IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


දේහය වෙද සිසුන්ට : අවමගුල් වියදමෙන් දුප්පතකුට ගෙයක්

කොළඹ බෞද්ධාලෝක මාවතේ විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපතිව වැඩ විසූ විචිත්‍ර ධර්ම කථික නිට්ටඹුව ගුරු ඇබෑසි විදුහලේ හිටපු කථිකාචාර්ය ආචාර්ය හාරිස්පත්තුවේ ආරියවංශාලාංකාර නා හිමියන්ගේ  දේහය  අද (23) යක්කල වික්‍රමආරච්චි ආයුර්වේද වෛද්‍ය විද්‍යායතනයට බාර දුන්නේය.

ඒ හිමියන්  වැඩ සිටි අවදියේ කළ ඉල්ලීමක් අනුවය. එතෙක් දේහය තැන්පත් කර තිබුණේ මේසයක් මතය. අදාහන පූජෝත්සවයට වියදම් කරන මුදලින් දුප්පතකුට නිවසක් සාදා දෙන්නැයි ආරියවංශාලංකාර හිමියන්ගේ ඉල්ලීම විය.

විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ තැන්පත් කර තිබූ ඒ හිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පෙර දින සිට විශාල පිරිසක් ආහ. මහින්ද රාජපක්ෂ  ජනපති ඇතුළු පක්ෂ විපක්ෂ දේශපාලනඥයෝ   ද ඒ අතර වූහ.

දේහය බාර දෙන අවස්ථාවේ ද නාහිමියනට අවසන් ගෞරව දැක්වීමට යක්කල ආයුර්වේද වෛද්‍ය විද්‍යායතනයට විශාල පිරිසක් ආහ.

ධර්මසේන ආරියතිලක ඒ හිමියන්ගේ ගිහි නමයි. මහනුවර හාරිස්පත්තුවෙ  මාරුද්දන ගමේ උපන් ධර්මසේනගේ පියා ව්‍යාපාරිකයෙකි.

ධර්මසේන ආරියතිලක වයස අවුරුදු 15 සිට බ්‍රහ්මචාරි දිවියක් ගත කළේය. අවයස අවුරුදු 15 දී දහම් පාසල් ධර්මාචාර්ය විභාගය සමත් වූ ඔහු ජ්‍යෙෂ්ඨ පාඨෂාලා සහතික පත්‍ර විභාගය සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම සමත් විය. ජ්‍යෙෂ්ඨය සමත් තවත් කිහිප දෙනකු සමග ගමේ පාසලක් පටන් ගත් අතර මුලින් ළමයින් 18 දෙනකු ඊට ඇතුළු විය. කෙටි කාලයක් ඇතුළත ආර්ථික දුෂ්කරතා ඇති දරුවන් 80 දෙනෙක් ඔවුන්ගෙන් අධ්‍යාපනය ලැබීමට ආහ.

ධර්මසේන ආරියතිලකට වයස අවුරුදු 18ක් පමණ වන විට පාසල රජයට බාර දුන් අතර එහි සේවය කළ ජ්‍යෙෂ්ඨය සමත් පිරිසට ආණ්ඩුවේ ගුරු පත්වීම් ලැබිණි.

ආරියතිලක සිය වැටුපෙන් වැඩි මුදලක් වැය කළේ පවුලේ නඩත්තුව වෙනුවෙනි.

කැලණිය විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයයෙන් බාහිර ශිෂ්‍යයකු ලෙස ලියාපදිංචි වී ශ්‍රාස්ත්‍රවේදී උපාධියත් අනතුරුව ශාස්තපති උපාධියත් දිනා ගැනීමට ආරියතිලක සමත් විය.

ගුරු වෘත්තියේ යෙදෙද්දී සෑම නිවාඩුවකටම තාව කාලික පැවිදි දිවියට ඇතුළු වීමට පුරුද්දක් කරගෙන සිටියේය.

 ධර්මසේන ආරියතිලක අවස්ථා ගණනාවක දී පැවිදිව නැවත උපවැදි වී ඇත.  

2000 වසරේ දී අවසන් වරට පැවිදි වී අපවත්වන තෙක් විශාල ශාසනික මෙහෙයක් ඉටු කළහ.

හාරිස්පත්තුවේ ආරියවංශාලංකාර හිමියෝ ආචාර්ය උපාධිය ලබා ගත්තේ වයස අවුරුදු 74 දීය.

අල්පේච්ඡ දිවියක් ගත කළ ඒ හිමියෝ භාවිත කළේ සිවුරු දෙකක් පමණි. ලැබෙන බොහෝ දෑ දුප්පත් පන්සල්වලට පරිත්‍යාග කළහ.

කලකට පෙර වකුගඩුවක් දන් දුන් ඒ හිමියෝ තමන්ගේ විශ්‍රාම වැටුපෙන් දුප්පතුනට උදව් කළහ.

 

 



අදහස් (0)

දේහය වෙද සිසුන්ට : අවමගුල් වියදමෙන් දුප්පතකුට ගෙයක්

සම්පත් Monday, 24 March 2014 04:41 PM

අති ගෞරවනීය රේරුකානේ හාමුදුරුවෝ මතක් වෙනවා (අ)

:       0       0

සංජීව Wednesday, 26 March 2014 08:22 PM

ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා! (නදී)

:       0       0

නිශාන්ති Monday, 24 March 2014 04:46 PM

අති පූජණීය හාරිස්පත්තුවේ අරියවංශාලංකාර නාහිමියන් හට නිර්වාණ සම්පත්තිය ලැබේවා...!!! (අ)

:       0       0

නිශාන්ත මානගේ Wednesday, 26 March 2014 10:08 AM

"යථාවාදී තථාකාරී" බුදුගුණය අනුව යමින් අල්පේච්ඡ දිවියක් ගතකළ ඔබ වහන්සේ පැතූ බෝධියකින් නිවන් සුවයම සාක්ෂාත් කරගැනීමට හේතු වාසනා වේවා. (ස)

:       0       0

මොහොමඩ් Monday, 24 March 2014 04:56 PM

ලොවේ සියලු මිනිස් සත්වයන්හට ආදර්ශයක් උන උගත් වටිනා හාමුදුරුනමක්. ඔබ වහන්සේට අමා මහ නිවන් සුව ලැබේවා...!!!(

:       0       0

නැනි Sunday, 23 March 2014 11:30 PM

ඔබ වහන්සේ ශ්‍රේෂ්ට බුද්ධ පුත්‍රයෙක්.නිවන්සුව දකිනා තුරු මට කල්‍යාණ මිතුරෙකු වී ඉපදේවා ! (දී)

:       0       0

තාරක Saturday, 29 March 2014 09:22 AM

අවවාදයට වඩා ආදර්ශය දුන් උතුම් යතිවරයෙක්. නිවන් සුවය ලැබේවා! (නි)

:       0       0

රමින්දු Monday, 24 March 2014 05:05 PM

මේ හාමුදුරුවන් හොද ආදර්ශයක් (අ)

:       0       0

සුදේශ් Sunday, 30 March 2014 09:00 PM

ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා(දිල්)

:       0       0

රුක්ෂලා Tuesday, 25 March 2014 08:09 AM

ඔබ වහන්සේට අමා මහා නිර්වානයම ලැබේවා!(නදී)

:       0       0

නදීසාන් සම්පත් කුමාරසිංහ Monday, 05 May 2014 08:16 PM

ඔබවහන්සේ නිවන් දකිත්වා මෙවැනි හොදදේ වැඩිවැඩියෙන් අප අතර පුරුදු වෙත්වා මටද ඔබවහන්සේ මතු ඉපදී පැවිදිව ධම්දෙසනවිට දර්මය ශ්‍රවනය කොට නිවන් දැකීමට හැකිවේවා සදු සදු...... (දී)

:       0       0

ජානක Monday, 24 March 2014 05:12 PM

ඒ අමා නිවන්සුව බොහෝ දුර නොවේවා........!!!..හිමියනේ (අ)

:       0       0

ප්‍රසන්න Monday, 24 March 2014 05:18 PM

ආගමික සහජීවනය ඇති කරන්න කැප වුණ ඔබ වහන්සේට නිවන් සුව අත් වේවා (අ)

:       0       0

නදීශාන් සම්පත් Monday, 05 May 2014 09:14 PM

ඔබ වහන්සේට අජරාමර නිවන් සැප ලැබේවා (දී)

:       0       0

සන්දීප් Sunday, 23 March 2014 11:52 PM

ඔබ වහන්සේට නිවන් සුව! (නදී)

:       0       0

සුසන්ත ප්‍රියංජීව Sunday, 23 March 2014 11:58 PM

සාදු ! සාදු ! සාදු ! (නදී)

:       0       0

සුරේෂ් ජයමාල් Monday, 24 March 2014 05:52 PM

ඔබ වහන්සේ අප සැමට ආදර්ශයක්. බුදු දහම නුවණින් අවබෝධ කරගත් ඔබවහන්සේට නිවන් සුව ලැබේවා (අ)

:       0       0

ලක්ෂමන් ධමුනුපොළ Monday, 24 March 2014 12:22 AM

ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා! (නදී)

:       0       0

නාලක විතාන Monday, 24 March 2014 05:57 PM

ඔබ වහන්සේට අමාමහා නිවන් සුව ලැබේවා..!!! (අ)

:       0       0

ලංකාතිලක Monday, 24 March 2014 06:03 PM

මේවගේ දේවල් හැමෝටම ආදර්ශයක් . ඔබට නිවන් සුව පතමි .(අ)

:       0       0

පසන් ගාල්ලගේ Monday, 24 March 2014 12:39 AM

ඔබ වහන්සේට නිවන් සුව අත් වේවා! (නදී)

:       0       0

මාතික මාතා මෙහෙණි ආරාමය Thursday, 22 May 2014 01:48 PM

ගෙයක් හදල දෙන්න.මමත් කැමතියි.ඒත් මගේ දායක සභාවේ පිරිසෙන් 99% ම ඉන්නේ සමෘධිලාභීන් වීම තමයි ගැටළුව.මම අප ආරාමයේ මෙහෙණින් වහන්සේලා ගෙන් කෙනෙක් හෝ මා අපවත් වුන දාට පාංශ කූලයට සහභාගී වෙන අයට ටිකට් පතක් ලබා දී කුසපත් ඇදීමක් කරල ඒ ලැබෙන මුදල පරිත්‍යාග කරන්න යැයි යෝජනාකරනව.දුප්පත් අයෙකුට දියුණුවෙන්න. (දී)

:       0       0

චරිත Wednesday, 25 June 2014 03:21 PM

නිවන් සුව ලැබේවා ඔබ වහන්සේට (දී)

:       0       0

අසංක Tuesday, 13 May 2014 10:14 AM

ඔබ වහන්සේගේ ධර්ම දේශනා ඉතා අනගි බවනියි. ඔබ වහන්සේට නිවන් සැප ලැබේවා කියා මම ප්‍රර්ථනා කරනවා. (ස)

:       0       0

ක්‍රිෂාන්ත.සයිප්රුස් Wednesday, 04 June 2014 11:24 PM

ඔබ වහන්සේගේ ධර්ම දේශනාවලට ඕනෑ තරම් මම සවන් දීලා තියනවා. දොරමඩලාව වගේ හර බර දෙසුම් වලට සිත යොමු කරලා තියනවා. අපට ඔබ වහන්සේ ලබාදුන් ධර්ම දානයට, දෙසුම්වලට ඔබ වහන්සේට ගොඩක් පින්. නිවන්සුව. (නදී)

:       0       0

කලණ Monday, 24 March 2014 01:01 AM

ඔබ වහන්සේට නිවන් සුව! (නදී)

:       0       0

අබු ඩාබි ගාමිණී i Monday, 24 March 2014 01:08 AM

අවවාදයට වැඩිය ආදර්ශය උතුම් යනු නැවත සිහිගන්වා අපවත් වූ ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා! (නදී)

:       0       0

චානක Monday, 24 March 2014 06:20 PM

ශ්‍රේෂ්ඨ සංඝ පීත්රුවරයෙක්. මහා පඬිවරයෙක් . (අ)

:       0       0

කුලරත්න Tuesday, 25 March 2014 08:56 AM

ඔබ වහන්සේට නිවන්සුව අත්වේවා! (නදී)

:       0       0

යුසිත Monday, 24 March 2014 01:28 AM

මහවැලි විදු බිමේදී අපට යහමග පෙන්වාදුන් බ්‍රහ්මචාරී ආරියතිලක ගුරුපියණනි ඔබට නිවන් සුව පතමි.(නදී)

:       0       0

දුෂ්මන්ත Tuesday, 25 March 2014 08:57 AM

ඔබ වහන්සේට නිවන් සැප ලැබේවා! (නදී)

:       0       0

උයන්වත්ත Monday, 23 June 2014 04:22 PM

ඔබ වහන්සේට අමා මහ නිවන් සුවය අත් වේවා.! (දී)

:       0       0

ජානකි Monday, 24 March 2014 06:57 PM

ආදර්ශවත් හිමිනමක් උන්වහන්සේට නිවන් සුව ලැබේවා (අ)

:       0       0

රන්ජන් හරිස්චන්ද්‍ර Wednesday, 23 April 2014 11:49 PM

ඔබ වහන්සේට අජරාමරවූ අමාමහ නිර්වාන සම්පත්තියම ලැබේවා!!!!(දී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Monday, 24 March 2014 02:19 AM

ඔබ වහන්සේට නිවන් සුවය පතමි.!!! (දී)

:       0       0

මිලාන් දුෂ්මන්ත Tuesday, 25 March 2014 09:17 AM

නිවන් සුව ලැබේවා! (නදී)

:       0       0

ලලිත් වීරරත්න Monday, 24 March 2014 07:20 PM

නියම බුද්ධ පුත්‍රයන් කියන්නේ මේ වගේ අයට තමයි.(නදී)

:       0       0

මධුරි Tuesday, 25 March 2014 09:18 AM

ඔබ වහන්සේට නිවන්සුව අත්වේවා! (නදී)

:       0       0

චන්දන Wednesday, 26 March 2014 12:44 PM

ඔබ වහන්සේට නිවන් සුව. (ස)

:       0       0

පුෂ්පා Sunday, 30 March 2014 11:37 AM

අපි ඔබ වහන්සේගෙන් පාසලේදී උගත් දේ බොහෝයි.ඔබ වහන්සේට අමා මහ නිවන් සුව අත් වේවා! (නි)

:       0       0

ඩොනල්ඩ් Monday, 23 June 2014 11:38 PM

බුද්ධ පුත්‍රයාණෙනි, ඔබ වහන්සේට නිවන් සැප ලැබේවා! (නි)

:       0       0

මේහා ලියනගේ Monday, 24 March 2014 07:20 PM

ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා.(නදී)

:       0       0

සසික කලුආරච්චි Saturday, 29 March 2014 10:47 AM

මගේ දිවිය අර්ථවත් කළ යතිවරයාණෙනි, මා ප්‍රමාද බව දැන් වැටහෙයි. ඔබ වහන්සේට අමා මහ නිවන් සුව අත්වේවා! (නි)

:       0       0

දුමින්ද Wednesday, 26 March 2014 10:06 PM

ඔබ වහන්සේට උතුම් නිවන් සුව අත්වේවා! (දී)

:       0       0

ඉන්දු Tuesday, 25 March 2014 09:28 AM

සමස්ත සමාජයටම වටිනා ආදර්ශ ලබාදුන් ඔබ වහන්සේට උතුම් වූ අමා මහා නිර්වානයම ලැබේවා! (නදී)

:       0       0

දොන් Monday, 24 March 2014 02:46 AM

ඔබ වහන්සේට අමාමහා නිවන් සුව ලැබේවා (දී)

:       0       0

සෝමරත්න Monday, 24 March 2014 03:17 AM

නිවන් අවබෝධ වේවා (දී)

:       0       0

කවී Monday, 24 March 2014 07:34 PM

ඔබ වහන්සේට හිතුන ගොඩක් දේවල් අපිට හිතෙන්නේ නැත්තේ අපේ තියන පව්කාරකමට. බුදුන් දැක නිවන් දැකුමට ඔය කල පින් හොදටම ඇති අපේ හාමුදුරුවනේ.(නදී)

:       0       0

අමිත Tuesday, 25 March 2014 07:12 PM

ඔබ වහන්සේගේ ධර්ම දේශනාවන් අනුව ජීවත් වූ අප තවදුරටත් ඒ මාර්ගයේ යමින්,බුද්ධාගම රැක ගැනීමට දිවි හිමියෙන් කටයුතු කරමු. ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

රසික Tuesday, 25 March 2014 09:44 AM

ඔබ වහන්සේට නිවන් සැප ලැබේවා! (නදී)

:       0       0

සුරිය Monday, 24 March 2014 03:23 AM

ඔබවහන්සේ මතු නිවන් අවබෝධ කරත්වා !(දී)

:       0       0

ජානා Monday, 24 March 2014 07:49 PM

ඔබට නිවන් සුව

:       0       0

චන්දි Monday, 24 March 2014 04:32 AM

උන් වහන්සේ ගිහි-පැවිදි කාටත් ඉතා අගනා ආදර්ශයක් දී මෙලොවින් සමු අරන්.., බුදුන් දැක නිවන් දකින්න මේ පින් හොදටම ඇති .., ඔබ වහන්සේට නිවන් පුර රුවන් දොරටු විවර වේවා ''...!!! (දී)

:       0       0

පසිඳු Tuesday, 25 March 2014 09:59 AM

අවවාදයට වඩා ආදර්ශය උතුම් යන්න මුළු ලෝකයටම පෙන්නු වටිනා හිමිනමක්.අමා මහා නිර්වාණය ම සාක්ෂාත් කරගැනීමට ඔබ වහන්සේට හැකි වේවා! (ස)

:       0       0

දයන්ගි Tuesday, 25 March 2014 10:03 AM

මෙවන් හිමිවරු තව තවත් මේ ලක් දෙරණට පහල වේවා.! ලක්දිවේ බුදු සසුන රැක ගැනීමට ඔබ වහන්සේ නැවතත් මේ ලක් දෙරණේ උපදීවා.!!! (ස)

:       0       0

සදුන් Monday, 24 March 2014 06:02 AM

ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා,..(දී)

:       0       0

නෙරංජන් Wednesday, 26 March 2014 11:01 PM

ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

චාමික Thursday, 27 March 2014 03:58 PM

තමන් වහන්සේ හට නිවන් සැප අත් වේවා... මතු ආත්මයේදීත් මා තමන් වහන්සේගේ ධර්ම ශ්‍රාවකයෙකු වේවා... (ස)

:       0       0

නේෂා Monday, 24 March 2014 09:00 PM

ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා. (දී)

:       0       0

ප්‍රභාත් රත්නමාල් Tuesday, 25 March 2014 10:37 PM

අනේ මගේ හාමුදුරුවනේ ඔබ වහන්සේට බුදු බව අත්වෙනවා (අ)

:       0       0

රොභන් Monday, 24 March 2014 09:11 PM

අන් අයගෙ නෙත් පෑදේවා! ඔබවහන්සේට නිවන් සුව පතන්නෙමි.... (දී)

:       0       0

චතුර මධුශංක Wednesday, 26 March 2014 02:22 PM

මහා පින් කල ඔබ වහන්සේට බුදු බව ලැබීමට දොර විවර වේවා (දිල්)

:       0       0

කුමාරි Sunday, 30 March 2014 05:50 PM

ඔබ වහන්සේට අමාමහ නිවන් සුවය අත් වේවා.(නදී)

:       0       0

බන්දුල වීරසුරිය Monday, 24 March 2014 09:19 PM

අපවත් වී වදාල හාරිස්පත්තුවේ අරියවන්සාලංකාර ස්වාමීන්වහන්සේට නිවන් සුව ලැබේවා (දී)

:       0       0

ශාන්ත Tuesday, 25 March 2014 10:56 AM

හිමියනි, ඔබ වහන්සේට නිවන් සැප ලැබේවා! (නදී)

:       0       0

සංජු සංජිව Monday, 31 March 2014 11:54 AM

ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා (දී)

:       0       0

සුපුන් Sunday, 11 May 2014 07:19 PM

මේ වගේ හිමිවරු අපේ රටට ඕනෑම වෙලාවක අපිව දාල යන එක ඉවසන්න බෑ. නිවන් ලැබෙනවා ඔබවහන්සේට මේ අාත්මේදීම ! (ස)

:       0       0

ටෙනිසන් Monday, 24 March 2014 08:09 AM

අද ඉන්න බුද්ද පුත්‍රයින්ට දුන් මහගු ආදර්ශය ඔබට නිවන් දොර අරිනු ඇති හිමියනි.(නදී)

:       0       0

හේරත් Monday, 24 March 2014 08:16 AM

ඔබ වහන්සේට නිවන් සුව පතමි.(නදී)

:       0       0

හේමපාල විතානගේ Tuesday, 25 March 2014 11:06 AM

ඔබ වහන්සේ ආදර්ශමත් හිමි නමකි. ඔබ වහන්සේට නිවන් සුව පතමු.(නදී)

:       0       0

සුරංග Tuesday, 25 March 2014 11:06 AM

දැන් වත් සිරිදම්ම හාමුදුරුවෝ මේ දිහා බලල පාඩමක් ඉගන ගත්තොත් නරකද .නියම හාමුදුරුවෝ නමක් නියම බුද්ධ පුත්‍රයෙක් හිමියනි ඔබට නිවන් සුව ! (නදී)

:       0       0

පරාක්‍රම Monday, 24 March 2014 08:21 AM

නිවන් දකිත්වා.(නදී)

:       0       0

කිත්සිරි Monday, 24 March 2014 08:27 AM

හිමියනි, ඔබට මේ බුදු සසුනේම නිවන් පසක් වේවා! (නදී)

:       0       0

ඡානක Monday, 24 March 2014 08:29 AM

බටහිර රටවල ජීවත් වන ජනතාව ලේ බිඳුවක් වත් දන් දෙන්න කැමති නැහැ ඔවුන්ගේ ආගමික විශ්වාසය නිසා. එහෙම වාතාවරණයක් යටතේ අපේ ස්වාමීන් වහන්සේ මොනතරම් උතුම්ද.(නදී)

:       0       0

මුතුමලී රධිකා Monday, 24 March 2014 09:34 PM

ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා (දී)

:       0       0

පද්මසිරි Monday, 24 March 2014 08:37 AM

විහාරස්ථාන. දේපොළ, දේශපාලනය වැනි දේවල් වලින් අන්ද වෙලා ඉන්න අයට ඔබවහන්සේ පරම ආදර්ශයක්. වර්තමානයේ රහත් බව ලබන්න ඕන ඔබ වහන්සේ වැනි හිමිවරුන්. නිවන්සුව ප්‍රර්ථනා කරමි. (නදී)

:       0       0

භානු Monday, 24 March 2014 08:38 AM

මේ ලියන්නෙත් ඇස පුරා පිරි කඳුළු පිස දමමින්. ඔබ වහන්සේ ගේ උතුම් අල්පේච්ච ජීවිතය දැකලා වත් ශාසන විනාශයට කටයුතු කරන හිමිවරුන් සිටී නම් ඔවුන්ගේ ඇස් ඇරේවා ! (නදී)

:       0       0

තිලකරත්න රන්කොත් පේඩිගේ Wednesday, 26 March 2014 02:58 PM

සාදු, සාදු නිවන් සුව ලැබේවා! (නදී)

:       0       0

ප්‍රියංගිකා Monday, 24 March 2014 08:42 AM

ආගමික සහජීවනය ඇති කරන්න කැප වුණ ඔබ වහන්සේට නිවන් සුව අත් වේවා! (නදී)

:       0       0

ආශා Monday, 12 May 2014 09:55 AM

ඔබ වහන්සේට අජරාමර නිවන් සැප ලැබේවා. (ස)

:       0       0

නිලූකා Monday, 24 March 2014 08:42 AM

සමිඳුනි ඔබට නිවන් සුව ලැබේවා ! (නදී)

:       0       0

දර්ශා Monday, 24 March 2014 08:43 AM

ඔබ වන් හිමිවරුන් මේ දේශය තුල තව තව පහල වේවා! (නදී)

:       0       0

දිලීප Tuesday, 25 March 2014 11:32 AM

ඔබ වහන්සේට උතුම් වූ අමා මහා නිවන් සුව අත් වේවා. (ස)

:       0       0

අසේල Saturday, 29 March 2014 01:28 PM

බොදු බල සේනාව මළොත් මිනිය සත්තු වත්තට දෙන්න, . ආරියවංශාලාංකාර නා හිමියන් නියම හාමුදුරුවෝ නමක් ඔබ වහන්සේට අමා මහ නිවන් සුව අත්වේවා! (දී)

:       0       0

චමින්ද Saturday, 24 May 2014 06:28 AM

අමා මහ නිවන් සුව ලැබේවා අපේ හාමුදුරුවනේ (නදී)

:       0       0

ප්‍රදිප් Monday, 24 March 2014 08:48 AM

අවවාදයට වඩා ආදර්ශය උතුම්. නියම බෞදධයෙක්. ඔබට නිවන් සුව.(නදී)

:       0       0

රණුක Sunday, 23 March 2014 05:48 PM

ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා. (නදී)

:       0       0

රසන්ත Monday, 24 March 2014 10:14 PM

නිවන් සුව ලැබෙවා .(අ)

:       0       0

ජීවක Sunday, 23 March 2014 05:51 PM

ආදර්ශයකි ! (නදී)

:       0       0

සමින්ද නානයක්කාර Wednesday, 26 March 2014 03:29 PM

නිවන් සුව ලැබේවා! (දිල්)

:       0       0

ප්‍රනීත් Monday, 24 March 2014 08:57 AM

ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා....!(නදී)

:       0       0

කොට්ටාවේ නන්ද හිමි Sunday, 23 March 2014 06:07 PM

මුන්වහන්සේගෙන් අධ්‍යාපනය ලැබීමට අපටද අවස්ථාව සැලසුනි. සැබවින්ම ගුණගරුක හිමිනමකි. දේශනා විලාශය සහ දහම් කරුණු විග්‍රහ කිරීම අතිශය සුන්දරය. ඔබ වහන්සේ නිවන් අවබෝධ කරගන්නට මත්තෙන් මිසදිටු බලවේගයන්ගෙන් බුදු සසුන සුරක්ෂිත කිරීමට යලි මේ සිරි ලක ඉපදේවා යනුවෙන් පතමි. (නදී)

:       0       0

පියල් Monday, 24 March 2014 09:02 AM

කලාතුරකින් අපේ නිර්මල බෞද්ධ ආගම ගැන තවත් භක්තිය වැඩි වන සිද්දියක්. විශේෂයෙන් මෙවැනි කලෙක බැලු බැලු අත හිස් මිනිසුන් සිටින කලක මෙය අති උතුම් ක්‍රියාවක්.(නදී)

:       0       0

පහන් Sunday, 23 March 2014 06:14 PM

ඔබවහන්සේට හිතුන ගොඩක් දේවල් අපිට හිතෙන්නේ නැත්තේ අපේ තියන පව්කාරකමට. බුදුන් දැක නිවන් දැකුමට ඔය කල පින් හොදටම ඇති අපේ හාමුදුරුවනේ.(නදී)

:       0       0

සීල Sunday, 23 March 2014 06:15 PM

ඔබතුමන් වැනි බුදු පුතුන් අපේම අවාසනාවට අද අපහට දක්නට නොලැබේ. ඔබ වහන්සේට අමා මහ නිවන් සුව.(නධී)

:       0       0

චන්ද්‍රානි Monday, 24 March 2014 09:15 AM

ආරියවංශාලංකාර හිමියෝ මුළු සඟ සමාජයටම ආදර්ශයක්. පුහු අටෝප බොරු වියදම් වලින් මළගමට වටිනාකම් එකතු කරන්නේ හිස් මිනිසුන් බව දැන් වත් තේරුම් ගනීවිද? (නදී)

:       0       0

බංඩාර කුවෙට් Monday, 24 March 2014 09:19 AM

අපේ බෞද්ධ සාසනය විනාශයට යන යුගයක ඔබ වහන්සේගෙන් සිදු උන සාසනික මෙහෙය අපට සිතා ගැනීමටත් නොහැකිය. මධ්‍යම ප්‍රතිපදාව ක්‍රියාවෙන්ම ඔප්පු කළ ඔබ වහන්සේගේ සරල බව නිහතහාමනී හා මහා බුද්ධිය අපගේ සිත නිවන කරා ගෙන ගොස් ඇත. ඔබවහන්සේට සාමයේ නිවන් දොරටු විවර වේවා ! (නදී)

:       0       0

තිලක් Monday, 24 March 2014 09:27 AM

හිමියනි ඔබට නිවන් සුවය ලැබේවා! (නදී)

:       0       0

රජින්ද Sunday, 23 March 2014 06:37 PM

විචිත්‍ර ධර්ම කථික, නිරහංකාර, සිල්වත් ගරු ආරියවංශ හිමිසදුනේ... ඔබවහන්සේ මතු සසරේදී පැළදි ඒ පින්වත් මල් මාලය දැක පහන් සතුටක්ද, ඔබවහන්සේගේ නික්මයාම නිසා දැනෙන ඒ අඩුව පුරවාලීම අපහසු බැවින් ඇතිවන පහන් සංවේඝයෙන්ද යුතුව හිමිසදුන්ට මේ සසර කෙලවර ඉක්මනින්ම අමාමහ නිවනින් සැනහෙන්නට හේතුවාසනා වේවායි හදබැතියෙන් ප්‍රාර්ථනා කරම.(නධී)

:       0       0

සුනෙත් චතුරංග Monday, 23 June 2014 01:22 PM

ඔබ වහන්සේට අමා මහ නිවන් සුවය අත් වේවා.! (නදී)

:       0       0

බන්දුල රත්නායක Sunday, 23 March 2014 06:44 PM

සියළු ස්වාමීන්වහන්සේලට මේ ස්වාමීන්වහන්සේ ආදර්ශයක්.(නදී)

:       0       0

ජගත් චන්දන Monday, 24 March 2014 10:57 PM

ඔබ වහන්සේට අමාමහ නිවන් සුව අත්වේවා...(අ)

:       0       0

ජෝර්ජ් Sunday, 23 March 2014 06:45 PM

ඔබ තුමන් වැනි අය අනික් හාමුදුරු ගොල්ලන්ටත් ආදර්ශයක් වේවා ක්රෝදය වෛරය තෘෂ්ණාව දුරුවී මෛත්‍රිය මතුවේවා. ඔබට නිවන් සුව අත්වේවා.(නදී)

:       0       0

ශෂිමාල් Monday, 24 March 2014 09:32 AM

හොඳ හාමුදුරුවරු අපවත් වෙන කාලයක් මේක. ඔබ වහන්සේට නිවන් සුව පතමි.(නදී)

:       0       0

රොෂාන් Monday, 24 March 2014 09:32 AM

ඔබ වහන්සේට නිවන් සුව අත් පත් වේවා ! (නදී)

:       0       0

බංඩාර කුවෙට් Monday, 24 March 2014 09:32 AM

සහරාවේ අපි අසරණ වෙලා නොපෙනෙන විශ්වයේ අතරමන්වෙලා වගේ. ඔබ වහන්සේ නිවන් යාමට පෙර අපට කලණ මිතුරෙකු වී වඩින්න සමිදුනි අප වෙතට. එයින් අප සිත් සුවපත්වී නිවනේ දොරටු විවර වේවි.(නදී)

:       0       0

සඳරැස් Thursday, 12 June 2014 06:29 PM

ඔබ වහන්සේට නිවන් සුව! (නි)

:       0       0

කාංචන දිසානායක Sunday, 23 March 2014 06:58 PM

බුදු බව පතන යතිවර නමක්. නිවන් සැප ලැබේවා! (නදී)

:       0       0

සිංහ Sunday, 23 March 2014 06:59 PM

ඔබ වහන්සේට හිතුන ගොඩක් දේවල් අපිට හිතෙන්නේ නැත්තේ අපේ තියන පව්කාරකමට. බුදුන් දැක නිවන් දැකුමට ඔය කල පින් හොදටම ඇති අපේ හාමුදුරුවනේ.(නධී)

:       0       0

දයා අලහාකෝන් Monday, 24 March 2014 09:39 AM

ඔබ වහන්සේ නිවන් දකින තුරාම මේ ලංකා දෙරණ තලයේ උපදීවා.(නදී)

:       0       0

අසංග Monday, 24 March 2014 09:43 AM

අනිත් හාමුදුරුවරුන්ට ආදර්ශයක් උන උගත් වටිනා හාමුදුරුනමක්. ඔබ වන්සේට නිවන් සුව ලැබේවා.(නදී)

:       0       0

ඇලන් Tuesday, 25 March 2014 12:45 PM

ඔබවහන්සේට නිවන් සුව අපේ හාමුදුරුවනේ. (ස)

:       0       0

අමිල Tuesday, 25 March 2014 12:48 PM

ඔබ වහන්ස්ට අමා මහ නිර්වාණ සම්පප්තිය ලැබේවා! (ස)

:       0       0

ප්‍රියන්ත Monday, 24 March 2014 09:47 AM

ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා! මෙවැනි බුද්ධ පුත්‍රයකු බිහිවන්නේ කලාතුරකින්. සමහර බෞද්ධ විහාරස්ථානවල දානය සදහා මෙනු එකක් ලබා දෙන මෙවන් යුගයක ආචාර්ය හාරිස්පත්තුවේ ආරියවංශාලාංකාර නා හිමියන් දේශනා කලේ දානය පුළුවන් තරම් සැහැල්ලු ආකාරයට සකසා තිබීමෙන් එය සතුටින් වැළඳිය හැකි බවයි.(නදී)

:       0       0

ලාල් Wednesday, 26 March 2014 03:50 AM

ඔබවහන්සේ මතු බුදු වෙන්න පාරමී පුරන කෙනෙක් , නිවන් සුව අත්වේවා (දී)

:       0       0

රාහුල Sunday, 06 April 2014 11:37 PM

නිවන් සුව ලැබේවා!

:       0       0

අනුර Sunday, 23 March 2014 07:35 PM

ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා! (නදී)

:       0       0

අනගාරික Sunday, 23 March 2014 07:57 PM

බුදු දහම නුවනින් අවබෝද කරගත් ඔබවහන්සේට අමා මහා නිවන් සුව ලබේවා! (නදී)

:       0       0

චතුරංග Tuesday, 25 March 2014 01:22 PM

ශාසනය වෙනුවෙන් කළ මෙහෙවර අමරණීයයි. ඔබ වහන්සේට නිවන්සුව අත්වේවා ! (ස)

:       0       0

නිරාන් Monday, 24 March 2014 10:28 AM

ඔබවහන්සේට අම මහා නිවන්සුව අත්වේවා !!(නදී)

:       0       0

මලින්ද Sunday, 23 March 2014 08:00 PM

ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා.(නදී)

:       0       0

අසංක Monday, 24 March 2014 10:30 AM

අනිත් හාමුදුරුවරුන්ට ආදර්ශයක් උන උගත් වටිනා හාමුදුරුනමක්. ඔබ වහන්සේ නිවන් දකින තුරාම මේ ලංකා දෙරණ තලයේ උපදීවා. විශේෂයෙන් මෙවැනි කලෙක බැලු බැලු අත හිස් මිනිසුන් සිටින කලක මෙය අති උතුම් ක්‍රියාවක්. (නදී)

:       0       0

කුමාරි Sunday, 23 March 2014 08:04 PM

ආදර්ශවත් ස්වාමින් වහන්සේ නමක්. අප අතරම නැවත ඉපදී සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න ලැබේවා! (නදී)

:       0       0

විජයසේකර Monday, 24 March 2014 10:39 AM

බුදු දහම නුවනින් අවබෝද කරගත් ඔබවහන්සේට අමා මහා නිවන් සුව ලබේවා! (නදී)

:       0       0

උපුල් Monday, 24 March 2014 11:58 PM

නිවන් සැප ලැබේව (දී)

:       0       0

ජයම්පති Tuesday, 25 March 2014 01:58 PM

ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා. (ස)

:       0       0

දිනූ Thursday, 27 March 2014 09:15 AM

නිවන් සුව ලැබේවා. අපි ඔබෙන් උගත් දේ බොහෝයි. (ස)

:       0       0

නුවන් Sunday, 23 March 2014 08:09 PM

නිවන් සුව මගේ හාමුදුරුවනේ.(නදී)

:       0       0

තිලංක Tuesday, 25 March 2014 12:25 AM

ඔබ වහන්සේට නිවන් සැප ලැබේවා.........!!! (දී)

:       0       0

තිලිණ Thursday, 27 March 2014 09:37 AM

ආයෙත් අපේ රටේ ඉපදේවා අප අතරම. (ස)

:       0       0

සමරවීර Monday, 24 March 2014 11:19 AM

ඔබ වහන්සේ අප සැමට ආදර්ශයක්. බුදු දහම නුවණින් අවබෝධ කරගත් ඔබවහන්සේට නිවන් සුව ලැබේවා. (ත)

:       0       0

විමල් Tuesday, 25 March 2014 02:32 PM

තෙරුවන් සරණයි. (ස)

:       0       0

ශානක Thursday, 27 March 2014 10:30 AM

අනේක වූ දුක් සහිත මේ සසර කතරින් නිදහස් වීමේ භාග්‍ය ඉක්මනින්ම ඹබ වහන්සේට උදාවේවා! (ස)

:       0       0

මහේෂ් Monday, 24 March 2014 11:29 AM

ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා.... (ත)

:       0       0

ගයාන් Wednesday, 26 March 2014 07:08 AM

ලෝ සතහට සෙත සාදන්න නැවත මෙලොවට ඉක්මනින් පැමිණේවා ! (අ)

:       0       0

සමුදිතා (නෝර්වේ) Wednesday, 23 April 2014 08:51 PM

මෙයට වසර 8 කට පෙර ඔබ වහන්සේ දෙසූ බණ අද මෙන් මතකයට නැගේ. ජීවත්වීමට ඇත් ගාල්, අස් ගාල් අනවශ්‍ය බවත් මිනිස් වාසයට ඇති තරම් නිවසක් තනා ගන්නා ලෙසත් දෙසූ බණ මගේ දිවිය මැදුම් පිළිවෙතට යොමුකොට සුවපත් කළා. (නි)

:       0       0

තිස්ස Sunday, 23 March 2014 08:41 PM

මතු බුදුන් දවස සසරින් මිදෙන්නට මේ පින් හේතු වාසනා වේවා! (නධී)

:       0       0

පසිදු Sunday, 23 March 2014 08:46 PM

ඔබවහන්සේ ජිවිතයේ සිදුකල කරුණු වලින් කීපයක් හෝ කරන්න මමත් අදිෂ්ඨාන කරගත්තා.(නදී)

:       0       0

සන්ධ්‍යා කාන්ති Sunday, 23 March 2014 08:50 PM

මෙවන් ස්වාමීන්වහන්සේලා අපේ පන්සල වල ඉන්නවා නම් බෞද්ධයන්ට වෙනත් ආගම් පස්සේ යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. (නදී)

:       0       0

සනත් විජය බංඩාර ඒකනායක Monday, 24 March 2014 12:10 PM

ඔබ වහන්සේ නිර්වාණ මග ඒකාන්තයෙන්ම සොයා ගත් බව මේ අදහස් දක්වන්නන්ගේ ප්‍රකාශ වලින්ම පැහැදිලිය. ඒ නිවනින් ඔබ සැනසීම ලබත්වා! (නදී)

:       0       0

ශ්‍රීමා Sunday, 23 March 2014 08:57 PM

ඔබ වහන්සේට නිවන් සුව ! (නදී)

:       0       0

පනම්වෙල වජිරබුද්ධි හිමි Sunday, 23 March 2014 09:00 PM

අභිධර්මය ලිහිල් බසින් කියාදුන් බ්‍රහ්මචාරී ධර්මසේන ආරියතිලක ගුරු තුමා පසුව පැවිදි වී ශාසනයට අගනා මෙහෙවරක් කල හිමිනමකි. මගේ අභිධර්ම ගුරුවරයකි. මුන් වහන්සේ දුන් ආදර්ශය බොහෝ පැවිදි සහ ගිහි හැමට උපකාරී වේ. උන්වහන්සේට නිවන් සුව පතමු.(නදී)

:       0       0

කුමාරි Tuesday, 25 March 2014 03:27 PM

යථාවාදී තථාකාරී තථාවාදී යථාකාරී හිමි නමක් ශාසනික සේවය අතිමහත්ය. සඟ පරපුරටම ආදර්ශයක් ගත හැකි සංඝ පීතෘවරෙයෙකි. ඔබ වහන්සේට අමා මහ නිවන් සුව පතමි. (ස)

:       0       0

අබේ Monday, 24 March 2014 12:20 PM

නිවන් සැප ලැබේවා! (නදී)

:       0       0

නාලක Thursday, 03 April 2014 11:56 AM

ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

ප්‍රගීත් Tuesday, 25 March 2014 03:32 PM

ඔබ වහන්සේට නිවන් සුව අත් වේවා! (ස)

:       0       0

නිෂාධි Tuesday, 25 March 2014 03:54 PM

ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා.......! (ස)

:       0       0

සුනිල් Tuesday, 14 June 2016 04:28 AM

ඔබතුමන් වැනි බුදු පුතුන් අපේම අවාසනාවට අද අපහට දක්නට නොලැබේ. ඔබ වහන්සේට අමා මහ නිවන් සුව. (ම)

:       0       0

විරාජ් කාලිංග Sunday, 23 March 2014 09:21 PM

බොරු සෝබනකාරයින්ට වඩා කොයිතරම් නම් අගය කල යුත්තෙක්ද, හැමටම ආදර්ශයක් දුන්නේ උන් වහන්සේ , වෙන කාගේ හරි උනා නම් අවමංගල උත්සවයටම ලක්ෂ ගානක් විනාශ කරලා.(නදී)

:       0       0

සුරංග Saturday, 10 May 2014 12:12 PM

ඔබ වහන්සේට නිවන් සුව පතමි (අ)

:       0       0

පුජිත Tuesday, 01 April 2014 01:40 AM

ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා (දී)

:       0       0

දීපාල් Sunday, 23 March 2014 09:39 PM

ධර්මය අවබෝද කරගත් උතුමන් වන්සේලගේ ජිවිතයේ ස්වාභාවය අල්පේච්ඡතාවය අගය කිරිමයි. මෙම ස්වාමින් වහන්සේ ජිවිතයේ සැම අවස්ථාවකම අල්පේච්ඡතාවය අගේ කල අතර ආත්මයක අවසන් මංගල කරුනද සරල විය යුතු බව ලංකාවාසීන්ට ඔප්පුකර ඇත. මෙය සිව්වනක් පිරිසටම අදර්ශයක්ම වේවා! (නදී)

:       0       0

ටියුන් කිචිලාන් Sunday, 23 March 2014 09:39 PM

ඔබ වහන්සේට නිවන් සුව.(නදී)

:       0       0

ජයන්ත Monday, 24 March 2014 12:56 PM

ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා! (නදී)

:       0       0

අමිත් Sunday, 23 March 2014 10:06 PM

අපේ හාමුදුරුවනේ, පතන්නාවූ බෝධියකින් නිවන් සුව ලබත්වා! (නදී)

:       0       0

සුමිත් Wednesday, 26 March 2014 07:54 AM

සිවුරු පොරවාගෙන හොර වැඩ කරමින් බුදුදහමට නිගා දෙන සමහර හොර චීවරධාරීන්ට වඩා ආදර්ශවත් පඬිරුවනක් . ඔබ වහන්සේට නිවන් සුව! (නි)

:       0       0

ඉන්දික Tuesday, 25 March 2014 04:13 PM

පහන් සිළ නිවුණා.(නදී)

:       0       0

චන්දි Sunday, 23 March 2014 10:21 PM

හරිම සතුටක් හිතට දැනෙනවා .මමත් මගේ වකුගඩුවක් දන්දීල ඉන්නේ . හිතට සතුටුයි (දී)

:       0       0

අශෝකා Sunday, 23 March 2014 10:21 PM

ඔබ වහන්සේ පතනා වූ බෝධියකින් නිවන් සම්පත් අවබෝධ කර ගනිත්වා (දී)

:       0       0

වින්ද්‍යා Sunday, 23 March 2014 10:21 PM

දාන පාරමිතාව පුරන හිමි නමක් (දී)

:       0       0

මධු Tuesday, 25 March 2014 04:30 AM

ඔබ වහන්සේ කරපු ශාසනික සේවයට නිවන් සුව ලැබේවා. (ස)

:       0       0

චින්තක Sunday, 30 March 2014 08:26 AM

ඔබ වහන්සේට අමා මහා නිවන් සුවය අත් වේවා!මෙතෙක් කලක් කළ ඒ මහඟු සේවයම විශාල පුණ්‍යකර්මයක්ම වේවා! (නි)

:       0       0

ගාමිණි Sunday, 23 March 2014 10:21 PM

ඔබවහන්සේ අපවත්වෙලත් දුන් පරමාදර්ශය රටේම ජනයාට ආදර්ශයකි! ඔබට නිවන්සුව! (දී)

:       0       0

රිෂාඩ් Sunday, 23 March 2014 10:25 PM

ඔබ වහන්සේට නිවන් සුව ප්‍රර්ථනා කරමු . නියම දක්ෂ කතිකයෙක් (දී)

:       0       0

මාලා Sunday, 23 March 2014 10:27 PM

ඔබ වහන්සේට අමාමහා නිවන් සුව අත් වේවා.(දී)

:       0       0

ලුණුගම්වෙහෙර නාරද හිමි Tuesday, 25 March 2014 06:02 AM

සාර්ථක ගිහි-පැවිදි දිවියක් ගතකොට සමස්ත සමාජයටම වටිනා ආදර්ශ ලබාදුන් ඔබ වහන්සේට උතුම් වූ නිවනින් සැනසීමම වේවා!(නදී)

:       0       0

ජාගුරු Saturday, 29 March 2014 05:11 PM

පරමාදර්ශය උතුම්.. කාලීනව වැදගත්.. අර මර්වින් ඇමතිට මේක යවන්න.(නදී)

:       0       0

රනිල් ඒකනායක Sunday, 22 June 2014 07:46 PM

ඔබ වහන්සේට අමා මහ නිවන් සුවය අත් වේවා.! (නදී)

:       0       0

සුසන්ත Sunday, 23 March 2014 10:33 PM

ඔබ වහන්සේට නිවන් සුව පතමි (දී)

:       0       0

අනුර Thursday, 27 March 2014 12:11 PM

ඔබ වහන්සේට නිවන් සැප පැතීමට තරම් මා පරාර්ථකාමි වෙන්නෙ නැහැ. හෙටටත් ඔබ වහන්සේ වැනි යතිවරයන් මේ රටට අවැසි වීම ඊට හේතුවයි. (ස)

:       0       0

දයාවංශ දැකුම්පිටිය Tuesday, 25 March 2014 04:53 PM

චන්ඞි පාට් දමමින් දේශපාලකයන්ට කඹුුරන සියලු සේනා ඇදහිය යුතු සිල් රුවනක්.(නදී)

:       0       0

සුමේධ Sunday, 23 March 2014 10:49 PM

ඔබ වහන්සේට නිවන් සුවල ලැබේවා (දී)

:       0       0

රංජි Monday, 24 March 2014 03:34 PM

ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා!!! (ස)

:       0       0

චතුරංග ප්‍රසාද් Tuesday, 25 March 2014 07:10 AM

******හිමි නමගෙ නොනිමි මෙහෙවර අද නිමා වුවත් ඔබේ නිසල කය දෑයේ දරු දෑරියන්ගෙ සෑබෑ නුවන එකාලෝක කරනා ශඩ් වර්න මාලාවක් වේවා. පරම නිර්වානය ඔබ වහන්සේට හිමිවේවා! (නදී)

:       0       0

ලක්ෂිත නිර්මාල් Wednesday, 26 March 2014 08:02 PM

ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

අචල Thursday, 27 March 2014 11:12 PM

බොහෝ භික්ෂූන් වහන්සේලාට මේ හාමුදුරුවෝ ආදර්ශයක්. (නි)

:       0       0

අංජලි Monday, 24 March 2014 03:57 PM

ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා!! (ස)

:       0       0

යසින්ත Monday, 24 March 2014 04:05 PM

ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා!!! (ස)

:       0       0

ප්‍රසන්න සම්පත් () Monday, 24 March 2014 04:10 PM

ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා (අ)

:       0       0

ලක්මාල් Sunday, 23 March 2014 11:04 PM

ඔබ වහන්සේට හිතුන ගොඩක් දේවල් අපිට හිතෙන්නේ නැත්තේ අපේ තියන පව්කාරකමට. බුදුන් දැක නිවන් දැකුමට ඔය කල පින් හොදටම ඇති අපේ හාමුදුරුවනේ (දී)

:       0       0

චන්ද්‍රා Monday, 24 March 2014 04:29 PM

අනිත් හාමුදුරුවරුන්ට ආදර්ශයක් උන උගත් වටිනා හාමුදුරුනමක්. ඔබ වහන්සේ නිවන් දකින තුරාම මේ ලංකා දෙරණ තලයේ උපදීවා. විශේෂයෙන් මෙවැනි කලෙක බැලු බැලු අත හිස් මිනිසුන් සිටින කලක මෙය අති උතුම් ක්‍රියාවක්.(අ)

:       0       0

විනීතා ධර්මසිරි Thursday, 27 March 2014 12:46 PM

හරසුන් දිවි මඟ දහමෙන් හරවත් කර, දනන් මොහඳුරෙන් මුදාලන්නට අනුපමේය මෙහෙවරක් ඉටු කළ යතිවරයාණෙනි, ඔබ වහන්සේ අමා මහ නිවනින් සැනසේවා! (ස)

:       0       0

දනුක Monday, 24 March 2014 04:30 PM

ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා! නිවන් දකින තුරාම මේ ලංකා දෙරණ තලයේ උපදීවා!(අ)

:       0       0

චින්තක Wednesday, 26 March 2014 08:16 PM

සාදු, සාදු නිවන් සුව ලැබේවා! (නදී)

:       0       0

අමිල ජයවර්ධන Monday, 24 March 2014 04:34 PM

දහසක් දනන් දහම් සිසිලෙන් නහවා... එයින් නොනැවතී සියල්ල හැරදා නික්මගිය පසුත්, කල මෙහෙවරට අප ඔබ වහන්සේට සදා ණයගැතිවෙමු.... ඔබ වහන්සේට අමා මහ නිවන් සුව ලැබේවා...!!!(අ)

:       0       0

ප්‍රදීප් Sunday, 23 March 2014 11:14 PM

ඉතාම සිල්වත් ,උගත් යතිවරයාණන්, මේ දේශයේ පිනට පහල වී අගනා සේවයක් කොට නික්ම ගියේ අප කාටත් අල්පේච්චතාවය ගැන පාඩමක් කියාදෙමින්. ඉතා මිල අධික ආසනයක් දහම් දෙසීමට පාවිච්චි කරන , නොයෙක් විසුක දස්සන කරන , පන්සල් වලටත් මෙයින් ආදර්ශයක් ලැබේවා! ඔබවහන්සේ නිවනින් සැනසේවා! (දී)

:       0       0

සෙනෙවි Monday, 24 March 2014 04:38 PM

ඔබවහන්සේට නිවන බොහෝ දුර නොවේ. මේ මෙකල සැබවින්න්ම නිවුනු ඇත්තෙක්. ඔබවහන්සේ අමාමහ නිවනින් සැනසේත්ව! (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපතිට තොණ්ඩමාන්ගෙන් සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 17 0

ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ


ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 112 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


අනුරට කතානායකගෙන් සුභ පැතුමක්
2024 සැප්තැම්බර් මස 23 373 1

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අභිනවයෙන් තේරි පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සිය සුබපැතුම් පළ කරන බව පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද ය


ලංකාව චීනය අතර සබඳතා ශක්තිමත් වෙයි
2024 සැප්තැම්බර් මස 23 449 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමත් සමග ශ්‍රී ලංකාව සහ චීනය අතර සබඳතා තවත් ශක්තිමත් වනු ඇති බවට චීන විශ


නව ජනපති මහනාහිමිවරුන් බැහැ දකියි
2024 සැප්තැම්බර් මස 23 3389 2

නව ජනපති අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දිමෙන් අනතුරුව මහනුවරට ගොස් දළදා සමිදුන් වැද පුදා ගත්තේය.


ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමීයි
2024 සැප්තැම්බර් මස 23 1254 1

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමී බවත්, ඡන්දය ප්‍රකාශ කිරීම, ගණන් කිරීම, ප්‍රතිඵල නිකුත් කිරීම සහ සිදුවුණු බලහුවමාරුව ඉතාමත් සාමකාමී අයුරින්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 23061 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 22896 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 122 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 365 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 182 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site