඒකට නාය යාමක් කියලා මහා ලොකුවට හදපු මිනිස්සුන්ට බනිනවා කියන්නේ එතන තියෙන්නේ තනිකරම දේශපාලන කුහකකම. (නි)

:       0       0

අමල් Monday, 17 December 2012 12:21 PM

අපෝන්සු , අපි දන්නා තරමට ජපන්නු කියන්නේ හැම දේටම දක්ෂයෝ. එත් මේ ඊයේ පෙරේදා ජපානයේ උමන් මාර්ගයක් කඩා වැටුන ඇතුලේ වාහන තියෙද්දීම. ස්වභාවික විපත් වලින් වෙන හානිය පාලනය කරන්න පුළුවන් එක්තරා සීමාවක් දක්වා පමණයි . මේවා අපිට කියල දෙන්නේ ඉස්කෝලේ 9 වසර සමාජ අධ්‍යනයට. (ස)

:       0       0

චන්ද්‍රා Tuesday, 18 December 2012 01:54 AM

අමල් මා ඔබ සමඟ එකඟයි (ස)

:       0       0

අපොන්සු Monday, 17 December 2012 12:49 PM

අමල්, ජපානේ එක පාරක් කඩ වැටුනට අපි ඒක නිදහසට කාරණයක් කරගතයුතුද? ජපානය ඉතාම අස්ථිර භූමියක පිහිටි රටක් බව ඔබේ සමාජ අධ්‍යයනනේ උගන්වා ඇතයි අනුමාන කරමි. ලංකාවේ සෑම සුළු වැස්සකටම පාරවල් නායයනබවත් එයින් ජාතියට සිදුවන ආර්ථික පාඩුව ගැනනම් ඔබට සමාජ අධ්‍යයනයෙන් උගන්වා ඇතිද? කරනදේ හරියට නොරක අනිත් රටවල වැරදී අපේ නිදහසට කාරණයක් කරගැනීම ජාතික විනශයක් බව ඔබට තේරෙනවද?(ස)

:       0       0

සුචින්ද්‍ර Monday, 17 December 2012 01:03 PM

අයියෝ! මම අද අම්පාරේ යන්නයි හිටියේ. (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Monday, 17 December 2012 01:09 PM

"දිලන්ක, කන්ද පාරට වැටෙන එකට මොනවද කරන්න පුලුවන්?" බබෙක් ප්‍රශ්නයක් අහලා... ඔය කඳු පාරට කඩාවැටෙන්න ඉඩ තිබියදී ඒවා එහෙමම තියෙද්දී පාරවල් හදන්න නම් ඉංජිනේරුවෝ මොකටද? පහුගිය කාලේ මේක හදද්දීම අපි දන්නවා පැය 24ක් වැස්සොත් කඩාවැටෙන බව. ඒ කාලේ ඕවා කිවුවා නම් 'මගේ රටට දළදාහිමි සරණයි' කට්ටියගෙන් පලු යන්න බැනුම් අහන්න තිබුණා. අටසිය ගණන්වල සුද්දා හදපු පාරවල් යසට තියෙද්දී ආශ්චර්යයට යන කාපට් පාරවල් වලට මෙහෙම වීමත් බටහිර කුමන්ත්‍රණයක් කියලා වත් කියමු නේද? (නි)

:       0       0

චන්ද්‍රා Monday, 17 December 2012 01:11 PM

වරද කාගේද? (නි)

:       0       0

ප්‍රියන්ත Monday, 17 December 2012 01:23 PM

හරි දැන් ඕක තිබුණ විදියටම හැදුවාට පස්සෙත් බැණ බැණ යන්නකෝ. (නි)

:       0       0

වසන්ත නාත් බිබිලේ Monday, 17 December 2012 01:28 PM

පාර පළල් කරලා ලොකුවට හැදුවා. ඒක පළමුව අගය කරන්න. නමුත් කදු නාය යාම සාමාන්‍ය දෙයක්. ඒකටත් විසදුමක් දෙයි. (නි)

:       0       0

සරත් Monday, 17 December 2012 01:42 PM

අපෝන්සු ඔබ හරි . හොංකොං වගේ රටවල්වල පාරවල් දැක්කම අපි කොහෙද කියලා හිතෙනවා (ස)

:       0       0

නසාර් Monday, 17 December 2012 01:45 PM

කොළඹ කාර් රේස් ගිය තැන තියෙන වැලි කොට්ට ටිත නාය ගිය තැනට අහුරන්න. (නි)

:       0       0

මුතුකුඩ Monday, 17 December 2012 01:43 PM

අපොන්සු, ඔබගේ අදහස හරිතමයි. නමුත් ලංකාවේ කොහේද එවැනි සංවර්ධනාත්මක ප්‍රතිඵල දකින්න ලැබෙන්නේ? ලංකාවේ ඉන්නේ සල්ලි කාක්කොනේ. (නි)

:       0       0

චින්තන Monday, 17 December 2012 01:45 PM

මෙහෙමත් විනාසයක් (දී)

:       0       0

සිනීස් Monday, 17 December 2012 06:43 PM

ඕවා ඔහොම තමයි. ඔයාලා නිකන් ප්‍රවෘත්තියකට වාද කරගන්න එපා. (නි)

:       0       0

බණ්ඩාර Monday, 17 December 2012 06:42 PM

අමල්ට මාරු වෙලා. පාරවල් හදන්න දක්ෂ ජර්මන් ජාතිකයින්. (නි)

:       0       0

රණා Monday, 17 December 2012 02:14 PM

නියමයි O/L ප්‍රශ්න පත්‍රය වගේනේ (ස)

:       0       0

යාවනා Monday, 17 December 2012 07:23 PM

මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්වද්ද? (නි)

:       0       0

හිල්ම් Monday, 17 December 2012 02:17 PM

අනේ අපරාදේ

:       0       0

දිලන්ක Monday, 17 December 2012 09:41 AM

ළගදී නේද මේ පාර අලුත්වැඩියා කළේ? අපරාදේ සල්ලි! (නි)

:       0       0

නිශාන්ත Monday, 17 December 2012 02:26 PM

මිනිස්සුන්ට ජිවිත හානි නොවේවා (දී)

:       0       0

නිරෝෂ් Monday, 17 December 2012 07:56 PM

හැදුව විතරයි. හොදට හදල තියෙනවා (දී)

:       0       0

ජනක Monday, 17 December 2012 02:26 PM

අපෝන්සුගේ අදහස නියමයි (ස)

:       0       0

ෆාරු Monday, 17 December 2012 10:01 AM

තවත් උත්සවයක් තියන්න අවස්ථාවක් ලැබෙයි වගේ (ස)

:       0       0

ධම්මික Monday, 17 December 2012 07:58 PM

දියුණු තාක්ෂණයක් හාවිතා කරන ඕනෑම රටක පාරක් සාදන විට එහි භූ විෂමතාවය පිළිබදව මනා අධ්‍යනයක් කර අවශ්‍ය කාලය ඒ ආකාරයෙන් රැගෙන නිසි ලෙස සිදු කරයි. නිසි කාලය සහ නිසි තාක්ෂණය යොදා ගත්තේ නම් මෙලෙස විය නොහැකිය. (නි)

:       0       0

ඉන්දික Monday, 17 December 2012 10:06 AM

දිලන්ක, කන්ද පාරට වැටෙන එකට මොනවද කරන්න පුලුවන්? (නි)

:       0       0

චන්ද්‍රා Monday, 17 December 2012 03:00 PM

බලධාරීන් වගකිව යුතුයි (ස)

:       0       0

සුනිල් Monday, 17 December 2012 03:12 PM

අයියෝ සල්ලි

:       0       0

සමන්ත Monday, 17 December 2012 10:41 AM

මේ පාර මීට වඩා අඩුවෙන් හදන්න තිබුණා (ස)

:       0       0

බණ්ඩා Tuesday, 18 December 2012 11:52 AM

අමල් වගේ අයට තේරුම් කරන්න උත්සාහ කිරීම පළක් නැති වැඩක්. නින්ද ගිය අය අවදි කළත් හොරට නිදාගන්න අය අවදි කිරීම නොකළ හැක්කකි. 'පාර අයිනේ තියෙන පස් ටිකක්' කියන්නේ මේ වගේ අනතුරකටද? ඔයාගේ ඇස්වල තියෙන ගැතිකමේ කණ්ණාඩියත් ගලවලා බලන්නකෝ පුළුවන් නම්.... (නි)

:       0       0

රසික Monday, 17 December 2012 10:07 PM

අපෝන්සු හරියටම හරි ‍, කොහොමත් දැන් හදන පාරවල් ඔහොම තමයි (ස)

:       0       0

නෙලු Monday, 17 December 2012 03:46 PM

අපොන්සු ඔබ සම්පුර්ණයෙන්ම නිවැරදියි.ජපානේ අධිවේගී මාර්ගයක උමඟක් ඇතුලේ වහල කඩාගෙන වැටුනේ ඒක හදලා අවුරුදු 30කට පස්සේ.සිරි ලංකාවේ හදන්නත් ඉස්සෙල්ලානේ අර අඩි12 පාලම කඩන්වැටිලා අර අහිංසක කොල්ලෙක් නැතිවුණේ.

:       0       0

චන්ද්‍රා Monday, 17 December 2012 11:33 AM

අපි දැන් කාටද බණින්නේ? (නි)

:       0       0

චන්ද්‍රා Monday, 17 December 2012 11:33 AM

හැදුවා විතරයි (දී)

:       0       0

මාලක Monday, 17 December 2012 04:03 PM

අයියෝ සල්ලි

:       0       0

අජිත් Monday, 17 December 2012 11:43 AM

හදලා ඉවරුනා විතරයි (දී)

:       0       0

අපොන්සු Monday, 17 December 2012 11:40 AM

ඉන්දික, කන්ද පාරට වැටෙන එකට කල හැකි දේ බොහෝයි. 1) කන්ද ක්‍රමානු කූලව කැපීම 2) නිරාවරණය වූ පස මතුපිට වගාවකින් ආවරණ කිරීම 3) කන්දේ සිට වතුර පහලට බැසීමට නියමාකාර කානු පද්දතියක් සැදීම 4) අවශ්‍ය තැන්වලට කන්දට කොන්ක්‍රීට් විදීම මින්කීපයකි. ලෝකයේ ලංකාවට වඩා දුර්ග වූ මාර්ග ඇති දශක්ෂ ලෙස අනෙකුත් ජාතීන් තනා ඇත. විෂශයෙන්ම ජර්මානුවන් මාර්ග සැදීමේ ඇති දක්ෂයෝය.(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්ගේ පක්ෂය තනිව මහ මැතිවරණයට
2024 ඔක්තෝබර් මස 07 0 0

ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වූ හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙහි චන්ද්‍රකාන්තන් මහතාගේ නායකත්වයෙන් යුතු දෙමළ ම


ඇල්පිටිය ප්‍ර.ස. මැතිවරණයේ තැපැල් ජන්ද පත්‍රිකා අද තැපෑලට
2024 ඔක්තෝබර් මස 07 65 0

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීමට අදාල තැපැල් ජන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට්ටු අද (7) තැපැල් දෙපාර්තමේන්තුවට බාර දෙන බව මැ


කෝටියක් වංචා කළ ජපන් භාෂා ගුරුවරයා අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 07 231 0

ජපන් රටේ උසස් අධ්‍යාපනය සහ රැකියා ලබා දෙන බව පවසා රුපියල් කෝටියකට ආසන්න මුදලක් වංචා කර සැඟව සිටි ජපන් භාෂා ගුරුවරයෙකු අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන


කෙසෙල්වත්තේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 07 519 0

කොළඹ කෙසෙල්වත්ත ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී නාඳුනන කාන්තාවක් අද (7) අලුයම් කාලයේ දී තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්ව මිය ගොස් ඇතැයි කෙසෙල්වත්ත පොලිසිය කි


සුළඟෙන් කාලගුණයට බලපෑම්
2024 ඔක්තෝබර් මස 07 405 0

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී.


ඉකුත් රජය කාලයේ අධිවේගයත් අවභාවිත කරලා
2024 ඔක්තෝබර් මස 07 3520 0

’’එස් පාස් ’’ විශේෂ අවසර පත්‍රය සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මගින් ඉකුත් රජයන් සමයේ අධිවේගී මාර්ගය භාවිතා කරමින් සිදුවූ අභාවිතාවය නව ජනපති බලයට පත්වීමත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39243 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25618 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1102 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 385 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site