දෙහිවල, කවුඩානේ නිවසක් තුළ මිය ගොස් සිටි සිව්දෙනාගේ මරණවලට හේතුව විස වායුවක් ආඝ්‍රහණය වීම බව පශ්චාත් මරණ පරික්ෂණයෙන් හෙළිවී ඇතැයි පොලිසිය පවසයි. මෙම විස වායුව කාබන් මොනොක්සයිඩ් විය හැකි බවට සැක පළ කරයි.
ඒ පිළිබඳ පරීක්ෂණ තව දුරටත් සිදුකරගෙන යන බව ද පොලිසිය කියයි.
මාරයා විදුලි උඳුනෙන් ඇවිත්?
කවුඩානේ තෙමහල් නිවසේ පහත මාලයේ මුළුතැන්ගෙයි තිබුණු විදුලි උඳුන ද, ෆැන්ට්‍රි කබඩයේ කොටසක් ද, පිඟන් කෝප්ප ආදිය ද පිළිස්සී ඇති බව පොලිසිය පවසයි.
බිත්තිවල ඇඟිලි සටහන් ඇති බව ද පොලිසිය කියයි.
ට්‍රිප් ස්විච් පුවරුවේ යතුරු දෙකක් පහළට වැටී තිබීමෙන් පෙනෙනුයේ එය ක්‍රියා විරහිත වී විදුලිය විසන්ධි වී ඇති බව යැයි ද කියන පොලිසිය ගෙයි පිහිටීම අනුව සුළං පිටවීම සඳහා ඇති ඉඩකඩ අවම බව ද කියයි.
බිත්තිවල ඇති ඇඟිලි සටහන් එහි පදිංචිකරුවන්ගේ විය හැකි යැයි ද, හිටි ගමන් විදුලි උඳුන ගිනි ගැනීමෙන් හටගත් දුමාරය වැදීමෙන් ඔවුන් අඳුරේම නිවසින් පිටවීමට උත්සාහ දරා ඇති බව පෙනේයැයි ද, දැරියන් දෙදෙනා සාලයේ මුනින් අතට වැටී සිටීමෙන් ඒ බව පෙනේයැයි ද, එහෙත් අඳුර නිසා ඔවුනට දොරවල් සොයා ගැනීමට නොහැකි වී ඇති බව පෙනේයැයි ද පොලිසිය පවසයි.
මුළුතැන්ගෙයි ගෑස් සිලින්ඩරයට කිසිම හානියක් වී නැතැයි ද පොලිසිය කියයි.
2016 මාර්තු මස 16 11:59:58
( . , බිමල් ශ්‍යාමන් ජයසිංහ,රේඛා තරංගනී ෆොන්සේකා,ආරියරත්න රණබාහු,(ජායාරූප රේඛා තරංගනී ෆොන්සේකා, ශාන්ත රත්නායක) )
දෙහිවල කවුඩානේ තෙමහල් නිවසේ පහත මාලයේ දී ව්‍යාපාරියකු, බිරිය, දියණිය හා ඥාති දියණියට මිය යාමට හේතුව සොයා පොලිසිය පරික්ෂණ පවත්වයි. ව්‍යාපාරික හුසේන් මව්ලානා මහතා (65) පුටුවක ද මර්සානා (58) කාමරේ ද උසානා (14) විසානා (13) සාලයේ ද මිය ගොස් සිටි බව පොලිසිය කියයි.
විදුලි කාන්දු වීමක්ද ගෑස් කාන්දු විමක් ද යන්න සොයන බව පොලිසිය පවසයි.
පොලිසියේ සොකෝ කණ්ඩායම් ද විදුලි ඉංජිනේවරු ද පැමිණ සිටිති. රස පරික්ෂක ද පැමිණිමට නියමිතය.
මෙම නිවසේ උඩුමහලේ සේවකයන්ට ද දෙවැනි මහල බංගලිදේශ ජාතිකයන්ට කුලියට දී ඇති බවත් පොලිසිය පවසයි.
නිවැසියන් මිය යන්නට ඇත්තේ පෙර දින බව පොලිසිය සැකකරයි. අද (16) දහවල් වනතුරු නිවසේ දොරවල් වසා තිබිම නිසා අසල්වැසියකු පොලිසියට පැමිණිලි කර ඇති බවත් පොලිසිය පැමිණ දොර කඩා පරික්ෂා කළ බව දැනගන්නට ඇත.
ජායාරූප - රේඛා තරංගනී ෆොන්සේකා
ජායාරූප ශාන්ත රත්නායක
විඩියෝ - ශාන්ත රත්නායක
විනෝද විනෝද චාරිකාවක් සඳහා ත්‍රිකුණාමලයට පැමිණි තරුණ පිරිසක් නිලාවේලි මුහුදේ දිය නාමින් සිටියදී දියවැලකට හසුව ගසාගෙන ගිය අයෙකු රෝහල්ගත කිරීමෙන් පස
නවගමුව ප්‍රාදේශීය රෝහලේ ඖෂධ ගබඩා කර තිබූ බහලුමක අද (18) දින උදෑසන ඇති වූ ගින්නකින් එම ඖෂධ ගබඩාවේ තිබූ සියලු ඖෂධ ගිනිගෙන විනාශ වී ඇතැයි නවගමුව පොලිසිය පවසය
නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති කාර්යාලයේදී අද දිවුරුම් දුන්නේය.
මහනුවර ජාතික රෝහලේ සේවයේ නියුතු සෞඛ්‍ය රියදුරෙකු ඉකුත් වසර පහමාරක කාලය තුලදි (2018 සිට 2023 ජුලි 31) කිසිදු රාජකාරියක් ඉටුකර නොතිබුනද එම කාලයට අදාළ වැටුප්
නව රජයේ අග්‍රාමාත්‍ය ප්රමුඛ කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දීම අද පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙයි.
ඉඩ මදිකම හේතුවෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 43 දෙනෙකු විපක්ෂයේ පැත්තේ අසුන් ගැන්වීමට සිදුවන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්යමණ්ඩල ප්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දෙහිවල මරණ හතරට හේතුව විස වායුවක්
චතුරි Thursday, 17 March 2016 02:50 AM
මේක නම් හරිම කණගාටුදායක පුවතක් (නි)
චතුරි Wednesday, 16 March 2016 01:10 PM
කාබන් මොනොක්සයිඩ් වායුව පිටවෙන්න ඇති එහෙම වුනාම එය හුස්ම ගත්තම නින්දෙන්ම මැරෙනවා ,මත්වෙන ගතියක් තිබෙන්නේ දරුවෝ දෙන්න දුමයි මත් ගතියයි නිසා බිම ට වැටිලා මිය යන්න ඇති. (ර)
සම්පත් Thursday, 17 March 2016 03:56 AM
අල්ලාගේ කැමත්තලුනේ. ඉතින් අපි මේ මරණ වලට අකමැති වුනත් මොනවා කරන්නද? මොනවා කියන්නද? (බ)
සුමිත්‍රා බස්නායක Wednesday, 16 March 2016 06:42 AM
මේ මොන විපතක්ද........අනේ පව්........... (ම)
ප්‍රභාත් Thursday, 17 March 2016 04:14 AM
සුසන්ත විකාර කියන්න එපා (බ)
පුබුදු ප්‍රසන්න Thursday, 17 March 2016 04:25 AM
ශානකගේ කතාව හරි. මමත් මගේ යාලුවෙකුට කියලය් අඩුවට කරගත්තේ. මගේ ගෙදර ගොඩක් ඉලෙක්ට්‍රික් බඩු පිච්චෙන්න ගන්න කොටයි වෙන කෙනෙක් දාල බැලුවේ. මෙයා ට්‍රිප් ස්විච් දාල, අර්ත් එකක් දාල තිබුනට සම්බන්ධ කරලා නැ. එක අකුනකදී ගෙදර තිබුන සීලින්ග් ලාම්පු ඔක්කොම එක සැරේට කඩාගෙන වැටුන නිසය් වෙන කෙනෙක් දාල බෙලුවේ. ඔන්න ලාබෙට කරගත්තම වෙන දේ. (බ)
සිල්වා බර්ලින් Wednesday, 16 March 2016 03:26 PM
ගෙවල් හදනකොට හොඳට වාතාශ්‍රය ඇතුව හදන්න ඕනේ වටේටම (බ්ලෛන්ඩ් වොඔල් ) දමමින් අහස උසට ගෙවල් හැදුවට වැඩක් නැහැ හොඳ වාතාශ්‍රයක් නැත්නම් ජිවත් වෙන්න බැහැ. (බ)
සෞදි සරත් Wednesday, 16 March 2016 08:16 AM
එකම පව්ලේ 4 දෙනෙක්. අනේ.. දුක්මුසු පුවතක් හේතුව අපරික්ෂාතාවය. (ර)
සමන් Wednesday, 16 March 2016 08:36 AM
රජයේ වියදමින් මොවුන්ගේ අවමගුල් කරදෙන්න. අනේ පව්. විදුලිය ව්සන්දී වෙලා තිබිල එකපාරටම එනකොට සිදුවූ අනතුරක් නේ. (කෞ)
කමනී Wednesday, 16 March 2016 08:49 AM
නැතිවුන ජීවිත් වලට නිවන් සැප ලැබේවා. විදුලිබලය නොතිබුනානම් මේ අකල්මරණ වෙන්නේ නැහැ නේද?(කෞ)
ශානක Wednesday, 16 March 2016 08:53 AM
මෙවන් සිදුවීම් වලට ප්‍රධාන හේතුව නිවාස විදුලි රැහැන් ඇදීමේදී කිරීමේදී විදුලිබල මණ්ඩලය අනුමත ක්‍රියා පටිපාට වලට හා නිසි පළපුරුද්දක් නොමැති කාර්මිකයන් අඩු මුදලට නිවාස වයරින් කිරීම සදහා යොදා ගැනීමයි (කෞ)
කපිල Wednesday, 16 March 2016 09:07 AM
ඉතා කණගාටුදායක පුවතක්...වාසනාවන්ත ජීවිතයක් අතේ තියෙද්දී පවුලම මිය ගිහින්...(ම)
සොපි Wednesday, 16 March 2016 05:03 PM
අවාසනාවට ඇත්ත කතාවක්. හරිම දුකයි. (නි)
නලින් Wednesday, 16 March 2016 09:29 AM
විදුලිය කපන්න ගත්තට පස්සේ ජීවිත කීයක් නැති වුනාද? (ර)
සුසන්ත Wednesday, 16 March 2016 09:32 AM
ගොඩක් දුක හිතෙන සිද්ධියක් පුංචි දැරියන් දෙදෙනා මිය යාම ගොඩක් සංවේගය ඇති කරන්නක් ඔවුන්ගේ ආගම අනුව අල්ලා පිහිට පතන අතර අපේ ආගම අනුව භවගාමී ජීවිතය යහපත්වෙන්න ප්‍රාර්ථනා කරනවා (බ)
සුසන්ත Wednesday, 16 March 2016 09:23 AM
ගොඩක් දුක හිතෙන සිද්ධියක් පුංචි දැරියන් දෙදෙනා මිය යාම ගොඩක් සංවේගය ඇති කරන්නක් ඔවුන්ගේ ආගම අනුව අල්ලා පිහිට පතන අතර අපේ ආගම අනුව භවගාමී ජීවිතය යහපත්වෙන්න ප්‍රාර්ථනා කරනවා (බ)
අබය Wednesday, 16 March 2016 08:20 PM
දැනටම වාතාශ්‍රය අපට නැතිවේගෙන යන දෙයක්. ගෙවල් හදනකොට ඒ සඳහාත් ප්‍රමිතියක් තිබිය යුතුබවට නීතිගත කරන්න ඕනෑ. ඛේදජනක සිදුවීමක්. (නි)
රොහාන් දයාදර Wednesday, 16 March 2016 08:42 PM
දෙවියන්ට කන්නලවු කර කර මුළු රට වටේම තිබෙන කෝවිල් දේවාල ගානේ ගිහිල්ලා වෛරී චේතනාවෙන් පොල් ගහනවා ඉවරයක් නැහැ. අන්තිමට මුළු රටටම ශාපය වැදිලා. මේ වැඩ නිසා බුදුන්ටත්, දෙවියන්ටත් අපිව එපාවෙලා, අපි අසරණවෙලා (නි)
බණ්ඩාර- කැකිරාව Wednesday, 16 March 2016 10:12 AM
අනේ මන්දා හැමතැනම මාරක අපල. හෙට කවුරු පරලොව යයිද කියලා හිතාගන්නත් අමාරුයි ජිවිතයේ අනියත් බව හොදට තේරුම් ගන්න . මේය ඉතා සෝචනීය කතාවක් බැවින් ඉතාම කනගාටුවෙමු , මියගිය සැමට යහපත් ආත්මයක ඉපදේවායි කියා ප්‍රර්ථනා කරමින් අපි පින් අනුමෝදන් කරමු. (ර)
සත්‍යපාල Wednesday, 16 March 2016 10:32 AM
මටනම් පෙනෙන්නේ විදුලිය කපපු නිසා උදුනේ ස්විචය නිවා නොදමා තිබිලා නින්දට ගිය පසු විදුලිය නැවත ඇවිත් ගින්න ඇතිවුනා කියලයි. (ර)
අමල් Wednesday, 16 March 2016 10:42 AM
අවාසනාවට වෙච්ච් දෙයක්. (ර)
ඉන්ද්‍රජිත් Friday, 18 March 2016 09:14 AM
අනේ දෙවියනේ! මේක නම් විශාල ඛේදවාචකයක් (නි)
මොරවක Wednesday, 16 March 2016 09:59 PM
හරිම අවාසනාවන්ත සිද්ධියක්. මේ අයට කෑගහන්නවත් අවස්ථාවක් ලැබී නැතිපාටයි (නි)
චතුරි Wednesday, 16 March 2016 10:12 PM
මම කියපු දේ හරි වගේ. ඇමරිකාවේ හැම නිවසකම මේ විසවායුව එනවිට දැන ගැනීමට එලාම් සවිකරලා තිබෙන්නේ. ළිපේ ගින්දර වැඩිවෙලා කෑම රොස් වුණාම ඒ ගඳටත් බෙල් එක වදිනවා. ඇමරිකාවට බනින්නේ නැතුව මේ වගේ දේවල් ලංකාවට ගෙන්වන්න බලන්න (නි)
සෞදි සරත් Wednesday, 16 March 2016 10:59 AM
ජාති බේද නැතුව මේ අයට අපේ බලවත් ශෝකය. (ර)