IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


දේහය ලංකාවට යවන්න එළිවනතුරු වැඩ

පසුගියදා ඔස්ට්‍රියාවේ වැවක නාන්න ගොස් දියේ ගිලි මියගිය ශ්‍රි ලාංකික තරුණයාගේ දේහය රෝමයේ සිට ලංකාවට රෑගෙන යෑමට සුදානම් වු මොහොතේ දී ෆියුමින්චිනෝ ගුවන් තොටුපොළ බලධාරින් දේහය බාර ගැනිමට නොහැකි බව පවසා තිබේ.

 එයට හේතු වශයෙන් ඔවුන් සදහන් කොට ඈත්තේ රෝමයේ තානාපති කාර්යාලයේ අවසරය මේ සදහා නොමැති බවයි. වියානා නුවර ශ්‍රි ලංකා තානාපති කාර්යාලයේ අවසර ලත් ලියවිලි නිකුත් කර ඈත්තේ ඔස්ට්‍රියාවේ සිට ඉතාලියට සිරුර රැගෙන ඒමට බවත් ඉතාලියේ සිට ලංකාවට රැගෙන යෑමට රෝම තානාපති කාර්යාලය මැදිහත් විය යුතු බවත් ගුවන් තොටුපොළ බලධාරින් ඥාතින්ට පවසා තිබේ.

මෙ පිළිබදව එසෑණ සමග අදහස් දෑක්වු රෝමයේ උප තානාපතිනි රාණි බුලත්වෙල මෙසේ පෑවසීය.

‘මේ තරුණයාගේ අභාවය පිලිබදව අපිට කවුරුවත් දන්වලා තිබුනේ නැහැ. සිකුරාදා සවස 5.30ට මම වෑඩ ඇරි ගෙදර යන්න සුදානම් වුණා. එවෙලාවේ දුරකථන ඇමතුමක් දීලා තමයි  කිවුවේ සිරුර ගුවන්තොටුපළේ හිරවෙලා කියලා. ඒ ගමන ගෙදර යන එක නවත්වලා මමත් ලවුරෙත්තා කියන ඉතාලි ජාතික නිලධාරිනියත් නිලන්ත කියන නිලධාරියාත් රෑ 11 වෙනතුරු අවශය ලියකියවිලි හෑදුවා. අපි ගාව කිසිම තොරතුරක් තිබුනේ නැහැ.

 වියානා නුවර තානාපති කාර්යාලයත් සම්බන්ධ කරගෙන තමයි තොරතුරු හොයා ගත්තේ.

 ඔස්ට්‍රියාවේ තානාපති ශ්‍රිමාල් වික්‍රමසිංහ මහතාත් මාලති කියන නිළධාරිනියත් රෑ10 වෙනකම් දුරකථනයෙන් අපිත් එක්ක සම්බන්ධ වුණා.  ලංකාවේ දුරකථන අංකයක් හොයාගෙන එකට කතාකරලා රෝමෙ ඉන්න මියගිය තරුණයාගේ අම්මා තාත්තා තානාපති කාර්යාලයට ගෙන්නගන්න විට රෑ10යි.

පහුවදා සෙනසුරාදා දවසෙත් අපි ඇවිත් උදේ 11වන තුරු වැඩ කරලා තමයි සිරුර ලංකාවට ගෙනියන්න සුදානම් කර දුන්නේ. රෝම තානාපති කාර්යාලයේ නිළධාරි හිගයක් තියාගෙනත් ඉන්න සුළු පිරිසෙන් තමයි මේ හැම දෙයක්ම කරන්නේ. අපිට මිනිකාක්කෝ කියන්න කලින් තමගේ යුතුකම් ටික හරියට ඉෂ්ට කළා නම් මේ වගේ කරදර වෙන්නේ නැහැ. ඉතාලියේ ඉන්න ලංකාවේ කෙනෙකු හදිසියේ මියගියොත් ප්‍රථමයෙන් කරන්න ඕන දේ තමයි තානාපති කාර්යාලාට දන්වන එක.

ඉක්මනින්ම සිරුර ලංකාවට ගෙනියන්න සුදානම් කර දුන්නාට සතුටට ඥාතින් අපිට මුදල් දෙන්න සුදානම් වුණා. නමුත් අපි එය ප්‍රතික්ෂේප කළා.

නිලන්ත ඔවුන්ට කිව්වේ අපිට රජයෙන් වෑටුපක් ලෑබෙනවා මාස තුනකට පස්සේ මරණ සහතිකේ ගෙනියන්න එනකොට රජයේ ගාස්තුව විතරක් ගෙවන්න කියලයි.’



අදහස් (0)

දේහය ලංකාවට යවන්න එළිවනතුරු වැඩ

සලනි Tuesday, 23 July 2013 05:02 PM

හැම රටකම මේ වගේ අවංක සේවකයෝ ඉන්නවා නම් මොන තරම් භාග්‍යයක්ද? (නි)

:       0       0

කමල් Tuesday, 23 July 2013 05:08 PM

ගොඩක් සේවකයෝ අවංකයි, ඒත්ලොකු අය වංක නම්, බලය යොදනවා නම් සේවකයෝ මොනවා කරන්නද? (අ)

:       0       0

හිරු Tuesday, 23 July 2013 05:15 PM

ලංකාවට දැන් බිස්නස් වීසා ගන්න පුළුවන් නම් කොච්චර හොදද? අන්න කරනවා නම් දේවල්. (නි)

:       0       0

ගාමිණී කුවෙයිට් සිට Wednesday, 24 July 2013 12:55 AM

රූපවතී නෝනා කියන්න හැදුවෙ අර තඩි නයා ජනේලෙන් ඇවිත් අගල් 54 ටීවී එක උඩ‍ට නැගලා ඩොල්බි සිස්ටම් සෙටප් එක ලගින් පහලට බැහැලා අයිස් පෙට්ටියයි වොෂින් මැශින් එකටයි මැදින් ගිහින් අවන් එක උඩ තිබුන ටෙන්ඉන් වන් බෙලෙන්ඩර් එකත් පෙරලගෙන ගියා කියලනේ.(නදී)

:       1       0

ලෙස්ලි විජේසිංහ Tuesday, 23 July 2013 05:40 PM

රානි බුලත්සිංහල මොනාද මේ එළිවනතුරු හදපු ලියවිලි අනෙක ඔස්ට්‍රීයාව කියන්නේ ඉතාලියට අල්ලපු රට ඉතින් මේ රටවල් දෙක අතර ඉන්න නිලධාරින් දන්නේ නැහැ හරියට මොනාද කරන ඔනෙ කියා මුළු ලංකාවම දනනවා ඔය තරුණයා මරුන එක ගැන ලංකාදීපයේත් දැම්ම ඒ වුණාට තානාපති කාර්යාලය දන්නෙ නැහැ දන්වන්න ඕනේ වේ නම් අරධනා පත් හදලද දන්නේ නැහැ ඔය රටවල් දෙක අතර නිලධාරියන්ගේ නොසැලකිල්ල (අ)

:       0       0

සමන්ත Tuesday, 23 July 2013 05:54 PM

මීට හරියට අවුරුදු දෙකකට පෙර රෝමෙයේ කොන්සියුලර් එක බාරව හිටිය නිලදාරීන් හරිම දක්ෂයි. ඔය වගේ ප්‍රශ්න ඇතිවෙන්න ඉඩ දුන්නේ නැහැ. ලියකියවිලි පැයෙන් දෙකෙන් හදලා දුන්නා. (නි)

:       0       0

ජානු Tuesday, 23 July 2013 06:31 PM

මහත්වරුනේ, මෙහෙම කරපු එකට ස්තුති කරන්න. වැඩේ කරන එක්කෙනා තමා දන්නේ වැඩේ අමාරුව. පිළිගන්න කරුනාකරලා (නි)

:       0       0

දිනේෂ් Tuesday, 23 July 2013 06:39 PM

ගොඩක් සතුටුයි මහත්මයෝ ඔබතුමන්ලාගේ වැඩ ගැන.ඔබතුමාලා තමා නියම රාජ්‍ය සේවකයෝ. ඔබතුමන්ලව අපි හැමදාත් අගය කරනවා (නි)

:       0       0

රුපවති Wednesday, 24 July 2013 07:47 PM

මට ද පිස්සු ...රුපියල් 25500ක් ගෙව්වේ ...? උප්පැන්නය ලියා පදිංචි කරන්න.? (අ)

:       0       0

අශෝක Wednesday, 24 July 2013 07:11 AM

මට පේන්නේ ඉතාලියේදී එහෙම මැරෙනවනම් උදේ 9ත් සවස 5ත් අතර වෙලාවක මියයනවා නම හැමෝටම කිසිම කරදරයක් නැහැ (නි)

:       0       0

සාමා Tuesday, 23 July 2013 07:07 PM

අවංකව තම රාජකාරිය කරන්නා ප්‍රසිද්ධිය හෝ මුදල් බලාපොරොත්තු නොවේ (නි)

:       0       0

වින්සන් Tuesday, 23 July 2013 07:06 PM

රානි මහත්මිය කියන්නේ සහතික ඇත්ත. තානාපති කාර්යාලයේ ඉන්න අය ඉතාලියේ ඉන්න ශ්‍රී ලාංකිකයෝ කරන්නේ මොනවද කියල දන්නේ නැහැ. (නි)

:       0       0

අමිල කටුනායක Tuesday, 23 July 2013 07:16 PM

මොවුන්ගේ සේවය අගය කරමි (නි)

:       0       0

ටෙනිසන් Tuesday, 23 July 2013 07:44 PM

අනේ ලෙස්ලි මහත්තයෝ, මොනවද මේ කතාකරන්නේ?තානාපති කාර්යාලයක් නොවෙයි ලෝකේ ඕනෑම රටක රාජ්‍ය ආයතනයක් වැඩ කරන පිළිවෙලක් හා ප්‍රමිතියක් තියනවා. කනට ඇහුන නිසා හෝ පුවතක් දුටු නිසා හෝ කවුරුත් කිවූ නිසා හෝ රාජ්‍ය සේවකයෙකුට වැඩ කරන්න බැහැ.ඒක විශාල වගකීමක්. එනිසා අනිවාර්යයෙන්ම ලිකිතව ලැබිය යුතුයි. ඒ ලැබුනත් මදි. එයට නීත්‍යනුකූල සහතිකයක් තිබිය යුතුයි. එනිසා කිසිවක් හරියාකාරව නොදැන කිසිවෙකුට අනිවාර්තයේ චෝදනා කරන්න එපා. ඇගයිය යුතු තැන ඇගයිය යුතු කෙනා අගයන්න. (නි)

:       0       0

අමිල - බලන්ගොඩ Wednesday, 24 July 2013 08:22 AM

ඔයගොල්ලන්ට ලොකු වැටුප් දීලා තානාපති සේවයට යවලා තියෙන්නේ ඔය රාජකාරි වලටනේ.ඒක ඔයාලගේ රාජකාරිය. නේද? (නි)

:       0       0

සෑම් Tuesday, 23 July 2013 07:48 PM

ඕකට තමා ඔයාලව පත්කරලා තියන්නේ. ඒක ඔයාලගේ වගකීම (නි)

:       0       0

චතු Tuesday, 23 July 2013 07:50 PM

යුරෝපයේ තිබෙන නීති රීති ගැන නොදැන කතා කාරණා මිනිසුනි, ඔබට කියන්ට තියෙනේ මෙම සිද්ධියට රටවල් 3 සම්බන්දයි. ඒ වගේම මෙහෙ කන්තෝරු වෙලාවල් ඇතුලත ලිපි ලේඛන සකස් කල යුතුයි. ලංකාවේදී නම් කවුරු හරි බලවතෙක් හරි මුදල් යොදවා ගෙන හරි එක්මණින් වැඩ කර ගන්ට පුළුවන්. මෙම සේවකයන් තම රාජකාරිය ඔබ/අප වෙනුවෙන් ඉටු කිරීම ගැන ස්තුතිවන්ත වෙනවා. (අ)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 24 July 2013 12:51 PM

මේ රූපවතීට පිස්සුද මන්දා (නි)

:       0       0

කොස්තා Tuesday, 23 July 2013 08:40 PM

ලෙස්ලි ඔයා මොනවද කියන්නේ කියල මට තේරෙන්නේ නැහැ ලංකාදීපේ තිබුනේ ලාංකිකයෙක් මලා කියල ඒ කලදේ අගය කරමු (අ)

:       0       0

රන්දි Wednesday, 24 July 2013 09:34 AM

ගාමිණී, ඔයාගේ නයාගේ දිග. මම හිතුවා ඔයා මැද පෙරදිග ඉන්න නිසා හොදට නයි ඇරලා පුරුදු කාරයෙක් කියලා. ඔයත් ඉගෙන ගත්තේ ඔයාගේ නෝනගෙන් නේද?  හොර ගෙඩිය., නෝනා ගම් 7 ක් දිගට නයි අරිනවා ඇති ලංකාවේ ඉදන්, ගාමිණී ඔයාගේ ඔය කිලෝමී ටරයක් දිග නයාට අපේ පැත්තේ ආවට ඉදගන්න පුටුවක් වත් නැහැ අපේ ගෙදර. එනිසා ඔයාගේ නයා හෙම කාටවත් දෙන්න එපා. අනික ඔය මැද පෙරදිග පැත්තේ ඉන්න වන්නි පළාතේ අයගේ ගොඩක් නයි ඉන්නවා. ඔයාටයි ඔයාගේ නයාටයි බුදුසරණයි.(නදී)

:       0       0

හංසිකා Thursday, 25 July 2013 08:54 PM

රූපා, මමත් එම්බසියට ගියා උප්පැන්නෙටයි සිටිසන් එකටයි දෙකටම යුරො 105 ගත්තේ රුපියල් නම් 20000ට අඩුයි. (දී)

:       0       0

රූපවතී Tuesday, 23 July 2013 09:50 PM

මමත් විදේශයක ඉන්නේ. බ්‍රිටිෂ් පෝසස් එකක සයිප්‍රසයේ. මගේ දියණිය ඉපදුනේ මෙහේ. බ්‍රිටිෂ් රජයේ ලියවිලිත් උප්පැන්නයත් රැගෙන, අපිට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි කරන්න ඕනෑ.ඒ සදහා මට විශාල මුදලක් ගෙවන්න වුනා. අපි අපේ රටේ සේවාව ගැනත් , නිලදාරී රාජකාරි සේවාව ගැනත් කලකිරුනා. බ්‍රිටිෂ් උප්පැන්නය ගත්තේ එක රුපියලක්වත් වියදම් නොකර. සති තුනෙන් නිවසටම තැපෑලෙන් ලැබුනා. දරුවට බ්‍රිටිෂ් උප්පැන්නය තිබුනත් යම් දිනක මගේ දරුවට ලංකාවට යන්න ඕනෑ. එවිට කරදරයකින්,අපහසුතාවකින් තොරව අපේ රටට යන්න අපි ඉඩ තියන්න ඕනෑ. (නි)

:       0       0

මිලන්සුනෙත් Tuesday, 23 July 2013 11:04 PM

රුපවති අක්කේ, ලංකාව කියන්නේ බ්‍රිටිෂ් රටේ කෑල්ලක් නෙමෙයි. ලංකාවේදී උප්පැන්නයක් ගන්නත් මුද්දර ගහන්න ඕනෑ. එම්බසියෙන් කරනකොට ගැන වැඩි තමයි. (නි)

:       0       0

හප්සාල් Tuesday, 23 July 2013 04:42 PM

අහන්නත් සතුටුයි. මේ වගේ හැම ආයතනයක්ම තම රටේ ජනතාව ගැන හිතා වැඩ කලොත් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 1830 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1162 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2073 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 518 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 2970 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37168 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24480 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 188 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 624 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site