(ක.ග.කරුණාරත්න)
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතා පොලොන්නරුව බටහිර ආසනයේ නව ශ්‍රී.ල.නි.ප සංවිධායකවරයා පත් කර ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොලොන්නරුව දිස්ත්‍රික් තරුණ බල මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කළ දහම් සිරිසේන මහතාගේ පත්විම පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දහම් සිරිසේන මහතා වෙත එම තනතුරට අදාල පත්වීම් ලිපිය පිරිනමනු ලැබීය.
මෙම අවස්ථාවට ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ඇතුලු පිරිසක් සහභාගී වුහ.
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දහම් පොලොන්නරු බටහිරට
Viraj Perera Thursday, 01 September 2022 08:47 AM
ඔන්න තව එකෙක් රට බෙරගන්න අවා
Bunny Preena Thursday, 01 September 2022 09:00 AM
මැතිවරණයක් සඳහා යම් පක්ෂයකින් ඉදිරිපත් වීම පුද්ගලයෙකු සතු ප්‍රජාතාන්ත්‍රික අයිතියක්. සභාපතිගෙ පුතාද ඥාතියද අදාල වෙන්නේ නැහැ. ඒ වගේම යම් කෙනෙකු තෝරා පත්කර ගැනීමට ඡන්දදායකයාට තියෙන අයිතයටත් අපි ගරු කළ යුතුයි. තෝරා ගත්තට පස්සේ බනින එකත් ඡන්දදායකයාගේ අයිතියක් සහ පුරුද්දක්. ඒ නිසා අපි හැමදාම නියෝජිතයන්ට බැන බැන ඉමු.
saman Thursday, 01 September 2022 09:22 AM
තමුන් දේශපාලනයේ පවුල් ගස් හදන්නේ නෑ කිව්වා නේද? කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි නේද?
Saththaya Thursday, 01 September 2022 09:34 AM
දැන් මේ රට ගොඩ ගන්න පුළුවන් අති දක්ෂ -- පුතුන්ට විතරයි . අහවලාට ගැලපෙනම කෙනා .
HitanThursday, 01 September 2022 11:09 AM
එතකොට පොතක් ලියල වන්දිභට්ට වැඩක් කරපු දුවට මොකුත් නැතෙයි එයා නේද ඔයා ජනාධිපති වෙලා සිටිද්දී විවිධ වැඩ සටහන් කලේ.
කිරිපුකා Thursday, 01 September 2022 09:47 AM
අනුන්ගෙ පවුල් වාදයට බැන බැන කවුරුත් කරන්නෙ ඒකම තමයි. එය සාමාන්‍ය දෙයක්. ඕනම මවක් පියෙක් තම දරුවන් ට සලකන්නයි හදන්නෙ. කාටවත් බනින එක නෙවෙයි කළ යුත්තෙ ඡන්දයකදී වඩාත් හොඳ පුද්ගලයින්ව පාර්ලිමේන්තු යවන එකයි . පක්ෂ බදා ගත්තම ඒක වෙන්නෙ නෑ.
Perera Thursday, 01 September 2022 09:47 AM
තවත් පවුල් පාලනයකට අර අඳිනව වගේ.
Prase Thursday, 01 September 2022 10:31 AM
ඔන්න පටන් ගත්තා පවුලක් එකතුවෙලා රට විනාශ කරන්න...
chichi Thursday, 01 September 2022 10:34 AM
අනේ මේ කවුරුවත් වෙන රස්සාවක් දෙන්නෙම නැද්ද?
Sunil Thursday, 01 September 2022 10:51 AM
රට වනසන්න තවත් අයියෝ සිරිසේන කෙනෙක්.
Kule Thursday, 01 September 2022 11:24 AM
දහම්ට වඩා සුදුසුකම් තිබෙන පුද්ලයෙක් ආසන සන්විධායකකමක් ඉල්ලුවොත් ලැබෙයිද? ඒකයි ගැටලුව
පිටිගල මිලානෝ Thursday, 01 September 2022 11:27 AM
දෙන්නම් කතිරේ ඔලුවෙන් හිටවලා….
Saman Thursday, 01 September 2022 11:32 AM
මේවට කමෙන්ට් දාන අපිට පිස්සු
[email protected] Thursday, 01 September 2022 12:24 PM
ඥාණසාර හාමුදුරුවන් ළඟට එක්කගෙන ගිහින් මහණ කළානම් මීට වැඩිය හොඳයි නේද?
de silva Thursday, 01 September 2022 12:54 PM
වියදම් කරන්න යටිමඩි ගහපු කෝටි ගණනක් තිබෙන නිසාත් මොහුට ඡන්දෙ දෙන පොළොන්නරුවේ බයියන් ඉන්න නිසාත් මොහු පාර්ලිමේන්තු ආවොත් පුදුම වෙන්න දෙයක් නැහැ.
දයාරත්න ගල්පාය Thursday, 01 September 2022 01:42 PM
අර රටකට ඕනෑ අපමන අගයක් කියා පොතක් ගහගෙන රටම මුලා කරපූ උන්දෑ වගේම මෙයත් අපිව මුලාකරන්න වගෙයි.
Viraj Thursday, 01 September 2022 02:00 PM
මෙන්න රට බේරගන්න තව එකෙක්.
Bamunuarachchi Thursday, 01 September 2022 06:07 PM
රාජපක්ෂලා පුතෙක් පත්කළාම තිබෙන ගාලගෝට්ටිය සිරිසේනගේ පුතා පත්කළාම නැහැනේ, ඒ මොකද? කෝ ජෙප්පන්?
elusena Thursday, 01 September 2022 07:24 PM
තව ගෙදර බල්ලන්, පූසන් එහෙම ඉන්නවා නම් ඒ අයවත් දක්කගෙන එන්න.