මෛත්‍රිපාල රජයේ අයවැයෙන් විවාහ ලියාපදිංචි ගාස්තු රුපියල් 5000 සිට රුපියල් 1000 දක්වා අඩුකරන බව කීවත් මෙතෙක් ඒ සඳහා චක්‍රලේඛයක් නිකුත් නොකිරීම හේතුවෙන් විවාහ ලියාපදිංචියට එන පිරිස් අපහසුතාවයට පත්වන බව රෙජිස්ට්‍රාර්වරු කියති.
ඔවුන් පැවසූයේ කොළඹ රෙජිස්ට්‍රාර් ජනරාල් කාර්යාලයෙන් විවාහ ගාස්තු අඩුකළ චක්‍රලේඛයක් නිකුත් කර හෝ කිසිදු දැනුම්දීමක් සිදුකර නොමැති බවයි.
උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප
හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ
ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන
මහ මැතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
දාහට මංගල පෝරුවට නගින්න තාම වරම් නෑ
සුගුනවති Thursday, 19 February 2015 09:29 PM
මමත් මේ මාසේ මුල කසාද බඳින්න හිතන් හිටියේ. අලුත් චක්‍ර ලේඛනය නිකුත් වුනාට පස්සේ මමයි අප්පුහාමියි කසාද බඳිනවා කියලා,අපි දෙන්නා පස්සේ තීරණය කළා. (නදී)
දුමින්ද Thursday, 19 February 2015 09:53 AM
දින 100 තවම ඉවර නැහැ. නංගි පෙන්නලා අක්කා දීග දෙන එකක් නැහැ.(හේ)
රණවක Thursday, 19 February 2015 10:31 AM
මේ සහනය ලබා දිය යුතුයි වහාම.(හේ)
දුල්වින් Thursday, 19 February 2015 11:45 PM
ඇයි පිවිතුරු බන්දුලට මතක නැද්ද එක වතාවක් පෝරුවට නගින්න ඔන්න මෙන්න මගුල් ගෙදරට ආපු රටවැසියන් ඔක්කොම බලාගෙන ඉන්දැද් දී මනමාලයාව අලල්ලගෙන කුදලාගෙන ගිහින් හිරේ දාල පෝරුවට නැග්ග කෙනෙක් ගැන . අනේ ඇත්තට දැන් හොර ආණ්ඩු ගැන කියන්නේ ඔබතුමා රෙද්දක් ඇඳගෙනද ? (අ)
කනිෂ්ක Thursday, 19 February 2015 11:58 PM
හොරාගේ පස්සේ මිනිස්සු පන්නන්නකොට හොරාත් අල්ලපියව් හොරා කිය කියා දුවනවලු. කවුද දන්නේ නැහැ මධ්‍යම රාත්‍රියේ හොර ආණ්ඩු පිහිටුවන්න ගිහින් පස්ස බිම ඇන ගත්තේ ? (අ)
රාමා Thursday, 19 February 2015 11:44 AM
එනවා ඇත්තේ දින සියය ඉවර උනාට පස්සේ වෙන්න ඇති (නදී)
ශාන්තලාල් Thursday, 19 February 2015 12:07 PM
රුපියල් 100 ක් අතේ තියාගන මමත් මාස ගානක් තිස්සේ බලාගෙන ඉන්නවා (නදී)
අජිත් කරුණාරත්න Friday, 20 February 2015 01:59 AM
හොරු සමග හෙළුවෙන් ඉන්නේ කවුද කියල දැන් හැමෝටම තේරුම් ගිහින් තියෙන්නේ යහපාලට හැර.(නදී)
ජයාත් Friday, 20 February 2015 02:01 AM
අයියෝ! මදැයි මමත් බලාගෙන හිටියා.... (නි)
දයාරත්න Friday, 20 February 2015 02:21 AM
ගාස්තුව පන්දහ කරපු කෙනා කව්ද ? මට නම් මෙයට රුපියල් සීයක් හොඳටම ඇති.(නදී)
කමල් Thursday, 19 February 2015 12:56 PM
ජංගම දුරකථන සදහා අඩු කළ බදු ද තවම ක්‍රියාත්මක නොවේ. මේවා මිනිස්සු රවට්ටන්නද කියන්නේ ?(නදී)
ප්‍රියමාල් ජයතිලක Thursday, 19 February 2015 01:24 PM
දෙන ඒවා දෙන්න කල් ගන්නව. හැබැයි ගන්න ඒව නං පුලුවන් තරං ඉක්මනින් ගන්නව. (අ)
අජිත් කරුණාරත්න Thursday, 19 February 2015 03:01 PM
රජය කිව්වට මේවා ක්‍රියාත්මක කරන්නේ නිලධාරීන් විසිනුයි. ඔය තැන්වල ඉන්න නිලධාරීන් එහාට මෙහාට කළා නම් අලුත් වැඩ සටහන් මෙලහකටත් ක්‍රියාත්මක වෙන්න ඉඩ තිබුණා. නව රජයේ යහ පාලනේ නිසා පරණ නිලධාරීන් මාරු කරන්නෙත් නැහැ. ඒක තමයි මේ ප්‍රමාද ලෙඩේට මුල කියලයි මම නම් කියන්නේ. (අ)
පිවිතුරු යහපාල Friday, 20 February 2015 04:09 AM
දුල්වින් මහත්තයෝ, මනමාලිගේ වෙලාව හොඳයි (නි)
පිවිතුරු Thursday, 19 February 2015 03:55 PM
මංගල පෝරුවට කිව්වම මට හිතුනේ වෙන දෙයක්..මන් එත් බැලුව මේ හොර ආණ්ඩුව හදාගෙන ඇමතිකමක් ගත්ත දවසේ ඉදල දැල් දාලවත් අල්ල ගන්න බැරුව ඉන්න මනුස්සයව කවුද පෝරුවට නග්ගන්න හදන්නේ කියල.. (අ)
දුල්වින් Friday, 20 February 2015 04:45 AM
මොන හොඳක්ද වලව්වකට සුභ අනාගතයක් කරා යන බව පෙන්නලා , කැන්දාගෙන ගිහින් තියෙන්නේ ඉලව්වකට නේ ! (අ)
දුල්වින් Friday, 20 February 2015 04:46 AM
වලව්වකට සුභ අනාගතයක් කරා යන බව පෙන්නලා , කැන්දාගෙන ගිහින් තියෙන්නේ ඉලව්වකට නේ ! (අ)
ලෙස්ලි ලෝව් Thursday, 19 February 2015 04:31 PM
මම ඉතාම වගකීමෙන් කියනවා, පසුගිය ජනවාරි 29 දින මම වෙන්නප්පුවේ විවාහ රෙජිස්ට්‍රාර්වරයෙක් ඉදිරිපිට සාක්ෂිකරුවෙකු ලෙස විවාහයකට අත්සන් කළා.ගෙවියයුතු වුණේ සංශෝධිත ගාස්තුව වන රුපියල් 1000.00 තමයි.ඉහත සිදුවීම් සමහර නිළධාරීන්ගේ නොසැළකිල්ලෙන් සිදුවන දෙයක් වියයුතුයි.මේ අඩුකිරීම ගැන නව රජයට ප්‍රශංසාව හිමිවිය යුතුයි (නි)