IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


දහම් සිසිල රෝමයේ මුළු දෙයි

වතිකානුවට සම්බන්ධ උර්බනීත විශ්ව විද්‍යාලයයේදී  අන්තර් ආගමික  සමුළුවක් පැවැත්විණි. එම සුමුළුවේ  තේමා පාඨය වුයේ  ඇතුලත සාමය  පිටස්තර සාමය  පිළබඳවය. ථෙරවාදී - මහායාන-වජ්‍ර- යන තුන් නිකායන්  සහ රෝමයේ බෞද්ධ  පිරිසක්ද කතොලික  බැතිමත්හු පුජකවරු ද  සහභාගී වුහ.

 මෙම සමුළුවේ  මුලාසනය  හෙබවුයේ  වතිකානුවේ  අනුතර් ආගමික සමුළුවේ  ප්‍රධානියා ලෙස කටයුතු කරන කාදිනල්  ජියාන් ලුවී  ටොරාන්  පුජකතුමාය.බෞද්ධ ආගම වෙනුවෙන්   මුලාසනය හෙබවුයේ  රැපෙල් ලොන්ගෝ  ස්වාමීන් වහන්සේය. වතිකානුවේ අන්තර් ආගමික  සම්මේලනයේ  උප ලේඛම්  ඉදුනිල්  ජානක පියතුමා  එහි සම්බන්ධිකාරක කටයුතු  කළ අතර රෝමයේ ධර්මාශෝක විහාරාධිපති  දඹදෙණියේ ධර්මාරාම හිමියන්ගේ  ඇරයුමෙනි.  දායක සභාවේ   කිහිපදෙනකු  දෙනෙකුද  එයට සහභාගී  වීමට අවස්ථාව ලැබිණි.

 දඹදෙණියේ  ධම්මාරාම හිමියෝ  එක් සැසි වාරයකදී  මුලසුන හෙබැවීය. පිරෙන්සි  සමාධි විහාරාධිපති  දොඩම්දෙණියේ නන්දසිරි ස්වාමින් වහන්සේද  මෙම සමුළුවට වැඩම කර සිටියහ.

 මුලසුන හොබවමින් අපේ හාමුදුරුවෝ දේශනයේදී  පළමුවෙන්ම  ආයුබෝවන් කියා කියා ආරම්භ කිරීම විශේෂත්වයකි.

 අප බුදු පියාණන් වහන්සේගේ  ප්‍රධාන බුද්ධ පාඨයක් වු  ‘ඒහි පස්සිකෝ ‘ යන්නෙහි තේරුම ‘ එව - බලව - එන්න ඇවිත් බලන්න ‘ බුද්ධ වචනයේ තේරුම  වටහා දෙමින්  දහම් කරුණු රැසක් ඒ හිමියන් පැමිණ සිටි පිරිසට පහදා දුන්නේය.  පුජකතුමන්ලාගේ දේශන වලදී  බුදු දහම පිළිබඳව  පැහැදීමක් ඇති බව වැටහිණි. කිතුනු දේව ඥාණවන්තයිනි  පස්වැන්න නියම කරන පරිදි  ජීවීත විනාශ කරනවා යන්න  බොදුනු පංච ශිලයේ  පළමු වැනි ශික්ෂා පදය  වන පාණාති පාතා වේරමණි යන  ශික්ෂා පදය  බෙහෙවින් කතෝලික  ආගම හා  සැසදෙන බවත් කුමන  ආගමක වුවද සත්‍ය දහම කිසිවක් කතෝලික ආගම ප්‍රතික්ෂේප නොකරන බවද කියැවිණි. බෞද්ධ සදාචාර ධර්මයේ  ප්‍රධාන කරුණ වනුයේ  සකල සත්වයාට  මෛත්‍රීය වැඩ්මය. අපිද එය අනුමත කරමු . පුජකතුමන්ලා දේශනා කළ එවන් කාරනා  තුලින් ඉතාලයේ  වතිකානුවේ  කතෝලික බැතිමතුන්ගේ  සුහදතාව ගොඩනගාගෙන ඒ තුළින්  බෞද්ධ ආගමත් සමගින්  ඉදිරියට යාමට  හැකි වනු ඇතැයි අපි විශ්වාස කරන්නෙමු. අප   තිලෝගුරු සම්මා සම්බුදු  තෙමඟුල සිහි කර බෞද්ධ  ආගමට ගරු කීරීමක්  ලෙස වෙසක් සුභ පැතීමක්  සිංහලෙන් මුද්‍රණය කරවා බෙදා හැරීම  බෞද්ධ වු අපට මහත් අස්වැසිල්ලකි. ඉතාලියේ රාජ්‍යක් වු  වතිකානුවේ  වැනි ප්‍රබල  රාජ්‍යක්  අපේ පින් බිමට  එවන් සුභ පැතුම් පණිවිඩයක් දීම  අපේ භාෂාවෙන්  කොතරම් භාග්‍යක්ද . කුමන ආගමකින් හෝ  ධර්මානුකූලව මිනිස් ජීවීත  පවත්වාගෙන යන්නේ නම්  එයටද අප එකඟ වන්නෙමු.



අදහස් (0)

දහම් සිසිල රෝමයේ මුළු දෙයි

සුජානි Wednesday, 05 June 2013 11:35 PM

නීල්-රානා ඔබ කියන්නේ බෞද්ධයන් අන්‍යාගම් අගයකිරීම ට පුරුදු විය යුතුයි කියලද? එතකොට ලක්වැසියා එදා පටන් අන්‍යාගම් අගයකිරීමක් කරලා නැද්ද ? ලංකාවේ ආගමික ගැටළු තිබෙනවාද? ඕනෑම කෙනෙකුට තමන්ගේ ආගමට අනුව නිදහසේ ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් ලංකාවේ නැද්ද කියා අවංකව සිතා බලන්නකෝ අනේ. මේ ලංකාව මිස මාලදිවයින නොවේ.(නදී)

:       0       0

මනෝජ් Thursday, 06 June 2013 12:43 PM

සුජානිට කේන්ති ගියාට එයා තවම දන්නේ නැහැ ලංකාවේ වෙන දේවල්.(ස)

:       0       0

සුසිල් මිලානෝ Thursday, 06 June 2013 01:51 PM

නීල් ඔබේ අදහස වැරදියි. උපනිෂද් කියන්නේ ළගින් ඉදන් ගුරුවරයා නැතිනම් ඒ කාලේ බමුණන් කියපු දේ පමණක් පරම සත්‍ය ලෙස පිළිගෙන ඉගෙනීමයි. වෙන කිසිම දහමක් පිළිගන්න එම ශිෂ්‍යයාට බැහැ. ඒහි පස්සිකෝ කියන්නෙ මතුපිට අර්ථය ඇවිත් බලන්න කිව්වට එහි පූර්ණ නිදහසක් තියෙනවා.හරියට කාලාම සූත්‍රයේ පැහැදිළි කරනවා වගේ විමර්ශනාත්මකව සිහියෙන් යුතුව බැලීමයි. (නි)

:       0       0

යහජිව Thursday, 06 June 2013 08:27 AM

නීල්-රානා, එකත්පස්ව වාඩි වී ධර්මය ශ්‍රවනය කිරීමත්, බුදු දහමේ ඒහි පස්සිකෝ යන්නත් ඔබ පටලවා ගෙන ඇති පාටයි. ඒහි පස්සිකෝ යන්නෙහි අර්ථය නම් එන්න ධර්මය දකින්න යනුවෙන් යමෙකුට කීමට ඇති හැකියාව සමග බැඳුනු දෙයක්. බුදු දහම ඒහි පස්සිකෝ වන්නේ බුද්ධ ධර්මයේ කිසිම කෙනෙකුට අවලංගු කිරීමට හෝ දොසක් දැක්වීමට හෝ කිසිම තැනක් නැති බැවින් එය ඕනෑම අයෙකුට අන්න ඇවිත් බලන්න යනුවෙන් කීමට ඇති හැකියාවයි. (නි)

:       0       0

නිල්-රානා Friday, 07 June 2013 01:50 PM

බුද්ධියෙන් විශ්ලේශනයකර එහි අඩුපාඩුවක් නොදකින හේතුව නිසාම බුදුදහම වැලඳගත් අල්පයක් වත් සිටීදැයි මා නොදන්නේ බුද්ධියෙන් විමසා බෞද්ධයන් බවට පත්වූවන් ලෝකයේම සිටින්නේ අතලොස්සක් නිසා වියහැකියි. බහුතරය බොදුනුවන් වන්නේ බොදු යයි කියාගන්නා පව්ලක ඉපදීම නිසා බව සත්‍යක්. එසේ නැතිව වෙනත් ආගමක් අතහැර බුදුදහම වැළඳ ගැනීම නිසා නොවේ. මධ්‍යස්ථ නොවී පිළිගතහැකි සීමාව ඉක්මවා යම් මතවාදයක අන්තයක එල්බගැනීම අන්තවාදයයි. ලොව පරම සත්‍ය බුදුදහම බව බුදුන් වත් දේශනාකර නැහැ. එය විශ්වයේ ස්වභාවය නම්වූ ත්‍රිලක්ෂණය මත පදනම්ව එයින් මිදීමේ මගක් හෙවත් නිර්වාණයට මගවූ ආර්ය අෂ්ටාංගික මාර්ගය පෙන්වදෙන්නක්. අන්කලහැකි යමක් නොමැති නිසාම අන්‍ය ආගම් වලට කැමැත්තක් කිරීමට ඉඩදී බලාසිටීමෙන් නොව එම ආගම් හා ජනතාව පිලිබඳ නිවැරදි වැටහීමක් ඇතිකරගෙන අන්‍යෝන්‍ය සුහදතාවයෙන් එකිනෙකා හා කටයුතුකිරීමෙනුයි රටක ආගමික සහජීවනය ස්ථාවර වන්නේ.(නදී)

:       0       0

යහජිව Friday, 07 June 2013 09:08 AM

නීල්, ඔබේ කතාවේ අඩක් පමණක් ඇත්තයි. තමන්ගේ අදහසට පටහැනි අදහස් නිසා කෝපයට පත් වීම මෝඩකමක්. එත් තමන්ගේ ආගම තමන් විසින් බුද්ධියෙන් විමසා බලා තෝරා ගත්තා නම් එය අඩු පාඩුවක් නැති ආගමක් ලෙස සැලකීම තමන්ගේ කැමැත්තක්. එය අන්තවාදී වෙන්නේ කොහොමද ? අන්තවාදය වෙනම දෙයක්. අන්‍ය ආගම් අගය කරන්නට සිතමින් ඒවාද හදාරන්නට කාලය කා දමමින් සිටියොත් තමන්ගේ ආගම අනුව ජීවත් වන්නට කාලයක් නොලැබෙයි. අන්‍ය ආගම අගය කිරීම පසෙක තබා තමන් විසින් බුද්ධියෙන් තෝරා ගත ධර්මය අනුව ජීවිතය හැඩ ගස්වා ගැනීමයි කල යුතු. (නි)

:       0       0

නීල්-රානා Wednesday, 05 June 2013 08:42 PM

බුදු දහම අන්‍යාගමිකයන් අගයකරනවා සේම අන්‍යාගම් අගයකිරීමටත් බෞද්ධයන් පුරුදුවිය යුතුයි. ඒහි පස්සිකෝ හෙවත් එව බලව යන්නම තමයි " උපනිෂද් " යන්නේ අර්ථයත්. උපනිෂද් යනු එකත්පස්ව වාඩිවී ධර්මය ශ්‍රවණය කිරීමයි. එය වටහා ගැනීමට බුද්ධියක් තිබේනම් පිළිගත හැකියි. විවිධ ආගම් අතර සහජීවනයට මෙවැනි ආකල්පමය වෙනසක් ඉතා වැදගත්.(නදී)

:       0       0

මගලී Thursday, 06 June 2013 11:09 AM

ඔව් අනික පන්සල් වලට වඩා ලංකාවේ තියෙන්නේ පල්ලි ලංකාව බෞද්ධ රටක් උනත් ඔය නිදහස තියෙන්න ඕනි තරම්.(නදී)

:       0       1

නීල් Thursday, 06 June 2013 10:52 PM

අන්‍ය ආගම් අගය කිරීමට නම් එම ආගම් හැදෑරිය යුතුයි. තමන්ගේ ආගම පමණක් කිසිදු අඩුපාඩුවක් නැති එකම ආගම ලෙස සැලකීමත් ඊට පටහැනි අදහස් නිසා කෝපයට පත්වීමත් අන්තවාදී මුග්ධයන්ගේ ස්වභාවයයි. එවැනි නොදියුණු චින්තනයක් ඇති සමාජයක ආකල්පමය වෙනසක් ඇති නොකළහොත් බරපතල ගැටුම් ඇතිවීම දක්වා ප්‍රශ්න දුරදිග යාම නොවැළැක්විය හැකියි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිස්බුල්ලා නව නායකයා කවුද?
2024 සැප්තැම්බර් මස 29 0 0

ලෙබනන් හිස්බුල්ලා නායක නසරැල්ලා ඊශ්‍රායල හමුදාව විසින් ඝාතනය වීමෙන් පසු, හිස්බුල්ලා සංවිධානයට නව නායකයකු පත් කර ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා ප


ඊශ්‍රායලය කළ දේ හරි - බයිඩන්
2024 සැප්තැම්බර් මස 29 113 0

ඊශ්‍රායලයේ මිතුරා මෙන්ම ලෝක බලවතා ද වන ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, නසරැල්ලා ඝතනය සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරමින්, ඊශ්‍රායලයට සහාය දක්වමින් අදහස් පළ කර


උහන වන සංහාරයක්
2024 සැප්තැම්බර් මස 29 125 0

අම්පාර උහන සමන්ගල සහ බංඩාරදුව ආසන්නයේ වනසංරක්ෂණ දෙපාර්තතමේන්තුවේ රක්ෂිත වනාන්තරය මහා පරිමාණයෙන් විනාශ කරන බව ප්‍රදේවාසිහු පවසති.


නසරැල්ලා මරන්න අණ දුන්නේ මම
2024 සැප්තැම්බර් මස 29 343 0

දරුණු ත්‍රස්තවාදියකු වූ නසරැල්ලා ඝාතනය කිරීම, ලැබූ විශිෂ්ට ජයග්‍රහණය බවත්, ඊශ්‍රායලය ලෙබනනයෙන් පළිගත් බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යා


ලිබඩු කර්මාන්තශාලාවක ගින්නක්
2024 සැප්තැම්බර් මස 29 62 0

මොරටුව ,ඉදිබැද්ද ප්‍රදේශයේ එඩ්වඩ් පටුමග පිහිටි ලී බඩු නිෂ්පාදන කර්මාන්ත ශාලාවක අද(29) අලුයම 1.30 ට හදිසි ගින්නක් ඇතිවී එහි දේපල වලට බරපතල හානි සිදූවී ඇතැයි


කූට ලේඛන සකසා මෝටර් රියක් අලෙවි කළ දෙන්නෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 29 409 0

කූට ලේඛන සකස් කර මෝටර් රථයක් එක්කෝටි තිස් ලක්ෂයකට අලෙවි කළ බව කියන පුද්ගලයකු ඇතුළු දෙදෙනෙක් කිරිබත්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කිරිබත්ගොඩ පොල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38001 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25027 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 242 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 780 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 281 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site