(නවරත්න සමරතුංග)
උසාවිය බාරයේ ඇති ලොරියක නඩු කටයුතකට අදාළව සහතික පිටපතක් ඉක්මනින් ලබාගැනීම සඳහා අම්පාර දිසා අධිකරණයේ ලඝු ලේඛිකාවකට රුපියල් 1000/-ක අල්ලසක් දීමට උත්සහ කළ පුද්ගලයෙක් අම්පාර පොලිසියේ නිලධාරීන් විසින් අද සැකපිට අත්අඩංගුව ගන්නා ලදී.
අම්පාර දිසා විනිසුරු නයෝමි වික්‍රමරත්න මහත්මියගේ උපදෙස් මත ලඝු ලේඛිකාව අම්පාර පොලිසියට කළ පැමිණිල්ලකට අනුව පොලිස් නිලධාරීන් විසින් අම්පාර දිසා අධිකරණ සංකීර්ණය තුළදීම සැකකරු අත්අඩංගුව ගන්නා ලදී.
මේ වන විට අම්පාර පොලිසිය බාරයේ සිටින සැකකරු රජයේ නිලධාරිණියකට අල්ලස් දීමට උත්සහ කිරීමේ චෝදනා යටතේ අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව අම්පාර පොලිසියේ නිලධාරීයකු පැවසීය.
බලපත්‍ර නොමැතිව වැලි ප්‍රවාහනය කළැයි කියන සිද්ධියකට අදාළව මේ වනවිට අම්පාර උසාවිය බාරයේ ඇති ලොරියකට අදාළ නඩු කටයුතක් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම සඳහා එම නඩුවට අදාළ සහතික පිටපතක් ඉක්මනින් ලබාගැනීම සඳහා සැකකරු අම්පාර දිසා අධිකරණයේ ලඝු ලේඛිකාවකට රුපියල් 1000/-ක මුදලක් දීමට උත්සහ කර ඇතැයි කී අදාළ නිලධාරීයා ඇය මේ පිළිබඳව වහාම දිසා අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා දැනුවත් කර ඇතැයි පැවසීය.
උසාවිය බාරයේ ඇති ලොරියක නඩු කටයුතකට අදාළව සහතික පිටපතක් ඉක්මනින් ලබාගැනීම සඳහා අම්පාර දිසා අධිකරණයේ ලඝු ලේඛිකාවකට රුපියල් 1000/-ක අල්ලසක් දීමට උත්සහ කළ
රටේ ආරක්ෂාව පිලිබදව යළිත් අවදානමක් මතු වි ඇති බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසිය.
නොසැළකිලිමත් අන්දමින් රිය පදවා මහබාගේ ප්‍රදේශයේ පදික මාරූවකින් පාර මාරූ වෙමින් සිටි පදිකයකු හප්පා බරපතල තුවාල කරන ලදැයි කියන සිද්ධියකට අදාළව සැකපිට
නිවසේ කෑම කාමරයේ තිබූ ශීතකරණයේ පහළ කොටසට අත දැමූ අවස්ථාවේ විදුලිසැර වැදුණු හය හැවිරිදි දරුවෙකු වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමේදී අද (25) පස්වරුවේ මිය ගො
සහල් පාලන මිල වැඩි කරමින් අසාධාරණ ලෙස ලාභ ලැබීමට කිසිදු ව්‍යාපාරිකයකුට ඉඩ නොතබන බව ජනාධිපති අනුර දිසානායක මහතා සුළු හා මධ්‍ය පරිමාණ සහල් ව්‍යාපාරිකය
කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක සහ හුණුපිටිය ගංගාරාමාධිපතිව වැඩ විසූඅපවත් වී වදාළඅපවත් වී වදාළ ආචාර්ය ගල්බොඩ ඤාණිස්සර නාහිමියන්ගේ තෙමස් පූර්ණ නිමිත
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
දහසක අල්ලස් දෙන්න ගිහින් මාට්ටු